ජල වේලි ආරක්ෂක නියාමන ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීම 
Posted on June 11th, 2026

බන්දුල කෑන්දරාගම.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති තුමනි,

කන්තලේ වේල්ල 1984 අප්‍රේල් 20 දින පාන්දර 3:00 ට කැඩී ගියේය. එසේ වුවද, පාන්දර 4:30 පමන වන විට, ජලයෙන් යටවන ප්‍රදේශවල මහජනතාව ඉවත් කිරීමට ග්‍රාම සේවා නිලධාරී මහතා සහ පොලිසිය විසින් කටයුතු කරන ලදී.  40 වසරකට පමන පසු, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර පැය 40ක් පමන ගත වුවත්, ගම්පොල ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට අදාල බලධාරීන් සමත් වූයේ නැත. මෙයට හේතු කිහිපයක්  තිබේ. උදාහරණයක් වශයෙන්, අපේ රටට අදාල ජල වේලි සම්භන්දව අවශ්‍යය ක්‍රම වේදයක් නොමැත. වාන් දොරටු විවෘත කිරීමෙන් පසු  දුරකථන ජාලය ක්‍රියා විරහිත විය.  දුරකථන ජාලය ක්‍රියා විරහිත වීමෙන් පසු, අතාවශ්‍ය තොරතුරු ආපදා කලමනාකරන නිලධාරීන් වෙත මුදාහැරීමට ක්‍රමයක් නොමැත.  මේ සම්භන්දයෙන, 2025 දෙසැම්බර් 30 දින, විද්‍යා සහ තාක්ශන අමාත්‍යාංශය මගින් පවත්වන Zoom සාකච්ඡාවට මම Power Point Presentation එකක් ඉදිරිපත් කරන ලදී.  මේ අනුව ජලශ කලමනාකරනය සම්භන්දයෙන් ඉතා විශාල ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිය.  එම නිසා, 2022 ජනවාරි  19 දින නිකුත් කරන ලද අමප / 21 / 2174 / /036-1 දරන අමාත්‍ය මන්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමාට  උපදෙස් දෙන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිම. 

බන්දුල කෑන්දරාගම.

Independent Dam Safety Consultant

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress