අධ්යාපනයටත්   රටක්  විනාශ  කල හැක    2
Posted on October 30th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

….මේ  මිෂනාරී අධ්‍යාපනය   යටතේ   යාපනේ දෙමල ජනයා  ඉංග්‍රීසින්ගේ  සුවච කීකරු  විශ්වාසවන්තයින් බවට පත්වීම  සිවිල් නිලධාරී  ලෙනාඩ් වුල්ෆ්  දක්වන්නේ  මෙසේය ‘’’ යාපනේ  දෙමල ජනයා  ඉංග්‍රීසි  ඉගෙන ගැනීමේ මෙන්ම  විනය හා කීකරු භාවයේ දීද  සිංහලයන්ට  වඩා  ඉදිරියෙන් සිටිති .ඔවුන් දෙදෙනෙකු හමුවුන විට  දෙමල බසින් කතාකරන අතර  ඉංග්‍රීසින් ඉදිරියේදී  ඉතා හොඳ ඉංග්‍රීසි  සිරිත්  අනුව  හැසිරෙති

                                සිංහලයෝ හැකි  හැම විටම  ඉංග්‍රීසින්ට  විරුද්ධව  කැරලි ගැසු  අතර  මෙසේ  දෙමල  ජනයා  ඉංග්‍රීසින්ට  කීකරුව  පාලනයේ  ඉහල  නිලතල  ලබා ගත් හ. බෙදා පාලනය කිරීමේ  නින්දිත අපේක්ෂාව    සඳහාම දෙනලද  වරප්‍රසාද මගින්  ඉංග්‍රීසි උගත් කම ලබාගත්  දෙමල ජනතාව  ලෝකයට  පෙන්වුයේ තමන්  තමන්  සිංහලයන්ට වඩා සහජයෙන්ම  බුද්ධිමත්  පිරිසක් බවකි . බොහෝ  මෝඩ සිංහලයෝද මෙය විශ්වාස කළහ .එහෙත් සිංහලෙන් ඉගැන්වීම  ඇරඹීමත්   ප්‍රමයෙන් දිවයිනේ අනෙකුත් පළාත් වලද ඉංග්‍රීසි  අධ්‍යාපනය පැතිරීමත් සමග  මේ මිත්‍යාව  බින්දවටුනේය . දෙමලු  කුපිතවුහ .ලංකාවේදී පමණක් නොව ඉන්දියාවේ දී දදකුණේ දෙමලු  උතුරට  විරුද්ධව උසිගන්වීමේ  කාර්යයේ ඉංග්‍රීසින්  යෙදුන හැටි ආණ්ඩුකාර  ග්‍රෑන්ඩ් ඩෆ්  කල කතාවකින් පෙනේ .’’’ඔබ  පිරිසිදු   ද්‍රවිඩ ජාතියට  අයත්ය ,යුරෝපී යයන්  නොව  මේ  සංස්කෘත  කතිකයනුය්  දකුණු ජාතීන්  රකුසන් ලෙස   ගොඩ ගැහුවේ ..ඔවුහුය්  සෑම සමාජයක් ම  කුලය වර්ණය මත  පුහුණු කලේ ‘’’’’

                                          ඉංග්‍රීසීහු  සෑම  යටත් විජිතයකදීම   මෙන්ම ලංකාවේදී  මෙපරිදි යාපනේ දෙමල  ජනතාව  උසිගන්වමින්   හැමවිටම  සිංහලයන්ට වඩා  ඉහල ස්ථානයක්  තබන්නට  වෑයම්  ලළහ .    මේ  මානසිකත්වය    විසින්   බෙදුම්වාදී යුද්ධය  අරඹන ලදී .ඊළඟට  ඉංග්‍රීසින්  කලේ  සිංහලයන් අතරින්  ගෝලබාලයන්  බිහිකිරීමට  කටයුතු කිරීමය් ,1796-1815  . වනවිට  මුහුදුබඩ හා අනෙකුත්  පහතරට  පලාත්වල  මෙය සාර්ථක වී තිබිණි .ප්රානඝාතයටත්  සුරාමෙරයටත්  සම්බන්ධවූ ඉංග්‍රීසි උගත්  සිංහලයෝ   ඉංග්‍රීසි න්  විසින්  නව ප්‍රභූ පැලැන්තියක්  වශයෙන් ඔසවා තබන ලදී .ආණ්ඩුකාර  ගෝඩන් එංගලන්තයට යැවු ලිපියක  මේ  කොටස  අපට  වෙච්චදේ  ගැන  ඉඟියක්  සපයය් .’’’’’’’’පෙරදිග  අපට  කරගහ හැකිවූ හා කරගත නොහැකි වූ  දෑ  මොනවා වුනත්  එක දෙයක් අපි හරියට  කර ඇත්තෙමු . එනම්  දේශී ය  රුචිකත්වය  හා දේශීය කලාව විනාශ කිරීමත් , විශාල  ප්‍රමාණයකට  , ඉතාමත්  විශාල ප්‍රමාණයකට  දේශීය  නිෂ්පාදන  විනාශ  කිරීමත්ය .’’’’ මෙය තවදුරටත් විස්තර කරන ඔහු ‘’’නොයෙක්  වර්ණවත්  හා විසිතුරු රෙදි  ආනයනය කිරීම  ලාභාජනක  බවත්   එසේ කිරීම නිසා  සාමාන්‍ය  ජනතාව පවා  දේශීය  රෙදිවලට  වඩා  ආනයනික  රෙදිවලින්  සිරුරු වසා ගැනීම  පුරුද්දක්  කරගන  ඇතිබවත්  ‘’’කියය් ..——චේන්ජින්  කන්ඩිෂ න්ස් – අමීර්  අලි —–

      තවත්  මෙවැනිම  සඳහනක්  පහත දැක්වේ ‘’’’’’මැන්චෙස්ටර්, ෂෙෆීල්ඩ් , ලීඩ්ස් සහ  බර්මිංහම්  නිෂ්පාදනයන්ට  සිංහලයෝ  සැබෑ පක්ෂපාතී බවක්  දක්වති  මද්රා සහ ෂම්පෙන්  ආදී ඉහල පෙලේ  මත්පැන් පානය කරන  ප්‍රභූවරු  නොමසුරුව යු රෝපීය  අමුත්තන්ටද  ඒවායින් සංග්‍රහ කරති. බ්‍රතාන්ය  බෙහෙත් වර්ග  ලිපිද්‍රව්‍ය  හා සුවඳ විලවුන්  ආදිය ගැන  මොවුන් තරම්  මහා ඉහලින් සලකන  තවත්  ජාතියක්  ලොව  නැති තරම්  වන අතර  ඉංග්‍රීසි   ham, චීස්,  සය් ඩර් , ෂෙරී…… රසකැවිලි   මහත්  අභිරුචියෙන්  රසකර කර  පරිභෝජනය කරන්නේ  මෙවැනිම තත්වයේ  ඇමරිකන්  හා ප්‍රංශ  ද්‍රව්‍ය  නොතකමිනි ‘’’’JW බෙනට්  1843 —–

3  කොටස  පසුව       

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress