සිංහල මුල 2 ( මගේ –:ජාතිය පාවාදීම” පොතෙන් )
Posted on September 28th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

පෙරලිපිය සමග කියවන්න
මහාභාරතයේ අරණ් පර්වයේ සින්හලාන් ලෙසද ද්රෝන පර්වයේසිංහලාහ්ලෙසද ආදී පර්වයේසිංහලාන්ලෙසද යෙදී ඇත .විභීෂණ සීතාට සිංහලයන්ගේ රට පෙන්වූ හැටි බාලරාමායනයේ දැක්වේ ..රාජසුය යාගය සඳහා සිංහල රජවරු පැමිණ සිටි බව මහා භාරතයේ දැක්වේ .සෛන්හලික නම් පදයක් ගුප්ත සමයේ අලහබාද් ප්රශස්තියක එය් ..බුධ්ධගයාවේ සෙල් ලිපියක ””සිංහල දීප ජන්මනා ……….” ලෙසද කෞටිල් අර්ථශාස්ත්රයේ ”””සින්හලදීපේ මයුර ග්රාමේ කුලා නාම නදී ””’යනුවෙන් දෙපොලකම ඇත .මන්ජුස්රි මූල කල්පයේ ””’සිංහල ද්වීප වාසීනඃ””යය දැක්වේ .
හුදු සිංහල නාමයෙන්ම මේ දේශය හැඳින්වූ තැන්ද බොහෝය ””සිංහලය මුතු උපදිනා ආකර අටෙන් එකෙකිය් ””’රත්න පරීක්ෂා ”’ හි සඳහන්වේ ..”’අගස්ති මතයෙහිඑන්නේසිංහලය මුතු උපදිනා පළමුවන තැනලෙසිනි .. ”’සිංහලයෙහි ”” පලිඟු ගැනයුක්ති කල්ප තරුවෙහි භෝජරාජ විසින් දක්වා ඇත ..”’සිංහලය ”” මුතු කෙත බව නවරත්න පරීක්ෂා වෙහි දක්වා ඇත .
පාලියෙන් සීහල වශයෙන්ද සකුවෙන්සින්හලාහ්සහ සින්හලාන් යනුවෙන්ද දෙමල ගත කරුවෝඊලවර්නමින්ද සිංහල ජනයා හැඳින් වුහ .පාලියෙන් සීහලදීප ,,සකුවෙන් සිංහලද්වීප හා දෙමලෙන් ඊලාම් නමින් මේ දේශය හඳුන්වා ඇත .රාජ රාජ නම් චෝල රජුගේ ලිපිවල අපේරට ”’ඊල මණ්ඩලම්නමින් දැක්වේ . ”පත්තුප්පාට්ටුනම් දෙමල කවි පොතේද ඊලාම් යන්න ”’ඊලත්තුලවුම් කාලත්තාක්කවුම්ලෙස යෙදී ඇත .”””සින්ගලම් එන්රදු ඊලනාට්ටේ ඇන්ඩෝ එන්රදු සිගලම් චෝල්යනුවෙන් පවනන්දී පිරිවැජි ගේනන්නුල්නම් දෙමල වියරණයෙහි කියන්නේ ””සිංහලය නම් ඊල දේශයය් ”’ යනුවෙනි ..සින්ගලර් නමින් දදෙමලෙන් සිංහල ජනතාව හඳුන් වන බවකලින්ගත්තුප්පරනිනම් දෙමල කාව්යයෙහි ”’සින්ගලර් වන්කලර් ”’ යන්නෙන් හා රාජ රාජ චෝලගේ ”’මුරට්ටෝලීල් සින්ගලර් ඊල මන්ඩ ලමුම්”’ යන පාඨ වලින් පෙනේ. වීරසොලියම් ව්යාකරණයේ බුද්ධ මිත් හෙවත්පුත්ත මිත්තර්විසින් ”’සින්ගලවන් පෙසුවදු සින්ගලම් ”’යනුවෙන් පවසා ඇත්තේ ”’සිංහලයා දොඩන බස සිංහල නම් වේ ”’ යනුවෙන්ය .
තව පසුවට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress