ආක්‍රමණයට ඉඩ නොදෙමු
Posted on April 9th, 2017

උපුටා ගැන්ම දිවයින

ගෝකණ්‌ණ හෙවත් ත්‍රිකුණාමල වරාය පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ. හයවැනි සියවස දක්‌වා අතීතයට ඇදීයති. පුරාතනයේ සිට වර්තමානය දක්‌වාම ශ්‍රී ලංකාවට සුවිශාල මෙහෙයක්‌ ඉටු කළ වරායක්‌ වන්නේ ත්‍රිකුණාමල වරායයි. බුදුරදුන්ගේ ශාක්‍යවංශය නෑකම් කියන භද්දකච්චායනා කුමාරි ඇතුළු පරිවාර ස්‌ත්‍රීන් ද මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමල වරායෙනි.

අතීතයේ දී බොහෝ ඉන්දියානුවෝ මේ වරාය හරහා ලංකාවට පැමිණ ඇත. භද්දකච්චායනා කුමාරියත් එවැනි එක්‌ අයෙකි. නමුත් මේ සුවිශේෂි වරාය ඉන්දියාවට පවරා දීමට ආණ්‌ඩුව සූදානම් වීම අනුමත කළ හැකිද? මෙය සැබැවින්ම මවුබිම පාවා දීමක්‌ නොවේද?

ලොව හොඳම ස්‌වාභාවික වරායන් අතරින් දෙවන ස්‌ථානය හිමිවන මේ වරාය කොළඹ වරාය මෙන් දසගුණයක මුහුදු හා ගොඩ බිම් ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇති බව රහසක්‌ නොවේ. නමුත් යහපාලන ආණ්‌ඩුව මේ උරුමය මෝදි ආණ්‌ඩුවට පවරන්නට යන්නේ කවර හේතුව නිසාද? ජාත්‍යන්තර වෙසක්‌ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට පැමිණෙන නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ලබාදෙන තෑග්ග වන්නේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකිද?

ඊයේ දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ලබාදීමේ තීරණය පිsළිබඳ පුවතකි. හම්බන්තොට වරාය චීනයට ලබාදීම ගැන උරණව සිටින දිල්ලි ආණ්‌ඩුව සනසන්නේ ත්‍රිකුණාමලය පැවරීම තුළින්ද? එවිට මෙරට ජනතාව සැනසෙන්නේ කෙසේද? ඉන්දියාවත් චීනයත් සතුටු කිරීම හැර යහපාලන ආණ්‌ඩුව ජනතාව වෙනුවෙන් ඉටු කළේ කවරක්‌ද? ත්‍රිකුණාමලයත් හම්බන්තොටත් පිටරැටියන්ට පවරාදී අවසානයේ මෙරට ආණ්‌ඩුවට ඉතුරුවන්නේ ඕලුවිල් වරාය පමණක්‌ද ? මෙවැනි මහාර්ඝ සම්පත් විදේශිකයන්ට පවරා ලක්‌වැසියන් දීන ජාතියක්‌ බවට පත් කරන්නට උත්සාහ කරන මොලකරුවෝ කවුරුන්ද? ත්‍රිකුණාමලය ඉන්දියාවට පැවරීම සැබැවින්ම ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ නොවන්නේද? රෝ ඔත්තුකරුවෝ මෙරට දේශපාලන කැළඹීම් ඇති කරති. ආණ්‌ඩු වෙනස්‌ කරති. ත්‍රිකුණාමලයත් දිල්ලියට පැවරූවිට මොවුන් කවර නැටුමක්‌ නටයිද? ක්‍රි.පූ. දෙවැනි සියවසේදී අසේල රජු මරා ලංකාවේ බලය අත්පත්කර ගත් එළාර ප්‍රමුඛ සේනාව මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලය වරායෙන් බව රාජාවලියේ සඳහන් වේ. යළිත් එළාර බලවේගවලට ත්‍රිකුණාමලය ලබාදීම කෙසේනම් අනුමත කරමුද? එයින් සිදු වන්නේ ඉන්දියානු ආක්‍රමණය තවදුරටත් තහවුරු වීම නොවේද? උතුරු නැගෙනහිර ගාන්ධි පිළිම පිහිටුවීම මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදු වේ.

එය සංස්‌කෘතික ආක්‍රමණයකි. ත්‍රිකුණාමල වරාය භාරත මාතාවට පිදීමෙන් සිදු වන්නේ කුමක්‌ද?

ආර්ථික ආක්‍රමණයට ඉඩ සැලසීම නොවේද? මේ හරහා අවසානයේ ලංකාව ඉන්දියාවේ තවත් එක්‌ ප්‍රාන්තයක්‌ වීමට ඉඩ දිය යුතුද? එනිසා ත්‍රිකුණාමලය විජාතිකකරණය කිරීමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුය.

4 Responses to “ආක්‍රමණයට ඉඩ නොදෙමු”

  1. NAK Says:

    The opposition by the people in the United states to Trump’s madness and the opposition of our people to this present government’s madness is like the distance between the sky the and the earth.
    A small part of our majority Singhala Buddhists are a bunch of idiots who makes the difference and
    has no idea of what they are doing and allow the minorities, especially the separatists to gain the upper hand.

    I myself being a Tamil who is opposed to this fraudulent attempt by the TNA and the diaspora to gain power in the north and the east of the country by the imperialists in the guise of liberation for the Tamils but only serve the interests of the imperialists.Today it is no secret that the US is openly forcing this government to establish a US military base in Trincomalee and India is actively supporting the project in the mistaken belief that they will be protected from the Chinese!

    The lesson that the Indians never learnt is that the US has only its interests and they will abandon any ally of theirs fulfill that. Pakistan is the most recent example.

  2. Ananda-USA Says:

    The Yamapalanaya was elected on the platform of “good governance e”, and improving “human rights” and “democrazy”.

    Insread the Yamapalanaya has encoraged separatism pitting the communities of Sri Lanka against each other, set the stage for disintegration of the nation, and engaged in profligate waste and crashing & selling of national assets created by the previous patriotic government with great effort and at great cost to the people of Sri Lanka. Today Sri Lankans are struggling desperately to cope with a rapidly rising cost of living. Their democratic rights to demonstrate and peacefully protest are being violated despite the much bally-hood promises to promote democracy.

    What “human right” is of greater value than national security that preserves the lives of the citizens?

    What “democratic right” is of greater value than to be first consulted on whether we agree to sell our national assets and resources?

    What “good governance” is there than effective and honest management of the economy to preserve the livelihoods of the citizens?

    The Yamapalana KALLIYA of INCOMPETENT NINCOMPOOPS and DYED-IN-THE-WOOL SCAM ARTISTES are destroying our Motherland!

    Throw the CROOKS OUT as SOON as possible!

  3. Ratanapala Says:

    Plan is to build the Monkey Bridge and then one straight road to Trincomalee bifurcating Sri Lanka as a first measure. Eventually to tie up with Hill Country Tamils and then make slaves out of the Sinhalese – wage slaves for Indian industries soon to be established through ETCA.

    This ties up with the plan Ponil and the traitorous Colombians (who are now over 50% non Sinhalese) have for Sri Lanka – to hand over Sri Lanka to the Indians – which is not very different from that of his uncle the Arch Traitor – J R Jayawardene – same as that of his great great grand uncle – Thombi who helped the British capture the last king of Kandy.

    Times ahead are very crucial to those who call themselves – Sinhalese and more so to those who call themselves – Buddhists!

  4. Christie Says:

    2005 දී මහින්ද පත්කලේ ඉන්දියාවය ඉන්දියාව පරපෝසිතයන්ට චන්ද දාන්න එපා කීවේය.

    නමුත් මහින්ද අතකොලුවක් නොවීය.

    ෆොන්සේකා ගෙනාවේත් ඉන්දියාවය.

    2015 දී ඉන්දියාව පුරුදුලෙස චන්ඩ්‍රිකා යොදවා මෙමරජය පත්කලේය.ඉන්දියාව පරපෝසිතයන්ට චන්ද දාන්න කීවේය.

    මීයක් කඩන්නේ අතලෙව කන්නද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress