ගෝඨා ජනපති කොමිසම හමුවේ නොබියව අණ දුන්නේ තමන් බව පවසයි
Posted on June 12th, 2017

උපුටා ගැන්ම හෙළබිම සිංහල පුවත් අඩවිය 

යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ  පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  විමසූ අවස්ථාවේදී  එම සිමෙන්ති කර්මාන්තශාලාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් අනතුරුව එහි පැරණි යකඩ තොග යුධ හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන ලෙස තමා උපදෙස් දුන් බවට ඔහු පවසා ඇත.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමන් කැඳවා ඇති බවද ගෝඨාභය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මීට පෙර හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා ද ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට වෙත කැඳවා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress