යහපාලු පුබ්බඩයන්ගේ කොළේ වසා ගහන සංහිඳියා තුරුම්පු…!!!
Posted on August 24th, 2016

 වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

 Monday, August 22, 2016

ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්‌කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස්‌ බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ මැතිවරණය සමස්‌ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්‌ථානයක්‌ බවය. එම මර්මස්‌ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්‌ෂේප කොට ඇත. එය එක්‌තරා ආකාරයක තාවකාලික මවා පෑමක්‌ ලෙසද විග්‍රහ කෙරේ. 
 අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ”නිව් ඕර්ලියන්” යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්‌ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස්‌ පළකළ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඔහු එහිදී කියා සිටියේ ශ්‍රි ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට ඇමෙරිකාව කොටස්‌කරුවෙකු ලෙස දායක වන බවය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ හමුදාවේ ප්‍රතිසංස්‌කරණ සිදුකිරීම සඳහාද තම රට කොටස්‌කරුවෙකු වන බව ඔහු ප්‍රකාශ කළේය. එම නෞකාවේ කාර්යමණ්‌ඩලය දින 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවට ”යහපත් පුරුදු” හඳුන්වාදීම සඳහා අදහස්‌ හුවමාරුකරගන්නා බවද සඳහන් විය.

එම නෞකාව ඇමෙරිකාව සතු ප්‍රධාන පෙළේ යුද යාත්‍රාවක්‌ වන අතර එහි අංගසම්පූර්ණ යුද ආම්පන්න සහිතව මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි ”මැරින් භටයින්” 700 ක්‌ රැදවිය හැක. ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ බින්ලාඩන් මරා දැමීමේ විශේෂ මෙහෙයුම දියත් කළේද එම භටයින් විසිනි. එහිදි ඔවුන් පකිස්‌ථානයට ගුවනින් සහ ගොඩබිමින් කඩා වැදුනේ පකිස්‌ථාන රජයේ අවසරය නොමැතිවය. එම භටයින් මැරීන් යන නමින් හැඳින්වුවද ඔවුන් නාවික, ගුවන් සහ ගොඩබිම් යන තුන් ආකාරයේම විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි කොමන්ඩෝ භට කණ්‌ඩායමකි. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල සහ ආරක්‍ෂක තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල පළවූ වාර්තා අනුව එම මැරීන් බටයින් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ මුහුද ආශ්‍රිතව අක්‌කර 06 ක නාවික කඳවුරු සංකීර්ණ ඉදිකෙරේ. එම කඳවුරු තුළ නේවාසිකාගාර, ආයුද ගබඩා සහ ගුවනින් සහ මුහුදින් කරනු ලබන ගොඩබැසීම් වලට පහසුකම් පවතින බව වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ඇමෙරිකානු තානාපති අංශ එම වාර්තා ප්‍රතික්‍ෂෙප කළේ නැත.

මැරින් භටයින් රැගත් නෞකාව ගැන හෝ ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රතිසංස්‌කරණ සඳහා මැදිහත්වීම ගැන හෝ ඇමෙරිකානු භටයින් සඳහා කොළඹ නගරයේ කඳවුරු සංකීර්ණයක්‌ ඉදිකිරීම පිළිබඳව ඉන්දියාවද එක වචනයකින් හෝ විරෝධය පළකොට නැත. චීන රජයට අයත් සබ්මැරීනයක්‌ හෝ යුද නෞකාවක්‌ ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුල්වූ විගස ඉන්දියාව ප්‍රතිචාර දක්‌වන්නේ ඊට වෙනස්‌ ආකාරයකටය. මේ වන විට ඉතා සූක්‍ෂමව දියත් වී ඇති ශ්‍රී ලංකාවේ පය තබාගැනීමේ මෙහෙයුම ඇමෙරිකානු සහ ඉන්දියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ බවට කිසිදු සැකයක්‌ නැත.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්‍ෂ, විශේෂයෙන්ම වාමාංශික පක්‍ෂ විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත ඇමෙරිකානු මැදිහත්වීම්වලට ඉන්දියාව විරුද්ධ බවය. නමුත් සීතල යුද්ධය අවසන්වීමෙන් පසුව එනම් 90 දශකයේ සිට ඉන්දු – ඇමෙරිකානු සබඳතා සහ ශ්‍රී ලංකාවට අදාලව එම රටවල් දෙක විසින් පවත්වාගෙන යන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය. නමුත් අප රටේ දේශපාලන පක්‍ෂ විසින් එම වෙනස සහ එය ශ්‍රී ලංකාවේ අනාගත ඉරණමට කෙසේ බලපාන්නේද යන බරපතළ දේශපාලන අභියෝගය පිළිබඳව ගැඹුරු සංවාදයක්‌ ඇති කරන්නේ නැත. ඔවුන් තවමත් ඉතා බොළඳ ආකාරයට ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට ඇමෙරිකාව ක්‍රියාකරන්නේ ඒ මගින් ඉන්දියාව බෙදා වෙන්කොට දුර්වල කිරීමට යයි තර්ක ගොඩ නගති. එම පටු දේශපාලන විග්‍රහ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව දියත්වන ඉන්දු – ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ සැබෑ සංවාදය යටපත් වේ. 2013 වසරේ සිට එම රටවල් දෙකේ ඔත්තුසේවා විසින් දියත්කළ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ මෙහෙයුම එදා ආණ්‌ඩුව විසින් අවතක්‌සේරු කළේද එම ජාත්‍යන්තර උපාය මාර්ගික දේශපාලන මෙහෙයුම නිවැරදිව කියවා ගැනීමට අසමත්වීම නිසාය.

ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්‌කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස්‌ බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ මැතිවරණය සමස්‌ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්‌ථානයක්‌ බවය. එම මර්මස්‌ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්‌ෂේප කොට ඇත. එය එක්‌තරා ආකාරයක තාවකාලික මවා පෑමක්‌ ලෙසද විග්‍රහ කෙරේ.

කෙසේ වෙතත් හම්බන්තොට සහ කොළඹ වරාය නගරය ආශ්‍රීත චීන මැදිහත්වීම ඉන්දියාවට සහ ඇමෙරිකාවට බරපතළ ප්‍රශ්නයකි. එය වඩාත් උග්‍ර වන්නේ බටහිර පකිස්‌ථානයේ ගොවඩාර් වරාය ආශ්‍රිතව චීනය විසින් ආරම්භකොට ඇති සංවර්ධන ව්‍යාපෘතිවල බරපතලකම නිසාය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික එම ආයෝජනය මගින් එම වරාය නගරයේ සිට කි.මි. 1500 ක මහා මාර්ගයක්‌, ගෑස්‌ නලයක්‌ සහ තෙල් නලයක්‌ චීන දේශසීමාව දක්‌වා ඉදිකෙරේ. පකිස්‌ථාන චීන සබදතා විසින් ඉන්දියාව මත ඇතිකරන බලපෑම විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – අමෙරිකානු මැදිහත්වීම තවදුරටත් ත්‍රීව කරන බව ඉතා පැහැදිළිව පෙනේ. එම තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් ඒකාබද්ධ මෙහෙයුම් තිප්පොලක්‌ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ගොඩනගන බවට ජාත්‍යන්තර ආරක්‍ෂක විශ්ලේෂකයෝ සැක පළකරති. දැනටමත් ත්‍රිකුණාමලය වරායේ පිවිසුම පාලනය කිරීමේදී ඉතා වැදගත්වන සාම්පූර් ප්‍රදේශයට බලාගාරයක්‌ මුවාවෙන් ඉන්දියාව පය තබා ඇත. එම ප්‍රදේශයේ පැවැති නාවික කඳවුරක්‌ද මේ වන විට ඉවත්කොට ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරායේ ”බන්කරින් ව්‍යාපාරය” හෙවත් නැව්වලට තෙල් ලබාදීමේ වාණිජ මෙහෙයුම ඉන්දියානු අයි.ඕ.සී. සමාගම විසින් තම අතට ගෙන ඇත. ඒ අතර වරාය ආශ්‍රිත තෙල් ටැංකි සංකීර්ණයද ප්‍රතිසංස්‌කණය කිරීමේ මුවාවෙන් දිර්ඝ කාලීන වානිජ ගිවිසුමක්‌ යටතේ අත්පත්කර ගැනීමට ඉන්දියාව ක්‍රියාකරමින් සිටියි. එසේම ත්‍රිකුණමලය වරාය ආශ්‍රිතව ඉන්දියානු කර්මාන්ත පුරයක්‌ හෙවත් ඉන්දියාවට වෙන්වූ ආයෝජන කලාපයක්‌ද වෙන්කිරීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව එක`ග වී ඇත.

මෑතකදී ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව වරාය නගරයක්‌ බිහිකිරීම සඳහා ඊට අදාල සක්‍යතා අධ්‍යන සිදු කිරීම සහ ආයෝජකයින්ගේ උනන්දුව විමසීම ආදී කටයුතු සඳහා සිංගප්පුරු සමාගමකට රහසිගතව කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී ඇති බව වාර්තාවිය. එය රහසිගතව හෝ එළිපිට හෝ කුමන ආකාරයට කළද ඉන්දියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව ත්‍රිකුණාමල වරායට පය තබන්නේ දැවැන්ත වානිජ ව්‍යාපෘති ජාලයක්‌ හරහා බවට නම් කිසිදු සැකයක්‌ නැත. වානිජ මැදිහත්වීම තුළ යුද්ධමය උවමනා ඉටුකරගැනීමේ කිසිදු බාධාවක්‌ නැත. සෘජු හමුදාමය පෙනී සිටීමකට වඩා වානිජ ව්‍යපෘතියක ආවරණය යටතේ හමුදාව ක්‍රියාත්මක වීම දේශපාලන වශයෙන් දිර්ඝකාලීනව වාසිදායක වේ. යම් අවස්‌ථාවක වානිජ ව්‍යාපාරවලට ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක්‌ මගින් හසෘමුදාව ජුව මැදිහත්වීමද සාධාරණිකරණය කෙරේ.

මේ වනවිට ඉන්දියාව විසින් ත්‍රිකුණාමල වරාය කලාපය මුල්කරගෙන කරනු ලබන මැදිහත්වීම් සිදුවන්නේ ඇමෙරිකානු ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේ බවද පැහැදිලිව පෙනේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි වල සිට ත්‍රිකුණාමලයට මහා මාර්ගයක්‌ සහ රේල් පාරක්‌ හැදීම සඳහා අවශ්‍ය ඊනියා හනුමාන් පාලම් ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 5ක්‌ වෙන්කරන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුව නිල වශයෙන් එම ව්‍යාපෘතිය අනුමත කිරීමටත් පෙරය. පසුගියදා ඉන්දුනිසියාවේදී ඊට අදාලව මුට්‌ටියක්‌ දමා බැලීමට කබිර් හෂීම් ඇමැතිවරයා යොදාගන්නේ මහජන විරෝධතා පිළිබඳ අවබෝධයක්‌ රජයන් දෙකටම තිබෙන බැවිනි. කෙසේවෙතත් දැනටමත් සැලසුම්කොට ඇති කි.මි. 125 දිග රේල් පාර ත්‍රිකුණාමලයේ සිට තලේමන්නාරමට ලගාවන්නේ මැදවච්චිය හරහාය. එවිට ඔවුන්ගේ දිර්ඝ කාලීන සැලසුම අනුව උතුරු නැගෙනහිර බෙදාවෙන්කිරීමෙන් පසුව එම රේල්පාර රටවල් දෙකක්‌ මැදින් ගමන් කරන ජාත්‍යන්තර මාර්ගයක්‌ බවට පත්වේ.

ඉන්දියාවේ දිර්ඝකාලීන උපාය මාර්ගික සැලසුම අනුව උතුරු නැගෙනහිර පළාත් බෙදා වෙන්කළ පසුව බොහෝ වාමාංශික පක්‍ෂ තර්ක කරන ආකාරයට බෙදුම්වාදී ව්‍යාපාරය තමිල්නාඩුවට පැතිරි තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ආරක්‍ෂක ගිවිසුමක්‌ සහ ආර්ථික ගිවිසුමක්‌ මගින් බෙදී වෙන්වුණු ඊළාම් රාජ්‍යය දේශපාලන වශයෙන් අර්ධ කොලනියක්‌ ලෙස පමණක්‌ නොව පාලමක්‌ මගින් භූගෝලීය වශයෙන්ද තමිල්නාඩුව සම`ග එක්‌වීමය. එම ක්‍රියාවලියට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පැලපදියම් වීමට නියමිත ඇමෙරිකානු හමුදාවේ ආශිර්වාදය නොමදව ලැබෙනු ඇත. යම් අවස්‌ථාවක ත්‍රිකුණාමලය වරායේ සිට ඉන්දියාවට භාණ්‌ඩ ප්‍රවාහනය කරන දුම්රියකට ‘හඳුනානොගත් ත්‍රස්‌තවාදීන්” පහරදුන් විටක එම ජාත්‍යන්තර මාර්ගය ආරක්‍ෂා කිරීම සඳහා ඉන්දියානු හමුqදාව කැදවිය හැක. එවිට මැදවච්චිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ ද ඉන්දියානු හමුදාව රැදවිමේ ”සාධාරණ – ඉඩක්‌” ඉන්දියාවට ලැබේ.

අනාගතයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකිරීමට නියමිත ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ප්‍රධාන ආරක්‍ෂක ගිවිසුම් 3ක්‌ අත්සන්කොට ඇත. පළමුවැන්න එල්.එස්‌.ඒ. ගිවිසුම හෙවත් ක්‍රමෝපායීක සහායක ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ හමුදා පහසුකම් වලට අවතීර්ණ වීමේ කොන්දේසි සපිරේ. ඒ මගින් ඒකාබද්ධ මෙහෙයුම්වලට පමණක්‌ නොව අදාළ කඳවුරු වල අරමුණු සහ ක්‍රියාකාරී පරාසයන් අනෝන්‍ය අවබෝධයෙන් පුළුල් කිරීමේ ඉඩ ද ලැබේ. දෙවන ගිවිසුම සී.අයි.එස්‌.එම්.ඕ. ගිවිසුම හෙවත් සන්නිවේදන සහ තොරතුරු ආරක්‍ෂක අවබෝධතා ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ ආරක්‍ෂක කටයුතු වලට අදාලව පොදු සන්නිවේදන වේදිකාවක සකස්‌ වේ. තුන්වන ගිවිසුම බී.ආර්.සී. ගිවිසුම හෙවත් තොරතුරු හුවමාරු සහයෝගිතා ගිවිසුමයි. ඒ මගින් සැටලයිට්‌ හරහා ලබාගන්නා තොරතුරු සහ අනෙකුත් ආරක්‍ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාව ගූගල් ලුන් බැලූන් ව්‍යාපෘතිය හෙවත් ශ්‍රී ලාංකික ජනතාවගේ හිසට උඩින් සිට තොරතුරු එක්‌රැස්‌ කිරීමට ඉඩ සැලසින ව්‍යාපෘතිය සඳහා ජෝර්- සෝරෝස්‌ නැමති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයා සම`ග ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවද ඒ සම`ග බැදී ඇත.

මෙම සියලු ක්‍රියාකාරකම් ඇමෙරිකාව සහ ඉන්දියාව අපේක්‍ෂා කරන ආකාරයට ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යහය බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන ආකාරයට දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කොට ඒවා ඇමෙරිකානු ගැති හමුදා බවට පත්කළ යුතුය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට සහ හමුදා ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියට ඇමෙරිකාව මැදිහත්වන බවට ඇමෙරිකානු තානාපතිවරයා ඒකපාර්ශවීයව ප්‍රකාශයක්‌ කරන්නේ තමා ඉදිරියේ පවතින ඒ අභියෝගය ජයගන්නා බව සහතික කිරීම සඳහාය. නපුංසක භූමිකාවක්‌ ඉටුකරන අප රටේ විදේශ අමාත්‍යාංශය ඉන්දු – ඇමෙරිකානු අභියෝගය ජය ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට කිසිදු සැකයක්‌ නැත. 

 වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

4 Responses to “යහපාලු පුබ්බඩයන්ගේ කොළේ වසා ගහන සංහිඳියා තුරුම්පු…!!!”

  1. plumblossom Says:

    This Is How The Office Of The Missing Persons (Which Will Become A Bogus ‘Evidence’ Manufacturing Machine) Manufacture Bogus ‘Evidence’ Of 40,000 Missing Persons To Try Our Brave Armed Forces For So Called War Crimes They Never, Ever Committed

    In the Missing Persons Act, a relative or a friend can make an official inquiry (but a totally bogus inquiry) from the Office of the Missing Persons (OMP) by email inquiring as to the whereabouts of their relative or friend.

    There are over 8 lakhs to 10 lakhs Tamil diaspora asylum seekers (actually economic migrants), a vast majority of who support the separatist terrorist LTTE and its aim of a separate state. If even 40,000 of these Tamil diaspora who support the separatist terrorist LTTE write bogus emails to the OMP inquiring the whereabouts of their friend or relative (but this friend or relative is actually living alongside them in these countries i.e. the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) these inquiries will officially be accepted by the OMP as 40,000 missing persons.

    According to the provisions of the OMP Act, even if the OMP inquires after these let us say 40,000 and finds out that these are all bogus inquiries and that all these 40,000 persons are actually living alongside the inquirer i.e. their relative or friend and these complaints about these persons being missing are all bogus, the missing persons, now found by the OMP, can request that their whereabouts not be revealed to their relative or friend or be made public. So officially these 40,000 persons will still be missing!!!

    Then the OMP will use these bogus 40,000 missing persons (who are actually living comfortably in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) as manufactured ‘evidence’ that war crimes happened in Sri Lanka (and all these bogus inquirers will state that these persons went missing during the 2006-2009 period) and our Sri Lankan Armed Forces will be persecuted for committing war crimes that they never, ever committed by a judicial process using these bogus email inquiries.

    The Missing Persons Act states specifically that if the missing person who is now found requests that the fact that they are now found not be revealed to the public that person will remain as missing as far as the OMP is concerned. That is how the OMP will manufacture bogus ‘evidence’ of 40,000 missing persons so that the Sri Lankan Armed Forces can be persecuted for committing bogus war crimes.

    The OMP emails cannot be checked by any outside body as stated in the Act since all evidence (almost all bogus) gathered by the OMP remains confidential. The OMP cannot be taken to the Supreme Court on this issue. However the OMP should absolutely and immediately be taken to the Supreme Court regarding what has been written above which is what would happen when this OMP is set up.

    The OMP will become a bogus ‘evidence’ manufacturing machine which will gather such bogus inquiries via email from those members of the Tamil diaspora who are supportive of the LTTE terrorists and who will send bogus email inquiries by their thousands. All these bogus inquiries (of people who are actually living in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) will then be misused as missing person inquiries.

    I did not realize that the Sinhalese were this stupid as to allow such a process within the Missing Persons Act which can be blatantly misused in order to manufacture bogus ‘evidence’ like this. The OMP process is not transparent, it will happen in total secrecy, no one in Sri Lanka will be able to question it, not our police, not our courts, not our Sri Lankan citizens, nobody. All the OMP will do is gather bogus email ‘evidence’ such as described above which will then be misused as missing person inquiries to try the Sri Lankan Armed Forces for bogus war crimes that they never, ever committed.

    The OMP process as described above must be stopped immediately. If a relative or a friend really and genuinely wants to find out about their genuinely missing relative or friend (i.e. perished LTTE terrorist), they can make a complaint to the OMP in person in public. This is the only way that Sri Lanka and the world will know that their inquiry is genuine. This was the methodology followed by the earlier Paranagama Commission which then received 23,000 complaints from relatives or friends of the missing person (i.e. perished LTTE terrorist or our perished Sri Lankan Forces soldiers) but they made their complaint in public in person to the commission. This is the only way to ensure authenticity and make the process transparent since this happens in the public arena. However, even with such safeguards, even some of those complaints may have been bogus.

    The OMP should be stopped immediately since it is not a transparent process at all as described above but a totally secretive process where no one and nobody can request to be provided an opportunity to even peruse, investigate or look at the email inquiries received by the OMP. If the UNHRC, the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India, the TNA and the separatist terrorists genuinely want to find out about perished LTTE terrorists, this Yahapalanaya Government could expand and extend the scope of the already set up Paranagama Commission in order to make such inquiries. This process should be totally following Sri Lankan Law, within Sri Lankan jurisdiction, paid for totally by the Sri Lankan Government only and with only Sri Lankan citizens appointed as commission members and investigators. In fact the entire staff should be composed of Sri Lankan citizens only. The process should be a totally domestic process with no interference or input whatsoever from foreign countries. Most importantly, all complaints should be made in person by relatives and friends in public if their complaint is genuine.

    The Missing Persons Act is totally dangerous as pointed out above and should be dismissed totally as it is highly dangerous and a totally secretive process as described above designed and set up to manufacture bogus ‘evidence’ against the Sri Lankan Armed Forces.

  2. Senevirath Says:

    ඉ තින් වසන්ත මේවා මහින්දට තේරෙනවද සරත් වීරසේකර නම් දන්නවා .මහින්ද 13අ වත් ඉවත් කලේ නැහැ පළාත්සභා මොන තරම් සුදු අලියෙක් වුනත් මහින්ද ඒවා අහෝසි කරයදා එතකොට හෙන්චය්යලාට දෙන්නේ මොනවාද ඔබට සහ අමරසේකරට මහින්ද වෙනස් කරන්න පුළුවන් වෙයදා දිනේෂ් හා ගම්මන්පිල සමග එකතුවී මහින්ද ගලවා ගන්න ෆෙඩරල් හාල්පාරුවන්ගෙන්

  3. plumblossom Says:

    It is high time that a new political party is created. The symbol can be the ‘mal pohottuwa’ as just prior to the general election, a new political party was registered under this symbol. All those SLFPers who are totally fed up with this treacherous yahapalayana government can then join this new political party.

    It is best to do this as soon as possible in order to get ready for the local government elections, to counter the treacherous OMP Act, to counter VAT increases, to counter the low prices offered to rice farmers, tea growers, rubber growers, to counter any attempt to provide any more powers to provincial councils than they have at present especially police, land or fiscal powers and to prevent the illegal merger of the North and the East and any attempt to change the unitary status of the country via unwanted constitutional changes, to counter the signing of ETCA, to counter the building of the Hanuman Bridge, to ensure that no Sri Lankan Forces member is harassed by setting up of hybrid courts or even domestic courts and to safeguard Sri Lankan armed forces from bogus war crimes charges to be produced via the OMP.

    Also to counter the wide ranging privatization of state assets programme of the UNP which envisages privatising even healthcare, water, electricity etc., to ensure that the rice farmer is empowered and not destroyed as this yahapalanaya government is doing and to ensure that 2600 years of rice farming is not destroyed, to ensure that other crop growers get a fair deal for their produce, to encourage local industries and companies by taxing imports, to create and empower and rehabilitate local industries like the Valachchanai paper plant, Puttlam, and KKS cement factories, Kanthale and Pelawatta sugar factories, to build new tyre producing factories, to build new fish tin canning factories, to build new fruit juice, jam producing factories, to create a more efficient food storage and transport to market system including proper storage and refrigeration of vegetables, fruits etc., to encourage local companies by taxing imports, to encourage school leavers to take up vocational training programmes and to create a vocational training to youth employment creation programme where youth are helped to start up their own SMEs, to change our diet from a wheat based diet to a rice based diet, to encourage farmers to produce our own milk by encouraging the dairy industry and to build factories to produce our own powdered milk etc.

    Unless a new party is formed now, all those people opposed to this treacherous yahapalanaya government will have nowhere to turn and nowhere to go and if the disaffected SLFPers do not take up this opportunity to form a new party, others definitely will. Also once the yahapalanaya commits all treacherous acts possible and betrays the country , it will be too late to form new political parties since there will not be a country left to govern after all the treacherous acts are completed by this yahapalanaya government.

  4. plumblossom Says:

    Sri Lanka’s future will depend on whether a new party is formed now or not by the disaffected SLFPers. It is now or never. There is no point forming new parties once this treacherous yahapalanaya government has finished committing all the treacherous deeds they are committing at present like more powers given to provincial councils inclusive of land, police and fiscal powers and illegally merging the North and the East, charging our brave Sri Lankan Forces with bogus war crimes using hybrid or even domestic courts, privatizing everything, destroying 2600 years of rice farming, signing ETCA, building the Hanuman bridge etc.

    Once all this is done there will not be a Sri Lanka left to govern. Therefore it is imperative that a new political party is formed now before it is too late for Sri Lanka when it will be of no point complaining once all the treacherous acts are committed and completed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress