Namal files defamation case against FCID officers, නාමල් එෆ්සීඅයිඩීයේ දෙදෙනකුගෙන් මිලියන 200 ක්‌ වන්දි ඉල්ලයි
Posted on October 10th, 2016

By Chitra Weerarathne Courtesy The Island

UPFA Parliamentarian Namal Rajapaksa yesterday filed a defamation case against the OIC of the Financial Crimes Investigation Division, Premaratne and Sub Inspector, FCID, Don Shanthalal.

The plaintiff has said that these officers filed a malicious, politically biased complaint against him in the Fort Magistrate’s Court, defaming him. Damages up to Rs. 100 million have been demanded from each of the FCID officers cited as defendant in the District Court plaint.

The complaint made by the FCID is of alleged money laundering. Rajapaksa has said that his public reputation as a representative of the people has been tarnished by the defamatory complaint.

ඒ. ඡේ. ඒ. අබේනායක උපුටා ගැන්ම දිවයින

අස්‌ථාන චෝදනා නගා නිසි විමර්ශනයකින් තොරව තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට කටයුතු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක්‌ ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (10දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු දෙකක්‌ පවරනු ලැබීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඒ. කේ. ප්‍රේමරත්න හා උප පොලිස්‌ පරීක්‍ෂක විතානගේ දොන් ශාන්ත ලාල් යන මහත්වරුන් එම නඩු දෙකෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කොට තිබුණි. දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව ක්‍රිස්‌ ලංකා නමැති ඉන්දියානු සමාගමක්‌ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ලබාගත් මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් තමා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අධිකරණයට පෙන්වා දී තිබුණි.

පසුගිය ජුලි 11 වැනිදා එලෙස අධිකරණයට ඉදිරිපත් කළ තමා ජුලි 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් නියම කළ බවත් වගඋත්තරකාර මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් නිසි විමර්ශනයකින් තොරව ඉදිරිපත් කළ කරුණු නිසා අධිකරණය තමා රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කිරීමට නියෝග කොට ඇති බවට විශ්වාස කරන බවත් නාමල් රාජපක්‍ෂ මහතා සිය නඩු දෙක මගින් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්‌වා තිබුණි.

එලෙස රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්වීමට සිදුවීම නිසා තමාගේ කීර්තිනාමයට පිරිමැසිය නොහැකි අගතියක්‌ මෙන්ම තමාට බලවත් මානසික හා ශාරීරික පීඩාවට ලක්‌වීමට සිදු වූ බවත් සිය නඩු දෙක මගින් පෙන්වා දී තිබූ මන්ත්‍රීවරයා එබැවින් වගඋත්තරකාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් දෙදෙනාගෙන් එකී වන්දිය අය කරදෙන ලෙස නීතිඥ අතුල ද සිල්වා මහතා මගින් ගොනු කර තිබූ එම නඩු මගින් ඉල්ලා තිබුණි.

One Response to “Namal files defamation case against FCID officers, නාමල් එෆ්සීඅයිඩීයේ දෙදෙනකුගෙන් මිලියන 200 ක්‌ වන්දි ඉල්ලයි”

  1. Sarath W Says:

    At last Namal has shown some courage to defend himself against this crooked FCID. By keeping quite all these days, the Rajapaksas created some doubt among their supporters. Offensive action is the best defence in these situations.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress