ගල්අඟුරු වංචාව බලහත්කාරී මංකොල්ලයක් බවට පත්වෙයි -MV JOSCO YONGZHOU ‘ගල් අළු නැව’ ගොඩබෑම ආරම්භ කරයි!
Posted on May 29th, 2026
නීතිඥ අතුල ද සිල්වා (07777 69787) නීතිඥ පියල් දර්ශන ගුරුගේ (07186 47910 (මාධ්‍ය විමසීම්) ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
නොරොච්චෝල බලාගාරය වෙත රැගෙන ආ MV JOSCO YONGZHOU ‘ගල් අළු නැව’ හි ගොඩබෑම් කටයුතු පෙ.ව. 9 ට නැවට ඇතුළු වූ කණ්ඩායම් හතරක් විසින් පෙ.ව. 10.30 ට ආරම්භ කර ඇත.
ගල් අඟුරු මෙ.ටො. 59766.000 ක් සහිත නැවත මැයි 28 ඊයේ දහවල් 11.30 ට පමණ පුත්තල නැංගුරම් පොලට පැමිණි අතර, සවස 3.30 ට බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය. විනාඩි 30 ක් තුල එනම් 2026 මැයි 28 දින සවස 4 ට පමණ ගොඩබෑමේ අනුමැතිය ලබා දෙන ලදී.
‘සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප’ කළ යුතු මට්ටමේ ගල් අළු නැවක් බව, 2026 අප්‍රේල් 30 දින 10.09 ට Bureau Veritas Solutions South Africa (Pvt) Ltd වෙතින් ලංකා ගල්අඟුරු සමාගම වෙත යොමු කළ පැටවුම් වරාය වාර්තාවේ (Lord Port Report) දත්ත අනුව තහවුරු වේ.
ගල් අඟුරු මෙ.ටො. 59766.000 ක් සහිත නැවත මැයි 28 ඊයේ දහවල් 11.30 ට පමණ පුත්තල නැංගුරම් පොලට පැමිණි අතර, සවස 3.30 ට බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය. විනාඩි 30 ක් තුල එනම් සවස 4 ට පමණ ගොඩබෑමේ අනුමැතිය ලබා දෙන ලදී.
මේ වන විට ගොඩබාමින් ඇති ගල් අඟුරුවල අළු ප්‍රතිශතය ඒකක 16.8 කි. ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස (LCC Reject Values for Coal) අගය දැක්වෙන්නේ ඒකක 16 ක් ලෙසය. ඒ අනුව, මෙම ගල් අඟුරු නැව දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ හැකියාවක් ලංකා රජයට (ගල් අඟුරු සමාගමට) නැත.
පැටවුම් වරායේ වාර්තාව අනුව ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ‘ප්‍රමිතියෙන් බාල’ පළමු හා එකම ගල්අඟුරු නැව මෙයයි.
මෙම කරුණ අනාවරණය කළ ‘ෆ්‍රී ලොයර්ස් සංවිධානය ඉල්ලා සිටියේ තොගය ගොඩබෑමට පෙර, ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය, තාක්ෂණික කමිටු මගින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසයි.
මෑතක දී, ‘සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කළ යුතු බාල ප්‍රමිතියේ’ නැවක් රට තුලට ගොඩබානු ලබන පළමු අවස්ථාව Taranjot Resource (pvt) Ltd සැපයුම් කරන මෙම අළු නැවයි.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරනු ලබන්නේ මේ ගල්අඟුරු තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට කිසිදු නෛතික හැකියාවක් නොමැති බව සහ තත්වයෙන් බාල නිෂ්පාදන සඳහා ඉහළ පිරිවැයක් ගෙවීම 2023 අංක 9 දරණ දුෂණ විරෝධි පනත යටතේ විමර්ශන සිදු කර චෝදනා ගොණු කළ යුතු අපරාධයක් බවයි.
තව ද, මේ සඳහා ගෙවීම් සිදු කරන්නේ නම් එය රජයේ මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි සියල්ල උල්ලංඝණය කිරීමකි.
නීතිඥ අතුල ද සිල්වා 07777 69787
නීතිඥ පියල් දර්ශන ගුරුගේ 07186 47910 (මාධ්‍ය විමසීම්)
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය