පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2 කි. රැවටෙන්න එපා!
Posted on June 11th, 2026

රජිත් කිර්ති තෙන්නකෝන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ Sri Lanka Economic Forum ව්‍යාපෘතිය.

2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගානක් තියෙන බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරනවා. මේ කතාව ඇත්තක් නෙවෙයි.  

2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රු. බි. 1473.8 යි.

පුණරාවර්තන විදයම් රු. බි. 688.9 යි. ප්‍රග්ධන වියදම රු. බි. 103.2 යි.

පුණරාවර්තන හා ප්‍රාග්ධන වියදම් දෙකේ එකතුව රු.බි. 792.1 යි.

ප්‍රාථමික අතිරික්තය කියන්නේ රජයේ ආදායම හා වියදම් එකතුව අතර පරතරයයි. එ් පරතරය රු. බිලියන  681.7 කි.

මොකක්ද මේ ප්‍රාථමික අතිරික්තය (Primary Surplus) කියන්නේ? රජයේ සම්පූර්ණ ආදායමෙන්, පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. එය සරලව ප්‍රාථමික අතිරික්තය = රජයේ ආදායම – (මුළු වියදම – පොලී ගෙවීම්) ලෙස සරළව දැක්විය හැකියි. රටක් අන්දන්න පාවිච්චි කරන වචනය තමයි ප්‍රාථමික අතිරික්තය”!

2026 පළමු කාර්තුවේ ණය පොලිය රු. බි. 593.2 යි.

පළමු කාර්තුවේ රාජ්‍ය ණය ආපසු ගෙවීම – (දේශීය හා විදේශීය) 694.7 යි.

ණය සහ පොලිය එකතුව රු. බිලියන 1,287.9 යි.

එවිට, පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2

2026 පළමු මාස 3 ප්‍රාථමික අතිරික්තය ධන අගයක් තිබුණට, ඇත්ත අය වැය හිඟය (ඌණතාවය) රු.බි. 606.2 කි.

ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි. පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර තියෙන්නේ 7.5% යි. සෑම වසරකට පළමු මාස කිහිපයේ ප්‍රාග්ධන වියදම් අඩුයි.   ඒ කියන්නේ රජයේ වියදම් වැඩිවෙන්නේ අන්තිම කාර්තු තුනේ දී යි.

තවත් දෙයක්, ප්‍රාථමික අතිරික්තය” කියන්නේ ආර්ථිකය පිළිබඳ දර්ශකයක් නෙවෙයි.  අපි හොඳටම අමාරු කාලයේ 2023  වසරේ ප්‍රාථමික අතිරික්තය” රු. මි. 173,332 ක් තිබුණා. යන්තම් ඔළුව උස්සන්න පටන් ගත්ත 2024 ප්‍රාථමික අතිරික්තය රු. මි. 649,569  යි.

ආණ්ඩුවේ කණ්ඩායම් මහ බැංකුවත් එක්ක එතතුවෙලා මේ වගේ කිසිම වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන දිනපතා එළියට දානවා.  ඒවා පිටුපස ‘තාක්ෂණික වචන හරඹ’ තියෙනවා. 

රැවටෙන්න එපා! පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රු. බි. 606.2 යි.

Rajith Keerthi Tennakoon

Former Governor of Uva, Southern and Central Provinces

Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research – CHR Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress