බැදුම්කර වංචාවේ හොර ගැසට් පත්‍රය මුද්‍රණය 2016 නොවැම්බරයේදී යයි හෙලිවේ.. මහින්දට පොලිය සමඟ බිලියන 750ක් බැර වේ..
Posted on February 25th, 2017

ලංකා සී නිවුස්

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස හගවමින් 2015 වසර සඳහා ණය ගැනීමට මහා බැකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීමට අදාළ ගැසම් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ 2016 නොවැම්බර් මස බව එම ගැසට් පත්‍රයේම කරුණු වලින් අනාවරනය කර ගත හැකිය.

ඕනම ගැසට් පත්‍රයක මුද්‍රණයේදි එහි මුල් පිටුවේ පහළ කොටසේ ඉතා කුඩා අකුරෙන් එහි මුද්‍රණය කොට ඇති දිනය අදාළ වෙනත් තොරතුරු කිහිපයක් සඳහන් කිරීම අනුව එම ගැසට් පත්‍රයේ සත්‍යයතාවය මෙන්ම එම නියෝගය දුන් අදාළ වගකිවයුත්තන් හෙලිකර ගත හැකිය.

අංක 1895/19 – 2015 ජනවාරිමස 01 වැනි බ්‍රහස්පතින්දා – 2015-01-01 යටතේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමති ලෙස මහින්ද රාජපක්ෂ විසින් 2015 ජනවාරි මස 01 වැනි දින කොළඹ දී ය යටතේ නිකුත් කොට ඇති ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) අනුව එහි පලමු පිටුවේ පහළ කොටසේ 12-126/1 යට 1A – G 24570 — 17 ( 2016/11) ලෙස ඉතා කුඩා අකුරෙන් සඳහන් කොට ඇත. (පහත සඳහන් 1895/19 ගැසට් පත්‍රය පරීක්ෂා කොට සනාථ කර ගත හැකිය)

ඒඅනුව මෙම වංචාකාරි ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇති සත්‍ය දිනය වනුයේ ( 2016/11) ලෙසයි, එනම් 2016 වසරේ නොවැම්බර් මාසයේදී යන්නයි, එනම් මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිකමෙන් ඉවත් වී හරියමට මාස 21 ට පසුවයි.

එමෙන්ම එම ව්‍යාජ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කොට 2015 වසරේ එනම් මෛත්‍රී-රනිල් යුගයේ ලබාගෙන ඇත.

ලාබාගත් ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 330080 කි එනම් රුපියල් බිලියන 330කි එය හම්බන්තොට වරාය චීනයට විකුණා ගන්න වටිනාකම මෙන් දෙගුණයකි.

ඊට අමතරව ඒ සඳහා ගෙවිය යුතු පොලිය රුපියල් බිලියන 420කි, කාලය වසර 5 සිට 30 කි, එනම් වසර 2045 දි ණය ගෙවිය යුතුය, ඒ අනුව එතුමාගේ අනුමැතිය යටතේ ණය සහ පොලිය එකතුව රුපියල් බිලියන 750 කි. එම ණය මුදල සහ පොලියේ වටිනාකම හම්බන්තොට වරාය විකුණා ගන්න මුදලට වඩා 5 ගුණයකි.

පහත සඳහන් 1895/19 ගැසට් පත්‍රය පරීක්ෂා කොට බලන්න, එමෙන්ම 2015 වසරේ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස වෙන්දේසි කල භාණ්ඩාගාර බැදුම්කර වටිනාකම, පොලිය, සහකාලය (වර්ෂ ගනන) අනුව පොලිය ගණනය කොට ඇත. එම පිටු අංක පහත පරිදිය.

please refer to:
(page 17A) Date of action 01 //march/2015
Amount Rs 10,058m
Interest 12.5%
period 30 years.

(page 18A) Date of action 15 //march/2015
Amount Rs 53.250m
Interest 10,25%
period 10 years.

(page 19A) Date of action 15 //march/2015
Amount Rs 74.565m
Interest 11.5%
period 20 years.

(page 19A) Date of action 01 //may/2015
Amount Rs 60.181m
Interest 9.25%
period 5 years.

(page 20A) Date of action 15 //may/2015
Amount Rs 27.437m
Interest 11.00%
period15 years

(page 22A) Date of action 01 //August/2015
Amount Rs 51.139m
Interest 11.00%
period10 years

(page 24A) Date of action 15 //December/2015
Amount Rs 53.450m
Interest 9.5%
period 5 years

4,047 Viewers

2 Responses to “බැදුම්කර වංචාවේ හොර ගැසට් පත්‍රය මුද්‍රණය 2016 නොවැම්බරයේදී යයි හෙලිවේ.. මහින්දට පොලිය සමඟ බිලියන 750ක් බැර වේ..”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයේත්, ඉන්දියානු පරපෝසිතයන්ගේත් උන්ගේ වහලුන්ගේත් වැඩ.

  2. Ananda-USA Says:

    MORE FINANCIAL SKULDUGGERY by the YAMAPALANAYA THIEVES!

    Will these CROOKS stop at NOTHING?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress