මුදල් ඇමති සහ බැදුම්කර බෑණා සමාගමක් මිලට ගනී..
Posted on October 28th, 2016

ලංකා සී නිවුස්

මුදල් ඇමති සහ බැදුම්කර බෑණා සමාගමක් මිලට ගනී..

සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත් පත් පල කරන ‘ලීඩර් ගෘප් ඔෆ් කම්පැනි පුද්ගලික සමාගම’ රවි කරුණානායක මුදල් ඇමති හා අර්ජූන් ඇලෝසියස් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් මිලට ගෙන ඇති බවට වාර්තාවක් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එම ආයතනයේ කාර්ය මණ්ඩලයට මාස දෙකකින් වැටුප් ගෙවා නැතැයිද එහි දැක්වෙයි.

අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුගේ සමාගමේ ඉහල නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවට කෝප් කමිටුවේ එජාප නියෝජිත නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරාද පවසද්දී මේ ආකාරයේ හවුල් ව්‍යාපාරයක් සිදුවීම විශේෂය.

අදාල පුවත මෙතනින්

චිකේ මුදල් ඇමැතිතුමා.. නීචයි, කැතයි, ලැජ්ජයි..! රවි සහ දූෂිත අර්ජුන් ඇලෝෂියස්ට අයත් සන්ඩේ ලීඩර් සහ ඉරුදින කිසිදු සේවකයෙකුට මාස දෙකකින් පඩි ගෙවා නෑ..!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.27, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.7.20) මුදල් ඇමැති රවි කරුණානායකට සහ රාජකීය දූෂණ චෝදනා ලත් අර්ජුන් ඇලෝෂියස්ට අයත් සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත්පත් වල සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලයට මාස දෙකකින් වැටුප් ගෙවා නැති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් තම දුක් ගැනවිල්ල ගැන ලංකා ඊ නිව්ස් කතුවරයා වෙත  පැමිණිලි කර තිබේ. එය සම්පූර්ණයෙන්ම මෙසේය.

‘සන්ඩේ ලීඩර්‘ සහ ‘ඉරුදින‘ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති වැටුප් ප්‍රශ්නය සම්බන්ධවයි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගේ සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් ගේ මූල්‍ය දායකත්වයෙන් සහ සෘජු අධීක්ෂණය යටතේ, ඔවුන් ගේ සමීපතමයන් විසින් පාලනය කරනු ලබන ලීඩර් ගෘෘප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස දෙකකින් වැටුප් ගෙවා නැත.

රවී කරුණානායක ඇමැතිවරයාගේ නියෝජිතයකු ලෙස ආයතනයේ මෙහෙයුම් කළමනාකාර ධුරය දරන්නේ රුවන් ගාල්ලගේ ය. අර්ජුන් ඇලෝෂියස් ගේ නියෝජිතයකු ලෙස ආයතනයේ සාමාන්‍යධිකාරි ධුරය දරන්නේ ජනප්‍රිය නිවේදකයකු සහ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක ය. මීට අමතරව ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳ ‘මේලා‘ ගේ සමීප ඥාතියකු වන අක්බාර් නමැත්තෙකි.

http://lankaenews.com/news/4726/si

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress