යහපාලනයට කඩේ ගොස් බොරු වාර්තා සැපයූ වැලිඅමුණගේ පටි රෝල්..
Posted on October 10th, 2016

ලංකා සී නිවුස්

නව රජය බලයට පත්වීමත් සමඟම නීතිඥ J C වැලිඅමුණ ඔහු කරන ලද සේවාව අගය කිරීමක් ලෙස ඔහුන් විසින්ම රාජපක්ෂ පාලන සමයේ අති දූෂිත යයි පැවසු ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කොට වාර්තාවක් රජය වෙත ඉදිරිපත් කරන ලෙස එවකට පත්වූ ගුවන් සේවා හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග විසින් පැවරීය.

එසේම කඩිමුඩියේ වැලිඅමුණ විසින් මේ වාර්තාව පිලියෙල කොට භාරදුන් අතර මෙම වාර්තාව පදනම් කරගෙන දිගට හරහට මහින්ද රාජපක්ෂට හා පවුලේ උදවියට පහරදීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු ක්‍රියාත්මක වූ අතර ඒ දවස්වල රූපවාහිනි නාලිකා, ගුවන් විදුලිය මෙන්ම පුවත්පත් කිහිපයක්ම ඔහුනගේ මුල් පුවත බවට මෙම වාර්තාවේ සඳහන් කරුණු උපුටා දක්වන ලදි.

එහෙත් මේ වන විට වර්තමාන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් විසින් වැලිඅමුණ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කොට ඇති අතර එහි අන්තර්ගතය කිසිම වැදගත් කරුණු හෝ සත්‍ය පදනම් වී නොමැති බව සඳහන් කරයි,

යහපාලනයට කඩේ ගොස් බොරු වාර්තා සැපයූ වැලිඅමුණගේ පටි රෝල්..

ඉහත කරුණු අනාවරනය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවාවේ වර්තමාන අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් නීතිඥ JC වැලිඅමුණ විසින් සති 6 ක් තුල පිලියෙල කොට ලබාදුන් වාර්තාව විමර්ශනය කොට එහි සඳහන් පරිදි රාජපක්ෂ සමයේ ශ්‍රීලංකන් ගුවන් සේවය තුල මූල්‍ය අක්‍රමිකතා සිදු වි ඇද්දයි සොයා බලා වාර්තාවක් සභාපති වෙත යොමු කිරිමටයි. ඒ අනුව මෙම අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුව සනාථ කොට ඇත්තේ එවෙනි මුදල් අක්‍රමිකතාවයක් එම වකවානුව තුල සිදු වී නොමැති බවයි.

අජිත් ඩයස් පවසා ඇත්තේ වැලිඅමුණ වාර්තාවේ සඳහන් ආකාරයේ එවකට හිටපු සභාපති නිෂාන්ත වික්‍රමසිංහ, හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ඇතුළු ශ්‍රීලංකන් ගුවන් සේවයේ 13 දෙනෙකු සම්බන්ධයෙන් මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා කොට ඇතත් කොහෙත්ම එවැනි මුදල් අවභාවිතයක් ශ්‍රීලංකා ගුවන් සේවය තුල එම වකවානුවේදී සිදුවී නොමැති බව ඔහු සඳහන් කරයි,

තවද වැලිඅමුණ වාර්තාවේ ඉතා දරුණු ලෙස චෝදනා කොට ඇති හිටපු රුසියානු ශ්‍රීලංකා තනාපති උදයoග වීරතුoග විසින් ශ්‍රීලංකා ගුවන් සේවාවේ ඒජන්තවරයෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් බලපෑම් කොට ඇතයි කියන කාරණාවද නිවැරැදි කොට ඔහු නිදොස් කොට ඇත.

මෙම වැලිඅමුණ වාර්තාව පිලියල කිරීමේදි ඔහු ඇතුළු කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රීලංකා ගුවන් සේවයෙන් රුපියල් ලක්ෂ 35 අය කර ඇති බවත්, මෙසා මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් වැලි අමුණ විසින් අවශ්‍ය නිශ්චිත වියදම් විස්තර ඇමුණුම ලබාදීමටද අපොහොසත් වී ඇත,

මෙම පුවත සම්බන්ධයෙන් විශ්‍රාමලත් විනිශ්චයකාරවරයකු පවසා ඇත්තේ ආණ්ඩුව සතු අපරාධ විමර්ශන ඒකකයක් තිබියදි මෙන්ම රටේ නීතිපති දෙපාර්තමේන්තුවක් මෙන්ම රජයේ නීතිඥවරුන් සිටියදි යහපාලන රජය ගෙන ඒමට උදව්කරුවෙකු ලෙස ක්‍රියා කල JC වැලිඅමුණ වැන්නකු අමාත්‍යවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි කිසිම පලක් නැති අසත්‍ය වාර්තා මේ අයුරින් පිලියෙල කිරීමට මෙසේ පත්කිරිම වැරදි බවත් වැලිඅමුණ වැන්නන් යහපාලනය සහ විනිවිදභාවය ගැන කතාකරමින් කිසිම ලැජ්ජාවක් තොරව රටේ මහජනතාවගේ මුදල් මෙසේ ලබාගැනිම ඉතාම අප්‍රසන්න බවත්, ඒ වෙනුවෙන් අවසානයේ මහජනයාගේ මුදල් රුපියල් ලක්ෂ 35ක් මේ ආකාරයෙන් ලබා ගැනීම කොතරම් යුක්තිගරුකද යන්න සොයා බැලිය යුතු බවත්ය.

සිවිල් සoවිධාන ක්‍රියාකරුවකු මෙන්ම ගෝලීය දූෂණ විරෝධී බලවේගයේ අනුප්‍රාප්ති ආයතනයක් වු ට්‍රාන්ස්ප්‍රෙරන්ට් ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියාකරන නීතිඥ JC වැලිඅමුණ විසින් යහපාලන රජය බලයට ගෙන ඒමට විශාල කාර්යයක් කරන ලදි. එමෙන්ම ඔහු විසින් ඉතාම උපක්‍රමශීලීව පසුගිය රජය නිර්ධය ලෙස විවේචනය කරමින් එහි සිදුවූ දූෂණ හා වoචා සම්බන්ධයෙන් ජාත්‍යන්තරව දැනුවත් කල අතර දේශීයව ඔහුගේ සoවිධාන හරහා රටේ විශාල මතයක් ගොඩ නගන ලදි. එමෙන්ම පසුගිය රජය ජනතාව අතර අප්‍රසාදයට පත්කිරිම වෙහෙස වුනු සිවිල් සoවිධාන නායකයෙකි.

මූලාශ‍්‍රය මෙතනින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress