දකුණු ඉන්දීය කම්ක රූ පිළිලය 4
Posted on October 10th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

1847 වනතුරුත් දකුණුඉන්දීය කම්කරුවන් ලංකාවට ගෙන එම නීති ගතවීනොතිබුනත් 1837 සිටම එය සංවිධානාත්මකව සිදුවිය . ලංකාවට දකුණුඉන්දීයශ්රමිකයන් ගෙන එම 1839 දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලදී. එමතහනම ඉවත් කලේ 1847 දීය . කෝපි වගා සමයේ ඉන්දියානුවෝ දෙරට අතර සංක්රමණය වුහ. ලංකාවේ කෝපි කඩන සමය දකුණු ඉනියාවේ වී ගොවිතැන් නොකරන සමයය් මේ කාලයේදී ඔවුන්ගේ පැමිණීම වැඩිවිය. මොවුන්මෙහිපැමිණියේ මුදල් උපයාගෙන ආපසු යාමටය .තේ වගාවත් සමගම සංක්රමණික ස්වරුපය වෙනස් විය.තේ සඳහාස්ථිර කම්කරු ශ්රමය අවශ් විය. අඩුපඩියට වැඩ ගත හැකිහෙයින් ගැහැනුන් හාළමුන්ට මෙකල ඉල්ලුමක් විය. ගැහැණුන්ගේ පැමිණීම පසුව මොවුන්ගේ ස්ථාවරබවටදහේතු විය .මේජර් ස්කිනර් තම පොතේ 130 පියුවේ මෙසේ කියය්.”’ ති දමන අඩ බඩ ගින්නේ පසුවන ප්රාණීන් 20,000 දකුණු ඉන්දියාවේ දැවෙන වැලි කතරින් ගෙනවිත් මෙවැනි දෙව් ලොවකට ඇතුළු කිරීමෙන් මනුශ්ශත්වයට කෙරෙන සේවය……”””. ස්කිනර් එදාමෙසේකම්කරුවන් ගෙනඒමේ කාර්යයේ යෙදීසිටියෙකි . මෙසේගෙනඑනලදකම්කරුවන්ගෙන් හතරෙන් එකක්පමණ මියැදුනත් තත්වය නොසලකා තව තවත් ඉන්දියානු වෝමෙහි පැමිණියහ..
ඉංග්රීසින්තම වාසිය තකා විදේශිකයන් ගෙන්වා මෙහි පදිංචි කළහ රටේසංවර්ධනයටඔවුන්අවශ්යබවඉංග්රීසීහු කීහඉංග්රීසින් සංවර්ධනය නමින් හැඳින්වුයේ තේ වගාවය. මේ ”’සංවර්ධනය ”’ සඳහා උඩරට කැලෑ එලිකිරීමෙන් ලංකාවේ මුළුදේශගුණයම විපර්යාසයට පත්විය ප්රමාණවත් වැසි නැතිවිය. පස සෝදාපාලුවට් හසු විය . උඩරටියන්ට තම පාරිසරික ගම බිම් අහිමි විය . බලවත්ම ඛේදවාචකය වුයේ ලංකාව බිහිකර පෝෂණයකල සිංහලයන්ගේ බලය , අයිතිය අහෝසිවී මෙසේ සිංහලේ විනාශයට පාර කැපූ අය සිංහලයන්පාලනය කරන තත්වයට වර්ධනය වීමය. අද වනවිට තොන්ඩමන් සාධකය ද්ශපාලන පිළිලයක් බවට පත්වී ඇත.උඩරටියන්ගේ පාරම්පරික ඉඩම් වසර 150 කට මෙපිට විදේශිකයන්ට අයිති වීම කෙතරම් ශෝචනීය කරුණක්
1953
සංඛ්යා ලේඛනඅනුව ඉන්දියානු ශ්රමිකයෝ9,90 000කි.
ඉන්800,000ක් වතුකම්කරුවන්ය මෙයින්50% ක්ම උඩරට පළාත් වලට අයත්ය. මේපිරිස උඩරට ජන ගහනයෙන් 20% පමණවෙ. උඩරටසිංහලයන් හාමේකුලීකරුවන් අතර කිට්ටුසම්බන්ධ තාවක් ඇති නොවීය මීට පෙර කාලවල පැමිණි ශිල්පීය කුලවල දකුණුඉන්දියානුවෝ ටිකකලකින්ම සිංහලයන්ට අවශෝෂණය වී එකම ජාතියක්බවට පත්වුයේ ඔවුන්නිසා භුමිපුත්රයන්ගේ උරුමයට හානි නොවූ හෙයිනි එහෙත්මේ වතුකම්කරුවන්පැමිණියේ මුළු රටේම ආර්ථිකය සමාජ ක්රමය වෙනස් කරමින් භුමි පුත්රයන්ගෙන් ඉංග්රීසින් උදුරාගත් භුමිය ඉංග්රීසින්ට වගාකරදීමටය අනෙක් කරුණ වුයේ අතීතයේදීපැමිණි ශිල්පීන්මෙන් නොව මෙම කම්කරුවන් සිංහල අධ්යාත්මයේ වර්ධනය සන්දහා කිසිදු පිටුවහලක් ලබාගත නොහැකි බුද්ධි හීන පහත චර්යාධර්ම ඇති පිරිසක් වීමය් මොවුන්ගේ කන්කානියෝ තමන් රැස්කල මුදල් යොදවා ගම්මුන් සමග සබඳකම් පවත් වන්නටවුහ දුප්පත් ගමවැසියන්ගේ ඉඩම් ඔවුන් අතට පත්විය .
එපමණක් නොව මහජාතියේ අනාගත පරිහානිය සනිටුහන් කරමින් මේ මුල් කාලයේදීම සමහරපලාත්වල සිංහලයන් වතු දෙමල බවට පරිවර්තනය වීමේ ලක්ෂණද පෙන්නුම් කළේය. . ඉන්දීයශ්රමිකයන් විශාල වශයෙන්සිටි වතුප්රදේශවල සිංහලයන් ඔවුන්ගේ ආධිපත්යයට යටවී සිංහල අනන්යතාවද අහෝසිවී ගියහැටි එක වතු හිමියෙකුගේ ප්රකාශයක් උපුටාදක්වමින් එරීක් මේයර් මෙසේපැහැදිලිකරය්.””මටහිටියා සිංහලයන් තිස් දෙනෙක් දෙමළුන් ලෙස තමන් හඳුන් වා ගත් . ඔවුන්ට තිබුනේ දෙමල නම්. සේරම දෙමල කතා කළා. එත්මේ අය ඔවුනොවුන් අතර කතාකලේ දෙ මලෙන් නොවෙය්
””
මතු සම්බන්ධය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress