විනාසයෙන් බේරීමට සිංහෙලයා කලයුතු දෑ!
Posted on October 3rd, 2016

අනුර සෙනෙවිරත්න

1)     විනාසකාරී මමත්වය කසලගොඩට දැමීම, මම මායාවකි. අපේකම බලවත්ය, සියලු පැවැත්මට ජාතික සුහාදරය මූලිකවේ. 

2)      ඉරිසියාව විසමයකි අමිනිසත්කමට මගය, අන් අයට සුබපැතීම අප සියල්ලටම සුබදායකය. 

3)      තව සිංහෙලයෙක් සමග තරඟකර ලකුනුදාගැනීම නවතා තමාගේ හැකියාවන් ලෝකයාටම සේවය කලහැකි තත්වයට උසස්කරගමු.

4)      කතාව අඩුකර ඇහීමේ කුසලතාවය වැඩිකිරීම.

5)       ඕපදූප, විදේසිකයන් ලියූ දෑ, අන් අය ලියූ දෑ, පිලිගත් ඉතිහාසය වහා පිලිනොගෙන නොවැසූ මනසින් ඇත්ත ඇතිහැටියේ සෙවිම.  

6)     යම් කෙනෙක් යම් විදියකින් තමා ඇමතුවොත් පමානොවී පිලිතුරු දීම. 

7)     නියම පොහොසත්කම හිත හදවත පොහොසත් කිරීම මේ සඳහා මුදලට ගිජු නොවී හිත නැගුමට යොමුවීමෙන් සියලු සතුට ළඟාවේ.

8)      දැනුම උගත්කම අද බොහෝමයක්ම නිතර වෙනස්වෙන පුවත් පුරවාගැනීම මිස නැනවත්කම හා විද්වත්කමට අහලකින්වත් නැත.

9)     හිත නිතර අපව රවටමින් කට්ටි පනියි හිත පාලනය කරගැනීම ඇත්ත දියුණුවට හා පිලිවෙලට හිතීමේ හා වැඩ කිරීමේ මගය.

10)  තමා තවෙකෙකුට වඩා උසස්ය කියා හිතීම හා පහත්ය කියා හිතීමෙන්ද මගහැරීම.

11)  කුනු රටකරුවන් විසින් අපේ ඔලුහේදීම නිසා ජාතික සුහාදරයෙන් ඈත්වූ අප අද සිට සිංහෙල ජාතික සුහාදරය වපුරමු. 

12)  බටහිරුවාගේ හා අල්ලපු පර ඉන්දියානුවන්ගේ  දෑ අනුකරනයට තවත් වහල්නොවී අප තුල ඇති අසීමිත සව්සවියේ බලමහිමයට ඈඳී අපේ ඉතා ආදීන මනු රාවන දස්කම් ගෙන හැර පෑ අපේ ලෝකය ගොඩ නගා අසරන ලෝකයාටත් සහනයක් දෙමු.  

13)  සිංහෙලයා තම තමන් අතර අවිස්වාසය ඉවතලා හැම කෙනෙකුට හැකි පමනින් වචනයකින් හෝ නිතර ඇප උපකාර කිරීමෙන් ඒවා නැවත අප අපටම හොඳ පලදේ.

14)  අලුත් හොඳ දෙයක පටන්ගැනුම එක්කෙනුකුගෙන්ය ඉන්පසු එය ලැවුගින්නක් සේ පැතිරේ. මේ  කියවන හැම සිංහෙලයෙක් අද සිට හමුවන හැම තව සිංහෙල අයෙකුට පිරිසුදු හිතින් සුභ පතා තමාගේ ජාතික සොම්නස රටදැය සුරැකීමේ සතුට වෙනුවෙන් දැක්වීම පුදුමයට හේතුවේ.

15)   ඕනෑම වැඩක් කිරීම උතුම්ය වැඩක් නොකිරීම පහත්ය. ඕනෑම වැඩක් කරන අයට ගරුත්වය දිය  යුතුය. ඕනෑම වැඩක් කරන අය එය වැටුප සඳහාම නොකර එය තමන්ගෙන් ලෝකයටම සිදුවන සේවය බව හිතා ඉතා හොඳින් කරමු.

16)   තමා කොයි මොහොතේ මැරෙන්න හැකිබව සලකා හොඳ කරමින් සරල ජීවිතයක් ගතකරමු.

17)   හැකි පමන සොබාදහමට එකඟව කෑම බීම, පරිහරනය, කිරියාවන්, පැවැත්ම ගෙනයෑම හිතට කයට සුවදායකය.

18)  පැනයක් අහනවිට කතාවක් නොකර මොහොතක් පැනය ගැන හිතා කෙටියෙන් පැනය අසමු.

19)  යම්කිසි දෙයක් ගැන කතාකරනවිට හෝ ලියනවිට එම මාතෘකාවෙන් පිට  නොපැනීම. 

20)  කෙනෙක් හමුවන්ට වෙලාවක් පොරොන්දුවූවිට වෙලාවට හෝ මදක් කලින් යන්ට.

21)  සියල්ල  මිනිසුන් උවද ජාතිය සොබාවෙන් ලැබූ දායාදයක් එය තමා කවුද කියා හඳුන්වයි. එමනිසා තම දෙස රැස බසට ආදරෙන් ගරුත්වය දක්වමු අද අපට එය නොමැති නිසා හතුරන් අපට තර්ජනය කරති.

22)  පරදෙසින් ආ පක්ස දේසපාලනය අප කුනු පක්සවලට බෙදා භේද බින්නකර අප බලය සුන්කර ඇත. දැන්වත් අප සිංහෙල ජාතික  රටේ තිබියයුතු සිංහෙල රජය බිහිකරමු. 

23)  බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ලෝකය පාලනය කිරීමට යොදාගත් කුමන්ත්‍රනයක් අප ඒ ගැන විමසිල්ලෙන් සිටිමු.

24)  අප අපේ ජාතික මව් රටේ අසරණවී සිටින අතර පදිංචිකාර ජනවරිගයන් කුනු රටකරුවන්ගේ වැඩි සැලකීමෙන් හා සිංහෙලයන් අතරමං කිරීම නිසා සිංහෙල රටට තර්ජනය කරති. පදින්චිකාර වතු කම්කරුවන්ද වියලි කලාපයේ අපේ ඇත්තන්ට වඩා හොඳින් ජීවත්වේ. අප දැන් අපේ දියුණුව සඳහා පමනක් ගතයුතු කාලයයි.  

25)  ලොව අන් ජාතීන් මෙන් අප අපේ ජාතික මව් රට පන මෙන් රැකගෙන ආදරය කරමින් පොලොවේ වටිනාකම අසීමිතබව තේරුම්ගැනීම.

26)  සිංහෙල රට දෙවෙනි තමිල් නාඩුව කරන්ට තැත්කල ආක්රමන ත්රස්තවාදයෙන් අප රැකගත් තුන් හමුදා, සිවිල් බලකාය හා පොලිසියට අප සදා නයගැතිය, අප ඔවුන්ට  නිතර ගරුත්වයෙන් සැලකිය යුතුය. 

27)  පදින්චිකාර ජනවරිගයන්ට කිසිම රටක විජාතික අයිතිවාසිකම් දී රටතුල ආක්රමනයට මග පාදා නැත. මේ අපරාදය අප රට තුල පමනක් තවමත් කරගෙන යෑමට ඉඩදීම ගැන සියල්ලෝම  තද කල්පනාව යොමුකිරීම.

28)   සිංහෙල රටේ කුනු රටකරුවන් අතරින් කුනු මෙන් දරුණුම කල්ලිය අද රට ඩැහැගෙන සිටිති. බටලන්දෙ අමානුසික ගාතන, සුවිසේස හමුදා බලකා ගාතන සහ පාතාලයින් ලවා  කල ගාතනවලට මුන්ට වහා දඬුවම් කිරීම. 

29)   වැරදිවලින් මිදීමට ලැජ්ජා බය බෝකරගැනීමෙන් යහපත් සාරවත් ජීවිතයකට පිවිසේ.

30)  උතුම් මිනිසෙකුගේ අපූරු නිදසුනක්, නිහතමානි, සරල, අපේකමට අසීමිත සේවයක් කර ප්රන්ස ඇමරිකන් ආක්රමන අපරාදකරුවන්ගෙන් රට රැක දුන් වියට්නාම් ජෙනෙරල් න්ගුයන් ගියැප්. ඔහුගේ සේවය අවසානයේ මට තුති පැසසුම් එපා, මට නිදහසේ ගමේ ගෙදර ඉතිරි කාලය ගතකරන්ට ඉඩදෙන්ට, වසර 104 ජීවත්විය.

31)  අන් සතුන් මරා මලකුනු කෑමෙන් වැළකීම. මිනිස් සතා මස් කන සතෙකු නොව. මස් කන සතුන් කටින් නියෙන් සතා මරා අමුවේ කෑවත් මිනිසාට එය බැරිය. මස් මිනිසාට විසය. අප මරා අපේ මස් කනවාට අප කැමතිද?

32)  මත්පැන් කුඩු වරිග කය තුලට දැමීමෙන් තම හිත කය බල හීනකර රෝගී අකල් මරණයට මගය. හිත කයේ සතුට සඳහා හිත කය වඩාගැනීමේ වියායාම් කිරීමෙන් මත්පැන් කුඩුවලට වඩා දීගකාලීන සතුට ගෙනදේ.

33)  පලමුව හෙල තුනුරුවන් දෙස රැස බස සරන යමු, දෙවෙනුව තෙරුවන් සරන යමු. මන්ද? දෙස, රැස, බස නැතුව තෙරුවන් කෙසේද?  

34)  අනුන්ගේ දොස් හොයන්ට පෙර තමන්තුල දොස් හොයා නිදොස් කරගැනීමෙන් තමන්ට යහපතක් වේ.

35)  සිංහෙල රට පදින්චිකාර ජනවරිගයන්ට පාවාදීමට පාලනය ඩැහැගෙන ඉන්න අසින්හෙල කල්ලිය යුහුසුලුවේ. අප කලබොලවී කැරලි කෝලාහල කලොත් අපව සමූලගාතනය කිරීමට පවා ඉව අල්ලන අද රටකරුවන් නිසා ඉතාම පරිස්සමින් නීතියානුකූලව හැසිරීම.

36)  බටහිරුවාගේ යන්ත්‍ර සූත්තර හා සෙල්ලම් ලෝකයාට දීමෙන් අප ඒවාට ඇබ්බැහිකර අපව වහලුන් කරගෙන යයි. ඒවාට ඇබ්බැහි නොවී අඩුවෙන් පරිහරණය කර හිත පොහොසත්කරන වියායාමයන්හි යෙදී අපට අසීමිත සතුට ජීවිතයට ලබාගත හැක. 

37)  තම ගෙවත්තේ අඩි ගනනක් වුනත් බිමක් ඇත්නම් පලා එළවළු වවාගෙන දිනපතා වියදම් අඩුකර ගැනීම.

38)  ලොව හැම ජාතියකට සොබාවෙන් උරුමවූ රටක් ඇත. සිංහෙල අපට ඇත්තේ කුඩා හෙල දූපත. ඉපැරණි අතීතයේ සිට අදවනතුරු අප රට බිම්හොරුන් හා ත්‍රස්තවාදීන් නිසා නියම දියුණුව හා සතුට විඳීමට ඉඩ නොදේ. අපේ පලමු අම්මා හෙලබිම් අම්මා, ඇගේ සුරැකීම හා නිදහස සඳහා සිංහෙල ජාතික සෛරීත්වයට යුක්තිය ලබාගමු.

3 Responses to “විනාසයෙන් බේරීමට සිංහෙලයා කලයුතු දෑ!”

  1. Christie Says:

    සින්හලයන් ඉන්දියානු ජඩවාදය හඳුනාගෙන එකතුවී ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගීසිටිය යුතුය.

    Sinhalese should understand the Indian hegemony, unite and rise up againsts the Indian Empire and Indian colonial parasites.

  2. S.Gonsal Says:

    Ecellent advice. However difficult to follow strictly , yet worth giving a try.
    We should only support politicinas who follow 1-37 to their maximum ability ( no one could manage 100%, 50% is OK). At the moment there is NONE I know.

  3. plumblossom Says:

    The writer has asked for further historical facts and figures. Apart from many Buddhist ruins, the writer has missed a very important part of the Sinhala Buddhist civilization which is the extensive hydraulic system that still prevails in the dry zone of Sri Lanka. The Sinhala kings built over 15,000 large, medium and small scale irrigation reservoirs in Rajarata and Ruhuna encompassing today’s, North Central, North, Eastern, North Western provinces. For example Yodha Wewa Reservoir in today’s Mannar in the North was built by the Sinhala King Dhathusena or Mahasen. The Pavatkulam Reservoir in Vavuniya in the North was built by the Sinhala King Dhathusena or Mahasen. The Kanthale Reservoir in the East was built by Sinhala King Agbo II. All of the irrigation reservoirs present in the North Central, North, North Western and East were built by Sinhala Kings. In fact, to get the water to flow out of the reservoirs in a smooth manner, the Sinhala Engineers invented the biso kotuwa a type of water outlet out falling from the reservoir where water pressure can be managed so as not to damage the tank bund. Another invention of the Sinhala irrigation Engineer is the anicut where a river’s water was diverted using a dam type structure built across the river partially blocking the river flow and diverting the water into open channel canals.

    The amazing and extensive irrigation system in Sri Lanka’s dry zone encompassing today’s North Central, North, East and North Western Provinces encompassing over 15,000 large, medium and small scale reservoirs, open channel canals etc. was built by the Sinhala Kings. Therefore there is no doubt whatsoever that there was a Sinhala Buddhist civilization encompassing today’s North Central, North, East and North Western Provinces, even just by considering this extensive irrigation reservoir system. R.L. Brohier, H.C.P. Bell, D.LO. Mendis, many archaeologists, irrigation engineers, surveyors have written many books and research papers on this subject.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress