හොරු අල්ලන රන්ජන් රාමනායක හොර වැඩක් කර අතේ මාට්ටු….
Posted on October 30th, 2016

Lankanewsweb

හොරු අල්ලන බවට තැන් තැන පම්පොරි ගසමින් මාධ්‍ය ඉදිරියේ තමන් ජිග්ලෝ වර්ගයේ පොරක් බව ඔප්පුකල ඇස් පනාපිටම මහ බැංකු බැදුම්කර ගනුදෙනුව හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනිම සදහා කෝප් කමිටු වාර්තාවට අත්සන් නොයොදා ජපානයේ බොරු සංචාරයක නිරත වු රන්ජන් රාමනායක ටුනායක ගුවන් තොටුපලේ තීරු බද්දට කෙලවන්නට ගොස් කූජිත වු පුවතක් අද අනාවරණය වුනා.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන රෙගුවට බදු නොගෙවා ප්‍රභූ පරියන්තයෙන් එලියට ගෙන ගොස් ඇති අතර පසුව නියෝජ්‍ය ඇමැතිවරයා රැගෙන ගොස් ඇති රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා එය ලබාදුන් වෙළඳ සලටම යළි රැගෙන ඒමට සිදුවූ නිසා රංජන් රාමනායක මහතා කල මෙම වංචාව හෙලි කර ගැනීමට රේගු නිලධාරීන්ට හැකි ව් තිබේ .

පසුගිය 28 වැනිදා ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තීරු බදු රහිත සාප්පුවකින් අගල් 40 නවීන වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයක් මිලට ගෙන තිබේ .එහි වටිනාකම ඩොලර් 990 කි.

එහෙත් ඔහුට එම තීරු බදු සහනය හිමි නොවන අතර වසරකට වැඩි කාලයක් විදේශ ගතවසිට පැමිණෙන පුද්ගලයකුට ඩොලර් 1750තීරු බදු සහනයක් හිමිවේ
දින 90 ක් විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයකුට හිමි වන්නේද ඩොලර් 625 ක තීරු බදුසහනයකි.

ඒ අනුව සාමාන්‍ය මගියෙකුට හිමිවන ඩොලර් 187 ක තීරු බදු සහනය රන්ජන් රාමනායක මහතාටද හිමිවන අතර ඔහු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් අදාළ රූපවාහිනී යන්ත්‍රය මිලටගෙන හොර රහසේම ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන ගොස් තිබේ.තිරු බදු රහිත භාන්ඩ ප්‍රභූ පරියන්තයෙන් එළියට ගෙන යාම නීතිවිරෝධී ක්‍රියවකි.

ඒ අනුව රේගුවට හොර රහසේම රූපවාහිනී යන්ත්‍රය පිටමං කිරීම නිසා ඇමැතිවරයාට රුපියල් 60000 ක දඩ මුදලක් ද අදාළ අලෙව් සැලට රුපියල් 25000 ක දඩයක් ද ගෙවීමට රේගුව නියම කර තිබේ .

4 Responses to “හොරු අල්ලන රන්ජන් රාමනායක හොර වැඩක් කර අතේ මාට්ටු….”

  1. Christie Says:

    අනේ පවු. නලු බට්ට වනන හැටි බලන්න ඌ ආසයිනෙ

  2. NeelaMahaYoda Says:

    කලිසමක් ඇදගෙන මේකා ආයෙත් බෞද්ද භාවනා මධ්‍යස්තානවලට රිංගුවොත් මේ අබෞද්දයාව හමගසා පන්නා දැමියයුතුයි

  3. S.Gonsal Says:

    This one is OK. Well done රේගුව !

    No action for more more Horu (Hora Sira not allowing these to move until 2020 ?)

    නිමල් අබේසිංහ
    වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් පිරිසකට එරෙහිව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණ පැමිණිලි කීපයක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ක්‍රියාත්මක කරන හා ඒවායින් සමහරක් විමර්ශන අවසන් කර ඇතත්, එල්ල වී ඇති දේශපාලන බලපෑම් නිසා ඉදිරි කටයුතු මන්දගාමී වී ඇති බව දැනගන්නට ඇත.

    මෙම විමර්ශය අතරින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව තිබූ පැමිණිල්ලේ විමර්ශන කටයුතු හමාර කර නීතිපති දෙපාර්තමේන්තුවටද යවා ඇති බව දැනගන්නට ඇත. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු රාජපක්ෂ රජයේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ගංවතුරෙන් හානියට පත්වූවන්ට ලබාදීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් ලක්ෂ හැටක් වටිනා භාණ්ඩ තොගයක් සිය නිවෙසට ගෙන්වා ගෙන මැතිවරණ සමයේදී සිය ආධාරකරුවන් වෙත බෙදාදීමය. එම සිදුවීම සිදුවූ කාලයේදී අමාත්‍යවරයාගේ මැතිවරණ බලප්‍රදේශය වන කටුගම්පළ ප්‍රදේශයේ ගංවතුරක් ඇතිවී නැති බවද විමර්ශකයන් විසින් සොයාගෙන ඇති බවද දැනගන්නට ඇත.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී මෝදර ධීවර වරාය සම්බන්ධ කටයුත්තකදී සිදුකරන ලද දූෂණයක් පිළිබඳවද විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

    ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ දූෂණයකට සම්බන්ධයැ’යි මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් සිදු කෙරෙන විමර්ශන මන්දගාමී වී ඇතැයිද කියැවේ.

    කර්මාන්ත කටයුතු හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පවතින විමර්ශනද මන්දගාමීව සිදුවෙන බව දැනගන්නට ඇති අතර කරුංකා අපනයනයේදී ඒවා දේශීය කරුංකා වශයෙන් ආනයනය කිරීමට අවශ්‍ය සහතික ලබාදීම ඔහුට එරෙහි එක් චෝදනාවකි. අනෙක් චෝදනාව වන්නේ, ඔහු නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ඔහුගේ බිරිඳ සහ මාමා ඇතුළු ඥාතීන් විසින් පවත්වාගෙන ගිය සමාගමකට සිය අමාත්‍යාංශය මගින් නිවාස කොන්ත්‍රාත්තු ලබාදීමය.

    නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සිය අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන්ද ඉන්ධන ලබාගැනීම සම්බන්ධ වංචාවක් ගැනද විමර්ශනයක් සිදුවේ.

    මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකරන ලද දූෂණ හා වංචා සිද්ධීන් දොළහක් පිළිබඳව විමර්ශන සිදුවෙන අතර ඔහුගේ නමින් තිබූ ඩිලාන් පෙරේරා පදනමට රාවණා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් ආයතනයේ හිමිකරුගෙන් රුපියල් මිලියන දෙකක මුදලක් ලබාගෙන සිරිලිය සවිය පදනමට ලබාදී ඇති බවද තහවුරුව ඇත.

    එමෙන්ම ඩිලාන් පෙරේරා පදනම නීත්‍යනුකූල නොවන ආයතනයක් බවත් එහි නිලධාරීන් වශයෙන් කටයුතු කර ඇත්තේද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ම බවත් විමර්ශනවලදී තහවුරු කරගෙන ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් සංස්ථාවේ වාහන ලබාදීම හා සේවයට නොපැමණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යයන්හි නියැලුණු සංස්ථා සේවකයන් හතළිස් දෙනෙකුට වැටුප් ගෙවා තිබීම ගැනද පරීක්ෂණ සිදුවේ.

    මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කළ පැමිණිල්ලක්ද ඇති බව දැනගන්නට ඇත.

  4. Ananda-USA Says:

    Ooonna Yaluwey, Haawan Allaa Gannata Yanna Yaman!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress