21 වන සියවසට මෝහන ප්‍රසංග කලාව
Posted on March 26th, 2017

රුවන් ඇන්ටන් දියලගොඩ

වේදිකාව ඉදිරියේ හුන් ප්‍රෙක්ෂකයින් කිහිප දෙනෙකුම වේදිකාව මතට ඇදි ‍ගොස් සංදර්ශකයින් බවට පත්ව ඇත. කළු උපැස් යුවලක් පැළැඳ කළු ටයි පටියක් දමා ගත් පුද්ගලයාගේ බසට ඔවුන් අවනත වී ඇති සෙයකි. දෑස් ‍ගෙන එක් අත් ගෙන එක් අතක් ඉහලට ඔසවා ගත් වේදිකාව මත සිටියවුන් සියුම් සංගීතයට අනුව දෙපා තබයි. මෙලෙස සංගීතයට අනුව දෙපා තබන තරුණයකු අසලට පැමිණි කළු  ටයි පටියක් පැලඳ ගත් තැනැත්තා ඔහුගෙන් යමක් විමසයි…..

            ඔබ දැන් මෝහනයට පත් වෙලා නේද” ?

            නැහැ….. නැහැ….. ඔබට මාව මෝහනය කරන්න බැහැ”

            හොඳයි මම දැන් තුනට ගනිනවා මා තුන” යැයි පවසන විට, ඔබ හතර ගාතෙන්, බල්‍ලෙකු මෙන් උඩු බුරමින් වේදිකාවෙන් බිමට බසිනවා…..එකායි…..දෙකායි…..තුනායි…..’’

            ඔබට නම් මාව මෝහනය කරන්නම බැහැ……බව්…..බව්……බව්…..බව් (තරුණයා බල්ලෙකු මෙන් බුරමින් , හතර ගා‍ගතන්, වේදිකාවෙන් බිමට බසියි.) ’’

            ඉහත වීඩියෝ ක්ලිපය, මා ඇස ගැටු‍ණේ අන්තර්ජාලයේ සැරිසරද්දීය ඕනෑම අයකුට, ඕනෑම සෙවුම් යන්ත්‍රයකින් Stage Hypnotism” (මෝහන ප්‍රසංග) යන්න, ටයිප් කිරීමෙන් , මෙබඳු විනෝදාත්මක’’ විඩියෝ ක්ලිප ඕනෑතරම් බාගත හැකිය.

            නර්තනය සහ ගායනයටම පමණක් සීමා වුනු, ශ්‍රී ලාංකීක ප්‍රසංග කලාවට මෝහන ප්‍රසංග කලාව (Stage Hypnotism) හඳුන්වා දෙනු ලැබුයේ, අභාවප්‍රාප්ත , ආචාර්ය නෙවිල් ද සිල්වා ශුරින් විසිනි.

            ඔහුගේ පළමු මෝහන ප්‍රසංගයේ, එක් අවස්ථාවක් 1970 දී, සරසවිය පුවත්පතේ මුල් පිටු‍වෙහි ද පළ කරනු ලැබිනි. එදින නෙවිල් ද සිල්වා විසින් මෝහනයට පත් කරනු ලැබුවන් අතර එවකට නැඟී එන නිළියක වුන සෝනියා දිසා’’ ද වුවාය. මෝහනයට පත් කෙරුණු නිළියගේ සිරුරට දමා තිබුණේ දැවැන්ත පිඹුරෙකි. එය එදා මුල් පිටු‍වේ පළ කෙරුනු ඡායාරූපයයි.

            පසු කලෙක හාමුදුරුවන්  පසු පස යන ඇබිත්තයෙකු’’ සේ මම ද ආචාර්්‍ය නෙවිල් ද සිල්වාගේ කළු පැහැ බ්‍රිෆ් කේසය’’ අතින් ගෙන ඔහු පසු පසින් ගියෙමි. කඳුවැටි, බඩවැටි, ඔවිටි, පසු කරමින් ගම්බද පාසැල් වලත්, නගර බද සේවාස්ථාන වලත්, ඔහු විසින් පවත්වන්නට ‍‍යෙදුනු ඇතැම් සංදර්ශනයන්ට මමද සහභාගි වුනෙමි. ගොඩගම ප්‍රදේශයේ පැවැත්වුනු මෝහන ප්‍රසංගයක් මට කිසිදා අමතක නොවේ. එදින බොහෝ දෙනෙකු මෝහනයට පත් වී , වේදිකාට මතත්, වේදිකාවෙන් පිටතත් සිටියේය. තම විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු බවට පවසමින් වේදිකාවට ගොඩ වී, සිල්වා මහතා‍ගේ මයික්‍රො‍ෙෆා්නය  ඉල්ලා ගත් අයෙක් , මෝහන, විෂය පිළිබඳ තම දැනුම ගැන පාරම්බාන්නට විය. තම පුරසාරම් කථාව අවසාන කරමින්, ඔහු කියා සිටියේ නයිට්‍රජන් ඔක්සයිඩ්” හෙවත් සිනහ වායුව” ප්‍රේක්ෂකයින්ට අල්ලා ඔහුන්ව සිනා ගැන්වීම බදු විගඩමක් විනා හරවත් යමක් නෙවිල්ගේ මෝහන ප්‍රසංග වල නොමැති බවයි. ඉතා නිහතමානිව නිර්දය විවේචන ඉවසු නෙවිල් මහතා, කිසිවක් නොකියා අධ්‍යාපන අධ්‍යකෂකවරයා අතර රැඳි මයිකෝ‍ෙෆා්නයනය තම දකුණතින් ඉහළට එසවීය…. පුදුමයකි. අධ්‍යාපන අධ්‍යක්ෂක මෝහනයට පත් වී සිටියේය.

            දැන් ඔබ සිනහ වායුව නැතිවම සිනාසෙන්න” නෙවිල් තම ගැඹුරු කටහඬ අවදි කලේය. තමන් මෝහනය පිළිබඳ ඔස්තාද් යැයි පාරමි බෑ අධ්‍යාපන අධ්‍යක්ෂකරවයා, බඩ අල්ලා ගෙන, කඳුලු සලමින්, දෙවනත් කරමින් හඬින් සිනාසෙන්නට විය. මිනිසුන් සමුහ වශයෙන් මෝහනයට බඳුන් වන්නේ,මෝහන ප්‍රසංග වලදීම පමණක්ම නොවේ. එදි‍නෙදා ජිවිතයේදී ද අඩු වැඩි වශයෙන් අපි මෝහනයන්ට ලක් වන්නෙමු.

…….භාන්ඩයේ නමට වඩා එහි වෙළඳ   නාමය මනසේ රැඳවීමට, වෙ‍ළඳ දැන්වීම සමත්වීම……..

……….උද්ඝෝෂනයක් හෝ ක්‍රීඩා උත්සවයක් වැනි උද්වේගකාරි අවස්ථාවල අපට සිටින තැන අමතක වීම…..

………බොහෝ විට බසයේ පිටුපස සිටින පෙම්යුවලට, තමන් ගමන් කරන්නේ මගීන් පිරි සිටින බසයක බව අමතක වීම…….

            …….තැනින් තැන ඒකාකාර හැඩයක් ගත් පාලමක් මතින් වේගයෙන් රිය පදවන ඇතැම් රියදුරන්ට පමණක් භුතයින් දර්ශනය වීම……..

……..තොවිල් පොල නැරඹීමට පැමිණි අයෙකු  බෙරහඬට ආවේශ වීම……

…….කෙසඟ පුජකරවරයාගෙ ආශිර්වාදය ලබාගැනීමට පැමිණි, සද්දන්ත මිනිසෙකු, කපා හෙළු ගසක් මෙන් බිම ඇද වැටීම…….

තම බඩගොස්තරවාදි පාතාල දේශපාලනය, වසා ගන්නට,රට, ජාතිය, ආගම වෙනුවෙන් නිබඳවම පෙනී සිටින බව නිතරම ඇඟවන දේශපාලකයින් ජනතා වීරයින් බවට පත්වීම……

            ඉහත සියළු  උදාහරන එක් වචනයකට ලඝු කළ හැකිය. ඒ ව්‍යංගයයි (Suggestion) හිරු නැති කල, තරු දිලිසෙයි. උඩු සිත නිදිගැන්වු කල, ටයි සිත ව්‍යංගයට” නතු වෙයි. ඒ මෝහනයයි. මෝහනය පිළිබඳ සෛද්ධාන්තික දැනුමැති (ඉහත සඳහන් අධ්‍යාපන අධ්‍යක්ෂ බඳු) බොහෝ දෙනෙකුට, ප්‍රායෝගිකව මෝහනයට පත් කල නොහැකිය. පුද්ගලයෙකුව, දෙදෙනෙකුව මෝහනය කලත්, සමුහයක් මෝහනයට පත් කිරිමට දිර්ඝ කාලයක පුහුණුවක් අවශ්‍යය.

  1. හේතුවාදි භෞතිකවාදින්
  2. නවීන විද්‍යාව සමඟ යන විඥාන වාදීන්
  3. ප්‍රතිකාර වාදීන්
  4. ආගමික වාදීන්

ලෙස සතර අයුරකින් මෝහන විෂය” මේ රට තුළ ව්‍යාප්ත වේ.

  1. ජොතිෂය, දෙවියන්, භුතයින්, පුනරුත්පත්තිය, අධිමානසික බල සියල්ල මිත්‍යාවන් බව සනාථ කිරීමට මෝහන විෂය” යොදා ගන්නෝ හේතුවාදි ‍භෞතිකවාදින්ය. ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ ප්‍රධාන අනුශාසක, මහාචාර්්‍ය කාලෝ ‍පොන්සේකා මහතාගේ අවසරය ලබා‍ගෙන, මහාචාර්්‍ය තුමා ඉදිරියේ එතුමාගේ වෛද්‍ය සිසුන්  පිරිසක්ව සමුහ මෝහනයකට” පත් කිරිමේ දුර්ලභ අවස්ථාවක් මට ලැබිනි. මාගේ ඉල්ලිම පරිදි අදාළ සංදර්ශනය පිළිබඳ එතුමාගේ නිර්දේශ ලිපියක්ද මට ලබාදිමට තරම් එතුමා නිහතමානි විය. මෝහනය අනතුරුදායකද? යලි පියවි සිහිය ගැනිම අපහසුද? මෝහනය වන්නේ දුර්වල පුද්ගලයින්ද? මෝහනය මගින් අපරාධ කල හැකිද? යනාදි වශයෙන්, වෛද්‍ය සිසුන් ඇසු ප්‍රශ්න වලට එදා මහාචාර්්‍ය කාලෝ ‍ෙෆාන්සේකා ලබා දුන් පිළිතුර, ඒ මහතාගේම වචන වලින් මෙලෙස ඉදිරි පත් කරමි.

මෝහනයේදි සිදුවන්නේ යම් පුද්ලගලයෙකුට, කිසියම් උත්‍තේජයක් නැවත නැවත යෙදිම හේතු කොට, ඔහුගේ හෝ ඇයගේ සදාචාරයට පටහැනි නොවන, යෝජනා වලට අනකුල විමේ ප්‍රවනතාව උත්සන්න කිරිමෙන්, පියවි තත්වයට වඩා සුඛනමය තත්වයක් ඇති කිරිමයි”

  1. නවීන විද්‍යාව සමඟ යන විඥානවාදින් ගුරු කොට ගන්නේ ක්වොන්ටම්” භෞතික විද්‍යාවයි. එංගලන්තයේ කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්්‍ය උපාධිය ලබා ගත්, ශ්‍රී ලංකා පරමාණු බල ශක්ති අධිකාරියේ සභාපති වු ආචාර්්‍ය ග්‍රැන්විල් ධර්මවර්ධන මෙහි පුරෝගාමියාය. පුනර්භවය, අධිමානසික බලයන් නුතන විද්‍යාත්මක සත්‍යන්, බවට, පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ද ඔහු විසින් ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියන් වෙත ඉදිරිපත් කර ඇත. මනෝ විදඥායකු සහ පුජකවරවයකු ද වන විද්වතෙක් සමඟ වන මාගේ සම්බන්ධය දැනගත් ධර්මවර්ධන මහතා, මා ලවා පුජකතුමාගේ ම‍නෝ උපදේශනය” නම් කෘතිය ගෙන්නා ගත්තේය. ශරිරය” ගැන හදාරන්නට වෛද්‍ය විද්‍යාවත්, මොළය” ගැන හදාරන්නට මනෝ විද්‍යාවක් ඇත්තාසේ, විඥානය” ගැන හදාරන්නට ඇති විෂය මෝහන විද්‍යාව” බව එතුමා විදෙස්ගත වීමට කලින් මාධ්‍යයට අවධාරනය කලේය. මනෝ උපදේශනය” ට වඩා ‍”මෝහන වි‍ශ්ලේෂණය”  ප්‍රතිඵලදායක බව එතුමා මා සමඟද පවසා ඇත.
  2. මෝහන ප්‍රතිකාරවාදින් එකතු කොට ශ්‍රී ලංකා ස්වාපන (මෝහන) වේදින්ගේ සංගමය ආරම්භ කරවන ලද්දේ ආචාර්්‍ය ජී.ඒ. ගමගේ මහතා විසිනි. බැද්දගාන, දුව පාරේ පිහිටි ඒ මහතා‍ගේ නිවසින් ඇරඹි එහි පළමු සැසි වාරයට මමද සහභාගි වුනෙමි. හිස්ටීරියාව, විඝනක ආබාධ, නවත්වා ගත නොහැකි පුරුදු, මනෝ ලිංගික රෝග සහ සුවිශේෂයෙන් සමලිංගික ඇබ්බැහිවවීම් වලට මෝහන ප්‍රතිකාරයේ අවශ්‍යතාව අවධාරනය කෙරිනි. විෂය” මුලික පිරිසකට වඩා, ස්වාපන (මෝහන) සංගමයේ සිටින්නේ මුදල්” මුලික කොට ගත් පිරිසක් බැවින් මම ඉන් ඉවත් වීමි. ගමගේ මහතාගේ අභාවයට කලින් මුදල්” මුලික කොට ගත් පිරිසට ස්වාපන සංගමයේ බලය ලැබුනි.

හේතුවාදී ‍භෞතිකවාදීන්, නවීන විද්‍යාව සමඟ යන විඥානවාදීන්, ප්‍රතිකාරවාදීන් යන තුන් කොටසම, මෝහන ප්‍රසංග වලට අනුකුලතාවක් දක්වයි.

04.‍ තම ආගමික චාරිත්‍ර විධි ක්‍රම තුල, මෝහනය භාවිතයට ගන්නා ආගමික වාදින් මෝහන ප්‍රසංග” වලට දැඩි බියක් දක්වයි. සුව ‍මෙහෙයක්” යැයි හඳුන්වමින් බැතිමතුන් සමුහ මෝහනයනට පත් කල කතෝලික පුජකවරුන් පස දෙනෙකු සමඟ මම පෞද්ගලික නොවන ගැටුම්” ඇතිකර ගත්තෙමි. එම ගැටුම් එකිනෙක (නම් ගම්ද සහිතව),  2007 මැයි මස ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ප්‍රකාශයට පත් කල විමර්ශන” සඟරාවේ පළ විය. ඉහත පෞද්ගලික නොවන ගැටුම්” යයි අවධාරනට කිරිමට හේතුව මෙම පුජකවරුන් පස් නමගෙන් දෙ‍දෙනෙකුම එදා මා සමඟ එකට පුජක පුහුණුව ලැබ අද පුජකයින්ව සිටින මාගේ පැරණි මිතුරන් වීමයි.

ඉන්දියානු වීසා මධ්‍යස්ථානයේ මා සේවය කරමින් සිටි අවදියේ හමුවුණු පාස්ටර් ජොශප් මට CD පටියක් දුන්නේය. එය ඔහු විසින් දේව බලයෙන් යකුන් එළවන අයුරු දැක්වෙන වීඩි‍යෝ පටියකි. මානෙල් වානගුරු නම් නිළිය පාස්ටර් වරයාගේ දේව බලයට සාක්ෂිදරන්නේ හඬමින්ය. පාස්ටර් වරයා දේව බලයෙන් යකුන් දුරු කරන (Exorcism) දර්ශන වලට, මා විසින් මිනිස් බලයෙන් යකුන් දුරු කරන (Hypnotism) දර්ශන එක් කොට මම විනාඩියක විඩියෝ ක්ලිපයක් තැනුවෙමි. එය 2009.11.04 දින you tube වෙබ් අඩවියට ඇතුලත් කලෙමි. පාස්ටර් වරයා සහ මා අතර පෞද්ගලික නොවන ගැටුම නිර්මාණය වන්නේ ඉන් පසුවයි. 2009.11.30 වන දින පාස්ටර් වරයා විසින් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ ඇති දැවැන්ත යකුන් දුරු කිරිමේ මෙහෙයක් සංවිධානය කලේය. එදින සිය ගණනක් ආරූඩ විය. ඒ අතුරින් මාතලේ සිට පැමිණි උපාධිධාරි බෞද්ධ ගුරුවරියක් සහ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි වැඩිහිටි බෞද්ධ කාන්තාවක් එම ස්ථානයේදීම මිය යෑමේ කණාගාටුදායක සිදුවීම සියළුම මාධ්‍ය වාර්තා කලේය. මෙය ආගමික යුද්ධයක් දක්වා නොගියේ බෞද්ධයින් බහුතරය පාස්ටර් වරයාට වඩා බුද්ධිමත් අය වීම නිසා විය යුතුය.

            පාස්ටර් වරයා තමන් නොදන්නා මෝහනයක්” දේව බලයක් ලෙස හුවා දක්වන්නට ගොස් තම මන්ද බුද්ධික බව පෙන්වුයේය. අදටත් මා හට තර්ජනය කරන පාස්ටර් වරයාගේ අනුගාමිකයින් ගෙන් මට ඇසීමට ප්‍රශ්නයක් තිබේ.

            ඔබේ පාස්ටර් හට දේව බලයක් තිබුනේ නම්, අර අසරණ කාන්තාවන් දෙ‍දෙනා හට මරණය උරුම උනේ ඇයි?”

            සැබවින්ම අසරණ කාන්තාවන් දෙ‍දෙනා මිය ගියේ යකුන් දුරු කිරිමේ (Exorcism) ක්‍රමවේදයේ වරදක් නිසාද නැතහොත් පාස්ටර් වරයා විද්‍යාත්මක මෝහනය (Hypnotism)  ඉතා අමන ලෙස යොදා ගත් නිසාද?

            ඉහත යකුන් එළවීම (Exorcism) සහ මෝහනය (Hypnotism) අතර වෙනස ඔබේ ඇස්පනාපිටම අත්දකින්නට ඔබට අවශ්‍යද?

            එසේ නම් අන්තර්ජාලයේ  You tube වෙබ් අඩවියට පිවිස එහි Ruwan Anton”  යනුවෙන් ටයිප් කරන්න.

            එවිට මෝහන ප්‍රසංග” යනු ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වන 21 වන සියවසේ ප්‍රසංග කලාවක් බව ඔබට අවබෝධ වනු නොඅනුමානය.

රුවන් ඇන්ටන් දියලගොඩ

E-Mail-ruwnananton@gmail.com

Facebook – Ruwan Anton Diyalagoda

T.P. 0725350099

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress