මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිත් පැය 72 ක්‌ ඇතුළත රනිල්ගේ අත්දෙකට මාංචු දමනවා- රංජිත් සොයිසා
Posted on February 20th, 2017

ඕමල්පේ – ප්‍රගීත් ජනක උපුටා ගැන්ම දිවයින

මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිල්ලා පළමු පැය හැත්තදෙක ඇතුළත ස්‌ථීර වශයෙන්ම රනිල්ගේ අත්දෙකට මාංචු දානවා, නැත්නම් අපි එදාට පාරට බහිනවා යෑයි ඒකාබද්ධ විපක්‌ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිසුත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස්‌ පළ කළේ කොළොන්න මැතිවරණ කොට්‌ඨාසයේ දොරපනේ සහ කැම්පනේ පැවැති ජනහමු දෙකක්‌ අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීම වෙනුවෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඉඳුනිල් රාජපක්‌ෂ මහතා විසින් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, ඇඹිලිපිටිය නගර සභාවේ හිටපු නගරාධිපති ලලිත් ගමගේ, ගයාන් දිසානායක ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ, මෙහිදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා, යහපාලන ආණ්‌ඩුව රටට සිදුකර තිබෙන වැරදිවලට ස්‌ථිර දඬුqවම් දිය යුතුයි. ඒ මොහොත වෙනකම් අපි ඇඟිලි ගැන ගැන ඉන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ මාංචු කූට්‌ටමේ මුලින් යනවා. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් පිටිපස්‌සෙන් යනවා. ඇමැති මලික්‌ සමරවික්‍රම ඊළඟට යනවා. මුදල් ඇමැති රවි කරුණානායක පස්‌සෙන් යනවා. මේ අයට තල තලා ගෙනියන්න ඕන හිරගෙදරට. 

මහින්ද රාජපක්‌ෂ මහත්තයා වටේ මේ කහ සිවුරු වටකර තිබෙනවා. ඔබ වගේ රටේ දුක්‌විඳින ජනතාව මහා පවුරක්‌ වගේ ඉන්නවා, එදත් හිටියා අදත් ඉන්නවා. එහෙම නොවෙන්න මහින්ද රාජපක්‌ෂ මහත්තයාට වෙන්නේ ලිබියාවේ ගඩාµsට වෙච්චදේ. ඔහු මරලා කාන්තාරයේ වැලලුවා..ඒක කරන්නයි මේ අය ලෑස්‌ති වුණේ. තමුන්නාන්සේලා අපි නොහිටින්aන මේ මහා සංඝරත්නය නොහිටින්න මහින්ද රාජපක්‌ෂ මහත්තයා ඝාතනය කරල ඉවරයි. අද උසාවියේ පිළිසරණක්‌ නැහැ. අපිට පොලිසියෙන් පිළිසරණක්‌ නැහැ. අපිට කිසිම තැනක පිළිසරණක්‌ නැහැ. තියෙන එකම පිළිසරණ මහජනතාවගේ පිළිසරණ විතරයි. බලන්නකෝ උසාවියක්‌ තියනවා ඒකාබද්ධ විපක්‌ෂයේ කට්‌ටිය එතනට ගෙනියනවා විතරයි ආපසු එන්නේ නැහැ. හරියට කුවේණිගේ වළට ගියා වගේ. කුවේණිගේ වළට ගිය අඩි තියනවා ආපසු ආපු අඩි තිබුණේ නැහැ කියනවා නේ. කොටුවේ උසාවියට ගිය කෙනෙක්‌ ආපසු ආවේ නැහැ ආපසු කෙලින්ම යන්නේ රිමාන්ඩ් එකට. කොයිකාලෙ ද හාමුදුරුවනේ සෙනසුරාදට නඩු අහලා, රෑ දොළහට තීන්දු දුන්නේ. මහින්ද රාජපක්‌ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ අපිට සෙනසුරාදා අත්අඩංගුවට අරගෙන රෑ 12.00 ට තීන්දු දීලා කෙලින්ම හිරගෙදරට දානවා. උසාවියට ගේනකොට හිරගෙදර කාමර සුද්ද වෙනවා. නඩුකාරතුමා හිරගෙදරට යවනවද, නැද්ද කියලා කොහොමද හිරගෙදර දන්නේ, හිරගෙදරට කියනවා ඕකා රිමාන්ඩ් කරනවා කූඩුව හදල තියාපන් කියල.

ඒකාබද්ධ විපක්‌ෂයේ නවදෙනයි ඉන්නේ මේ වටේ බන්ධනාගාරගත නොවිච්ච අය ලෙස. ඒ නව දෙනාගෙන් එක්‌කෙනෙක්‌ මම. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුනේදී එහේ යන්න.

මෛත්‍රීගේ ආණ්‌ඩුව හොරු අල්ලනවලු. දැන් අවුරුදු දෙකක්‌ තිස්‌සේ හොරු අල්ලනවලු. අල්ලපු හොරෙක්‌ නැහැ ඔප්පු කොරපු හොරකමක්‌ නැහැ. කෝටි දාහතර දහසක්‌ මංකොල්ලකෑවා බලයට ඇවිත් දින 32 ක්‌ ඇතුළත මම වගකීමෙන් කියනවා මේ ගත්ත සල්ලිවලින් එක්‌සත් ජාතික පක්‌ෂයේ සංවිධායකවරුන් එක්‌ අයකුට ලක්‌ෂ පනහත්, විසිපහත් අතර බෙදීයන සේ ලබා දුන්නා.

අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා මහ බැංකුවෙන් දීපු ඒ. ටී. එම් කාඩ් එකෙන් ලක්‌ෂ හයසිය හැටක්‌ පිටරට ගමන්වලට වියදම් කරලා. එක දවසේ හෝටල් තුනකට එක වෙලාවේ බිල් ගෙවලා. අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. සපත්තු දෙකයි කලිසමයි. කෝට්‌ එකයි, ටයිs එකටයි ලක්‌ෂ විස්‌සක්‌ අරගෙන. හොඳයි නේද යහපාලනය. මේවා මහජන මුදල්. සාංඝික දේපළ හොරාකන හැටියට අපේ අම්මා, තාත්තා කියලාදීල තියෙන්නේ කෑවොත් බල්ලෝ, කපුටෝa වෙනවා, ගල් පෙරේතයෝ වෙනවා කියලා.

මේවා බොරු නම් අපිට නඩු දාන්න. යන්න උසාවියට අපි ලෑස්‌තියි සියලු කඩදාසි අපි ළඟ තියනවා. _අවුරුදු 42 කට පස්‌සේ හාල් පෝළිම රටේ ඇතිවෙලා තියෙනවා. ඇයි මේ ඇතිවෙන්නේ කවුද ලංකාවේ හිටිය හාල් කොම්පැණිකාරයා. මහින්ද මහත්තයාගේ මල්ලි ද කාගේ මල්ලී අතේ ද හාල් පාලනය පවතින්නේ අද.

මේ ආණ්‌ඩුවට බැරිවී තියෙනවා හතරමං හන්දියක පිච්චුන වීදි ලාම්පුව දාගන්න. කාපට්‌ පාරවල් දැක්‌කේ මහින්ද රාජපක්‌ෂ කාලේ. මේ අය කළේ රටේ තියෙන හාල් ටික වෙළෙඳපළට නිකුත් කරන්නේ නැතිව එක තැනකට ගොඩ ගහගෙන හාල් ඒකාධිකාරයක්‌ හැදීමයි. මේ අයට දෙයියන්ගේ හාල් කැවිලා.

බුලත් කොළෙන් පාර්ලිමේන්තුවට ගිහින් කවදාවත් රනිල් ඉන්න ආණ්‌ඩුවේ අපි ඉන්නේ නැහැ. මේ ආත්මයේ නෙවෙයි උපනූපන් ජාතීත් සම්ම ජාතීත් අපි එ. ජා. පයත් එක්‌ක සම්බන්ධයක්‌ නැහැ.

මේ ආණ්‌ඩුවේ ආයුකාලය අවසන් වෙනවා සැප්තැම්බර්. දේශපාලන අර්බුදයක්‌ රට තුළ නිර්මාණය වෙනවා. අන්න ඒ වෙලාවේදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්‌ඩු බලය ලබාගැනීමට අපි සූදානම් කරල තියෙනවා. වහාම ඡන්දය තියාපල්ලා කියල අපි රටපුරා සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම සත්‍යග්‍රහ පවත්වනවා.

2 Responses to “මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිත් පැය 72 ක්‌ ඇතුළත රනිල්ගේ අත්දෙකට මාංචු දමනවා- රංජිත් සොයිසා”

  1. Christie Says:

    අපි ඔක්කොම ඉන්දියානු අදිරදයේ හා ඉන්දියානු පරපෝසිතයන්ගේ යටත් වැසියෝ රනිල්, මහින්ද, සොයිස ඔක්කොම.
    අපි අපි අතර දබර නවත්තල එකතුවෙලා ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගී සිටින්න ඕනි.

  2. Dilrook Says:

    Ranil signed the CFA in 2002 which was declared illegal in 2008. Nothing happened to Ranil. That was a much worse crime than anything he has committed since 2015. A large number of crooks were identified by repeated COPE reports. No one was punished. Politicians with dynastic ambitions will never punish fraudsters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress