වැට් බද්දේ පතිපත ගැන ගම්මන්පිල කියයි..
Posted on August 8th, 2016

– අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

වැට් බදු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ පණතක් ඇමති මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කල යුතුවුවත් මේ පණත ඇමති මණ්ඩල අනුමැතිය ලබා නොගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුනේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කල අවස්ථාවේ කරුණු දැක්වුවා නියමිත පටිපාටිය අනුගමනය කර නැතුවයි මේ වැඩ බැරි ආණ්ඩුව දෙවැනි වතාවටත් වැඩේ අනාගෙන තියෙන්නේ. මුල්ම වතාවේ පනතක් ගෙන්න ඔනදේට චක්‍රෙල්කනයක් ගෙනාවා. ඒක විමල් විරවංශ මන්ත්‍රිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කල නිසා ඒක වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තින්දු කලා. දැන් පනත ගෙන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවට සෘවම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට ඇමති මණ්ඩල අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරාවි. එහෙම නොකලොත් 10 සහ 11 විවාද කර අවසානයේ දී ඡන්දය විමසනවා.

ජනාධිපතිතුමා පොලොන්නරුවේ දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ජනතාව පෙලන අයුරින් බදු පැනවීමට තමන් ඉඩ දෙන්නේ නෑ කියා. මේක ජනතාව පෙලන බද්දක්. අපිට ඉංග්‍රිසි යුගයේ බලු බද්ද ආවට පස්සේ මෙවැනි පිඩාකාරි බද්ධක් ඉතිහාසයේ දැකලා නෑ. ඒ නිසා ජනපතිගේ නායකත්වය පිලි ගන්නා ශ්‍රිලනිප ආණ්ඩු පාර්ශවය මේ බද්දට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි. අගමැතිගේ නායකත්වය පිලි ගන්නවා නම් බද්දට පක්ෂව ඡන්දය පාවිච්චි කළ යුතුයි. ජනපතිතුමා කියනවා මම මේ බද්ධට විරුද්ධයි. අගමැතිතුමා කියනවා ජත්‍යන්තර මුල්‍ය අරමුදලක් සමග ඇතිකරගත් එකගතාවක් නිසා මේ පනත මේ අයුරින්ම සම්මත කර ගන්න ඕනේ කියලා. මේ ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ සැබෑ නායකයා ජනපති ද අගමැති ද කියා සොයා බැලෙන අග්නි පරික්ෂාවක් බවට වැට් බදු ඡන්දය පත් වෙනවා.

රාමායනෙය් රාම කුමරු සිතාවගේ පතිවත පිළිබද පරික්ෂාවේ දී සීතාව ගින්දරට පැනලා තමන්ගේ පතිවත රැකගත් බව ඔප්පු කරා. ඒක තමයි දෙන්න පුළුවන් භයානකම පරික්ෂාව මොකද එකේ කියන විදිහට පතිවත රැක්කා නම් ගින්දරට පැන්නම පිච්චෙන්නේ නෑ. දැඩි අවධානම්කාරි ජිවිතයත් මරණයත් අතර පරික්ෂාවක්. එවැනි අග්නි පරික්ෂාවකට ශ්‍රිලනිප ඇමතිවරුන් වැට් බදු ඡන්දය තිබේන දවසේ පත්වෙනවා. මෙවැනි දුර්දාන්ත පනතකට අත ඔසවන අයට අනතුරු අගවනවා කිසිම මන්ත්‍රිවරයෙකුට ජනතාවගෙන් සමාවක් නම් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මන්ත්‍රිතුමා ගමට ගියාම ජනතාව කියාවි වැට් බදු සුන්දර වරදකි – කිසි දා සමාවක් නම් නැති. පෙන්නලා ඒ බද්දේ හැටි දුන්නු වද හොඳටෝම ඇති. තමන්ගේ දේශපාලන ජිවිතය අවසන් කරගන්නවාද නැද්ද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැට්බද්දේ ඡන්දේ දවසේ තීරණය කරන්න සිද්ද වෙනවා.

ආණ්ඩුවේ ඇමතිවරුන්ට තවම වැට් බද්දේ අර්බූදය තේරෙන්නේ නෑ. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැට් බද්ද 20%ටත් තිබුණා. අපි 11% සිට 15% දක්වා 4%ක් විතරයි වැඩි කලේ. ඔය සුළු වැඩි වීමට මේ තරම් කෑ ගහන්නේ ඇයි?” කියලා ඇමතිවරු අහනවා. මේ විරෝධය තිබෙන්නේ 4%ට වැඩි කලාට නොවේ. වෙනත් හේතු දෙකකට.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ යම් කාලයක් වැට් බද්ද 20% තිබුණා තමයි. නමුත් බද්දට යටත් වුණේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250ට වැඩි ව්‍යාපාර විතරයි. ඒ අනුව සිල්ලර වෙළඳාමෙන් බද්දට යටත් වුණේ සුපිරි වෙළඳසැල් හතරක් විතරයි. නමුත් දැන් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12ට වැඩි නම් වැට් බදු ගෙවන්න ඕනෑ. ඒ කියන්නේ ගමේ පෙට්ටි කඩේත් දැන් වැට් බදු ගෙවන්න ඕනෑ. මෙන්න මේකටයි ව්‍යාපාරික ප්‍රජාව කඩ වහලා කළු කොඩි දාලා විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව 4%ක් බද්ද වැඩි කළා කියලා නොවේ. බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දුකට හේතුව දන්නේ නැතුව දුකින් මිදීමේ මාර්ගය පාදා ගන්න බෑ කියලායි. ඒ නිසා මේ ඇමතිවරු මුලින්ම වැට් බදු දුකට හේතුව සොයා ගන්න ඕනෑ.

ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැට් බද්ද හඳුන්වා දීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බලවත් අසාධාරණයක් කරලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයකට ආදායමක් නෑ. දරුවන් දෙන යමකින් තමයි ජීවත් වෙන්නේ. ඒ අය තමයි නිරතුරුව ලේ මුත්‍රා පරික්ෂා වලට යොමු වෙන්නේ. සැත්කම් වලට යොමු වෙන්නේ. තමන්ගේ මාසික වියදම හිටි හැටියේ 15%කින් වැඩි වෙලා මේ අය ලොකු පීඩාවක ඉන්නේ. ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කළේ නම් කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ධනපතියන්ට සහණ දෙමින් පුංචි මිනිස්සුන්ට බදු අයකරනවා අපේ ආණ්ඩුවක් අවම පුංචි මිනිහාගෙන් බදු අයකරනවා වෙනුවට ධනපතියන්යටයි බදු පනවන්නේ කියලා. මේ අහිංසක පුංචි මිනිසුන්ට බද්ද බරක් වෙන විට විමල් වීරවංශ මන්ත්‍රිතුමා අධිකරණයට ගිහිල්ලා ඒක නතර කර ගත්තා. දැන් කාටත් බලා ගන්න පුළුවන්. කතාවෙන් නොවේ ක්‍රියාවෙන් පුංචි මිනිහා ගැන බලන්නේ කවුද කියලා. අපේ විපක්ෂ නායකතුමා ඇත්තටම ඉන්නේ විපක්ෂයේ ද ආණ්ඩුවේද කියලා බලා ගන්න අග්නි පරික්ෂාවක් බවට මේ වැට්බදු පනත පත්වෙනවා.

හනුමා පාලම ඉන්දියානු ආක්‍රමණයක් ද?

ඉන්දියාව සහ ලංකාව යා කරමින් හනුමා පාලම යලි ඉදි නොකරන බවට මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පැවසුවත් කබීර් හසීම් ඇමතිතුමා ඉන්දුනීසියාවේ පැවැත්වුණු 12 වන ජ්‍යත්‍යාන්තර ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දී ඉන්දියානු ආයෝජකයෙකුට පිලිතුරු දෙමින් පාලම ඉදි කිරීමට වැඩි ඉඩක් ඇති බව පැවසුවා. එතුමන්ගේ ප්‍රකාශය පිළිබද අගෝස්තු 04 මාධ්‍ය හමුවේ දී මම පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් එය බොරුවක් බව ඇමතිවරු දෙන්නාම කියනවා. මම මේකෙ ඉතිහාසය කියන්නම්.

ඉන්දියාව සහ ලංකාව යා කෙරෙන පාලමක් ඉදි කෙරෙන බව මුලින්ම මම දැක්කේ 2015 සැප්තැම්බර් මාසයේ ඉන්දියානු නිල පුවත් සේවය වන පී ටී අයි නැතිනම් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා නිකුත් කළ ප්‍රවෘත්තියක් ඉන්දියාවේ වෙබ් අඩවි වල පල වීමෙන්.මේ පිලිබඳ තව දුරටත් සොයන විට ලංකාවේ ජනාධිපති සහ අගමැති සමග මේ පිලිබඳ ඉන්දියාව දැනටමත් සාකච්ඡා කර අවසන් කියලා ගඩ්කාර් ඇමතිතුමා 2015 අප්‍රේල් 11 දින මාධ්‍ය හමුවක පවසා තිබුණා. මේ පිලිබඳ මම සැප්තැම්බර් මාසයේ 16 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වලා මගේ විරෝධය පල කළා. සැප්තැම්බර් 24 ලංකාදීප සහ සැප්තැම්බර් 27 සිලෝන් ටුඩේ පුවත්පත් වලට තීරු ලිපි ලියමින් මේ පාලම ඉදිකිරීමෙන් ලංකාවට මුහුණ පාන්නට වන ආදීනව පැහැදිලි කළා. ඊට පිලිතුරු දෙමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් හනුමා පාලමක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැති බවත් එවැනි සාකච්ඡාවක් පැවතුණේ නැති බවත් පැවසුවා.

ඊට පස්සේ ඉන්දියාවේ මාර්ග ඇමති නිතින් ගඩ්කාර් 2015.12.16 ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ලංකාව සහ ඉන්දියාවයි සදාකාළික යා කරන හනුමා පාලම ඉදි කරන බවත් මේ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 5.2 ණය මුදලක් ඉන්දියාවට අනුමත කර තිබෙන බවත් පැවසුවා. දැන් අපේ අගමැතිතුමා අපේ පාර්ලිමේන්තුවට කියනවා හනුමා පාලම ඉදිකරන්නේ නෑ කියා. ඉන්දියාවේ මාර්ග ඇමති ඉන්දියානු පාර්ලිමේන්තුවට කියනවා නෑ අපි ඒක ඉදි කරනවා කියලා. දැන් මේ දෙන්නාගෙන් කවුද ඇත්ත කියන්නේ? මම මේක ප්‍රශ්නයක් විධියට පාර්ලිමේන්තුවේදී අපේ මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්ට යොමු කළා. එතුමන් කල් මැරීමෙන් පසු මට ඒකට පිලිතුරු ලැබුණේ 2016 මාර්තු 23දා. ඔය දවසේ තමයි අගමැතිතුමා මගෙන් ඇහුව්වේ ගඩ්කාර් කියූ දේ තේරෙන්න ඔබතුමා හින්දි දන්නවාද කියලා. කිරිඇල්ල ඇමතිතුමා කිව්වේ ලංකාවේ අගමැතිව විශ්වාස කරන්න කියලා. අපි ඒක විශ්වාස නොකළත් නිහඬ වුණා.

දැන් ඔන්න කබීර් ඇමතිතුමාත් ඉන්දුනීසියාවේ ගිහින් කියනවා ලංකාවේ අගමැති වැරදියි නිතින් ගඩ්කාර් හරි කියලා. එතුමා එහෙම කිව්වේ නැති නම් අගෝස්තු 03 සිලෝන් ටුඩේ පත්තරේ ප්‍රධාන සිරස්තලය හැදුනේ කොහොමද? SL-TN Land Bridge Most Likely. ඒ සමුළුව වාර්තා කරන්න ජකර්තා ගිය රතින්ද්‍ර කුරුවිට විසින් ඇමතිතුමාව උපුටා පත්තරේ දක්වන්නේ මෙහෙමයි. We had a plan to build a bridge and there is a good possibility that it will be built. Discussions have been held at the highest levels regarding this”. කවුද මේ කියන්නේ. අපේ කභීර් හෂීම් ඇමතිතුමන්. එහි සිංහල අර්ථය ගත්තොත් පාලමක් හදන්න අපට සැලසුමක් තිබෙනවා. පාලම ඉදිවීමට ලොකු ඉඩක් තිබෙනවා. මේ ගැන ඉහළම මට්ටමේ සාකච්ඡා කරලා තිබෙනවා. අගමැතිතුමන් හා කිරිඇල්ල ඇමතිතුමන් පාර්ලිමේන්තුවේදී කියනවා එහෙම සාකච්ඡා උනේ නෑ කියල. නමුත් කභීර් හෂීම් ඇමතිතුමන් ඉන්දුනීසියාවේදී කියනවා නෑ ඉහල මට්ටමේ සාකච්ඡා තිබුනා. මේ පාලම ඉදිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා කියලා.

අපි ආණ්ඩුවෙන් අහන්නේ මේකයි. මේ කබීර් හසීම් ඇමතිතුමන් තහවුරු කරන්නේ කුමක්ද? නිතින් ගඩ්කාර් ඇමතිවරයා 2015 අප්‍රේල් මාසයේ 11 වෙනිදා මාධ්‍ය හමුවේ කී කතන්දරය. ගඩ්කාර් අමාත්‍යවරයා එදා කියනවා ලංකාවේ ජනාධිපතියි අගමැතියි දෙන්නනත් එක්මම අපි පාලම ගැන සාකච්ඡා කළා කියලා. කබීර් හසීම් අමාත්‍යතුමන් කියනවා ඉහලම මට්ටමේ සාකච්ඡාවක් තිබුණා කියලා. මේ රටේ තිබෙන ඉහලම මට්ටම් දෙක තමයි ජනාධිපති හා අගමැති. තුන් කථානායක හතර අගවිනිසුරු. ඉතින් ඉහලම මට්ට්ම කිව්වම ඉන් අදහස් වෙන්නේ ජනපතිතුමන් හා අගමැතිතුමන් තමයි. ඒ නිසා නිතින් ගඩ්කාර් එදා කිව්වේ බොරුවක් කියළ අපේ අගමැතිතුමන් කිව්වට අපේ කබීර් හසීම් ඇමතිතුමන්ම කියනවා අපේ අගමැතිතුමන් බොරුකියන්නේ, නිතින් ගඩ්කාර් ඉන්දීය අමාත්‍යතුමන් කියන්නේ ඇත්ත. ඉහලම මට්ටමෙන් මේ ගැන සාකච්ඡා වුනා තමයි කියලා.

හනුමා පාලම ඉදි කරන්න ඉන්දියාව සමග සාකච්ඡා කළා නම් ඒ ගැන ජනතාවට කියන්න ආණ්ඩුව බය වෙන්නේ ඇයි? ඉන්දියාව පාලම හදනවා කියන අතරේ ලංකාව නෑ කියනවා. මොකද්ද ඒකෙ තේරුම? ඉන්දියාව හා ලංකාව සදාකිලිකව යා කරන පාලමක් ඉන්දියාව විසින් ලංකාවේ එකඟතාවය නැතුව බලහත්කාරයෙන් ඉදි කරනවා කියන එකයි. මේක ආක්‍රමණයක් නෙවෙයිද? ලංකාවේ එකඟතාවය නැති නිසා වෙන්න ඇති පාලමේ පිරිවැය 100%ට 100%ක් ඉන්දියාව දරන්නේ. මේක සෘජුවම ආක්‍රමණයක්. 1987 මැයි මාසයේ දී ඉන්දියාව ලංකාවට බලහත්කාරයෙන් ගුවනින් කෑම දැම්මා. ඒක ඉන්දියාව විසින් ලංකාවට සෘජුවම කළ ආක්‍රමණයක්. නමුත් ලංකාව අසරණව බලා සිටියා. ඒකෙන් ගත්ත ධෛරයෙන් ඉන්දියාව ලංකාවේ ස්වාධිපත්‍යය ලංකාවට අහිමිකරපු ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. මේ ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ලංකාව ස්වාධීන රටක් නොවෙයි. ලංකාවේ ඇතැම් දේවල් කරන්න ඕන ඉන්දියාවෙන් අහලයි. උදාහරණයක් ලෙස අපේ වරායන් වෙනත් රටවල යුධ නැව් සදහා භාවිතයට දෙන්න ඉන්දියාවේ අවසරය ගන්න ඕන. අපේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි බදු දෙන්නේ කාටදැයි තීරණය කිරීමට ඉන්දියවේ එකගතාවය ගන්න ඕන. එහි ප්‍රමුඛතාවය ඉන්දියාවට දෙන්න ඕන. ඒ වගේම ලංකාවේ ඉරනවිල පිහිටි ඇමරිකානු හඩ ගුවන්විදුලි සේවය ඉවත් කරන්නට අවශ්‍යයි. මේ අනුව ඉන්දු ලංකා ගිවිසුම හරහා ශ්‍රිලංකාව ඉන්දියාවේ අර්ධ යටත්විජිතයක් බවට පත්වෙලයි තිවෙන්නේ. නමුත් මේක ඊට වඩා බරපතලයි. මේකෙන් ලංකාව සදාකාලිකව ඉන්දියාවට යා වෙනවා. ඉන්දියාවට කිලෝ මීටර් 22ක් ලඟින් තිබුණත් ලංකාව වසර දහස් ගණනක් ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණේ නැත්තේ මුහුදින් වෙන් වෙලා තිබුණු නිසා. සොබා දහමෙන් අපට ලැබුණු ඒ ආරක්ෂාව මේ පාලම ඉදිකිරීමේ අහිමි වෙනවා . මේ පාලම නිසා ලංකාවේ ජාතික ආරක්ෂාවට, සෞඛ්‍යයට, සේවා නියුක්තියට ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් මම මීට පෙරත් පැහැදිලි කලා.

ඒ සියල්ලට වඩා භයානක ප්‍රතිථලය තමයි මේ පාලම හරහා ලංකාව ඉන්දියාවේ 30 වන ප්‍රාන්තය බවට පත්වෙලයි මේ කටයුත්ත අවසන් වෙන්නේ. ඒ නිසා සියළුම වාද භේද පසෙක තබා ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න අපි ලැහැස්තියි. හැබැයි අපටත් රටටත් තිත්ත ඇත්ත කියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

හදන්නෝ විවෘතකරන්නෝ සහ විකුණන්නෝ

අපේ අගමැතිතුමන් මැදකොළඹ නිවාස සංකීර්ණයක් විවෘත තරමින් අහනවා රාජපක්ෂවරුන් කොළඹ ජනතාවට මොකද කලේ කියලා. නමුත් එතුමන්ට අමතක වුනා එතුමන් ඒ විවෘත කලෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව තමයි ඉදිකලේ පැල්පත් වාසී ජනතාව වෙනුවෙන් කියලා. ජනපතිතුමන් හා අගමැතිතුමන් විවෘතකලේ රාජපක්ෂවරුන්ගේ තවත් එක් වීර ක්‍රියාවක් බව අපේ අගමැතිතුමන්ට අමතක වුනා. රාජපක්ෂවරුන් හදපුව ජනපති විවෘත කරන අතරෙම අගමැති ඒවා පිටරටට විකුණන්න සාක්ච්ඡා කරනවා කරන එක තමයි අද රටේ වෙන්නේ. රාජපක්ෂල හදනව. ජනපතිතුමන් විවෘත කරනව. අගමැතිතුමන් විකුණනවා. මේක තමයි අද රටේ ක්‍රියාත්මක වෙන චක්‍රය.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress