මහා කලාකරු විජය නන්දසිරි මහතාට ජාතියේ ප්‍රණාමය පුද කරමු
Posted on August 10th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මහා අකුණු සැරයක් වැදී, අපේ කලා කෙතේ මහා බල පවුරක් බිමට සමතලාව ඇත. ඔහුගේ මරණය, සමාජයට සිදුකල විනාශය යලි කිසිදාක පිලිසකර කල නොහැක. ඔහු කලා කරුවෙකු ලෙස පෙනී සිටි මහා යුග පුරුෂයකු බව පල කරන්නට හැක්කේ, සැබෑ ලෙසම ඔහු ජන හද බැඳගත් මහා පුරුෂයෙකු බැවිණි. විජය නන්දසිරි නම් වූ මේ මහා බලවතා, මේ රටේ සිටින සෑම සියලු ජන මනසක්ම ආක්‍රමණය කිරීමට යොදාගත් කලා ශිල්පයටද නව ජීවනයක් ලබාදුන්හ. ඔහු එම ශිල්පයට කොතරම් ජීවයක් කවා ඇත්ද යත්, ඔහු මියගොස් ඇති මේ මොහොතේ, ඔහුට උත්තමාචාරයක් දැක්වීමක් වශයෙන් ඔහුගේ දේහය ඉදිරිපිට ඔහු රඟපාන චිත්‍රපටියක කොටසක් ප්‍රදර්ශනය කලහොත්, සිදුවන්නේ, සොවින් බරිත මුලු අවමංගල සභාවම, ඉන් මුදවා, හාස්‍ය රසින් සපිරි ලොවකට ඔබව ගෙන යාමට ඔහුගේ රංගනයන්ට හැකියාවක් තිබීමයි

අප හදුනාගත් ලොවේ බලවත්ම දෙය මිනිස් මනසයි. ජය ගැනීමට අපහසුම දෙයද මෙය වන අතර, ජය ගත්තද එය පවත්වාගෙන යාමට අපහසුම දෙයද වුවද, මහා රංගධරයකුවූ විජය නන්දසිරි නම් වූ මේ මහා බලවතාට, එය එසේ පවත්වා ගනිමින්, තව තවත් වර්ධනය කරගැනීමේ මහා බලයක්ද උරුමව තිබුණි.

විජය නන්දසිරි තම නමට අනුකූලවම කලා ලොව දික් විජය කල පුද්ගලයකු සේම, දේශපාලන ලොව සලිත කල ප්‍රබල දේශපාලඥයකුද විය. කලාව ප්‍රබල දේශපාලන ක්‍රියාවලියකි. ඔහු ඒ බව මනාව වටහා ගත්තෙකු විය. කලාව බලවත් ආයුධයක් ලෙස ඉතා සුමටව හැසුරවීම ප්‍රගුණ කල මෙතුමා, සිය කලා කුසලතා තුලින් මහා සමාජ පරිශෝධනයක් සිදුකරමින් සිටි යුගයකදී, සිදුවූ මේ සිදුවීම පියවීමට කිසිදු ජගෙතුකට නොහැක.
“සබඳ, විනාශයන් පිට විනාශයන් ගලා එන යුගයක, ඔබගේ වියෝව මුලු මහත් ජාතියටම දරාගත නොහැක. ඔබ පෝෂණය කල සමාජය, ඔබගේ ඉගැන්වීම් තුලින් පෝෂිතව ඇත. ඒ පුණ්‍යකර්මයම ඔබට නිවන් දැකීමට ප්‍රමාණවත් යයි සිතේ, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා!යි පතමු.

One Response to “මහා කලාකරු විජය නන්දසිරි මහතාට ජාතියේ ප්‍රණාමය පුද කරමු”

  1. NAK Says:

    It was sad that he was confined to cheap comedy roles. He was a much better actor than that and I think we never had the chance to get the best of him.
    May he attain the bliss of Nirvana.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress