ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළට – ගෑස් විදුලි මිල නැවත ඉහළ යනු ඇත
Posted on February 16th, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගුණවර්ධන මහතා පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල පහත වැටෙමින් ඇති බැවින් එහි වාසිය රජය විසින් මේ රටේ ජනතාවට ලබා දිය යුතු බවයි.

නමුත්, ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ක්‍රමිකව ඉහළ යමින් තිබේ.  පසුගිය මාසයේ ඔපෙක් සංවිධානයේ තීරණ ඒ සදහා ආසන්නම හේතුවයි.   ශ්‍රී ලංකාවේ නාගරික සහ අර්ධ නාගරික කලාපයේ දෛනිකව භාවිත වල එල්පී ගෑස් (ගෘහස්ත ගෑස්) මිල හා විදුලි මිල ඉහළ නැගීමට එය හේතු විය හැකිය.

2016 පෙබරවාරි මස ගැස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 306 ක් වූ අතර එය 2016 අගෝස්තු මස වන විට ඩොලර් 288 ක් විය.  2017 පෙබරවාරි මස ලෝක වෙළෙදපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 573 කි.  ඒ අනුව, පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව ලෝක වෙළෙදපොලේ ගෑස් මිල 50% කින් ඉහළ ගොස් ඇත. 

ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළ යාම අනුව කෙටි කලක් තුල ලංකාවේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවීම අනිවාර්ය අවශ්‍යතාවයකි. 

විශේෂයෙන්ම විදුලි මාෆියාව හේතුවෙන් ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන ශ්‍රී ලංකා වැසියන්ට සෑම විටම ගෘහස්ත විදුලි ඒකක ප්‍රමාණය පහත මට්ටමක පවත්වා ගැනීම සදහා ගෑස් පාරිභෝජනයට පෙළඹෙමින් සිටී.

ලෝක වෙළෙදපොලේ ගෑස් මිල

කාලය මෙට්‍රික් ටොන් එකක මිල
2016 පෙබරවාරි 306
මැයි 363
අගෝස්තු 288
නොවැම්බර් 425
2017 ජනවාරි 477
2017 පෙබරවාරි 573

 

 

කීර්ති තෙන්නකෝන්විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

20017 පෙබරවාරි 16

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress