බැඳුම්කර වංචාවෙන් මෙරට සෑම පුද්ගලයෙකුගේ ණය බරට රු 20,000 ක් එකතු කරලා-  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන්
Posted on October 27th, 2016

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

මාමා බෑනා ගණුදෙනුව නිසා  භාණ්ඩාගාර බැඳුම්කර වංචාව මඟින් සිදුවූ පාඩුව හේතුවෙන් මෙරට සෑම පුද්ගලයෙකුගේම ණය බරට අළුතින්  රුපියල් 20000 ක් එකතු කර ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අද (27) දහවල් ජනතා බුද්ධි මණ්ඩපය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහා පෙන්වා දුන්නේ  වත්මන් කෝප්  කමිටුව තුළ අර්බුදයක් ඇති කර ඇත්තේ දූෂණ විරෝධී ජිමික් දේශපාලනය විසින් බවයි.

එපමණක් නොව ව්‍යවස්ථාදායක සභාව විසින් සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳව මැනවින් සොයා බලා පත් කළ විගණාකාධිපති වරයා විසින් සකසන ලද වාර්තාව ද ඉතිහාසයේ ප්‍රථම වතාවට  ප්‍රශ්ණ කිරීම්වලට ලක්ව ඇත්තේද එම ජිමික් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.   විගණකාධිපති වරයා  සිය අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නේ මැනවින් අපක්ෂපාතීව කරුණු සොයාබැලීමෙන් පසුව බවත්, එලෙස සැකසූ වාර්තාවද එම චෝදනාවට ලක්ව ඇති ආයතන වෙත සහ එම ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමෙන් පසුව බවත්  හෙතෙම සඳහන් කළේය. එලෙස සැකසූ වාර්තාවක් පවා ප්‍රශ්න කිරීම සඳහා කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් බලපෑම් කිරීම   දූෂණයට එරෙහි වීම පසෙක තබා දූෂිතයින් රැකීමේ උත්සාහයක් බව පෙනී යන්නේ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්ය භාරය වන්නේ රාජ්‍ය ආයතන වල සිදුවන මුල්‍යමය කටයුතු අධීක්ෂණය කිරීම වුවද පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඇතැම් කෝප් කමිටු සාමාජිකයින් පෞද්ගලික සමාගමක් වෙත ඇගිල්ල දිගු කිරීමට කටයුතු කර ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව  ක්‍රියාකර ඇති ආකාරය විමසනවාට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත චෝදනා එල්ල කිරීම විහිළු සහගත බවද හෙතෙම සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසම බැදුම්කර සිද්ධිය ගැන ඉතා හොඳින්  පරීක්ෂණ ආරම්භ කළ බවත්  එම පරීක්ෂණ පවා යට ගැසීමට  ඇතැම් නිලධාරීන් උත්සාහ කළ බවද හෙතම සඳහන් කළේය. දිල්රුක්ෂී වික්‍රමසිංහ මහත්මිය  අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත්වීම හා බැඳුම්කර වංචාව හා සම්බන්ධ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ  දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට සිය  හෘද සාක්ෂීයට අනුව එම තනතුර දැරිය නොහැකි  තත්වයක් උදා වූ බවද  ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

බැඳුම් කර වංචාවට පමණක්  දෙවෙනි ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක නෑ.  ඒ වංචාවට සම්බන්ධ නිලධාරින් සතුව ඔස්ට්‍රේලියාවේ ඉඩම් මිලදී ගැනීම් පිළිබදවත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ වනවිට මේ ගල් අඟුරු වංචාවට එරෙහි වීම නිසා  ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති වරයා ඉවත්කිරීමේ කුමන්ත්‍රණයක් මේ වංචාකාරී නිලධාරිවාදය විසින් සිදුකරමින් ඉන්නවා. මොකද ලංකා ගල් අඟුරු සමාගමේ වත්මන් සභාපති වරයා මෙම වංචා සහගත ක්‍රියාවලිය සිය විරෝධය ප්‍රකාශ කරලා තියෙනාව මේ නිසා ඔහුව ඉවත් කරමින් තමන්ගේ වංචාව  කරගන යන්න උදව් කරනවා.

නීතිඥ ක්‍රිෂ්මාල්  වර්ණසූරිය, අසාත් සාලි , යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය                                                                    2016 ඔක්තෝබර් මස 27 වැනිදා 

2 Responses to “බැඳුම්කර වංචාවෙන් මෙරට සෑම පුද්ගලයෙකුගේ ණය බරට රු 20,000 ක් එකතු කරලා-  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන්”

  1. Christie Says:

    “මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව  ක්‍රියාකර ඇති ආකාරය විමසනවාට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත චෝදනා එල්ල කිරීම විහිළු සහගත බවද හෙතෙම සඳහන් කළේය.”

    හොරුන්ට කත් අදින මුනුත් ඉන්දියානු හා ඉන්දියානු පරපෝසිත මුදලින් යැපෙන උන්.

    If this happened in other capitalist country it will be the perpetual trustees who will have been liquidated by this time. These people are living off Indian money.

  2. Ratanapala Says:

    Where is their Yaha Palanaya now? These idiots cried Hora Hora for the previous administration. Now they are making feeble noises. These idiots should be on the roads crying to high heaven if their conscience is clear and their actions without bias. Looks like they are another extension of a INGO gobbling Dollars.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress