පේරාදෙනිය වධකාගාරය නොහොත් Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාව
Posted on March 17th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වධකාගාර ශ්‍රි ලාංකික සමාජයට නවතාවක් නොවේ. හමුදාව විසින් පාලනය කල යටාරෝ කැෆටේ‍රියා වධකාගාරයද කොටින් විසින් පවත්වාගෙන ගිය දේවිපුරම් වධකාගාරයද ශ්‍රි ලාංකිකයන්ට අමතක නොවේ. මේ වධකාගාර වලට වඩා පේරාදෙනිය වධකාගාරය වෙනස් වෙයි. එය පවත්වාගෙන යන ලද්දේ අට සමත් කේඩරයන් නොව විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන් පිරිසක් විසිනි.

මොවුන් රැඩිකල් දේශපාලන පක්‍ෂ වල සොල්දාදුවෝ වෙති. යම් ලෙසකින් මෙම රැඩිකල් දේශපාලන පක්‍ෂ ලංකාවේ බලය අල්ලා ගත්තේ නම් ඔවුන් ලංකාව පාලනය කරන්නේ මෙවැනි වදකාගාර ආකෘතියක් හරහාය​. කෙමරූජ්වරු කාම්පුචියාවේ මෙවැනි වදකාගාර පවත්වාගෙන ගියහ​. කාම්පුචියාවේ Tuol Sleng වධකාගාරය එක් උදාහරණයකි.

පහත ලිපිය උපුටා ගනු ලැබුවේ රාවය පුවත්පතිනි. කාම්පුචියාවේ Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාවක් ලෙස පේරාදෙනිය වධකාගාරය නම් කල හැකිය​. 

………පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට මෙම පෞද්ගලික වධකාගාරය පිළිබඳ කණින් කොනින් තොරතුරු ලැබෙමින් තිබී ඇත. පෙබරවාරි 19 දින රාත්‍රියේදී ළමුන් කීපදෙනකු රඳවාගෙන නිරුවත් කර වධදෙන බවට ලැබුණ තොරතුරක් මත ආරක්‍ෂක නිලධාරීන් පෞද්ගලික වාහනයකින් එහි ගොස් නිවෙස වටලා පසුව ආචාර්ය මණ්ඩලයේ කීපදෙනකුද එතනට කැඳවාගෙන තිබේ. ඒ යත්දීත් වධයට බඳුන්වුණ සිසුන් සිට ඇත්තේ නිරුවතිනි.

 නවක සිසුන් හත්දෙනකු එදින වධදීම සඳහා කැඳවාගෙන අවුත් ඇත්තේ චිකාගෝ ක්‍රමයටය. ඒ දුරකථන ඇමතුම් මාර්ගයෙන් පණිවිඩ ලබාදෙමිනි. දහනමවැනි දින එක් සිසුවෙකු විශ්විද්‍යාලයේ නේවාසිකා ගාරයේ සිටිත්දී සිය ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ සවස 2.30ට මහනුවර රෝහල අසලට පැමිණෙන ලෙසටය. ඔහු රෝහල අසලට යනවිටත් දුරකථන ඇමතුමක් ලද ඔහුගේ තවත් මිතුරෙක්ද රෝහල අසල සිටියේය. අනතුරුව මහනුවර ඔරලෝසු කණුව අසලට පැමිණෙන ලෙසට දුරකථන ඇමතුමක් ලැබෙන්නේය.

ඔවුහු දෙදෙනා එතැනට යති. එහිදී සංජීව නම් තවත් අයකු පැමිණෙන බවත් ඔහුත් කැටුව මහනුවර ගුඞ්ෂෙඞ් බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසත් ඊළඟ ඇමතුම ලැබෙන්නේය.

ඊටත් පසුව දෙල්තොට බස්රථයට නැඟ නමය කණුව ළඟින් බසින්නට දුරකථනයෙන් ඇමතුම් ලැබෙන අතර ඔවුහු ඒ නියෝගයට අවනතව අදාළ ස්ථානයෙන් බසිති. යතුරු පැදිවලින් අවුත් ඔවුන් අතුරුමාවත් දිගේ රැගෙන ගොස් මෙම නිවසට රැගෙන යන්නේ දෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.

නිවෙසට කැඳවාගෙන ගොස් වතුර බොන්නට දී ඇඳුම් ගලවන්නට අණකර ඇඳුම් ගැලවූ පසුව කුණුහරුපයෙන් බැණ වැදුණු බවත් විවිධ අඩන්තේට්ටම් කළ බවත් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ අය සහ විනයභාර ආචාර්යවරයා පැමිණෙන තෙක්ම නිරුවතින් සිටීමට සිදුවූ බවත් සිසුන් ප්‍රකාශ කර ඇත.

එක් සිසුවෙකු පමණක් අනෙක් අය ඇඳුම් ගලවත්දී තමන්ද ඇඳුම් ගැලවූ බව ප්‍රකාශ කර තිබේ. සිසුන් පිරිස නිරුවත් කළේ ඇයිද යන්නට වධකයන් දී ඇති පිළිතුර අපූරුය. ඒ ඔවුන්ගේ ලජ්ජාව නැතිකරන්නට බවය.

One Response to “පේරාදෙනිය වධකාගාරය නොහොත් Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාව”

  1. Christie Says:

    රුවන් මේවා අලුත් දේවල් නොවේය.

    ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් සින්හලයන් විනාස කිරීමට ගෙනයන් වියාපාරයේ කොටසකි.

    මෙයට සමාන්තරව බලය බෙදීමේ වැඩපිලිවෙල ගමන්කරයි.

    රටේ වැඩි ඉඩම් හා මුහුදු වපසරිය ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන් ගේ ඒකමතික පාලනයට යයි.

    සින්හලයන්ව කුඩා ඉඩම් කොටසකට යටකර සමජවාදී ඉන්දියානු හා ඉන්දියානු ගැතියන්ව බලයට පත්කර සින්හලයන් මරාදමනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress