සරත් වීරසේකර ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….!!!
Posted on June 19th, 2017

හමුදාව ජන සංහාරකයින් බව ප්‍රකාශ කල ඩයස්පෝරා කුක්කන්නට මුල මතක් කර දෙයි !!! දේශපාලන තිරිසන්නු නිවටව මගහැර යද්දී තම මාතෘ භූමිය වෙනුවෙන් තනිවම හඬ නගනා වීර සෙන්පති….!!!

යුධ අපරාධ සිදුකල බවට චෝදනා එල්ලවන මෙරට හමුදාවන් එල් .ටි .ටි .ඊ ත්‍රස්තවාදීන්ගේ ළගම ඥතීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ලබා ගැනීමේ කමිටුවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගෙනඑනු ලබන යෝජනාවට අදහස් ලබා ගැනීමට පැවැත්වූ කමිටු රැස්වීමක් ජිනීවා නුවර පැවැත්වුණා.VIDEO http://www.lankanews.org/2017/06/blog-post_85.html#more

මානව හිමිකම් කවුන්සිල පැති සාකච්ඡාවේදී, සුපුරුදු ලෙසින් කොටි ඩයස්පෝරාවේ අපමණ බාධාකිරීම් හමුවේ සෙන්පති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ශ්‍රි ලංකා යුධ හමුදාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.මේ සාකච්ඡාවට කොටි ඩයස්පෝරා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියා.
ඒ සදහා එක්වෙමින් සරත් වීරසේකර කියා සිටියේ මෙරට හමුදාව දෙමළ ජනතාවට උපකාර කර ඇති බවයි.දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සදහා සිය ජිවිත පරදුවට තබා කටයුතු කල බව පෙන්වා දුන් සරත් වීරසේකර කියා සිටියේ ශ්‍රි ලංකා හමුදාවට මෙලෙස චෝදනා එල්ල කිරීම සුදුසු නැති බවයි.
ශ්‍රි ලංකා හමුදාව දෙමළ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කල බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ නිසා මෙවැනි චෝදනා නොකරන ලෙසට සරත් වීරසේකර එහිදී ප්‍රකාශ කළා. එහිදී රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙක් සදහන් කලේ තමා යාපනයේ ප්‍රදේශයේ ජීවත් වූවෙක් බවත් ශ්‍රි ලංකා හමුදාව ජන සංහාරකින් බව තමා ප්‍රකාශ කරන බවයි.හමුදාව විසින් අපේ ප්‍රදේශවලට පැමිණ මුදල් ඉල්ලා තර්ජනය කල බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ සල්ලි නොදුන් විට ජනතාව මරා දැමීමට ඒ අය කටයුතු කල බවයි. ඒ සදහා ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර පැවසුවේ එය සම්පූර්ණයෙන් අසත්‍ය චෝදනාවක් බවයි.එවැනි ආකාරයේ පට්ටපල් බොරු නොකියන ලෙසට සරත් වීරසේකර අදාළ නියෝජිතයාට දැඩි ලෙස කියා සිටියා.

2 Responses to “ සරත් වීරසේකර ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….!!!”

  1. ranjit Says:

    We all as a nation should be proud of this war hero Rear admiral Sarath Weerasekera and pray for his safety because he is in the midst of an evil clique of terrorist sympathisers fighting alone to tell the truth to the world about what happened during thirty years of terror by the most barbaric terrorist outfit in the world.

    We need true sons of mother lanka like him to counter unacceptable lies spread by Tamil diaspora and their sympathisers. He always stood fearlessly on behalf of the sinhala Buddhist population in this country. A man of courage who stood tall always and fought for the truth. We need people like him to lead our Motherland. We all should appreciate what he’s is doing on behalf of our country. We salute you Sir and always our prayers and thoughts are with you. Be brave keep our 🦁 lion flag high Sir. Good bless.

  2. Hiranthe Says:

    We are so grateful to you Sir as a nation.

    You are a true son of Mother Lanka and she will be happy and feeling relieved because of your bravery.

    Please keep it up.. we are always behind you with full of support!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress