කඩෙන් ගෙනාවා නොවෙය් දුවේ ඔය උදම්අනන රූ සපුව ඔබේ
Posted on October 5th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

පුංචි මිනිබිරියෙ ඔබ කිරිකැටියෙකි මියයනවිට ඔබේකිරි අම්මා
එහාලෝකයේ සිට ඔබඅමතන ලෙස මටකිව්වා ඔබේ අම්මාch
බුදුදම අනුගත හෙළ හැදියාවෙන් බිහිවූ මේ ඔබේකිරි අම්මා
මරණය සීමාවක් කරනොගනී සියයුතුකම්කරනට නිම්මා

මේ මහගෙදරදී මම මගෙ ලස්සන සවිබල ආයුස එකට බහා
කිරිකර දුන්නේ ඔබේඅම්මාටය් පන්සාලිස් වසරකට එහා
එදාමගෙන්ලත් දායාදය ඇය මින්විසිපස්වසරකට එහා
ඔබ වෙත නැවතත් කිරිකර දුන්නා බලන් ඔබේරූ සපුව දිහා

ඉස්සර ලස්සන මව ඇගෙ ලස්සන ඔබවෙත දී විය අවලස්ස
කිරිකර යහගුණ හා සවි බල නැණ මව දුන් හින්දය් දුව අද ලස්ස
සරිකරනට මග ඔබ සඳහා මව පිරිකර සපයා විය අවලස්ස
සිහිකර මව්ගුණ දුරුකර අවගුණ සුදුදුව වේවා අපගේසිතුමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress