වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ : ඉදිරි දැක්මක් තිබූ වෛද්‍යවරයා
Posted on May 16th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

 වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ යනු ඉදිරි දැක්මක් තිබූ වෛද්‍යවරයෙකි. 1980 දී ඔහු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික විශ්ව විද්‍යාලය වූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය  North Colombo Medical College (NCMC) ස්ථාපිථ කරනු ලැබීය​. ආරම්භයේදී දේශීය සිසුන් 100 සහ විදෙස් සිසුන් 20 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම පුද්ගලික විශ්ව විද්‍යාලයට බොහෝ විරෝධතා ඇති කොට අවසානයේදී උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය අවලංගු කරන ලදි.   
වසර 37 කට පසුව අපක්‍ෂපාතීව වෛද්‍ය ජී.එම්. හීන්නිලමේගේ උත්සහය පිලිබඳව විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ ලාංකිකයා සුපුරුදු ලෙස වැඩ වරද්දාගත් බවය​. වාමාංශිකයන් ගේ පුහු තර්ක සහ මෙන්ම කෝකටත් විරුද්ධ උද්ගෝෂණ , බමුණු කුලයේ විරක්‍ෂීභාවයන් ,වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ සමග තිබූ පුද්ගලික ආරෝවන් ආදිය නිසා උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය ගබ්සා කරනු ලැබීය​.  
උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය විසින් නිපදවන ලද වෛද්‍යවරු අද දිනයේ සිටින්නේ කොතැනකද ? බොහෝ දෙනෙකු අද වෛද්‍ය විශේෂඥයන් ලෙස ලංකාවේද ලෝකයේ වෙනත් රටවලද සේවය කරති. එසේම මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අවි අමෝරාගත් නායකයන් ගෙන් බහුතරය තම දූ පුතුන් යවා තිබෙන්නේ මුහුදෙන් එතර පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​. 
උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය ගබ්සා නොකොට පවත්වා ගත්තේ නම් මේ වන විට අන්තර්ජාතිකව ප්‍රසිද්ධවූ,  විදෙස් සිසුන් මෙරට වෛද්‍ය අධ්‍යාපනය  සඳහා එන ලංකාවට විදේශ විනිමය ගෙන එන ආයතනයක් තනා ගැනීමේ හැකියාව තිබුනි. එහෙත් ලංකාව අතපසු කල අවස්ථාව දෝතින් බදාගත් මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය වැනි ආකෘති හරහා වෛද්‍ය දැණුම ලෝකයට බෙදා දෙති. ලාංකිකයාගේ උපන් ගෙයි ඉරිසියාව , කුහකකම නිසා  මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය දෝතින් බදාගත් අවස්ථාව ලංකාවට අහිමිවී යන ලදි. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress