ප්රෝඩා ජන මත විචාරණය පරාද කිරීමට මහින්ද ඇතුළු එකාබධ්ධයට නොහැකිවුනොත් 
Posted on March 26th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

සියලු සුළු වාර්ගික චන්ද සහ දේශද්‍රෝහී සිංහලයන්ගේ ත් බෞද්ධ විරෝධීන්ගේත් චන්ද ලබා ගෙන අලුත් ව්‍යවස්ථාවක් අනුමත කිරීම සඳහා පවත්වන ජන මත විචාරණයක් ජය ගැනීමට යහපාලන රජය ට කිසියම් හැකියාවක් අතය් දේශප්‍රේමී ජනතාව අතර දැන් දැඩි බියක් ඇත ..සිංහලේ ඉතිහාසයේ මෙතෙක් කිසිකලෙක නොවූ විරු අන්දමින් සිංහල බෞද්ධ උරුමය මරාදමා මිනී පෙට්ටියේද බහා අන්තිම ඇ නයත් ගැසීමටබටහිරයන් හා ඉන්දියානුවන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ නම් අන්ග්ලිකානුවා යොදවා ඇත .

1796 සිටම ඉංග්‍රීසින්ගේ පරම අභිලාශය වුනේ මෙයය් …මේ පාර නම් එය නොවරදවාම ඉටුකිරීමට ඔවුහු දන්නා සියලු උප්පරවැට්ටි යොදනු ඇත .මෙතෙක් ජාතියේ මුරදෙවතාවන්ව සිටි භික්ෂුන් වහන්සේලාගෙන් සමහරෙක්ද මේ සඳහා රනිල්ට උදව්වට පැමිණීම අභාග්‍යයකට පෙර උලලේන හඬන මුසල හඬ මෙන්ම භයන්කරය .බුද්ධ සාෂණයේ මුදුන් මල්කඩක් වැනි මල්වතු විහාරයේ නායක භික්ෂුව රටේ ඒකීය භාවයත් පාවාදෙන රට අනාගමික කරන අබෞධ්ධයා පසුපස යාම සියලු බෞධ්ධයන්ගේ හදවත් සසල කරය් .

කිසිදා නොවූ ලෙස බෞද්ධයෝ එකිනෙකා කෙරෙහි කොටවන්නට අබෞධ්ධයෝ සියුම් වැඩකොටසක් කරගෙන යති .සිරිසේන නම් ගැමියා මේ පවුකාරයන්ගේ ග්‍රහණයට ගෙන ඔහු ප්‍රධාන යම පල්ලා ලෙස ඉදිරියට දමා ඇත . බටලන්ද වධකයා තම අත්දැකීම් මගින් දැන් තෙම්පරාදුවෙලා නිසා මෙවෙලාවේ බෞද්ධ ඝාතනය කරවන්නේ සිරිසේන ලවාය ..අන්තිම මොහොත වෙන තුරුත් සිරිසේන බෞධ්ධයා එවැන්නක් නොකරනු අතය් සමහරුන්ට හිතෙන්නේ නැත . වැඩේ ඉවරවූ පසු සිරිසේනට යන එන මන් නැතිවනු ඇත සිරිසේනට එලොවත් මෙලොවත් නැතිවීම නම් ඒකාන්තය ..රනිල් නම් එලොවක් ගැන විශ්වාස කරන්නේ නැත .. සිරිසේනගේ හත්මුතු පරම්පරාව මේ පාපයෙන් සරපුරා ම විඳවමින් යනු ඇත .

මයිත්රීපාල සිරිසේන මහතාණෙනි .මේ උගුලට අහුවෙන්න එපා .තවත් ප්‍රමාද නැත .වහාම රනිල් අගමැතිකමෙන් අස්කරන්න ,ආකල්ප ලක්ෂ ගණනක් අවීචි මහා නරකාදිවල පහෙන්නට වන කටයුතුවලට ඔබව යොදාගන්නා මේ මුසලයන්ගෙන් වහාම ඉවත් වන්න .ඔබට කිසිදු ජන බලයක් නැති බව ඔබ දන්නවා .ජන බලය ඇත්තේ මහින්දටය් .

මේ අවසාන මොහොතේ හෝ මහින්ද සමග එකතුවන්න ,සින්හලරටත් ජාතියත් බෞද්ධ සාෂනයත් බේරාගන්නට සිංහල බෞද්ධයන්ට සහයෝගය දෙන්න වුනදේ වුනා පසුතවිලිවෙන වැඩ වලින් ඉවත්වී නියම ගැමි සිංහල බෞද්ධයෙක් වන්න මේ ඔබට කරන අවසාන ආරාධනයය් 

සිරිසේන රනිල් සමගම හිටියොත් මේ යන විදිහට නම් රනිල් නැවතත් මාමාගේ ”’ලාම්පු කලගෙඩි සෙල්ලම ”වන්නක් මගින් ජන මත විචාරණයක් ජයගෙන සිංහල බෞද්ධයන් වනසන අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට හැකි සියලු දේ කරනවාමය් ..මහින්දලා මේවනතෙක් මේ ගැන රටවැසියන් දැනුවත් කළා හොඳටම මදි .

ගම්වල මිනිසුන්ට පුවත්පත් ගන්න සල්ලි නැහැ කියවන්න වෙලාවක් නැහැ .පාසල් සිශ්යයෝ තරංග විභාගවලට පාඩම් කරනවා මිසක් දේශපාලනයක් ගැන උනන්දුවෙන්නේ නැහැ ඉතින් දෙමව්පියෝ දැනුවත් කරන්න උන්ට බහ ..ඒ මදිවට මහින්ද ළඟ ඉන්න ෆෙඩරල් වාදී ස්මාට් දේශ පාලනඥයෝ ජාතික වාදීන්ගේ ඔළුගෙඩි කුරුවල් කරනවා .ජී එල් තවමත් සමගාමී ලැයිස්තුව අයින් කල යුතුය් කියනවා ”””.චන්දදායකයා වෙලාවට වැඩේ කරය උන් දන්නවා සිද්ද වෙන්න යනදේ ඒ හින්ද අපි කල බල වෙන්න ඕනේ නැහැ ””කියල ප්‍රචාරණ වැඩවලට අකුල්හෙලා උනුත් මහින්ද ළඟ ඉන්නවා. සරත්වීරසේකරට කීදෙනාද උදව් කලේ .19වන සංශෝදනයට විපක්ෂව චන්දය දෙන්න හිටියේ සරත් විතරය් . අනිත් උන් ගැන ඉතින් කොහොම විශ්වාස කරන්නද .

එකාබධ්ධය මේ වෙලාවේ වැඩකරන්න ඕනේ හරියට යුද්ධයකදී මරාගෙන මැරෙන හමුදාවක් වාගේ ජීවිත පරදුවට තියලය් .එහෙත් එයාල හරි මන්ද ගාමිය් .හැමදාම වැරැද්ද ගත්ත සිරිසේන ගැන විශ්වාස කරලා වෙනම පක්ෂයක් නොහද වැඩ වැරැද්ද ගත්ත .වැරදුනාට පස්සෙවත් වරදිහදාගෙන කෙලින් හිටපන්කෝ ….එත් නැහැ .මහින්ද මහත්තයෝ රටබෙරගන්න මේ වෙලාවේ පුළුවන් ඔබට පමනය් …සිද්ද වෙන්න තියන දේ ,,සිද්දවෙච්චි දේ ටක්කෙටම නලින්ද සිල්වා කොච්චර කිව්වද .කෝ ඇහුවද පැරදුනාට පස්සේ උන්නද මලාද කියල හොයල නොබලපු ජී එල් ඩලස් වැනි අයව ඔබට ආයෙත් ලොකුවුනා .

සර්පයෝ හඳුනාගන්න මහින්ද මහත්තයෝ .ඔබේ හැකියා මේ වෙලාවේ ඉවත දැම්මොත් ඔබ ඉතිහාස ගතවෙන්නේ දුබලයෙක් විදිහට.සමීපව ඉන්නා සර්පයින් ගසාබසා දමා සරත්වීරසේකර නලින්ද සිල්වා අමාර සේකර බෙන්ගමුවේ නාලක හිමි වැනි අයව පෙරටු කරගෙන අභීත සිංහයෙක් මෙන් පෙරමුණ ගෙන සටන් වදින්න ඔබටත් ජයවෙය් රටටත් ජයවෙය් ගෙන්ගෙට ගොස් ජනතාවට කරුණු පහදා දෙන්න නට ඔබේ මන්ත්‍රීවරු යවන්නතරුණයන් කණ්ඩායම් හදා ඔවුන්ට අරකී වියතුන් ලවා දේශනා පවත්වා ඔවුන් දැනුවත් කර ඔවුන්ලවා තව කණ්ඩායම් පුහුණු කරවන්න .

දේශප්‍රේමී ජාතිකවාදී පරපුරක් බිහිකිරීමේ වග කීම අදම ඔබ විසින් ගත යුතුය් බලා ඉන්න කාලයක් නැහැ .ඔබට රනිල් සිටින තුරු සුළු වාර්ගික චන්ද ලැබෙන්නේ අතලොස්සය් ..මතක තියා ගන්න ජාතික ගීය දෙමලෙන් නොගිය යුතුය් කිව්වා තරමට සරත් වීරසේකරට මුස්ලිම් චන්ද 7000න 6500 කම නැතිවුනා ..උන්ට කත් ඇ දල දිනුවත් මොකටද…මහින්ද ඔබ දෙවියෙක් වැනි මිනිහෙක් බව පෙන්වන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress