දේශානුවිරහවෙන් ගැයෙන කවි!
Posted on October 27th, 2016

ප්‍රියශාන්ත සඳරුවන්, මහනුවර, 2016.
(විශේෂ ස්තූතිය කුමාර් මොශේ මහතා)  

පන් විසි දහස් දිවි හිමියෙන් රැකි ලංකා
නෙක කම්කටොළු විඳ ගැමි කොලු දුක් සංකා
බිඳ ජන කඳුළු මර බිය සොව සැම දුංකා
දෙසපලු රැළක් නැසුවයි ජය බිම ලංකා

පච්ච නීල රඹ දඹ ලෝහිතයි හොරු
කබ්බ සීන කර රට වුනු කලෙක සරු
පක්ස පරා රජයන උන් හිත මිතුරු
එක හොර මුලක් සුරකියි තව කම්බ හොරු

දෙමළට මරක්කලයට සුද්දට කාසී
සිහලට හොරා අසිහල හැතිකර වාසී
දහමට නිගා කර කොවිලට වට දාසී
ලිපටම තමා චන්දය සුදුසුම ලෙහෙසී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress