ද්විත්ව ප්‍රමිතිය
Posted on October 12th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඇවිදිමි මා හුදකලාව
මිනිසුන් අතරින් හෙමිහිට
දකිමි මම කවියන් නන්දිකඩාල්හි
මිළින වූ ජීවිත ගැන ලියන
එහෙත් ඔවුන් ගේ පන්හිඳ
නොලියයි කැති ගෑවුණු
ලේ හලා ගිය අරණගංවිල
නිහඞවූ ජීවිත ගැන
ලියවෙයි යුද සැමරු ජයගත් රණ විරුවන්ගේ
අමතක කෙරෙයි වේදනාව මිනිසුන්ගේ යාපා පටුනේ
දමිළ කඳුළු ගැන ලියන්නෝ නිහඞය දකුනේ සිහල කඳුල ගැන
දකුනේ සිහල කඳුල ගැන ලියන්නෝ නිහඞය උතුරේ දමිළ කඳුල ගැන
යුද්දය විසින් විනාශ කල ජීවිත
පාට කණ්නාඩි වලින් දකින
සේවායෝජකයාගේ ගෙවීමට අනුව
මානුෂික කවි කතන්දර ලිපි ලියන
මානවවාදී කවියනි ලියුම්කරුවනි
බලව් තොපගේ අශෝභන නිරුවත
කැඩපත ඉදිරියට ගොස් හනික
October 12th, 2016 at 3:05 pm
Yes. This is true. Difficult for most Sinhalese to look at LTTE carders who were killed sympethetically. It could be the same with Tamils and “Sinhala Army” ( as they were taught).
Yes, we are naked but unfortunately we have to remain naked until last one holding “TAMIL EVIL” perishes. This cannot be solved with “TAMILS” and few other races in this world.
Nevertheless , in some tiny corner of the heart , every Sinhalese will would reserve some tears for them. It is the nature of Sinhala people.