ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..
Posted on October 13th, 2016

ලංකා සී නිවුස්

ඉන්දීයාව එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ 1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි.

ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..

එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”.

උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.

3 Responses to “ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..”

  1. plumblossom Says:

    India has over 400 million poor people and over 40 million people in India are unemployed. If this ETCA is signed and the Hanuman bridge is built all these desperate people in India will come in droves to Sri Lanka since the socio-economic situation of Sri Lanka is a million times better than the socio economic situation of India. I would urge the uncaring and cruel Indian government to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to these desperately poor 400 million Indians rather than spending US 5.2 billion dollars in building a Hanuman bridge to Sri Lanka. If Sri Lanka signs this ETCA with India it will be Sri Lanka’s end. Sri Lanka should not sign any such trade deals where people can come here to work freely, unless the country we are signing the ETCA with has a similar or a better socio-economic situation than Sri Lanka. I would urge the uncaring, corrupt and cruel India Government to immediately stop building space stations and nuclear weapons and use that money to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to the 400 million desperately poor people of India which is a government’s basic responsibility. Sri Lanka should stop immediately the signing of ETCA with India and urge the Indian Government to carry out the above task rather than serving the rich people of India only which the uncaring and cruel Indian Government seems to be doing.

  2. Dilrook Says:

    This proves what I wrote here just a month ago.

    “http://www.lankaweb.com/news/items/2016/09/17/role-of-hindus-in-wiping-out-buddhism-in-india-and-parts-of-sri-lanka-part-1/”

    Glad many are coming to this realisation. Hinduism is the most potent adversary of Buddhism in Sri Lanka and India. Now they openly declare war on Buddhism (calling it Buddhist colonization and conversion).

  3. S.Gonsal Says:

    “එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි.”

    In Sir Lanka all our kings is already a Hindus. Even king Ranil went to Thirupathi. MR set an excellent example of how Buddhism is of no use to kings, so should follow Hinduism. He should openly regret it and apologise to Buddhists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress