මෝදිං සරණං ගච්ඡාමි
Posted on May 14th, 2017

නලින් ද සිල්වා

 මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට. එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ  අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි අවස්ථාවල දී නැති හැඟීම් රඟ පාලා පෙන්නවා. මොහු එසේවත් කෙළේ නැහැ. ඔය නිවේදක කටයුත්තට ඉංගිරිසි දන්න සිංහල බෞද්ධයකු හොයා ගන්න  බැරි වුණා ද?

දික්මය කතාව එයට වඩා භයානකයි. මෝදි ඉන්දියාවෙ අගමැති හැටියට, රාජ්‍ය නායකයකු හැටියට මේ රටේ ජනකොටසකට පමණක් ආමන්ත්‍රණය කළා. එය වැරදි වැඩක්. ඔහු ඉන්දියාවෙ දි කියා තිබුණෙ නියම ඉන්දියානු ජාතිකයන් හමුවෙනවා කියලා. හැබැයි අපේ රටේ නිවට නායකයන් ඉන්නකම් ඕන එකක් කරන්න පුළුවන්. දික්ඔය දෙමළ ජනතාව ඇවිත් තිබුණෙ ඉන්දියානු ජාතික කොඩිත් රැගෙන.  ඒ අතර සිංහ කොඩි කිහිපයකුත් තිබුණා. ඒත් අප දැක්ක විධියට නම් වැඩිපුර තිබුණෙ ඉන්දියානු ජාතික කොඩි.   

දැන් මෝදි ආපසු යන්නෙ බුදුහමට මහා සෙතක් කළ රාජ්‍ය නායකයකු ලෙස. ඔහු දළදා මාළිගාවට ගියා. ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණා. මේ වෙසක් උත්සවයේ ඉංගිරිසියෙන් තිබූ නිල ආරාධනා පත්‍රයෙහි සඳහන් වුණෙ Eliminating Vesak (මේ සමග එහි පිටපතක් අමුණා ඇති). එහි තේරුම වෙසක් ඉවත් කිරීම යන්නයි. මෙය කට බොරු කිව්වත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්. විජයදාස රාජපක්‍ෂ මේ ආරාධනා පත්‍රය බැලුවෙ නැද්ද? ඒ කොහෙම වුණත්  මෝදි වාරණාසි නගරයට (බරණැසට) කොළඹ සිට සෘජු ගුවන් ගමන් සලසන බව කිව්වා. ඒත් ඇයි කියලා කිව්වෙ නැහැ. අප මොන තරම් අහල තියෙනව ද යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවො ගැන. බොහෝ දෙනා මෝදිගෙ කියමන ගැන සතුටු වෙන්න ඇති.

ඒත් දික්මය දී තමයි නියම මෝදි එළියට ආවෙ. ඔහු දෙමළ වතු කම්කරුවන් තම සංස්කෘතික නියෝජිතයන් ලෙස සැලකුවෙ. ඔහු පැහැදිලි ව කියා සිටියා මෙරට දෙමළ වතු කම්කරුවන් ඉන්දියාවෙ සංස්කෘතිය මෙරට පවත්වා ගෙන යන බව. එය ඔහු අගය කළා. ඔහු නිකමටවත් කිව්වෙ නැහැ ඒ කම්කරුවන් මෙරට සංස්කෘතියට අනුගත විය යුතු බව. මෝදිට අවශ්‍ය දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු සංස්කෘතිය රැක ගැනීම. ඔවුන්ට ඉන්දියාවට ඇති බැඳීම තව තවත් වර්ධනය කිරීම. මෝදිට මෙන් ම මෝදිගෙ කතාවටත් දෙමළ කම්කරුවෙන්ගෙන් උද්‍යොගිමත් ප්‍රතිචාර ලැබුණා. කාට හරි හිතෙන්න පුළුවන් එක්කෝ මෝදි ලංකාවෙ අගමැති කියා, නැත්නම් රැස්වීම පැවැත්තුවෙ ඉන්දියාවෙ කියා.

අර වාරණාසි ගුවන් ගමන් මොකට ද කියන එක මෝදි දික්ඔය දි පැහැදිලි කළා. ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් බලන්න යන්න නොවෙයි. ඒ වතු කම්කරුවන්ට වාරණාසි ගිහිල්ල ශිව දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න. වාරණාසි හින්දුන්ගෙත් පූජනීය ප්‍රදේශයක්. අපට ඒක ප්‍රශ්නයක් නො වෙයි. මෝදිට බරණැස යන සිංහල බෞද්ධයන් මතක් වුණෙ නැහැ. මෝදි තව අවුරුදු කිහිපයකින් වතු කම්කරුවන්ගෙ මුතුන් මිත්තන් ලංකාව ගෙන ඒමේ දෙසිය වැනි වස උදාවන බව සඳහන් කළා. සිංහල බෞද්ධයන් ඇතැම් ප්‍රශ්න මතු කළත් වෙනත් රටවල මෙන් බටහිරයන් මෙරටට ගෙනා දෙමළ ජනයා ආපසු ගන්න ලෙස බල කෙළෙ නැති එක ගැන කියන්න මෝදිට අමතක වුණා. 

මෝදි තවත් භයානක කතාවක් කිව්වා. ඔහුට අනුව දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක්. මෝදිට වෙනත් රටකට ඇවිල්ල එහි ජීවත් වන එක ජනවර්ගයක් ගැන එහෙම ප්‍රකාශයක් කරන්න කිසිම අයිතියක් නැහැ. ඔහු යොදා ගත්ත වචනෙ ඩයස්පෝරාව. මෝදි හිතන්නෙ මෙරට කඳුකරයේ වාසය කරන්නෙ ඉන්දියාවට අයිතිවාසිකම් කියන්න පුළුවන් ජන කොටසක් කියල ද? ඒ ජන කොටසෙ සුභ සිද්ධිය වෙනුවෙන් කියලා යම්කිසි දවසක මෝදි ඉන්දියන් හමුදාව එවයි ද?  මෝදි කඳුකරයෙ දෙමළ ජනයාට නිවාස දහදාහක් තනන්න යනවා. රනිලුත් ඒක අගය කළා. එත්  රනිල්ටත් මෝදිටත් අමතකයි ඉංගිරිසින් මුඩුබිම් පනතින් සිංහලයන්ගෙ ඉඩම් උදුරා ගත්ත බවත් ඒවායෙ කෝපි හා තේ වැව්ව බවත්, ඒ ඉඩම්වල දෙමළ ජනයා පදිංචි කළ බවත්. රනිල්ගෙන් සිංහලයන්ට කිසිම සෙතක් වෙන්නෙ නැහැ.

මෝදිගෙ ප්‍රකාශවලට කිසිවකු දැනට විරුද්ධත්වය පාලා නැහැ. අඩු තරමෙන් ඒකාබද්ධ විපක්‍ෂෙන් ප්‍රකාශයක් නිකුත් කෙරිලා නැහැ. මහින්දගෙ ඕනෑ කමට මෝදි හමුවෙන්න ඔහුට අවස්ථාවක් දීලා. ඒකට ගෝඨාභයත් ජී එල් පීිරිසුත් සහභාගි වෙලා. ජී එල් මහින්ද නොමග යවන කෙනෙක්. 13 + සහ තවත් බොහෝ දේ පිටුපස ඔහු සිටියා. ඔහු චන්ද්‍රිකාගෙ පැකේජය වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. අඩු තරමෙන් රනිල්වත් ඔහු විශ්වාස කරන්නෙ නැහැ. මහින්ද ජී එල් ගැන තබන විශ්වාසය කුමක් ද? අද මහින්ද වටා සිටින අයගෙන් වැඩි දෙනෙක් එ ජා ප දේශපාලනයේ යෙදෙන යෙදුණ අය. රනිල් ඔවුන් සමග හොඳ නැහැ. ඔවුන් මහින්ද සමග ඉන්නේ ඒ නිසයි.

මහින්දගෙ පරාජයෙන් පස්සෙ ඔහු කී කරුණක් තමයි ඉන්දියාවෙ රෝ ඔත්තු සේවය තම පරාජය පසුපස සිටිය බව. මෝදි ඒ බව දන්නවා. එකලත් ඉන්දියාවෙ අගමැති මෝදි. මෝදිටත් අවශ්‍ය වුනෙ නැද්ද මහින්ද ගෙදර යවන්න. මහින්දට දේශපාලනික ව විශ්‍රාම ගන්න කියලා ඉන්දියාව ජී එල් පීරිස් ලවා කියෙවුවෙ මැතක දි. සමගාමි ලැයිස්තුව ඉවත්කරන්න කියලා ජී එල් හා කෙහෙළිය ලිපියක් දීල වැඩි කලක් නැහැ. තමා පරාජය කළ ඔත්තු සේවය තියන රටේ අගමැති හම්බ වෙන්න මහින්ද ජී එල් එක්ක ගියෙ අහවල් දේකට ද? ගීතගෙ ආසනය බේරලා දෙන්න ජී එල් නීතිඥයාට නීති උපදෙසක් දෙන්න පුළුවන් ද? උපදෙස් පිළිගන්න නොගන්න එක වෙන ම වැඩක්. මහින්ද තියා ජාතික ව්‍යාපාරයෙ අයවත් ජනමාධ්‍යවත් අප කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගන්නෙ නැහැ. මා මේ ලිපි ලියන බව දන්නෙත් ඉතා ටික දෙනයි. බොහෝ දෙනකු සිතන්නේ මා දැන් කිසිවක් නොකරන බවයි. ජාතික ව්‍යාපාරයෙ අයත් ඒකට පොහොර දානවා.

 

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 13

15 Responses to “මෝදිං සරණං ගච්ඡාමි”

  1. Lionel Says:

    I don’t know the motive behind Modi’s visits, however when listen to his speech at BMICH, it shows there is no one among the current political leaders in Sri Lanka who can speak to the point with so many quotes fit for the occasion. He delivered a similar speech when he addressed the parliament in his last visit. Compare to Modi, our PM and Prez are just jokers!

  2. Hiranthe Says:

    absolutely this is true!!

    We cannot expect MR to scrap 13A if he is still going behind India like this… What happened to Gota’s view against the 13A?? Are they going to come back to power on Indian backing??

    Meeting Modi is a good diplomatic move.

    The situation is becoming more and more complicated day by day. Pool Mother Lanka must be wondering what her son’s are doing to safeguard her sovereignty…

  3. Lorenzo Says:

    “We cannot expect MR to scrap 13A if he is still going behind India like this… What happened to Gota’s view against the 13A?? Are they going to come back to power on Indian backing??”

    Didn’t I say so?

    NO ONE in SL parliament, president AND their relatives are interested in MOTHER LANKA.

    They are FIGHTING AMONG THEMSLVES to DRAG MOTHERLANKA by her hair and throw her at the feet of MODIYA to do whatever he wishes.

    Have some SELF RESPECT SLs. IF you behave like DOORMATS the world will TREAT you like doormats. IF you vote for ENDIAN DOORMATS you will also become their DOORMATS.

  4. Senerath Says:

    මහින්ද තියා ජාතික ව්‍යාපාරයෙ අයවත් ජනමාධ්‍යවත් අප කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගන්නෙ නැහැ.

    why don’t’ you drop your attacks on science and odd from of Buddhsim you are following ?

  5. charithsls Says:

    @ Senarath, I don’t know the whole story you say but recently happened to listen to Nalin over the Buddhist TV. Though a few things he told looked not one would say normally I would of course agree with him about what he said. We blindly keep a lot of faith on science, true it help us but as another erudite Buddhist monk said, science & research increase our panchaneevarana.Hard to believe,no, yes but if you improve your understanding of Buddhism, you learn what is the meaning. The man in the stone age learnt to make fire by rubbing two stones, science at its infancy ,thus we make some innovations scientifically & medically along our path, no wonder. But in all these, there is no truth, you know. I’ve not followed Nalin on what he has said on Buddhism but can gauge his point of view from what I heard on the TV. I don’t want to go into depth here, but develop your Sharda & learn true Buddhism that could make you understand Nalin better.

  6. Lorenzo Says:

    I generally AGREE with Charithsl but NOT this time.

    “develop your Sharda & learn true Buddhism that could make you understand Nalin better”

    This is the same Christians say when they CANNOT justify some nonsense logically and why Hindus believe in ETs and Islamic faith. It is CIRCULAR LOGIC. You need SHARDA to believe it and those beliefs reinforce sharda.

    The good thing about science is ANY OPEN MIND can understand it. You don’t have to BELIEVE in the end product to find it. The end product is UNKNOWN when you begin the journey of discovery.

    I think TRUE BUDDHISM comes CLOSER to science than SHARDA.

    I agree with NALIN on ALL matters relating to SL but DISAGREE with him when he goes away from science.

    QUESTION MORE!

    Just follow KALAMA SUTRA and you will FIND the unknown.

  7. charithsls Says:

    Lorenzo, I respect your views & you’ve all the right to believe in it. This is not to change anyone’s opinion. Uchchedavada is well described as one extreme in the Kachchanagotta Sutra, so no surprise in people who advocate your view.
    There are three groups of people in the world, one who learn the absolute truth, the other group who believe in the world’s truth and the rest who has no idea even on the second. Well I leave it with you to find the meaning if you have any desire. True,the fire the man got rubbing together two stones helped him & so will be the innovations. I dabble with some science for my living but now feel mature enough to understand this is also a sort of a craft you become good at but well stop at a certain end with exits closed. It is not my intension to show that I’m right so I stop here.

  8. Christie Says:

    President is just the Coolie of the Indian Empire. You could appeal to Ranil the Kankani or Chandrikaa tha Governor.
    Modi the Indian Emperor has spoken at Norwood.
    ඉන්දියානු පරපෝසිත් මහත්ම ගාන්දි නැමැත්තා 1927 ඇවිල්ල උතුර හා කන්ද උඩරට ඇවිදලා සිහින මවාගෙන ගියා. මෝඩි අදිරදයා දෙවරක් ඇවිත් සැබෑවූ සිහින අමතා ගියා.
    ඉන්දියානු අදිරද මෝඩි ඇවිල්ල ඉන්දියානු වැසියන් අමතලා ගියා. අපි සින්හල මුස්ලිම් හා කිතුනුවන් සමග කෙලගන්නවා.අපි අපිත් කෙලගන්නවා. ඒ අතරේ ඉන්දියානු පරපෝසිතයො සින්හල සන්හාරය කරගෙන යනව.
    Gandhi came in 1927 and dreamt about it. Modi saw the realized dreams. Jai Hind. Nonviolent Genocide of Sinhalese.
    Majority Sinhalese be they are Buddhists, Christians or Muslims should unite and stand up to the Indian Empire.

  9. Senerath Says:

    මල් මහින්ද සමග මෝදිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියා පසුව වෙනස්වුනේ කරුණා නිසා

    පසුගිය මැයි 1 වනදා ගාලු මුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂ රැළියේදී පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ දන්වා සිටියේ වෙසක් සැමරුමට කියා ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණෙන්නේ ආණ්ඩුව සිදුකරන පාවාදීමක ප්රතිඵලයක් ලෙස බැවින් එයට විරෝධය පා අගමැති මෝදිට පෙනෙන්ට රටේම කළුකොඩි දමන ලෙසත්ය.
    නමුත් මෙම කළු කොඩි කතාව විමල් ආවේගශීලීව සිදු කළද ඔහුද ඔහුගේ ළඟම සගයා වන උදය ගම්මංපිලද ඔහුගේ නායකයා වන මහින්දද අනුගමනය කළේ නැත.
    හිටපු ජනපති මහින්ද මෝදි සහභාගීවූ උත්සවයටද ගිය අතර මෝදි ඉන්දියාවට යන්නට පෙර ගොස් හමුවීමටද කටයුතු කළේය. විමල්ගේ නිවසේ හෝ ගම්මංපිලගේ නිවසේ කළුකොඩි නොව වෙසක් දිනය වෙනුවෙන් බෞද්ධ කොඩි එල්ලා නොතිබුණ බව මාධ්ය වාර්තා පළවිය.
    දේශපාලන ආරංචි හෙළි කරන්නේ මෙම වෙනසට හේතුව මහින්ද පිල සමග කටයුතු කරන හිටපු ත්රස්ත නායක කරුණා අම්මාන්ගේ උපදෙසකි.

    මහින්ද 2015 පැරදුනේ උතුරු නැගෙනහිර හා අනෙක් කලාපවල ද්රවිඩ ඡන්ද ඔහුට විරුද්ධව පාවිච්චිවුණ නිසා බැවින් මහින්ද නැවත රටේ බලය ලබාගැනීමට නම් එම ඡන්ද හරවාගැනීම අත්යවශ්ය බව කරුණා අවස්ථා කිහිපයකදීම පෙන්වාදී ඇත.

    ඒ නිසා ඔහු දැනටමත් නැගෙනහිර පිරිස් සංවිධානය කරගෙන ද්රවිඩ ඡන්ද මහින්දට නැවත දිනාදීමේ වැඩසටහනක්ද අරඹා ඇත.
    මෝදි විරෝධය හා ඉන්දියානු විරෝධය සංහිඳියා විරෝධය සිංහල ජාතිකත්වයේ නායකයා ලෙස මහින්ද නැංවීමට විමල්ට හොඳ උපාය මාර්ග වුවත් කරුණා දන්වා ඇත්තේ මෝදිගේ පැමිණීම ලක්ෂ සංඛ්යාත ද්රවිඩ ජනයාගේ සිත්සතන්වලට ආලෝකයක්වී ඇති බවයි. මෝදිගේ රැස්වීමට පැමිණි ලක්ෂ සංඛ්යාත ජනතාවගෙන්ද එය පසුව තහවුරු විය.
    ඒ හේතුකොට ද්රවිඩ සිත්සතන් බිඳවමින් මෝදිට එරෙහිව කලුකොඩි එසවීම යනු මහින්ද 2015 පරාජයටත් එහා ගිය ආගාධයකට තල්ලු කරගැනීමක්වනු ඇති බව ඔහු පවසා ඇත.
    මහින්ද වෙනස්වූයේ එම කතාවෙන් පසුය. දේශපාලන වාසිය වෙනුවෙන් විමල් ඇතුළු පිරිස කියූ කතාද නොකියූ සේ කටයුතු කළ අතර වේදිකාවේ සිටි කිසිවෙකු හෝ කළු කොඩි දැම්මේ නැත.

    මෝදිව ආදරයෙන් පිළිගනිමින් BMICH ගිය මහින්ද පසුදා ඔහුව හමුවී සුහදවූයේ දෙමළ ජනයාට පෙනෙන්ට ඡායාරූප වලටද පෙනී සිටිමිනි.

  10. Dilrook Says:

    If what Senerath says is true, it is not difficult to predict the next defeat of Rajapaksas. Based on Basil’s claim that over 90% of borrowed funds since 2009 was spent on the north and east (he made this statement in early 2013), I predicted the end of Mahinda’s rule.

    The term minority is misleading. Only Hindus (13%) have some regard for Modi. Muslims and Christians (17%) do not have any regard for him (to say the least). Trying to appease Hindus (unwinnable minority) loses the winnable minorities (Muslims and Christians) of a higher number.

    Dubious advisors are at it again. Karuna is no politician. He has been unable to get elected to parliament, provincial council or even a pradeshiya sabha. Taking his advice is a disaster. This is usual extortion minorities have used time and again. However, in return they don’t vote.

    Minorities more than 15% (as in 2015) will never vote for any Rajapaksa. It is a certainty. What will happen is, in their attempt to woo the minorities, Rajapaksas will lose the critical advantage of the majority as well. Once again they will lose the branch they hold and the branch they had their feet on. Cheating Sinhalese with black flags (later white flags) to appease Tamils is a political disaster. Hopefully, they will take this advice in good spirit and change than lose once again.

  11. NAK Says:

    Modi’s love for estate tamil’s is fake. He only wants to use them as a power tool manipulate politics in Sri lanka.
    Yesterday I happened to be in Salem and met some Sri Lankan Tamils who migrated there in 1983. I felt very sad when one of them told me that they are treated worse than dogs and that they still consider Sri lanka to be their mother land.
    Those who cheered Modi the other day are ignorant of this fact and must some how be educated before its too late.

  12. Lionel Says:

    Can I add something to what Dilrook has said. Another mistake Mahinda administration made was paying too much attention to the urban development projects. Voters in cities especially in Colombo and around were using the best facilities like parks and walking tracks and voted to Ranil. Mahinda’s vote base is in rural Sri Lanka. My guess is majority of youth who sacrificed their lives for the fight against terrorism were from NWP. But the money spent for the development of these rural area were less compare to the money spent on mega city projects. Life in rural Sri Lanka is not what we see in “Sihina Lokaya” thorough commercial TV channels. Sri Lanka’s development should be based and focused on rural people.

  13. Ananda-USA Says:

    What a JOKE:

    A Jehovah’s Witness as the compere at a Internal Vesak Celebration with a Hindu as the Chief Guest?

    This is the SUM TOTAL of the YAHAPALANAYA’s ACHCHARU understanding of our Sinhala Buddhist Culture.

    No wonder the Yamapalanaya is FAST LOSING the Sinhala Buddhist community!

    They are a PARA-GATHI KALLIYA

    NOT OF the Sinhala Buddhists,
    NOT BY the Sinhala Buddhists,
    NOT FROM the Sinhala Buddhists!

    They will SOON become a mere black-spot in Sri Lanka’s hallowed HISTORY!

  14. Ananda-USA Says:

    Oops! Meant to say ” International Vesak ….”

  15. Dilrook Says:

    Lionel is right.

    Having spent most on the north and east since 2010, most of the rest was spent in cities. But their voters as usual voted for UNP camp. Kurunegala has the highest number of soldiers followed by Anuradhapura. Both districts were completely neglected.

    However, in Mahinda’s first term and as PM he focused on rural areas as never before. It helped overcome bad effects of the tsunami and drum up support for war.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress