කොටි ඩයස්පොරවෙන් යාපනයේ දැවැන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්..
Posted on February 2nd, 2017

ලංකා සී නිවුස්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස නිකුත් වූ අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ශ්‍රී ලංකාවේ පිහිටු වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලයට අනුබද්ධව කළුතර ප්‍රදේශයේ ද කොළඹ සහ මහනුවර ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල් දෙකක් කේන්ද්‍ර ගෙන ද මෙසේ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටවනු ඇත.

මේ අතර යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ දැවැන්ත පෞද්ගලික රෝහලක්, දන්ත වෛද්‍ය රෝහලක් සහ පෞද්ගලික වෛද්‍ය පීඨයක් සහ දන්ත වෛද්‍ය පීඨයක් පිහිටුවීමට ලහි ලහියේ කටයුතු සුදානම් වන බව වාර්තා වේ.

මැලේසියානු වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධව මෙම පීඨ 2 පිහිට වන අතර වෛද්‍ය පීඨයට වරකට සිසුන් 250 ක් ද දන්ත වෛද්‍ය පීඨයට සිසුන් 100 ක් ද බඳවා ගැනීමට නියමිත ය.

කොටි හිතවාදීන් පසුගිය සමයේ ලොව පුරා දෙමළ ජනතාවගෙන් එකතු කළ දැවැන්ත මුදල සහ ජාවාරම් වලින් ඉපැයූ මුදල් රටට ගෙන ඒමේ ක්‍රමයක් ලෙස මෙම පෞද්ගලික රෝහල සහ වෛද්‍ය පීඨ සංකීර්ණය යොදා ගැනීමට නියමිත ය.

උතුරු පළාතේ දෙමල සිසුන් විශාල පිරිසක් වෛද්‍යවරු ලෙස බිහි කර රටේ වෛද්‍ය ක්ෂේශ්ත්‍රයේ බලය වසර 10 ක් ඇතුලත ඔවුන් යටතට ලබා ගැනීම ඩයස්පෝරාවේ සැලසුම වී ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට මහා පරිමාණයෙන් දෙමළ සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමට ඩයස්පෝරාව බලාපොරොත්තු වන බව ද පැවසේ.

මෙම කටයුතු සම්බන්ධීකරණයට මේ වන විටත් වෛද්‍යවරයකු ද වන උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකු පත් කර ඇති බව වාර්තා වේ.

– FB

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress