නිල ඇදුම් ඇති  ‘පාතාල පොලීසි‘ යුගය අවසන් කළ යුතුයි.
Posted on October 10th, 2016

Rajith Keerthi Tennakoon

 අතුරුගිරිය, නිට්ටඹුව, ගණේමුල්ල, හබරාදුව පොලීසිවල මෑත කාලයේ සිදු වූ නිල අපරාධ සදහා වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විධිමත් විමර්ශන තුලින් ‘පාතල පොලිස්‘ යුගය අවසන් කළ යුතුව ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

අතුරුගිරිය පොලීසිය විසින් පාතල අපරාධකරුවෙකු බවට හංවඩු ගසන ලැබූ තරුණයා ගේ මව සහ නිට්ටඹුව පොලීසිය විසින් සොහොනකට රැගෙන ගොස් පහර දෙනු ලැබූ තරුණය ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් අද මරදානේ පැවැති පුවත්සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා ඒ බව පැවසීය.

අද විවෘත සමාජයක් තිබෙනවා. නමුත් පොලීසියේ පහළම නිළධාරීන් නිල ඇදුමින් ගිහින් මානව හිමිකම් උල්ලංඝණ්‍ය කරනවා.  දැන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය ඒ පිළිබදව යොමුවී තිබෙනවා.  ඒ නිසා තමයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියන්නේ ‘නිල ඇදුම් මැරයින්‘ ගැන.  අද පොලීසියට පුළුල් ප්‍රතිසංස්කර අවශ්‍යයි.  අහිංසකයින්ට බෝම්බ දමා අත් අඩංගුව ගන්නා, පොලීසියට රටක නීතිය රකින්න බෑ.

නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පැවැසූවේ ‘වරෙන්තු නැති, පැමිණිලි නැති, චෝදනා නැති, මිනිසුන් අපරාධකරුවන් බවට පත් කරන්නේ අතුරුගිරිය පොලීසියේ දුණුසිංහ කියන නිලධාරියායි.  ඔහුගේ වත්කම් පිළිබද විමර්ශනයක් කලොත් මේ පුද්ගලයා අහිංසකයින් පීඩාවට පත් කොට උපයාගන්නා ධනය පිළිබද හැගිමක් ලබා ගන්නට පුලුවන්.  පැමිණිල්ලක් ආපුවාම දෙපැත්තෙමන්ම සල්ලි ගන්නවා.  අතුරුගිරිය පොලීසිය අහිංසකයින් දෙදෙනෙකුට බෝම්බ දමා නිරපරාදේ නඩු දමා තියෙනවා.  එයින් එක් අයෙක් අද මානසික රෝගියෙක් වෙලා යැයි ද පැවසීය.

 මෙම අවස්ථාවට අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අර්ජුන් ගමගේ ගේ මව සහ නිට්ටඹුව පොලීසියේ පහරකෑමට ලක් වූ තරුණායා ද එක් ව සිටියේය.

 

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress