අධිකරණ සේවාවට පිටතින් මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම
Posted on February 12th, 2017

කීර්ති තෙන්නකෝන් පුවත්පත් නිවේදනය විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, නීතිඥ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ කේෂ්ත්‍රයේ ද, සිවිල් සමාජයේ ද පුළුල් කථිකාවක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය/කැෆේ සංවිධානය විසින් සිදු කළ මුලික නිරීක්ෂණ අනුව රාමනාදන් කන්නන්  මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමේ දී,

  1. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදු කොට ඇත
  1. එම ඉල්ලීම සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත
  1. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සදහා එකගත්වය ලැබී ඇති අතර,
  1. අගවිනිසුරුතුමාගේ අනුමැතිය හෝ නිර්දේශය මෙම පත්වීම සිදු කොට ඇත.

අධිකරණ සේවා සංගමයේ ලේකම් මහෙස්ත්‍රාත් එම්.එම්.එම්.මිහාල් මහතා ගේ අත්සනින් ගරු ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති ලිපිය පාදක කොට ගෙන ගොඩ නැගෙමින් ඇති සංවාදයේ දී මෙයට එකග සහ පරස්පර කරුණු මතුව ඇත. මේ පිළිබදව ගරු අගවිනිසුරුතුමා, නීතිපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සම්බන්ධයෙන් නියමිත කාර්ය පටිපාටිය අනුගමනය කළේ ද යන්න පැහැදිලි කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) (

) ව්‍යවස්ථාවට අනුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම සදහා, නීතිපතිවරයාගේ  විමසීමෙන් පසු  අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලැබු  නිර්දේශයක්  ජනාධිපතිතුමා විසින් ලබාගත යුතුය. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නම් උක්ත කාර්ය පටිපාටිය සම්පූර්ණ වී ඇති බව පෙනේ. 

අධිකරණ සේවාවට පිටින් මහාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සුලබ ව්‍යවහාරයකි.  අප සංවිධානයේ සීමිත දැනුම අනුව, මෑත යුගයේ දී මාර්ක් ප්‍රනාන්දු, ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය.ඒ.ආර්.බී.අමරසිංහ, ආචාර්ය රංජිත් ධීරරත්න, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සුරේෂ් චන්ද්‍රන්, උපාලි ඉසෙඩ් ගුණවර්ධන වැනි අධිකරණ කේෂත්‍රයේ සුවිශේෂී පුද්ගලයින් එලෙස පත්වීම් ලබා ඇත.

එවැනි පත් කිරීම් සදහා නීතිඥ සංගමයේ, නීතිපති හෝ අගවිනිසුරු ගේ අනුමැතිය හෝ ලබා නොගත් බවට අතීතියේ ද චෝදනා එල්ල වී ඇත.  ඉතාමත් මෑතක දී, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම අවස්ථාවේ දී ද මෙවැනි විවේචන එල්ල වූවේය.

අධිකරණ කේෂ්ත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සෑම විටම පෙනී සිටින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය/කැෆේ සංවිධානය අවධාරණය කරනුයේ අධිකරණ සේවය සදහා බදවා ගැනීම් සිදු කිරීමේ දී එය විධිමත් හා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සහිතව සිදු කළ යුතු බවයි. ඒ සදහා, අධිකරණ සේවා සදහා බදවා ගැනීමේ දී කාර්ය පටිපාටිය තවදුරටත් ශක්තිමත් කළ යුතුව අතර, විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි, කාර්යක්ෂම ක්‍රියාමාර්ග සදහා පියවර ගත යුතුව ඇත.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය

2017 පෙබරවාරි මස 12 වැනිදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress