‘මහින්දගේ ප්‍රජා අයිතිය නැති කිරීම ලේසි නැහැ’
Posted on February 20th, 2017

sinhala.srilankamirror.com

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ආණ්ඩුවේ ජ්‍යේෂඨ අමාත්‍යවරයකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා මේ වන විට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට ‘සත්හඬ’ පුවත්පතේ පලවී තිබු වාර්තාවක් උපුටා දක්වමින් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය ඊයේ පළකර තිබු පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා එබව කිය.

හිටපු ජනාධිපතිවරයාගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර එහි නිර්දේශ මත, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලද එය සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය බවත්, මේ මොහොතේ ඒ වැන්නකට තුන් දෙකේ අනුමැතියක් ලබා ගැනීම දුෂ්කර බවත් එම ඇමතිවරයා අවධාරණය කළේය.

ඒකාබද්ධය සමගිකරන වැඩක් :

” මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කරන්න ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුන් පවා එකඟ වෙන එකක් නැහැ. ජනාධිපතිතුමාට මේ යෝජනාව ගෙන්න යන්නේ නීතිය පිළිබඳව විශාරදයෙක් කියලා හිතාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති කෙනෙක්. මේකෙන් වෙන්නේ මේවෙනකොට එකාබද්ධ විපක්ෂය තුල තියන බෙදීම් අහෝසිවෙලා සමගියක් ඇතිවෙන එක විතරයි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් මෙවැනි යෝජනාවක් ගෙනෙල්ල සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ඊට එරෙහිව පෙලගසේවි. එක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලන සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ ..” යයි ඇමතිවරයා වැඩි දුරටත් පැවසිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress