මෙරටේ අපේ ජනතාවගේ අයිතිය පාවලා දෙන්න බෑ… එක සල්ලිවලට ඩොලර් වලට විකුනන්න බෑ… ඒ අයිතිය අපි රැක ගන්න ඕනේ..-විජේදාස රාජපක්ෂ
Posted on April 6th, 2017

විජේදාස රාජපක්ෂ

හම්බන්තොට වරාය බදුදීම පිළිබඳව මහා විශාල ප්රශ්න තියෙනවාරටේ ජනතාව අවදියෙන් ඉන්නේ.. අපි දන්නවා හම්බන්තොටින් මහා අවුලක් ඇති වුණා.. හම්බන්තොටින් පාලනයක් ඇති වුනා වගේම හම්බන්තොටින් රට අවුල් වුණා ..

එදා හම්බන්තොටින් චීන රජයත් එක්ක වරායක් ගන්න සාකච්ජා කළා.. හම්බන්තොටට වරායක් ඕනයි කියන කතාවක් මේ රටේ තිබුනා සෑම ආණ්ඩුවක් කාලෙකම.. ඒකට සැලසුමකුත් හැදුවා.. .ඩො. මි. 300 කින් හම්බන්තොටට ධිවර වරායක් හා බංකරින් පහසුකම් ලබා දීමේ වරායක්..

හැබැයි, පස්සේ කාලෙක මේක මහා පරිමාණ වරායක් කරලා.. මහපොලවත් ගොඩ කරලා මෙතන වරායක් හැදුවා.. දැන් මේ වරාය පවත්වාගෙන යන්න බැරි වුනාම බදු ගිවිසුමක් ගැන අපේ ආණ්ඩුව සාකච්ජා කරනවාපහුගිය ආණ්ඩුවේ හිටපු අය කියනවාඅපි මේ ණය අරගෙන ගිණි පොලියට වරායවල් හැදුවටඅපි රට පාවා දෙන්න මේ රටේ ඉඩම් ටික බදු දෙන්න ඉඩ දුන්නේ නෑ කියලා..” එක තමයි ඒගොල්ල ගේන විත්ති වාචකය..

අනිත් පැත්තෙන් අපිටත් ආණ්ඩුවක් හැටියට කියන්න පුළුවන් නම්අපිටත් කරන්න දෙයක් නෑ.. මේගොල්ල ණය අරගෙන රට ණය උගුලක හිර කරලා තියෙන්නේ.. නිසා අපිට විකල්පයක් නෑ ..”

දැන් බලනකොට දෙගොල්ලන්ටම උත්තර තියෙනවනේ.. ඒගොල්ල රට සංවර්ධනය කරන්න ඕන නිසා ගිණි පොලියට ණය ගත්තා.. ගෙවාගන්න බැරි වෙන බව.. හිරවෙන බව දැන දැන ..
දැන් අපි මේක ගෙවාගන්න බැරි බව තේරෙන නිසා බදු දෙනවා.. අවුරුදු 99 බද්දක් කියලා තමයි සාකච්ජාව තියෙන්නේ..

මේක බරපතල කාරණයක් ගරු සභාපතිතුමනිමේක ආණ්ඩුවේද විපක්ෂයේද කියන කාරණය නෙවෙයිරටක ඉඩම් පිළිබඳව යම්කිසි ප්රතිපත්තියක් රජයකට තියෙන්න ඕනේ..

මොකද මේ දිර්ඝකාලින බදු කියන්නේ අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 3ක්..

එදා චීනෙට ඔය ප්රශ්නේ තිබුනා.. චීනෙට 1980 ගණන්වල සල්ලි නැති නිසා තමයි හොන්කොන් දුපත පවුම් 100 කට බද්දට දුන්නේ.. අවුරුදු 99ක් මහා බ්රිතාන්යය ඒක පාලනය කරලා 1990 ගණන්වල නැවත එක දුන්නා චීනෙට.. හැබැයි, එක චීනෙට දුන්නේ චිනේ මහා බලවතෙක් වෙච්චි නිසා.. පංච මහා බලවතුන්ගෙන් එකක් බවට චිනේ පත්වෙච්චි නිසා චීනෙට හයිය තිබුනා මහා බ්රිතාන්යයෙන් දීපන් කියලා ගන්න.. එහෙම නැති වුනානම් ඒක චීනෙට හම්බ වෙන්නේ නෑ..

හැබැයි, අපි තව අවුරුදු 99ක් යනකොට චිනේ වගේ මහා බලවතෙක් වෙන්නේත් නෑ.. තව අවුරුදු 99ක් යනකොට මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා බරපතල ප්රශ්නයක් තියෙනවා.. එක බරපතල ගැටළුවක්..

අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 3ක් .. අපේ මිනිස්සුන්ට දෙල්, කොස්, පොල් ටිකක් හිටවගෙන වේලක් ඇර වේලක් හරි කන්න තියෙන ඉඩම් ටික.. නිසා මේ පිළිබඳව ප්රශ්න තියෙනවා
මේක බරපතල කාරණයක්..

මේක අපි ආණ්ඩුවේ ඉන්න නිසාආණ්ඩුවෙන් මේක කරනවයි කියලා අපිට ඇත හෝදගෙනමේවා තමයි නිවැරදිම දේ .. ලෝකේ තියෙන හොඳම දේ කියලා .. එහෙම නිවට තත්වයකට පත්වෙන්න අපි සුදානම් නෑ..”

මේ පාර්ලිමේන්තුවේ පිළිබඳව සාකච්ජා කරන්න ඕනේ.. මේක ප්රශ්නේ වුණාඅපිට පුළුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පුළුවන් තරම් බනින්න.. තමුන්නාන්සේලාටත් පුළුවන් අපේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි බනින්න..හැබැයි, මේකට උත්තරයක් තියෙනවද..? එතන උත්තරයක් නෑ

මේක බරපතල කාරණයක් ….

නිසා පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකට එකතු වෙලා අපිට ඩොලර් ඕනේ වුනයි කියලාසල්ලි ඕනේ වුනයි කියලා,…. මෙරටේ අපේ ජනතාවගේ අයිතිය පාවලා දෙන්න බෑඑක සල්ලි වලට ඩොලර් වලට විකුනන්න බෑ අයිතිය අපි රැක ගන්න ඕනේ..

2 Responses to “මෙරටේ අපේ ජනතාවගේ අයිතිය පාවලා දෙන්න බෑ… එක සල්ලිවලට ඩොලර් වලට විකුනන්න බෑ… ඒ අයිතිය අපි රැක ගන්න ඕනේ..-විජේදාස රාජපක්ෂ”

  1. Somapala Senerath Says:

    Very good point ! However, we have been manipulated by India for 50 years and you did not mention about it. You also said Sri Lanka is not a Sinhala Buddhist country and never retracted it.

  2. Ratanapala Says:

    This guy talks with a forked tongue and difficult to trust. He is a political turn coat not to be trusted on any important issue. They are only after power. The country, the nation and her age old religion are mere assets in their hands for use, misuse and power politics. They will not hesitate to barter away the rights of the people and the country for another ‘thirty pieces of silver’!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress