රේගු දෙපාර්තමේන්තුවට කොන්ත‍්‍රාත් පදනමෙන් නිලධාරින් බදවා ගැනීමට අනුමත කරගෙන ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය අවලංගු කරන ලෙස ඉල්ලීම.
Posted on October 19th, 2016

සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

ගරු ජනාධිපති තුමා

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ 01

මැතිතුමණි.

රේගු දෙපාර්තමේන්තුවට කොන්තරාත් පදනමෙන් නිලධාරින් බදවා ගැනීමට අනුමත කරගෙන ඇති අමාත් මණ්ඩල සංදේශය අවලංගු කරන ලෙස ඉල්ලීම. – Customs – 2016.10.19

රේගු දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නියුතු විශ‍්‍රාම යාමට ආසන්නයේ සිටින නිලධාරියෙකු ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරි නමින් තනතුරක් ඇති කර එයට කොන්ත‍්‍රාත් පදනමින් බදවා ගැනීම සදහා අංක 16/2044/719/131 දරණ අමාත්‍මණ්ඩල සංදේශය 2016.10.03 වන දින අනුමත කරවාගෙන තිබේ.

දෙපාර්තමේන්තුවට එවැනි තනතුරක අවශ්‍යතාවයක් තිබේ නම්, එය නීත්‍යානුකූලව ස්ථාප්ත කර අයදුම්පත් කැදවා සුදුස්සෙකු බදවා ගැනීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නැත. එසේ නොකර එක් පුද්ගලයින්ගේ පෞද්ගලික වුවමනාවන් මත තනතුරු ඇති කිරීමට හා දෙපාර්තමේන්තුවේ බදවා ගැනීම් පටිපාටියට පිටින් බදවා ගැනීම පිළිබදව අපගේ බලවත් විරෝධය පල කරමු.

මහින්ද රාජපක්‍මහතා ගෙන ගිය ඒකාධිපති හා අත්තනෝමතික පාලනය පෙරලා දමා පිහිටුවා ගත් ඔබතුමා ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් මෙලෙස තමන්ගේ පුද්ගලික වුවමනාවන් වෙනුවෙන් ඒවායේ වගකීමෙන් මිදීමට නොහැකි වනු ඇත.

එබැවින් මේ පිළිබදව ඔබතුමාගේ අවධානය යොමු කරවන අතර, අමාත්‍මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් ඊට මැදිහත් වී මෙම තීරණය බල රහිත කිරීමට අවශ්‍කටයුතු කරන මේන් ඉල්ලා සිටිමු.

ස්තුතියි, 

මෙයට, විශ්වාසී,

ජේ. එ. ගුණතිලක 

ලේකම්,

සමස්ත ලංකා රේගු සේවා සංගමය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress