රනිල්ගේ පච හැලීම- රටේ සමස්ථ ණය ඇ.ඩොලර් බිලියන 15000 ක් බව කියයි.. මේ රජය පැමිණ ගත් 20% ක් ණයත් සමඟ තවම ඇ.ඩොලර් බිලියන 64 යි..
Posted on March 10th, 2017

ලංකා සී නිවුස්

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක 1  ආර්ථික හිමි රටවන අතර එහි සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 18.56 කි එනම් ඩොලර් බිලියන 18560කි  2 වෙනි ස්ථානය චීනයට හිමිවේ. එය ඇ.ඩොලර් බිලියන 11391කි තුන්වන ස්ථානය හිමිවන්නේ  ජපානයටයි. ඒ ඇ. ඩොලර් බිලියන  4730කි,  එමෙන්ම ඉන්දියාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් බිලියන  2250 ක් ලබා ලෝකයේ 7 වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ශ්‍රීලංකාව ඇ.ඩොලර් බිලියන 82 කක හිමිකම් කියමින් ලෝකයේ 67 වෙනි විශාලතම වාර්ෂික දල දේශිය නිෂ්පාදනයට  හිමිකම් කියයි. (https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)

අගමැති රනිල්ට ගණන් පැටලේ, රටේ සමස්ථ ණය ඇ.ඩොලර් බිලියන 15000 ක් බව කියයි.. මේ රජය පැමිණ ගත් 20% ක් ණයත් සමඟ තවම ඇ.ඩොලර් බිලියන 64 යි..

 එමෙන්ම රටක වාර්ෂික දල දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට එම රට ගත් ණය ප්‍රමාණය ගණනය කරනු ලබයි. ඒ අනුව ඇමරිකාව එක්සත් ජනපදය 2016 වසර වනවිට සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 17910 කි. එනම් වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් ප්‍රතිශතය ලෙස 96% කි. චීනය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 1680 කි, එය චීනයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 16% කි. ජපානය සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 2861 කි, එය ජපානයේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 60%කි. එමෙන්ම ඉන්දියාවේ සමස්ථ ණය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 485 කි, එය ඉන්දියාවේ සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 6%කි.

ශ්‍රීලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වෙනිදාට ( මහින්ද රාජපක්ෂ යුගයේ) ඇ.ඩොලර් බිලියන 56 කි. එය සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 71%කි එනම් රුපියල්වලින් බිලියන 7500 කි. එහෙත් රනිල්-මෛත්‍රී ආණ්ඩුව පසුගිය වසර දෙක තුල පමණක් තවත් රුපියල් බිලියන 2200 කින් මෙම ණය ප්‍රමාණය වැඩිකර ගෙන ඇත, ඒ අනුව වුවද අදටත් එම ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 9700 ක් වන අතර එය ඇ.ඩොලර් බිලියන 63 දශම 8 කි.

එමෙන්ම කිසි කලක මොනම රටක්වත් ඇමරිකාව හැරුණු කොට මේ තරම් විශාල ඩොලර් බිලියන 15000 පහලොස් දහසක් ණය ලබා ගෙන නැත. ඒ අනුව 1948 නිදහසන් පසු ශ්‍රීලංකාව වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් පහත වගුවෙන් දැක ගත හැකිය. එහිදි වරක් එජාප සමයේ එනම් 1988 වසරේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය අතර නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති සමයේ එනම් 2002 සිට 2005 දක්වා ද වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය බව මහා බැංකුවේ වගුවෙන් පැහැදිලි කර ගත හැකිය.

එබැවින් ඊයේ 09/03/2017 දින ඩේලිමිරර් ඉංග්‍රීසි පුවත් පතේ මුල් පිටුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 15000 ( පහලොස් දාහසක්) ශ්‍රීලංකාව මේ වනවිට ණය වී ඇතයි පැවසිම හරිහැටි සංඛ්‍යාය ලේඛන හැදෑරීමකින් තොරව හෝ කවුරුත් හෝ දෙන ලද වැරදි දත්ත පදනම් කරගෙන පැවසූවකි.

2 Responses to “රනිල්ගේ පච හැලීම- රටේ සමස්ථ ණය ඇ.ඩොලර් බිලියන 15000 ක් බව කියයි.. මේ රජය පැමිණ ගත් 20% ක් ණයත් සමඟ තවම ඇ.ඩොලර් බිලියන 64 යි..”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller is only good
    at
    murder (Sinhalese only please)
    mayhem (grand scale only)
    robbery (grand scale only)
    treachery (monumental only).
    lies (mega only)
    He is no good in any other things. He knows Sinhalaya famous for being modayas so he exploits this to the hilt. In fact
    not just him, catholic run UNPatriotic party is only good at those things. Still Sinhala modayas can’t see their true
    colours and keep voting them in. Sri Lanka, the Sinhala modayas’ paradise!

  2. ranjit Says:

    Ranil is the biggest liar, cheater, swindler, loser (lost twenty times in elections) and a pretender. He highjacked the premiership and was the co leader of the western backed coup detart. In recent times he has become a joker and a villain in parliament and outside. We should unite to send this guy packing back to his master’s in the west

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress