රැකියා ඉල්ලා උපාධිධාරීන් උපවාසයේ
Posted on August 23rd, 2016

කැදවුම්කරු, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

දෙනවා යැයි පොරොන්දු වු ගුරු පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද දින (23) වයඹ පළාත් ගුරු විභාග සමතුන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. ගුරු පුරප්පාඩු 3500 කට අධික ප‍්‍රමාණයක් ඇති බවට පළාත් අධයාපන ඇමතිවරයා පවසා ඇති මොහොතක මෙසේ පත්වීම් ලබා නොදී සිටීම තරයේ හෙළදකිමු.

විශේෂයෙන් පසුගිය කාලය පුරා සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙෂ ඉල්ලා අපද අඛණ්ඩ අරගලයක් කරමු. 2012 මාර්තු මාසයේ සිට මේ දක්වා 30000 කට ආසන්න උපාධිධාරීන් ප‍්‍රමාණයක් විරැුකියාවෙන් සිටිති. ඒ ගුරු පුරප්පාඩු 32000ක් ඇතුලූ රාජ්‍ය අංශයේ පුරප්පාඩු 50000ක් පමණ තිබිය දීය.

            ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයාද පසුගිය කාලය පුරා උපාධිධාරීන්ට රැකියා දෙන බවට විවිධ ප‍්‍රකාශයන් කරන ලදී. නමුත් රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත. එපමණක් නොව රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ගේ සංඛ්‍යා ලේඛන පවා ආණ්ඩුවට නැත. එයින්ම වත්මන් ආණ්ඩුවේ තත්වය මනාව පැහැදිලි ව ඇත.

පසුගිය වසරේ අගමැතිවරයා විසින් රැකියා ගැටලූව විසදීමට අදාළව අගමැති පත් කළ කමිටුව රැස් වුයේ එක් අවස්ථාවක් පමණි. එය ද සුදු අලියෙකු බවට පත්ව ඇත. පසුගිය මාස 8 පුරාම සාකච්ඡුා ඉල්ලූවද සාකච්ඡුාවක් පවා ලබාදුන්නේ නැත

රැකියා ලබාදෙන බවට කරන ප‍්‍රකාශයන් වහාම නවත්වා සියලූ උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් සකසන මෙන් අවධාරණය කරමු.

මෙයට,

කැදවුම්කරු,

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

One Response to “රැකියා ඉල්ලා උපාධිධාරීන් උපවාසයේ”

  1. NeelaMahaYoda Says:

    ප්‍රිය හිතවත් උපාධ්ධාරීනි

    සියලු උපාධිධාරීන් දැනගත යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා:.

    ලෝකයේ කිසිම රටක විශ්ව විද්යාල උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දියයුතුයි කියා බැදීමක් නැහැ. නමුත් රජය විසින් රැකියා ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ වගකිම පමනක් බාරගතයුතුයි.

    පේනවිදියට රැකියා විරහිත උපාධිධාරීන්ගේ චන්දය පමනක් ලබාගැනීමට යහපාලකයින් ගහපු කොක්කක් වගේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress