Tragedy for Sinhalese in the Trincomalee District – acts of gross unfairness to them
Posted on December 29th, 2016

Chanaka Bandarage

 Some difficulties  faced by them:

  1. Dehiwatte Village– this is a remote village about 45 km south from the Trincomalee town. It is about 40 km south west  of Kantale town.

Like many areas in the East, Dehiwatte is a traditional Sinhalese Buddhist village. There are  Buddhist artifacts found in Dehiwatte area, nearly 2000 years old.  The monuments have been built  during the Kingdoms of Kavanthissa and Dutugamunu.

Lots of villagers have come to live in Dehiwatte from the south of the country in the early 1950s, under Hon DS Senanayake’s colonisation scheme, introduced in the mid 1940s.

Currently there are about 500 families living in Dehiwatte. The inhabitants are predominantly rice farmers. They are of very poor socio economic level.

During the war period the villagers lived under very torrid conditions.  The village was subjected to Tamil Tiger attacks. One attack happened in 1985 where about 15  villagers were butchered to death.

Major unfairnesses faced by the villagers

(1) Loss of fertile paddy land – about 500 acres

After the end of the war in 2009, about 110 farmers began cultivating a large stretch of abandoned  paddy land  that was previously cultivated by them prior to the beginning of the LTTE conflict. The ownership of the land has always vested with the state (ie, the Crown). The extent of the abandoned paddy land is about 1500 acres, but the villagers cultivated only about 500 acres. They had plans to cultivate the balance 1000 acres. The villagers spent their own money and built a dam to divert water to the paddy lands. The  increased harvest enhanced their income. People started building proper houses and buy amenities for their homes. But, in  March 2016, the cultivation was halted. It was  during the time of the former Divisional Secretary.  According to the villagers, during his time not only they were  evicted from the land, their land was also given to Tamil farmers of the adjoining village – Kanguveli. Some Sinhalese who refused to move out were attacked with poles and machetes by Tamil thugs.  Since the last 9 months the newly introduced Tamil farmers are using the land, and they are now somewhat established.  According to villagers, they are using the entire 1500 acres only for themselves, including the 500 acres that they were cultivating. The Sinhalese, including the Chief incumbent of the Mandalagiri Raja Maha Vihara, Ven Dehiwatte Premasiri,  who is now blind,  have made protests but to no avail.  When questioned the current Divisional Secretary  has stated to the affected villagers that  the eviction was done due to an ‘order’ by a very senior Eastern Province MP. He has stated he has no other alternative but to carry out this MP’s  ‘orders’.  This MP is a highly ‘respected’ figure in the country. The villagers vouch that this is the true reason for their eviction. The absolute veracity of their statement is difficult to ascertain, but, the writer having spoken to some of them, believes that the villagers are not saying an untruth. According to the villagers, the government officials (ie, the Divisional Secretary, Muttur Police et al) know that the very senior MP  is very powerful and that they must follow his ‘orders’.   According to villagers the very senior MP’s Personal Assistant frequents the area in a double cab. They say he gives ‘orders’ to government servants. The desolate  Sinhalese state that this act is a clear demonstration that they are being treated as second class citizens. They demand the restoration of the status quo – that the lands that they have been cultivating for the last 7 years (500 acres), be returned to them.  They say it is alright for the Tamil villagers cultivating the balance 1000 acres. Another issue is that though this village belongs to Seru Nuwara/Seruwawila (සේරුවිල/සේරුවාවිල) Police area, since recently Muttur Police has taken control of the same, without reason. The villagers say they prefer to come under Seru Nuwara/Seruwawila Police area.

(2) Destruction of the virgin forest and Buddhist artifacts

The area adjoining these paddy lands is jungle where wild elephants and other animals roam.  This area is called Bakmiwewa (බක්මීවැව). In the last 6 months hundreds of acres have been cleared indiscriminately (possibly thousands) and the area has been demarcated into small plots,  with the intention of settling Tamils from outside areas.  No Tamil settlers have been brought to live there yet. High tension electric lines have been erected by the Electricity Board in this thick jungle, with the view of creating a new Tamil village. Tents for the intended settlers have been erected. With this type of work, the human-elephant conflict exacerbates.  The area that has been cleared is full of Buddhist artifacts.  There is evidence that Buddhist temples have stood there 2000 years ago. But, most unfortunately most of the artifacts are no more. Eye witnesses say that 3 Sandakanda Pahanas (සඳකඩ පහන්) carved out of solid rock stone were chopped into pieces recently and buried under soil. About 30 rock stone pillars (ගල් කුළුණු) and 4 rock stone inscriptions  (ශිලා ලිපි) have been used to build  a newly built Hindu Kovil. Rather than preserving the artifacts, the Archeological Department and other government servants seem  in deep sleep, thus, the vandalism continues.

  1. Pulikandikulama Village (පුලිකන්ඩිකුලම පුරාණ ගම්මානය)

This is an ancient Sinhala Village now dying out slowly. The village is situated about 35 km west of Trincomalee, towards the direction of Gomarankadawala (ගෝමරන්කඩවල), which is about 12 km away from the village. Only about 130 families live in the village currently.  It used to have about 200  families prior to the Tamil Tiger attacks in the mid 1980s. Two main problems of the village are as follows:

(i) Lack of teachers for the village school – Pulikandikulama Vidyalaya, Bakmigama (පුලිකන්ඩිකුලම විද්‍යාලය, බක්මීගම). Now, only two volunteer teachers teach there, and their services are going to end soon as funding for their salaries have stopped. A humanitarian organisation which the writer  is a member of has stepped into payment of part of the salaries.  It is the responsibility of the government to provide proper teachers  to this school. The closure of the school  means the gradual dying out of the village, as villagers will move out in search of schools for their children elsewhere.

(ii)Human –Elephant conflict. As this and the nearby villages are surrounded by thick jungle (which is fast disappearing), the human-elephant conflict is intense here. There is an ‘Elephant Fence’ but it is broken intermittently. Restoration of the Elephant  Fence is a must for the survival of the village. Otherwise both humans and elephants will continue to ‘fight’ as animosity between the two has now reached boiling point. A strong Elephant Fence is required somewhat akin to the fences erected in Udawalawe area.

7 Responses to “Tragedy for Sinhalese in the Trincomalee District – acts of gross unfairness to them”

  1. Gunadasa Says:

    චානක​,
    ඔබට බොහොම පින් මේ කරුණු එළිදරව් කලාට​.
    මේ අසරණ ගොවි ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට කිසිවෙකුත් නැත​.
    සියලු දෙනාම උනන් දු වන්නේ කොලඹ මිනිසුන් ගේ චන්ඳය ලබාගෙන බය පවත්වා ගැනීමට හෝ නැවත බලයට පැමිණීමටය​.
    2009 සිට 2014 දක්වා අවුරුදු 5 ක් දේසප්‍රේමියෝ මේ මිනිසුන් ගේ අයිතිය තහවුරු කිරීමට වැඩ නොකර දැන් කිඹුල් කඳුලු හෙලන බවක් පෙන්වමින් නගරබද චන් ද වලට සටන් වදිනු ඇත​.

    මේ ආණ්ඩුවෙන් දේස ප්‍රේමී කටයුතු බලාපොරොත්තුවීම විහිලුවකි. මේක කොටි ආණ්ඩුවකි.

  2. Christie Says:

    සින්හලහයන්ගේ අවසානය ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරදය විසින් කරගෙන යති.

  3. Ancient Sinhalaya Says:

    If any Sinhalese expecting any favours from the traitor, catholic-run UNPatriotics, he/she will be living in dreamland.
    Imagine if these farmers put up a church and start worshiping there, all the deshapaluwan will be clamouring for
    their welfare. There will be constants news items in the media. Even the international NGO low lives will be making a lot of noises. Unfortunately for the poor farmers
    they pay the price of being Buddhists in so called Buddhist Sri Lanka.

    Sri Lanka is ruled by the biggest traitor ever in the history of Sri Lanka, traitor chief die hard catholic token Buddhist
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. There is no chance getting any help from a treacherous
    party which is hell bent on breaking up Sri Lanka to please its ardent supporters tamils, mussies and the catholics.

    No chance in hell from the traitor UNPatrioics! Just look at the Asinhala traitor deshapalu low lives: Batalande wadakaya, mongol pongol, arjunaya durjanaya, lakshman kirixalla, karume j, somersaulting silly banda (sb), cham pakaya, parajithaya, etc etc.
    plus thibbotte devidaththara, dambare amilaya etc. etc. So many Asinhala traitor deshapalu low lives, who remember the Sinhalese only during election time. Fortunately for them, Sinhala modayas being famous for modayas with short memories, keep voting for the xxxx.

  4. Ananda-USA Says:

    It is TIME that well-to-do Sinhala people in Sri Lanka created an organization to FUND and ASSIST farmers in these border areas now being targeted AGAIN for ethnic cleansing by the Tamil Separatists.

    Come on ….. let us join together to help them!

  5. Gunadasa Says:

    සුනාමියට වසර 12යි පවුල් 308ක් තවමත් කඳවුරුවල

    සුනාමියේ මතකය බොහෝ දෙනකුට අමතකය. එහෙත් ඒ මතකයේ අමිහිරි වේදනාව තවමත් විදිමින් දිවිගෙවන මිනිසුන් රැසක් අක්කරපත්තුව වෙරළ ආශ්‍රිත ගම්මාන කිහිපයක ජීවත් වේ. නිලධාරීන්ගේ වාර්තාවලට අනුව එම සංඛ්‍යාව පවුල් 308කි.

    එදා 2004 දෙසැම්බර් 26 දා උදෑසන තමන්ට ‍ලේ නෑදැයන් සේ හුරුපුරුදු මුහුදු රළ, රකුස් වෙස් ගෙන ගොඩබිමට කඩා පැන තම ස්වාමියා බිරිඳ දරුවෝ ඥාති හිතවතුන් මෙන්ම ගේදොර යාන වාහන පමණක් නොව ජීවත්වෙන්නට තිබූ සබ්බ සකලමනාවම සැණෙකින් ඔවුන්ට අහිමිකර දොළොස් වසරක් ගෙවී ගොසිනි. එහෙත් ඔවුහු තවමත් උපන් බිමේ අනාථයන් ලෙස දිවි ගෙවති.
    දොළොස් වසරක වේදනාව මැද ඔවුහු තම එදිනෙදා සාමාන්‍ය ජීවිතය යම් තරමකට ගොඩනගා ගත්තත් මුහුදු රකුස ගිලගත් නිවස නම් තවමත් හිමිවී නොමැත. සුනාමිය විනාශ කළ නිවාස වෙනුවට ඉදිකළ තාවකාලික නිවාසවල ඔවුහු තවමත් දිවි ගෙවති. තවත් පිරිසක් කුලී නිවාසවලය. දොළොස් වසරක් ගෙවුණද මේ සියලු දෙනා තමන්ගේ කියා නිවසක සිහිනය සැබෑ වනතුරු තවමත් බලා හිඳිති. මිරානගර් ගම්මානයේ ජීවත් වූ බහුතරයක් දවසේ කුලියක් කර ගෙන ජීවත් වූ අය වෙති. සමහරු මුහුදත් එක්ක ඔට්ටු වී මාළුවෙක් අල්ලා විකුණා ජීවත් විය.

    මුහුදු ගොඩගැලීම යන්න ‍පොතක පතක පමණක් සඳහන්ව තිබූ මතකය සත්‍ය අත්දැකීමක් වූ මේ ජනතාවට නැවත නිවාස හදන්න ඉඩ ලැබි ඇත්තේ මීටර් හැට පහේ සීමාවේ නීතියට යටත්වය. ඒ නීතිය නිසා ඔවුන්ගේ උපන් ඉඩම ඔවුන්ට අහිමිය. නීතියෙන් ඒ බිමට ඇතුළු වීම තහනම්ය. නීතිය අකුරටම ක්‍රියාත්මක වුවත් වසර දොළහක් ගතවූ පසුත් ඉඩමක් හෝ ගෙයක් ලබා දෙන්නට වගකිවයුත්තන් මේ වනතුරුත් ක්‍රියා කර නැත. ස්වභාවධර්මයෙන් බැටකන අසරණ වූවන්ට නීතියද හරස්ව ඉන්නා බව මෙමගින් පැහැදිලි වෙයි.

    සුනාමියෙන් නිවස අහිමි වූ තිස්හත් හැවිරිදි රිනෝසා මාස හතරක්ම කාලය ගතකර ඇත්තේ සුනාමි අවතැන් කඳවුරේය. කඳවුරු ජීවිතෙන් එළියට එන රිනෝසා ඇතුළු පවු‍ලේ සැම එතැන් පටන් තවමත් ජීවත් වන්නේ කුලී නිවාසයන්හි වීම කනගාටුවට කරුණකි. මිරානගර්වලට මේ ලියුම්කරු යන විට ඇය පැමිණ සිටියේ සාගම ගම්මානයේ පිහිටි ඇගේ වත්මන් කුලී නිවෙසේ සිටය. මා දුටු සැණින් ඕ කතාව පටන් ගත්තාය.

    ‘සුනාමිය එන කොට මගේ ලොකු පුතාට වයස මාස දෙකයි. පුතා නිදි කරලා මම එදා උදේ මුහුද දිහා බලාගෙන හිටියා. මම දැක්කා එක පාරටම මුහුද ඈතට යනවා. මුහුදෙ වතුර කළු පාටයි. මට බය හිතුණා. මම දරුවත් අරගෙන පාර දිගේ දිව්වා. ටික වේලාවකින් මහ ශබ්දයක් සමග මුහුද ගොඩට ආවා. මම පාර දිගේ දුවලා අක්කරපත්තුව ටවුමට ගියා. දරුවගෙයි මගෙයි ජීවිත බේරුණා. එදා බේරුණු ලොකු පුතාට දැන් වයස අවුරුදු දොළහක් වෙනවා. මගේ මහත්තයා රෙදි කඩයක කුලියට වැඩ කරනවා. දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගෙවල් කුලී ගෙවපුවම කන්නේ බොනේනේ අමාරුවෙන්. අනාථ කඳවුරෙන් එළියට ආ දා ඉඳලා අද වෙනකන් ගෙවල් දහයක විතර කුලියට ඉඳලා තියෙනවා. අවුරුද්දක් විතර ඉන්න කොට ගෙදර ඉල්ලනවා. ඒ ගේ දීලා වෙනත් ගෙදරකට යනවා. ජරා වෙලා තියෙන ගෙවල් සුද්ද කරලා පිළියෙල කරලා ගන්නකොට අයිතිකාරයන්ට ගේ ඕන වෙනවා. ඉතිං ගේ දෙනවා. කුලී ගෙවල්වල ඉඳලා දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මෙහෙම දුකක් විදින්න වෙයි කියල දන්නවනම් එදා මම දුවන්නේ මුහුද පැත්තට.. සිය කතාවේ අවසාන අදියරේදී ඈ කඳුළු සඟවා ගන්නට ගන්නා උත්සාහය දුටු මම ඇයට බාධා කරමින්, ඔබලාට ගෙවල් හදලා දුන්නෙ නැද්දැයි ඇසුවෙමි.
    සුනාමියෙන් ගෙවල් නැති වෙච්ච අයට දෙන්න කියලා සෞදි අරාබි රටෙන් ගෙවල් පන්සියයක් එක්ක පහසුකම් සහිත ගමක් හදලා දුන්නා. නොරොච්ච‍ලේ කියන්නේ ඒ ගමට, අපිත් බලාගෙන හිටියා ගෙවල්වල පදිංචියට යන්න. ඒත් ඒක සිහිනයක් විතරයි. දැන් අවුරුදු හතක් විතර වෙනවා මේ ගෙවල් ටික බෙදා ගන්න බැරුව ළතවෙනවා. අධිකරණය නියෝගයක් දීලා තියෙන්නේ, ඒ නියෝගයවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. ඒ ගෙවල් දැන් විනාශ වෙලා ඉවරයි. අපි තවම දුක් විඳිනවා. මේක ජාතික අපරාධයක්, මට හිතා ගන්න බෑ ඇයි මේක ගැන කවුරුත් කතා නොකරන්නේ කියලා.

    මම ඇයගේ කතාවට නැවත බාධා කළෙමි. ‘ඇයි මැති ඇමැතිවරුන්ට මේ ගැන කිව්වේ නැද්ද..? ඡන්දෙ කාලෙට වැඳගෙන එන හැමෝම කිව්වේ ඡන්දය ඉවර වුණු ගමන් ගෙවල් බෙදල දෙනව කියලා. අපි දැන් දන්නවා හැම දේශපාලන පක්ෂයකම අය අපිට කියන්නේ බොරු. අපි විඳින දුක දැනෙන්න ඒ අයත් සුනාමියකට අහුවෙන්න ඕන. සුනාමියෙන් විපතට පත්වෙච්ච මිනිසුන්ට දෙන්න හදපු ගෙවල් ටික අපිට නොදී ඉන්නේ ඇයි?. නිලධාරීන්ට මේ ගැන වගකීමක් නැහැ. ඒ අයට අපි ගැන බරක් නැහැ. අපි නොමැරී කොහොම හරි ජීවත් වෙනවනේ.

    රිනෝසා කියන නොරොච්ච‍ලේ ගම්මානය සොයායන්නට මටද සිත් විය. අක්කර 67ක භූමි ප්‍රදේශයක පැතිර පවත්නා නව ගම්මානය දීඝවාපිය පරිවාර ෙචෙත්‍යය ආසන්නයේ හිඟුරාන සීනි සමාගමට අයත් ඉඩමක ඉදිකර ඇත. මෙම අංග සම්පූර්ණ ගම්මානය සෞදි අරාබි රාජ්‍යයේ මැදිහත්වීම මත රුපියල් මිලියන 1100ක පමණ මුදලක් යොදවා ඉදිකිරීම් කටයුතු නිම කර දී ඇති සුන්දර ගමකි. සැලසුම් සහගත මාර්ග පද්ධතියක් සමගින් විදුලිය ජලය සහිත නිවාස, පාසල්, ක්‍රීඩාපිටි, දේවස්ථාන, වෙළෙද සංකීර්ණ, බස් නැවතුම්‍පොළවල්, සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුළු මූලික පහසුකම්වලින් ගම සපිරිය. වැඩ නිමවා ඇති ගම්මානය දැන් හුදෙකලා වනගත ගමක් වැනිය. සමහරක් නිවෙස්වල දොර ජනෙල් කඩාබිඳ දමලාය. වන අලින් ඒ භූමිය අරක්ගෙනය. වල් ඌරෝ සහ හරක් නිවාස ඇතුළේය. සර්ප රජදහන් බවට පත්ව ඇති මෙම ගොඩනැගිලි තුළට ඇතුළු වීමද අනතුරුදායකය. සමහර නිවාසවල විවිධ විෂමාචාර කටයුතු සිදුවන තිප්‍පොළවල් වී ඇති බවට සලකුණු ඕනෑ තරම් විය.

    පසුගිය ආණ්ඩු සමයේ වැඩ නිමවා රජයට බාරදෙන මෙම නිවාස සංකීර්ණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බාර ගනු ලබන්නේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය. සෞදි අරාබි රජය වෙනුවෙන් එරට තානාපතිවරයා සහභාගි වන මෙම උත්සව අවස්ථාවේ දීනිවසක යතුරක් බාරදීමෙන් නිවාස සංකීර්ණය ලංකා රජයට බාරදීම සංකේතවත් කර ඇත. එලෙස බාර දුන් නොරච්ච‍ලේ ගමේ නිවාසවල යතුරු පන්සියය පෙට්ටියක දමා අක්කරපත්තුව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ අද දක්වා තබා තිබුණත් නිවාස විශාල ප්‍රමාණයක දොරවල් ඇර දමා ඇති අයුරු දැකගත හැක.

    නොරොච්ච‍ලේ නිවසක් ගන්න රිනෝසලා ගෙවුණු දොළොස් වසරක කාලය තුළම අරගල කළෝය. ඒ සෑම අරගලයකම කැපී පෙනුණු චරිතයක් වූ රිනෝසා, එක් අරගලයක් ගැන විස්තර දිගහැරියාය.
    පසුගිය ආණ්ඩුව තියෙද්දී අපි ගෙවල් ඉල්ලලා අක්කරපත්තුව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. දින තුනක් අපි මහ පාරේ උයාගෙන කාලා ගෙවල් දෙන්න කියලා ඉල්ලීම් කළා.
    පාර වහගෙන හිටපු නිසා හිටපු ජේ්‍යෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ අපිට නිවාස ස්ථිරවම ලබාදීමට කටයුතු කරන බව පැවැසුවා. අපි පාරෙන් නැගිට්ටා. ඒත් ටික දිනකින් එතුමාට මාරුවක් ලැබිලා අම්පාරෙන් ගියා. ඒ එක කතාවකි.
    රිනෝසා තවත් කතාවක් මතක් කළාය. අක්කරපත්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි අතාවුල්ලා. එයා පසුගිය රජයේ ප්‍රබල ඇමැති තනතුරු දැරුවා. එයා ළඟට ගියපු හැම වෙලාවකම අපට කිව්වේ සෞදි අරාබි ගෙවල් ගැන කතා නොකර වෙන ඕන දෙයක් ගැන කතා කරන්න කියලා. ඉන්න හිටින්න තැනක් නැති අපි ගෙවල් ගැන කතා නොකර වෙන මොනව ගැන කතා කරන්නද?. මහ ඡන්දයට කලින් දයා ගමගේ ආවා හෙලිකොප්ටරයෙන්. අපෙන් ඇහුවා මොනවද ඕනි කියලා. අපි කිව්වෙ අපිට ගෙවල් දෙන්න කියලා. මට ඡන්දෙ දෙන්න මම ගෙවල් දෙනව කිව්වා. දැන් එයා ඇමැති කෙනෙක්. ආයෙ දැක්කෙ නැහැ. අපි රැවටුණා. කාගෙ වුවමනාවකට මේ ගෙවල් ටික නොබෙදා ඉන්නවද දන්නෑ. ගෙවල් නැති මිනිස්සු කොච්චර ඉන්නවද?. අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කර ගන්න බැරි රටක් මේක. ගෙවල් ටික දෙනවද නැද්ද කියලා ස්ථිරවම අපිට කියනව නම් ඒකත් අපිට හිතට සහනයක්.
    ලෝකෙට ණය වෙමින් මේ දිනවල නිවාස අමාත්‍යාංශය නිවාස ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. එහෙත් කිසිදු වියදමක් නොමැතිව වැඩ නිමකර පරිත්‍යාග කළ නිවාස 500 දොළොස් වසරක් පුරා අවතැන්ව සිටිනා සුනාමි අනාථයන්ට බෙදා දීමට නොහැකි වීම දේශපලන කළමනාකරණයේ සහ නිලධාරීන්ගේ වරදක් මිස අන්කිසිවක් නොවන බව රිනෝසලා දනිති. ඒ නිසා බිහිරි අලින්ට වීණා වයන්නට රිනෝසලාගේ කැමැත්තක් නැත.

    මේ නිවාස සංකීර්ණයේ භාරකාරත්වය පැවැරී ඇත්තේ අම්පාර දිසාපතිටය. අද දිසාපති තනතුරේ රාජකාරී කටයුතු ඉටු කරන්නේ තුසිත පී. වනිගසිංහ මහතාය. දිසාපතිවරයා මුණගැසී නොරොච්ච‍ලේ නිවාස බෙදා නොදෙන්නේ මන්දැයි විමසා සිටියෙමි. ‘මේ නිවාස බෙදා දීම සංකීර්ණ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. කාලයක ඉඳලා විවිධ උත්සහයන් අරගෙන තිබෙනවා නිවාස බෙදන්න. නමුත් යම් යම් හේතූන් මත කඩාකප්පල් වෙලා තියෙනවා. අධිකරණ තීන්දුව ලබා දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව. මම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පවතින අපහැදිලිතාවන් මග හරවා ගැනීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා. නිවාස බෙදාදීමට නිවැරදි පදනමක් සකස් කර ගත යුතු වෙනවා. කුමන හෝ එක් පදනමක් මත මේ නිවාස බෙදා දෙන්නැයි මට උපදෙස් ලබා දෙනවා නම් මම පසු දිනම නිවාස බෙදීමට කටයුතු කරනවා යැයි පැවැසීය. ඒ අනුව මේ නිවාස 500 ජරාජීර්ණව යමින් ඇත්තේ පරිපාලන නීතිරීතිවල ගැටලු නිසා බව පැහැදිලිය.
    නිවාස බෙදා දීමට 2009 දෙසැම්බර් 02 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දී තිබියදීත් නැවත නීතිපති උපදෙස් ලබා ගැනීම ප්‍රශ්නයකි. අවුරුදු හතක් වැනි කාල සීමාවක් ඉක්මවෙද්දීත් මේ කල්මරන්නේ කාගේ වුවමනාවකටද? ජාතීන් අනුව නිවාස බෙදා දීමට දේශපාලනඥයන් කේවල් කරමින් සිටින්නේදැයි දැන් කාටත් ප්‍රශ්නයකි. දේපාලනඥයන්ගේ ඉල්ලීම්වලට අනුව නාම ‍ලේඛන ලැබෙන නිසා අධිකරණ තීන්දුව යට යමින් තිබෙනවාද..? මේ සුනාමි අනාථයන්ගේ සිතට නැගෙන ප්‍රශ්න අතරින් කිහිපයකි.
    මේ වර්ෂයේ දෙසැම්බර් 31ට පෙර මෙම නිවාස බෙදා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අවතැන් ජනතාව පැවැසීය. ඒ බව දිසාපතිවරයාට පැවැසූ විට දිසාපති කීවේ මේ මස 31ට පෙර නම් නිවාස බෙදා දීමට කිසිදු හැකියාවක් නොමැති බවකි. ඒ ප්‍රකාශය නිවාස බෙදීම තවත් තල් යන ලකුණු හැඟවීමක් නොවේද..?
    දශක තුනක යුද්ධයෙන් පසුව මේ ගවෛන්නේ සංක්‍රාන්තික සමයකි. යුද්ධය නිසා විවිධ ජන කොටස් අතර ඉරි තැලී පෑරී ඇති හදවත් සුවපත් කිරීමට නොරොච්ච‍ලේ කදිම ගම්මානයකි. ප්‍රදේශයේ සාමය මෙන්ම ජාතික සමගිය, සංහිඳියාව ගොඩනැංවීම සඳහාත් විවිධ ජන කණ්ඩායම්හි සංස්කෘතික අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් සුදුසු මේ ගමේ නිවාස බෙදාදීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ දේශපාලන වුවමනාවකටදැයි රිනෝසාලා ප්‍රශ්න කරන්නේ දෙකම්මුල් මතින් වෑහෙන කඳුළු අනන්ත වාරයක් පිසදමමින්ය.

    සටහන හා ඡායාරූප: සමන් මාණික්ක ආරච්චි

  6. Sooriarachi Says:

    Thank you for highlighting the neglect of Sinhala families in the North, the reason for which could be a subtle way of ethnic cleansing, whilst a ‘sleeping’ incompetent President and an untrustworthy Prime Minister looked the other way. Let us hope someone in the country start a project to assist neglected or discriminated Sinhala inhabitants in the North and East, to which we too could contribute.
    If this happened to Estate Tamils and Northern Tamils, we might hear protests from Ban Ki Moon, TNA, various human rights organisations like the HRW, AI, some American and European politicians etc

  7. Gunadasa Says:

    අන්තවාදීන්ගෙන් සංහිඳියාවට බාධා

    වවුනියාව බෝගස්වැව පිහිටා ඇත්තේ වවුනියාවට කිලෝ මීටර් 70ක පමණ දුරින් මුලතිව් කැලෑවට ආසන්නවය. 1985 දී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව එහි පදිංචිව සිටි සිංහල වැසියන් ප්‍රදේශය අතහැර ගිය අතර බෝගස්වැව වනගත වූයේය. යුද්ධය නිමා වීමත් සමග මෙම ප්‍රදේශයේ සිංහල වැසියන් පදිංචි කරවනු ලැබූ අතර එලෙස පදිංචි කරවනු ලැබූ වැඩි පිරිස මුල් පදිංචිකරුවෝ නොවූහ. ඒ නිසාම දෙමළ ජාතික සන්ධානය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් චෝදනා කළේ උතුරේ සිංහල ජනපදකරණය ආරම්භ කර තිබෙන බවටය. ඒ නිසාම බෝගස්වැවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර ලැබුණේ නැති තරම්ය. පෙර පැවැති රජය යම් තරමකට හෝ බෝගස්වැව ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවද වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව තමන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවට එම ගම්වාසීහු චෝදනා කළෝය.
    එසේ වුවද මේ වන විට රජය බෝගස්වැව ජනතාවගේ සුබ සාධන කටයුතු පිළිබඳව සොයා බැලීම ආරම්භ කර ඇත. මීට මාස කීපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෝගස්වැවට පැමිණියේය. එයින් පසුව බෝගස්වැවට පැමිණි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා වූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය.
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහයෙන් වවුනියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ඉදි කළ පානීය ජල ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී විශේෂ කටයුත්තක් ලෙස සලකා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බෝගස්වැවට පැමිණියේය. අමාත්‍යවරයා සමග වන්නි දිස්ත්‍රික් රජයේ මන්ත්‍රීවරයා වන කාදර් මස්තාන් මහතාද පැමිණියේය. මෙහිදී ප්‍රදේශවාසී ජනතාව අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්තද මස්තාන් මන්ත්‍රීවරයාට ඇනුම්පද කියන්නට වූහ. ඡන්දය දවස්වල ආවට පස්සෙ අදමයි ආවේ. ඡන්දය අරන් ගියා ගියාමයි ආවේ නෑ පැත්ත පළාතෙ.”, “අපි ඡන්දය දීලා පත්කළාට කිසි වැඩක් වුණේ නැහැ.” ආදී වශයෙන් ඔවුහු ආඩපාලි කීහ. ඉන් එක් අවස්ථාවක මස්තාන් මන්ත්‍රීවරයා කෝපයටද පත්වූයේය.

    බෝගස්වැව 5කට බෙදලා

    මෙහිදී ජනතාව ප්‍රකාශ කළේ පසුගිය රජය විසින් පවුල් 3184 ක් පදිංචි කරවණු ලැබූ නමුත් නිවාස ලැබි ඇත්තෙ පවුල් 500 ටත් අඩු ප්‍රමාණයකට බවයි. එම නිවාස සංඛ්‍යාවෙන් 300ට වැඩි ප්‍රමාණයක් යුද හමුදා සෙබළුන් තම පෞද්ගලික මුදලින් ඉදිකර දුන් ඒවා බවද ඔවුහු කීහ.
    අනතුරුව ගම්වාසීහු සුවිශේෂී ඉල්ලීමක්ද කළහ. “අපි පදිංචියට ආවේ තනි ගමක් විදිහට. ඒත් සීමා නිර්ණය කිරීමේදී බෝගස්වැව ගම්වැසියන් ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස පහකට බෙදා වෙන් කරලා” යනුවෙන් කී ඔවුන් පෙන්වා දුන්නේ එම තත්ත්වය මත ඇතැම් අයට කිලෝ මීටර 100 ක පමණ දුරක් ගෙවා නෙඩුන්කර්නි, කැබිතිගොල්ලෑව ආදි ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල වෙත රාජකාරි කටයුතු සඳහා යාමට සිදුව තිබෙන බවය. එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානවල තිබෙන අඩුපාඩු රැසක් පිළිබඳවද හිමිවරු කරුණු පැහැදිලි කිරීමක් කළෝය. මෙම ගැටලු විසඳීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‍පොරොන්දු විය. මේ අතර එදින උදෑසන වබේ අඩවි කීපයක හා ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්තියෙන් කියවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කීප දෙනෙකු එක් වී විජයදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍ය විෂය පථය වෙනස් කිරීමේ උත්සහයක යෙදෙන බවයි. මේ පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය දැන ගැනීමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය වුවද එවැනි ප්‍රවෘත්තියක් පළවී තිබෙන බව අමාත්‍යවර්‍යා දැන සිටියේ නැත. එහිදී අන්තර්ජාලයේ පළ වී තිබෙන එම ප්‍රවෘත්තිය අමාත්‍යවරයාට දැක බලා ගැනීමට සැලැස්වීමට මාධ්‍යවේදීයෙකු කටයුතු කළේය. එකත් එකටම ඕක විමල් වීරවංශගෙ වැඩක් යැයි විජයදාස රාජපක්ෂ මහතාට ඉබේම කියවුණි. නමුත් මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළේ තම අමාත්‍යධුරය පිළිබඳව තීරණය ගත යුත්තේ ජනපති හා අගමැති බවය.
    මෙම ගමනේදී අමාත්‍යවරයා හා වවුනියාව වෙළෙඳ සංගම් නියෝජිතන් අතර හමුවක්ද පැවැත්විණි. එහිදී වෙළෙඳ ප්‍රජාව ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයාට කියා සිටයේ මුදල් නඩු හා ඉඩම් නඩු විභාග කොට තීන්දුවට දීමට දීර්ඝ කාලයක් ගතවන බැවින් එය තමන්ට ඉතාමත් අවාසිදායක බවය. වසර 10 ට වැඩි ඉඩම් නඩු වසර 02ක් තුළ අවසන් කිරීමටත්, වෙළෙඳුන්ගේ ගැටලු අධිකරණයට නොයා සමථයකට පත් කිරීම සඳහා වාණිජ සමථකරණ මණ්ඩලයක් පිහිටුවීමටත් පියවර ගන්නා බව ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා පැවැසීය.

    කොටි සොහොන් නැවතත් උතුරු – නැගෙනහිරට

    කොටින්ගෙ මහවිරු දිනය පවත්වන ලද්දේ ඉකුත් නොවැම්බර් 21-27 දිනයන්හිදීය. වෙනත් වසරවල කැලෑවල හා අහුමුළුවල පැවැත්වූ මහවිරු සැමරුම මෙවර එළිපිටම පවත්වන ලද්දේය. කිලිනොච්චි ප්‍රධාන සැමරුම මේ වන විට කැලෑවට යට වී තිබූ කනගපුරම් එල්.ටී.ටී.ඊ. සුසාන භූමියේදී පවත්වන ලදී. ඊට පෙර සුසාන භූමිය එළිපෙහෙළි කරන ලද අතර පැරණි සුසාන භූමියේ අකෘතියට අනුව ලෑලි ආදි ද්‍රව්‍ය යොදා තාවකාලික ඉදි කිරීමක්ද සිදු කෙරිණි. එහිදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිිවඥානම් ශ්‍රීදරන් මහතා ප්‍රකාශ කළේ එළැඹෙන වසර වන විට ප්‍රභාකරන් සිටියදී මෙන් මහවිරු සොහොන් බිම් තුළදී පිළිවෙළට විරු සැමරුම පවත්වන බවයි. එදින එම ප්‍රකාශය සාමාන්‍ය ප්‍රකාශයක් ලෙස සිතුණද මේ වන විට එය යථාර්ථයක් වන ලකුණු පහල වී තිබේ. පසුගිය 24 දා කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පවත්වන ලද්දේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි. කිලිනොච්චිය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති සංවර්ධන කමිටු රැස්වීම සඳහා ඇමැතිවරියක වන විජයකලා මහේෂ්වරන් හා දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන් මහතාද සහභාගි වූහ. මෙහිදී ශ්‍රීදරන් මහතා යෝජනාවක් කරමින් කියා සිටියේ කනගපුරම් හා මුලංකවිල් යන එල්.ටී.ටී,ඊ. සොහොන් දෙක මේ වන විට විනාශ වී තිබෙන බැවින් එම සොහොන් ප්‍රතිසංස්කරණය කර “අනුස්මරණ ස්ථාන” ලෙස නම් කරන ලෙසයි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් වෙනුවෙන් ඉදි කරන ලද සුසාන භුමි 17ක් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පිහිටා තිබූ නමුත් මේ වන විට එම සුසාන භූමි විනාශ වී ඇතැයිද ඒ නිසා ඥාතීන්ට මියගිය තම ඥාතියා සැමරීමේ අවස්ථාව අහිමිව ඇතැයිද ඔහු පැවැසීය. ශ්‍රීදරන්ගේ ප්‍රකාශයට අලගු තබමින් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ ශ්‍රීදරන් මහතාගේ යෝජනාව අනුමත කරන බවත් මෙම යෝජනාව පළාත් සභාවටද ඉදිරිපත් කර අනුමත කිරීමට කටයුතු කරන බවත්ය.

    සංහිඳියාවට එරෙහි අන්තවාදී ලැදියාව

    මින් එකක් පැහැදිලිය. එනම් රජය කොතරම් සංහිඳියාව පිළිබඳව කතා කළ ද අන්තවාදීන් එල්.ටී.ටී.ඊ.යට යළි පණ දීමේ උත්සහය අතහැර නොමැති බවය.
    මියගිය තම ඥාතියා සැබෑ ලෙස සැමරීමට යමෙකුට අවශ්‍ය නම් ඔහුගේ නමින් සොහොන් ස්මාරකයක් තමන් පදිංචි ඉඩමේ ඉදිකර අවශ්‍ය පුද සත්කාර කළ හැකිය. නමුත් අන්තවාදීන් උත්සහ කරනුයේ රජයේ මුදලින් කොටි සොහොන් ඉදිකර ඊට පුද සත්කාර කිරීමටයි. ඒ සඳහා බාධාවක් නැත්තේ උතුරු පළාත් සභාව ඔවුන්ගෙ පාලනයේ තිබෙන බැවිනි. එහි ආරම්භ පියවර ලෙස කොටි සොහොන් දෙකකට රජයෙන් අවසර ඉල්ලන අතර පසු කාලයේදී ඉතිරි 15ද ඉදිකිරීම් ඇරඹෙනු ඇත.

    -සනත් ප්‍රියන්ත – වව්නියාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress