කාගේ බලය කාට බෙදමුද?
Posted on August 19th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

හැකි ඉක්මනින් බලය ලිඛිතවම බෙදා හැරිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පවසයි. එය වත්මන් අගමැති ඇතුලු රජයේ අදහස ස්ථිර කිරීමකි. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ අදහස ඔවුන් හා එකඟය. ඔහුට ස්වාධීන අදහසක් නැත යන්න වඩා නිවැරදිය. මන්ද මෙෙත්රීපාල සිරිසේන නැමති රූකඩයේ නූල අදින්නේ චන්ද්රිකා සහ රනිල් නම් රූකඩ ශිල්පීන් බැවිනි.

 

මේ බලය බෙදීම යටතේ උතුරු හා නැගෙනහිර පලාත් සභා ඒකාබද්ධ කොට පොලිස් බලතල පලාත් සභාවට ලබා දිය යුතුය. දැනට බලය මධ්යගත වී ඇත්තේ මධ්යම ආණ්ඩුව වටාය. බලය බෙදීමට අරඅඳින අය පවසන අයුරින් සියලු බලය හිමිව ඇත්තේසිංහලආණ්ඩුවටයි. සැබැවින්ම බලය බෙදා දෙන්නට තරම් පසුබිමක් හෝ සම්පත් ප්රමාණයක් ශ්රී ලංකාව තුල තිබේද? මන්දබෙදා දීමයනු එක පැත්තකට සියල්ල පවරා දීම නොවේ.

 

සැබැවින්ම අප රටේ සැබෑ බලය රැඳී ඇත්තේ පාර්ලිමේන්තුවේය. එනම් පාර්ලිමේන්තුව යන ව්යූහයේ නොව එය නියෝජනය කරන මිනිසුන් අතය. මෙතැන උතුර හා නැගෙනහිර නියෝජනය කරන අය සිටිති. ෆෙඩරල්වාදීන් කියන පරිදි සියලු බලය ඇත්තේ උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්රදේශවල නම් , බලය මෙසේ රැඳී ඇති විට සියලු ප්රශ්ණ විසඳෙනවා නම් මේ වන විට එම ප්රදේශ සුඛිත මුදිත වී තිබිය යුතුය. අධ්යාපනය, සෞඛ්, කෘෂිකර්මය හා මෙකී නොකී සියලු ක්ෂේත්රවලදීම ජනතාව විඳින අපහසුතා, මුහුණ දෙන ගැටලු ගැන අවබෝධයක් ඇති අයකු මීට පිලිතුරු දන්නවා ඇත. දේශපාලකයන් භුක්ති විඳින දේ නම් සක් සුදක් සේ පැහැදිලිය. මෙය උතුරු නැගෙනහිර දේශපාලකයන්ටද පොදුය.

 

ශ්රී ලංකාව යනු විශාල රටක් නොවේ. ජනගහන අනුපාතය අනුව උතුරු නැගෙනහිර 13% ක් සහ අනිකුත් ප්රදේශවල 87% ක් මිනිසුන් ජීවත් වෙති. ලංකාවේ ඇති සම්පත් ප්රමාණය මේ අනුපාතයට බෙදන්නට සිදුවනු ඇත. පසුගිය දිනෙක උතුරු පලාත් මහ ඇමති ටී. විග්නේශ්වරන් විසින් මොරගහකන්ද වාරි යෝජනා ක්රමයේ කොටසක අයිතිය ඉල්ලා සිටීම මීට හොඳම උදාහරණයයි. පලාත්වලින් මුහුදට වැටෙන ගංගාවන් සම්බන්ධවද ප්රශ්ණ මතුවිය හැක.

 

වත්මනේ පොලිස් බලතල අයත් වන්නේ මධ්යම රජයටය. උතුර සහ නැගෙනහිර පලාත් නියෝජනය කරන මන්ත්රීවරු මේ මධ්යම රජයේ සිටිති. ද්රවිඪ ජාතික සන්ධානය වන ඔවුන් නාමිකව විපක්ෂය ලෙස හඳුන්වයි. නමුත් රජය විසින් ගෙනඑන ඕනෑම යෝජනාවකට ඔවුන් එකඟය. මේ අනුව දැන් මේ විපක්ෂයද රජයේම කොටසකි. සමහරවිට මෙහි රහස (සැබැවින්ම රහසක් නැත) රජය, උදවිය කඩා ගන්නට බලන කුට්ටිය සම්බන්ධව පූර්ණ සහයෝගය දෙන නිසා විය යුතුය.

 

සාමාන්යයෙන් අපට සුපුරුදු දකුණු ආසියානු දේශපාලන ක්රමය තුල මේ බලය බෙදූවිට ප්රදේශවල සිටින සාමාන් ජනතාව කෙසේ වෙතත් ප්රදේශවලට අරක්ගත් දේශපාලකයන් නම් වඩාත් බලවත්වන බව නිසැකවම පැවසිය හැක. මීට හොඳම උදාහරණය නම් ඉන්දියාවේ ප්රාන්ත ක්රමය සහ ඒවායේ බලය හිමි දේශපාලකයින් විසින් සිදු කරන බලය අවභාවිතය තුල ප්රදේශවල ජීවත්වන කුලහීන, දිළිඳු ප්රජාවට මුහුණ දීමට සිදුව ඇති තත්වයයි. ඉන්දියාවේ ඇති ප්රාන්ත 31 න් බොහොමයකම ජීවත් වනුයේ කුළ භේදය සහ දරිද්රතාවෙන් බැටකන මිනිසුන්ය. මේ ප්රාන්ත ක්රමය තුල මොවුන්ගේ ප්රශ්ණවලට ලැබී ඇති පිලිතුර කුමක්ද? මේ මහ ඇමතිවරුන් තම පොලිස් බලතල අයුතු ලෙස යොදාගෙන පවත්වාගෙන යන දරදඬු පාලන ක්රමය තුල මේ ජනතාව ඉතා අසරණ බවට පත්ව ඇත. මිත්යාවන් මත, ඊනියා ගෞරවය මත හිතුමතේ සිදුකරන මිනීමැරුම් වලින් පිලිබිඹු වනුයේ ජනතාව අතර ඇති අඩු අධ්යාපනය සහ පාලන තන්ත්රයේ අඩු ලුහුඬුකම් පිලිබඳ යතාර්ථයයි. බටහිර බෙංගාලයේ සිදුවන සමූහ දූෂණ සහ වෙනත් චණ්ඩිකම්වලට පලාතේ මහ ඇමතිනිය වන මම්තා බැනර්ජිගේ ආධාරකරුවන් ඍජුවම සම්බන්ධ බව නොරහසකි. තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා යනු තම මහපරිමාණ වංචා දූෂණ නිසා සිර ගතව සිටි අයෙකි.වෙනත් ලොකු ලොකු ප්රශ්ණ විසඳන්නට තබා තමිල්නාඩුවේ වැසිකිලි සුද්ධ පවිත් කරන්නට නියම වූ කුලහීන කාන්තාවන්ට අත් වැසුම් සපයන්නට තරම්වත්, කාන්තාවක් වූ මහ ඇමතිවරියට අවශ්යතාවයක් නොමැත. එක උදාහරණයක් පමනි.

 

අනික අප රටේ පලාත් සභා 1987 දී ඉන්දියාව විසින් අප මත බලෙන් පටවන ලද්දකි. දැන් වසර 30 ආසන්න වීත්, විවිධ තල වල දේශපාලන ව්යූහයන් අතර ගැටෙන ආරවුල් සහ මේ පිරිස නඩත්තු කරන්නටත්, ඡන්ද පවත්වන්නටත් වැය වන මුදල් කන්දරාවත් හැරුනකොට ඉන් රටට සිදු වූ යහපතක් නැත. පසුගිය දිනවල කතා බහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම සහ බස්නාහිර පලාත් අධ්යාපන ඇමතිවරයා අතර ගැටුම අවසන ජනාධිපති විසින් ඊට මුල් වූ ළමුන් 9 දෙනා මතුගම ප්රධානතම පාසලට ඇතුලත් කිරීම තුල පලාත් සභා ඇමතිවරයෙකුගේ හඬෙහි බලය හා වැඩකල හැකි වපසරිය ජනතාව මොනවට හඳුනා ගත්හ. යම් කටයුත්තක අවසානය තීරණය වනුයේ එසේ නම් පලාත් සභාවක ඇති වැදගත්කම කුමක්ද?

 

මේ බලය බෙදීමේ ක්රියාවලියේ කැපී පෙනෙන දේ නම් චන්ද්රිකා සහ රනිල් තුල ඇති සිංහල බෞද්ධ විරෝධයයි. 1993 දී බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිනිය තනතුරෙන් පටන්ගෙන, බලයට පැන ගැනීම සඳහා චන්ද්රිකා, මංගල සමරවීර ඇතුලු ගෝල බාලයන් සමග එක්ව මිනී වලවල් හෑරුවාය. මිනී වලවල් පිරී තිබුනේ අද ඇගේ අග්රගන් මිත්රයා වන එවකට එජාපයේ බලකණුවක් වූ රනිල් වික්රමසිංහලාද 88-90 සමයේ සක්රීයව සම්බන්ධ වූ අපරාධවල සාක්ෂිවලිනි. ජනාධිපති ලෙස පත් වූ පසුව පත්කල බටලන්ද කොමිසම කාලයත් සමග නිකම්ම පුස්සක් බවට පත්ව, අර හෑරූ මිනී වලවල් යලි වසා දැමෙද්දී ඊටම ඇද වැටී වැලලී ගියේය.ඇයට රනිල්බටලන්දේ වෘකයාවූයේ ඡන්ද පැවැත්වෙන සමයට පමනි. දැන් ඔහු ඇගේ අතිජාත මිත්රයාය. චන්ද්රිකා රට පාලනය කල යුගයේදී එල්ටීටීඊ ප්රහාර තුල රට ඇද වැටුන දුක්ඛදායක තත්වය නොකිව මනාය. ඇගේ ස්ත්රීභාවය සහ අනෙකුත් දුර්වලතාවල වාසිය ගෙන රට තුල මැර පාලනයක් ගෙන යාමට උත්සුක වූ එක් චරිතයක් නම් වත්මන් විදේශ ඇමති මංගල සමරවීරයි.

 

අෑට එදා බල තණ්හාවක් නොවී නම්, ජනතාව ගැන සැබෑ හැඟීමක් තිබුනා නම්, එදා එජාප පාලන සමයේදී දකුණේ සිදු වූ අරගල නිසා තැලී පොඩිවී සිටි ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නට තිබිනි. එසේ තම ජනතාව තමා වෙතින් අපේක්ෂාකල මෙහෙවර නොතකා මග හැරීම තුල බලයට ඇති කෑදර කම එදාද ඔප්පු කලාය.

 

2001 දෙසැම්බරයේදී පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට පත්විය. එදා සන්ධානයේ චන්ද්රිකා ජනාධිපතිය. එජාපයේ රනිල් අගමැතිය. අද ඔවුන් ජනතාවගේ හිස් ගෙඩිවලට කවන්නට තැත් කරන පරිදි එදා සැබෑ වුවමනාවක් තිබිනි නම්, එදා ඔවුන් දෙදෙනාට එක්ව ජනවාර්ගික අර්බුදය විසඳීමට වැඩ පිලිවෙලක් ක්රියාත්මක කිරීමේ හැකියාව තිබිනි. මන්ද එදා විධායකය හා උත්තරීතරය වූයේ ඔවුන් දෙදෙනාය. නමුත් ඔවුහු කිසිවක් නොකලෝය. වෙනුවට ඔවුන් අතර තිබුනේ බල අරගලයකි. තුල එකිනෙකා ඉස්මතු වන්නට තැත්කලා මිස වෙනත් යමක් කලේ නැත. චන්ද්රිකා තම අප්රසන්න කතා කියවමින් සුපුරුදු අලස හා අනුන් ගැන තැකීමක් නැති චර්යාවක් අනුගමනය කල අතර රනිල් සැමදාම කරන පරිදි ජාත්යන්තරය සතුටු කිරීමේ වෑයමක නිරත වීය. පුදුමයකට එදා ඔවුන් දෙදෙනාට මතක් නොවුන අලුත් අදහසක්, මිත් කමක් අද ඔවුන් අතර පහල වී ඇත.

 

අද මහින්ද රාජපක්ෂට මොනවා කීවත් රනිල් වික්රමසිංහ දැඩි ඒකාධිපති මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙකි. වෙනසකට තිබුනේ මහින්දගේ සමයේ ඒකාධිපතිවාදය තුලින් හෝ ත්රස්තවාදී යුද්ධය නිම කිරීමට පියවර ගත් අතර රනිල් සැම විටම රටෙන් කොටසක් කඩා වෙන් කිරීමට හිතුමතයේ  ක්රියා කිරීමය. ඔහු මේ බව පැහැදිලිව ඔප්පු කලේ 2001-2004 සමයේ අගමැතිව සිටියදීය. එදා ජනාධිපතිව සිටි චන්ද්රිකාට හෝ නොදන්වා සිය තනි මතයට එල්ටීටීඊය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර, එතුලින් ඔවුන් ඉල්ලා සිටි  භූමියේ කොටස ලිඛිතවම පවරා දුන්නේය. අතුරුගිරියේ මිලේනියම් සිටි පාවාදීම සිදුකර යුද හමුදා බුද්ධි අංශය අඩපණ කර දැමීය. අතර සුපුරුදු පරිදි බටහිර රටවල් හමුවේ කොන්ද පාත් කරමින්, සිංහල ජාතියම මහා වරදක් කර ඇති පරිදි වූ චිත්රයක් ලොවට ඉදිරිපත් කරමින් අභිමානවත් ජාතියක ප්රතිරූපය ලොව හමුවේ විනාශ කලේය. රනිල් අගමැතිව සිටි සමයේද අද මෙන්ම ඇමරිකාව ඇතුලු ජාත්යන්තරය නිතර නිතර ශ්රී ලංකාවට යාම් ඊම් කලහ. එදා ඔවුන් පැමිනියේ කෙලින්ම උතුරට යන්නට බලාගෙනය. එසේ ගිය මේ අමුත්තන්, ජාත්යන්තර පොලිසියේ වරෙන්තුකරුවකු වූද, අති භයානක අපරාධ රැසකට වගකිව යුතු වූ ත්රස්තවාදියෙකු වූ ප්රභාකරන් ඇතුලු ගෝලබාලයන්ට හරසර පිදුවේ සම්භාවනීය අමුත්තකුට මෙනි.

 

2004 දී චන්ද්රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ගේ අත්තනෝමතික හැසිරීම තුල වර්ධනය වෙමින් ජනතා විරෝධය හමුවේ තව දුරටත් නිකම්ම බලා සිටීමට නොහැකි වූ නිසා වන්නට පුලුවන.

 

කෙසේ වුවද 2004 ඇද වැටීමෙන් පසු රනිල්ගේ නායකත්වය යටතේ එජාපය ඉදිරිපත් වූ සෑම මැතිවරණයක්ම දිගින් දිගටම පරාජය වන්නට පටන් ගති. මේ තුල රනිල්ගේ නායකත්වයට අභියෝග කිරීමට පිරිසක් එජාපය තුලින්ම මතු වූ අතර වන විට ශ්රීලනිපය හැරගොස් සිටි මංගල සමරවීර රනිල් සමග එක්ව සුපුරුදු මුර බල්ලාගේ භූමිකාවට පණ පොවන්නට විය. මේ සියලු ආරවුල් මැද රනිල්ද කෙසේ හෝ නායකත්වයේම එල්ලී සිටියේය. එජාපයේ පැවතුන ව්යූහය තුල ගොඩනැගී තිබුන බල අධිකාරිය නිසා තමන්ට පක්ෂය තුල කිසිදා හිස ඔසවන්නට ඉඩ නොලැබෙන බව වටහාගත් දෙවන පෙල පිරිස් එජාපය හැර ගොස් මහින්ද රජයට එක්වන්නට පටන් ගත්හ. නමුත් සජිත්, කරු ඇතුලු පිරිස රනිල්ට අභියෝග කලේ පක්ෂය තුලම හිඳිමිනි.

 

මැතිවරණ ගණනාවක් එක පිට පැරදුනු රනිල් තමාට අහිමි වූ බලය ලබා ගැන්ම සඳහා වෙනත් විකල්ප සොයන්නට විය. 2010 දී ඔහුගේ කෙමනට සරත් ෆොන්සේකා හසුවූයේ එවිටය. නමුත් එයද අසාර්ථක විය

 

2013 දීපැරදුනා ඇතියන සටන් පාඨය යටතේ රනිල්ට එරෙහිව පක්ෂය තුලින්ම සංවිධානය වූ පාද යාත්රාවට තමාට සුපුරුදු මැර බලය යොදමින් එල්ල කල කුරුඳු පොලු ප්රහාරය ඔස්සේ කලක් තිස්සේ නැවතී තිබූ දේශපාලන ප්රචණ්ඩත්වය යලි කරලියට ගෙන ඒමට මංගල සමරවීර කටයුතු කලේය. දේශපාලන ක්ෂේත්රය තුල මංගල සමරවීර භූමිකාව සමාන වනුයේ සිරිසේන කුරේ භූමිකාවටය. එනම් නායකත්වයට අභියෝග නොකරමින් , නායකයාට ආරක්ෂාව සලසමින්ද තම පැවැත්ම තහවුරු කර ගැනීමයි. සඳහා ඕනෑම දෙකයි පනහේ වැඩක් කරන්නට ඔවුන් සූදානම්ය.

 

2015 දී රනිල්ගේ ඊලඟ අත්හදා බැලීමේ උගුලට අසුවූයේ ශ්රීලනිප මහ ලේකම් මෙෙත්රීපාල සිරිසේනය. මහින්ද රාජපක්ෂ සමග බද්ධ වෙෙරයකින් දැවෙමින් හා තම නැති වූ බලය ගැන තැවෙමින් සිටි චන්ද්රිකා මේ කපුකම සඳහා නොඅනුමානවම හවුල් වූවාය. තමන්ට අහිමි වූ තැන ලබා ගැන්මට, තම මව්පියන් මේ සා කැපවීමෙන් ගොඩ නැගූ පක්ෂය එජාපයට පාවාදීමට දෙවරක් නොසිතුවාය. මෙවර නම් උගුල හරි ගිය අතර අද මේ රූකඩ ජනාධිපතිවරයා ඉදිරියෙන් තබාගෙන රනිල් විසින් රඟ දක්වන්නේ තම සුපුරුදු ඒකාධිපති භූමිකාවයි.

 

2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ චන්ද්රිකාගේ අපමන කෙනිහිලිකම් මැදය. එදා මහින්දගේ උදව්වට සිටියේ සුලු පිරිසකි. නමුත් 2008 දී නැගෙනහිර පලාත ත්රස්තවාදයෙන් මුදා ගැනීමත් සමග ඔහුගේ ජනප්රියත්වය වැඩිවන විට තත්වය මඳින් මඳ යහපත් අතට හැරෙන්නට විය. 2010 ජනාධිපතිවරණයේදී පවා මහින්දට කටුව ගසන්නට ඕනෑ තරම් පිරිස් සිටියහ. නමුත් විරසකයටද හේතු තිබෙන්නට ඇත. එදා මංගල නිතර දෙවේලේ මැතිරූ සහෝදර සමාගම ඉන් එකක් වන්නට පුලුවන. නමුත් වත්මන් රජයේ සහෝදර සමාගම්, අඹු සැමි ව්යාපාර, මිත් සමාගම් දකින විට එදා පැවසූ දේවල් නිකම්ම උපක්රමික හේතූන්ය.එසේ නැතිව ඔය කියන සමාගම් පිටු දකින්නට ඔවුන්ට සැබෑ අවශ්යතාවක් නොතිබුන බව පැහැදිලිය.මන්ද ඔවුන් ඒවා මතුරමින් මහින්ද ඉවත ඇද දමන්නට කැස කවන සමයේ, තමන් බලයට ආවත් කරන්නේ මේ ටිකම බව ඔවුන් දැන සිටියෝය. මේ දේශපාලකයින් හෝ  ඔවුනට කැපවී උදව් කරන අය තුල ඇත්තේ බලයට, වරප්රසාදවලට ඇති කෑදරකම මිස අන් කිසිවක් නොවේ.

 

අවසානයේදී දැන් රනිල්චන්ද්රිකා සහ මංගල එකට එක්වී සිටිති. මෙය ඒකීය රටකට, සිංහල බෞද්ධ කමට ඉතාම අපලදායක වන එකමුතුවකි. මේ වන විට ශ්රී ලංකාව කැමති සුනඛයෙකුට වැටෙන් රිංගා මලපහ කර යන්නට හැකි ඉඩමක තත්වයට හිමි හිමින් පත් කරන්නට මොවුන් තිදෙනා න්යාය පත්රයන් සාදති. අතරම තමන් බලයට එන්නට අතකොලුවක් කරගත් ජනාධිපතිට තවත් කොන්ත්රාත්තුවක් දී තිබේ. ශ්රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර දියකර හැරීමයි. ඔහුගෙන් පසු පක්ෂයේ මලගමේ කටයුතු සංවිධානය කිරීමට පක්ෂයේ ඊනියා මහ ලේකම් දුමින්ද දිසානායක සිටී. තමාට සැබෑ සෙනෙහසක් පෑ දරුවකුගේ මලගමින් පසුව අප දයාබර ලක් මෑණියගේ අවසානයද වැඩිකල් නොගොස් සිදුවනු ඇත.

 

මේ විවිධ මානසිකත්වයන්ගෙන් යුතු දේශපාලන හවුල් යටතේ ශ්රී ලාංකික ජනතාව විවිධාකාර වූ දුක් කරදර වින්දාහ. එවන් දැරීමට අසීරුතා තුල ඇති වූ සංකූලතා හේතුවෙන් ඉතා පහසුවෙන් මොළ සේදිය හැකි පිරිසක් බවට ශ්රී ලාංකිකයන් පත්ව ඇත.

 

දැන් ඉතින්වත් මේ නිද්රාවෙන් නැගිට පෙරට නොආවොත් යලි යුග ගනනාවකට හදන්නට නොහැකි වරදක් සිදුවනු ඇත්තේය

 

6 Responses to “කාගේ බලය කාට බෙදමුද?”

  1. Christie Says:

    සින්හලයින්ගේ රට අද මුලුමනින්ම ඉන්දියානු යටත් විජිතයකි. මෙය වටහා ගන්නා තුරු සින්හලයාට ගැලවීමක් නැත.සිරිසේන ඉන්දියානු කූලියාය. චන්ද්‍රිකා ඉන්දියානු ආන්ඩුකාරීය. රනිල් පියුන්ය.

  2. Christie Says:

    Today Ceylon is a full pledged colony of the Indian Empire.

    The country is run by Chandrika the Governor appointed by the Indian Empire. Sirisena the Collie and Ranil the Peon were voted in by the Indian colonial parasites’ block vote.

    The problem we have is we do not look beyond our own problems. Look what has happened to the Fijians of Fiji, Creoles of Mauritius and Guyana.

  3. Ananda-USA Says:

    Christie,

    Please add the native Polynesians of Hawaii to your list!

  4. plumblossom Says:

    This Is How The Office Of The Missing Persons (Which Will Become A Bogus ‘Evidence’ Manufacturing Machine) Manufacture Bogus ‘Evidence’ Of 40,000 Missing Persons To Try Our Brave Armed Forces For So Called War Crimes They Never, Ever Committed

    In the Missing Persons Act, a relative or a friend can make an official inquiry (but a totally bogus inquiry) from the Office of the Missing Persons (OMP) by email inquiring as to the whereabouts of their relative or friend.

    There are over 8 lakhs to 10 lakhs Tamil diaspora asylum seekers (actually economic migrants), a vast majority of who support the separatist terrorist LTTE and its aim of a separate state. If even 40,000 of these Tamil diaspora who support the separatist terrorist LTTE write bogus emails to the OMP inquiring the whereabouts of their friend or relative (but this friend or relative is actually living alongside them in these countries i.e. the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) these inquiries will officially be accepted by the OMP as 40,000 missing persons.

    According to the provisions of the OMP Act, even if the OMP inquires after these let us say 40,000 and finds out that these are all bogus inquiries and that all these 40,000 persons are actually living alongside the inquirer i.e. their relative or friend and these complaints about these persons being missing are all bogus, the missing persons, now found by the OMP, can request that their whereabouts not be revealed to their relative or friend or be made public. So officially these 40,000 persons will still be missing!!!

    Then the OMP will use these bogus 40,000 missing persons (who are actually living comfortably in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) as manufactured ‘evidence’ that war crimes happened in Sri Lanka (and all these bogus inquirers will state that these persons went missing during the 2006-2009 period) and our Sri Lankan Armed Forces will be persecuted for committing war crimes that they never, ever committed by a judicial process using these bogus email inquiries.

    The Missing Persons Act states specifically that if the missing person who is now found requests that the fact that they are now found not be revealed to the public that person will remain as missing as far as the OMP is concerned. That is how the OMP will manufacture bogus ‘evidence’ of 40,000 missing persons so that the Sri Lankan Armed Forces can be persecuted for committing bogus war crimes.

    The OMP emails cannot be checked by any outside body as stated in the Act since all evidence (almost all bogus) gathered by the OMP remains confidential. The OMP cannot be taken to the Supreme Court on this issue. However the OMP should absolutely and immediately be taken to the Supreme Court regarding what has been written above which is what would happen when this OMP is set up.

    The OMP will become a bogus ‘evidence’ manufacturing machine which will gather such bogus inquiries via email from those members of the Tamil diaspora who are supportive of the LTTE terrorists and who will send bogus email inquiries by their thousands. All these bogus inquiries (of people who are actually living in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) will then be misused as missing person inquiries.

    I did not realize that the Sinhalese were this stupid as to allow such a process within the Missing Persons Act which can be blatantly misused in order to manufacture bogus ‘evidence’ like this. The OMP process is not transparent, it will happen in total secrecy, no one in Sri Lanka will be able to question it, not our police, not our courts, not our Sri Lankan citizens, nobody. All the OMP will do is gather bogus email ‘evidence’ such as described above which will then be misused as missing person inquiries to try the Sri Lankan Armed Forces for bogus war crimes that they never, ever committed.

    The OMP process as described above must be stopped immediately. If a relative or a friend really and genuinely wants to find out about their genuinely missing relative or friend (i.e. perished LTTE terrorist), they can make a complaint to the OMP in person in public. This is the only way that Sri Lanka and the world will know that their inquiry is genuine. This was the methodology followed by the earlier Paranagama Commission which then received 23,000 complaints from relatives or friends of the missing person (i.e. perished LTTE terrorist or our perished Sri Lankan Forces soldiers) but they made their complaint in public in person to the commission. This is the only way to ensure authenticity and make the process transparent since this happens in the public arena. However, even with such safeguards, even some of those complaints may have been bogus.

    The OMP should be stopped immediately since it is not a transparent process at all as described above but a totally secretive process where no one and nobody can request to be provided an opportunity to even peruse, investigate or look at the email inquiries received by the OMP. If the UNHRC, the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India, the TNA and the separatist terrorists genuinely want to find out about perished LTTE terrorists, this Yahapalanaya Government could expand and extend the scope of the already set up Paranagama Commission in order to make such inquiries. This process should be totally following Sri Lankan Law, within Sri Lankan jurisdiction, paid for totally by the Sri Lankan Government only and with only Sri Lankan citizens appointed as commission members and investigators. In fact the entire staff should be composed of Sri Lankan citizens only. The process should be a totally domestic process with no interference or input whatsoever from foreign countries. Most importantly, all complaints should be made in person by relatives and friends in public if their complaint is genuine.

    The Missing Persons Act is totally dangerous as pointed out above and should be dismissed totally as it is highly dangerous and a totally secretive process as described above designed and set up to manufacture bogus ‘evidence’ against the Sri Lankan Armed Forces.

  5. plumblossom Says:

    Mr. Udaya Gammanpila Sir,

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

    Beyond this, this yahapalanaya government, CBK, Sirisena, the JVP, the JHU, Sarath Fonseka and the like are extremely corrupt and are enjoying perks such as Pajeros, official vehicles, official residences, Rs.200 lakhs loans, doing deals such as renting buildings for example to house the agricultural ministry at very high rents, the bond scam, paying supporters very high salaries and hiring them as ‘consultants’ who are not really consultants such as at the RDA, the rice mafia of Sirisena brother making massive amounts of money at the expense of poor rice farmers, the coal deals of Champika making yet more massive amounts of money, all these corrupt deals are being done and the country is being betrayed in this way by collecting the required two thirds majority in parliament to ensure that treacherous acts such as the missing persons act are approved by parliament.

    All the while valuable infrastructure that should be marketed all over the world such as the Mattala Airport was used for storing rice rather than enticing airlines all over the world to use this airport or at least divert half the airplanes which use Katunayake to Mattala, especially tourist planes.

  6. Nanda Says:

    මොන බම්බු බලයක් ද ? මේ කියන්නේ රට බෙදීමයි.
    යුද්ධය ඉවරකරපු එකා මේ මගුල ඉවරනොකර මේ වගේ “බලය බෙදීම් ” වචන වලට දිරි දෙමින් බණ කිවුව විපාක තමයි මේ. දැන් හැම බල්ලාම බැල්ලීම බලය බෙදීමක් කතා කරනවා. බෙදන්නම් යකෝ මේ වගේ සිහල කොල්ලන් ගේ කෙල්ලන් ගේ ජීවිත පූජා කරන්න ඕනැද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress