ඇමති තුමනි හැකි නම් කූරගල පල්ලිය ඉවත් කරන්න
Posted on July 2nd, 2017

මතුගම සෙනෙවිරුවන්

ලෝක උරුමයක් ලෙසින් සැලකෙන දඹුලූ විහාරය තුළ සිදු වන කටයුතු සහ සංචාරකයන් ගෙන් මුදල් අයකිරීමේ කටයුතු රජයට පවරා ගන එහි පවතින වංචා සහ දූෂණ මැඩීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කොට තිබු‚.දඹුලූ රන්ගිරි රජමහා විහාරය අවසාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සන්නසකින් පවරා දෙමින් රාජකාරි නියම කරමින් පුදසත්කාර පවත්වා ගෙන යා යුතු බවට දක්වා ඇති සිංහල බෞද්ධයන්ගේ වන්දනීය සිද්ධස්ථානයකි. මෙම විහාරය පණහේ දශකයේ දී ආරක්ෂිත ස්මාරකයක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද්දේ එහි පවතින අගනා බිතු සිතුවම් වල පවතින කලාත්මක වටිනාකම් ඉදිරි පරපුරට දායාද කරනු සඳහාය. පසුව අසූව දශකයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තව දුරටත් මෙහි චිත්‍ර සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. නමුත් විහාර ගම් දේවාල ගම් පණතේ ප්‍රතිපාදන අනුව මෙම ස්ථානය සතු දේපළ භික්ෂූන් වහන්සේලා විසින් පාලනය කරනු ලබන බවද සඳහන් කළ යුතුය.මෙම දේපළ මගින් එකතු වන මුදල් වල ගිණුම් මහා භාරකාර තැනට පෙන්වාලිය යුතුය. යම් වංචාවක් සිදු වන්නේ නම් එA සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීම මහා භාර කාර තැනට අයත් රාජකාරියකි. වත්මන් දඹුලූ විහාරාධිපති අස්ගිරි කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම මංගල හිමියන් පෙන්වා දෙන්නේ එයයි.

පුරාවිද්‍යා ආඥා පණතෙන් අධ්‍යක්ෂ ජනරාල් වරයාට පැවරී තිඛෙන බලතල ප්‍රකාර රජයේ ඉඩම් වල පවතින පුරා විද්‍යා රක්ෂිත ස්ථාන සහ රක්ෂිත ස්මාරක කෙරෙහි ඔහු ගේ බලය සාධාරණ වේ. නමුත් ආරක්ෂිත ස්මාරක යනු පෙර සඳහන් කල පරිදි පැර‚ රජවරුන් සඟ සතු කොට පූජා කරන ලද බෞද්ධ සිද්ධස්ථානයන්ය. එAවායේ පාලනයට අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඇඟිලි ගැසිය නොහැකිය.නමුත් වත්මන් ඇමති වරයා නීතිපති වරයා ගෙන් උපදෙස් ගෙන මෙම බලයට අභියෝග කිරීමට සැරසෙයි.පුරාවස්තු පණතේ 40(ඊ) වගන්තිය අනුව එවැනි අභියෝගයක් කිරීමට සැරසෙන බවද දැන ගන්නට ඇත. පසුගිය දා දඹුලූ විහාර භාරකාර ස්වාමීන් වහන්සේට විරුද්ධව පොලිසියේ පැමි‚ලි කරන ලද්දේ රාජකාරියට බාධාකිරීමට උත්සාහ ගත් බව දක්වමිනි. මේ තත්ත්වය මහා සංඝාය වහන්සේලාට එදිරිව බලය අනිසි ලෙස භාවිතා කිරීමකි. අනෙක් අතින් මෙරට බෞද්ධ සිද්ධස්ථාන සතුව පවතින ස්වාධීනත්වයට අභියෝග කිරීමකි. දඹලූ විහාරය ලෝක උරමයක්ව පවතින්නේ එහි පවතින කලාත්මක වටිනාකම් නිසා පමණක් නොව වන්දනීය ගෞරවනීය බෞද්ධ පූජ්‍ය ස්ථානයක් ලෙසට ලබා ඇති කීර්තිය නිසා වෙනි. එA බැව් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටු ප්‍රඥප්තිය විසින්ද පිළිගෙන තිබේ.

වත්මන් රජය පත් වූ පසු සකස් කර ගෙන යන ව්‍යවස්ථාව තුළ සිංහල බෞද්ධයාට ලැබී ඇති විශේෂ අයිතිවාසිකම් ප්‍රතිපාදනය වන නව වන වගන්තියේ බලය අහෝසි කොට අනාගමික රාජ්‍යක් බවට පත්කිරීමට අවශ්‍ය යෝජනා ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් වාර්තා ගත කර ඇත. පසුගිය දා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කමිටු වාර්තාවේ නිර්දේශ වලින් කීපයකම එA බැව් අර්ථ දැක්වේ. දඹුලූ විහාර සිද්දියෙන් අර්ථ දැක්වෙන්නේද මේ ගමනේ පියවරක් බව පැහැදිලි වේ. රටේ බෞද්ධ සිද්ධාස්ථාන පාලනය නොයෙකුත් අකාරයෙන් රජයේ එAකාධිකාරයට යටත් කිරීමෙන් පසු ශාසනය අඩපණ වන බව රජය මෙහෙයවන කුමන්ත්‍රණ කරුවන් හොඳ හැටි දනී.පුරාවිද්‍යා පණත භාවිතා කොට මහා විහාරයට විරුද්ධව ද~ු මුගුරු උස්සා ගෙන ඇමතිවරුන් පෙළ ගැසෙන්නේ එබැවිනි.නමුත් ආණ්ඩුව බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් විශේෂයෙන් සඳහන් කරනු ලැබූ ස්ථාන දෙකක් වන කූරගල සහ මුහුදු මහා විහාරය සම්බන්ධව නිහ~ පිළිවෙතක් අනුගමනය කරයි.රජයේ ඉඩමක පවතින ආරක්ෂිත ස්මාරකයක් වන කූරගල සහ මුහුදු මහා විහාරය ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් ඇමති වරයාත් දක්වන උනන්දුව කුමක්දැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.
කූරගල පර්වතය ක්‍රි.පූ. දෙවන සියවසට අයත් ලෙන් විහාර වලින් සමන්විත බෞද්ධ ස්ද්ධස්ථාන භූමියකි. එහි කූරගල පර්වත මස්තකයේ පවතින මාරජී සෑය නම් ස්ථූපය සහ අනෙකුත් ලෙන් ලිපි මගින් එA බැව් තහවුරු වේ. 1923 දී පමණ මෙම ස්ථානයේ නැවතී සිටි කංසා වෙළඳම් කරුවන් වන මුසල්මානුවන් මෙහි කුඩා පල්ලි මඩුවක් තනා ගෙන ඇත. එය එA කාලයේම ඉවත් කරන ලෙසට ගම්මුළෑදනි වරුන් රපෝර්තු කළ අතර ඔවුන් අතින් සිදු වූ පුරා වස්තු විනාශය ගැන එවකට සිටි සංඝයා වහන්සේලා කළ හෙළිදරව්ව නිසා රජය එම ස්ථානය 1971 වසරේදී පුරා විද්‍යා රක්ෂිත ඉඩමක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.මේ කාලයෙන් පසු පසුව බළන්ගොඩ හිටපු මන්ත`ී අබුසාලි මහතා ගේ වුවමනාව පිට එA ස්ථානයේ පල්ලිය ඇතුළු විශාල ආගමික ඉඳිකිරීම් රාශියක් කරනු ලැබිණ. අසූව දශකයේ දී සිංහල බෞද්ධයන් මේ ප්‍රශ්ණය ගැන අවදිවී මේ සථානයේ උරුමය කියා පෑ පසු ආර්. ප්‍රේමදාස මහතා මැදිහත්ව මුස්ලිම් පිරිසට පර්වතයට පහළින් රජයේ ඉඩම් අක්කර විස්සක් පමණ බදු පදනම මත ලබා දී කූරගල පුරා විද්‍යා රක්ෂිතයෙන් ඉවත් වන බවට පොරොන්දු කර ගත්හ. නමුත් පසුව එම පොරොන්දුව කඩ කෙරිණ. ඔවුහු අතිරේක ඉඩම්ද ලබා ගෙන එAවායේ මුසල්මාන ගම්මානයක් තනා පල්ලියද වැඩි දියුණු කර ගත්හ.

පසුව 2012 වර්ෂයේ දී පමණ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රජයේ සන්තකය ආපසු පවරා ගැනීමේ පණත යටතේ බළන්ගොඩ මහේස්ත්‍රාත් මගින් ගත් නඩු තීන්දුවක් යටතේ මේ ස්ථානයෙන් ඉවත් කළ යුතු ඉඳි කිරීම් රාශියක් හඳුනා ගනු ලැබිණ. නමුත් දිගින් දිගටම මෙම කාර්යය ඉෂ්ට කිරීමට මුස්ලිම් පාර්ශවයෙන් බාධා එල්ල කරනු ලැබිණ. පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මැදිහත් වීම මත මෙම අනවසර ඉඳකිරීම් සියයට අනූඅටක්ම ඉවත් කරලීමට කටයුතු යොදනු ලැබූහ. එA සමගම එම ස්ථානයේ සිවිල් ආරක්ෂක බලකායක් ස්ථාපිත කොට ගල් ලෙන් සහිත භූමිය තපෝ වනයක් ලෙසට අලංකාරව සකස් කිරීම ආරම්භ කරනු ලැබිණ.නමුත් කටාරම් කෙටූ ගල්ලෙන් කඩා සකස් කර තිබූ මුස්ලිම් පල්ලිය සහ ඔවුන් ගේ සොහොන් කීපයක් ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුබට වු‚. හදිසියේම මෙම ඉවත් කිරීම නවතා ලීමට ඉහළින් නියෝග ලැබුණු බවද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමා ප්‍රකාශ කර තිබු‚. මහින්ද රජපක්ෂ හිටපු ජනාධිපතාවරයා මුස්ලිම් ඇමතිවරුන් ගේ බහට කන්දී මෙම මැදිහත් වීම කළ බව පසුව දැන ගන්නට ලැබු‚. දැන් යහපාලන රජය පත් වූවායින් පසුව පෙර ලෙසම ඔවුන් ගේ ඉදි කිරීම් කරමින් කොඩි ඔසවමින් ඉඩම් භුක්ති විදිමින් සිටිති.


නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ තිඛෙන මුහුදු මහා විහාර භූමිය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට් කරන ලද්දේ 1951 වසරේ දීය. එA අක්කර හැත්තෑදෙකක් වශයෙනි. පසුව 1965 දී පමණ තවත් ගැසට්ටුවක් නිකුත් කොට මෙම රක්ෂිත සීමාව අක්කර තිහකට අඩු කරනු ලැබ තිබු‚. මෙයට හේතුව මෙම රක්ෂිතයේ ඉඩම් අසල සිටින මුසල්මානුවන් එම ඉඩම් බලයෙන් භුක්ති විඳීමයි. දැනටත් මෙම ස්ථානයේ පවතින විහාරයට කඩා වදින ඇතැම් අන්තවාදීන් විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට අඩන්තේට්ටම් කරති.

රක්ෂිතයේ ඉඩම් වටා වැටවල් ගසා වෙන් කර ගනිති. මුහුදු මහා විහාරයට යන පාර අවහිර කරති. මේ තත්ත්වය අනුව මෙම තැන් දෙකේදීම පුරාවිද්‍යා ආඥා පණත රජයට ක්‍රියාත්මක කරලීමට බැරිවුණු බව ප්‍රකාශ කළ යුතුය. මුස්ලිම් චන්ද බලාපොරොත්තුවෙන් පසුවූ පසුගිය රජයත් මෙම රජයත් මේවාට අත තබා නිරවුල් කිරීමට උත්සාහ නොකරන බව පෙනේ. නමුත් මෙම ස්ථාන දෙකම පිළිබඳව 2003 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දැක්වෙන නිසා මෙම ඉඩම් නිරවුල් කිරීමේ වගකීම රජය සතුය. එහෙයින් මෙම අභියෝගය භාරගන්නා ලෙස ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටිමු.

2 Responses to “ඇමති තුමනි හැකි නම් කූරගල පල්ලිය ඉවත් කරන්න”

  1. Senerath Says:

    සංඝයා වහන්සේලා නැගී සිටිති. දේස පාලුවන්ට ජනතාව තවදුරටත් රැවටීමට බැරිවෙයිද ?
    Sangha is on the march ! Will the cheating by politicians threatenned ?

    නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය එකහෙළාම විරුද්ධයි – අස්‌ගිරි මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන නියෝජිතයින්ට දන්වයි

    සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර

    සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසකට පෙරේදා (02 වැනිදා) පස්‌වරුවේ දන්වා සිටියේය.

    අස්‌ගිරි මහා විහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්‌ථාවේ මෙසේ මහා විහාරයේ ස්‌ථාවරය දන්වා සිටින ලදී.

    නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීමට යැමේ එක්‌ අරමුණක්‌ වන්නේ බෙදුම්වාදයට ඉඩ සැලසීමත්, පවතින ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්‌ථානය අහිමිකිරීමටත් බව තම පාර්ශවයේ විශ්වාසය යෑයි මහානායක ස්‌වාමීන්ද්‍රයන් ප්‍රධාන සංඝරත්නය අවධාරණය කළහ.

    ඉදිරිපත් කිරීමට සැලසුම් කරන නව ව්‍යවස්‌ථාවකින් ජනාධිපති බලතල කප්පාදු කිරීමක්‌ සිදුවුණොත් එය රටේ ඒකීයභාවය ඇතුළු වැදගත් අංශ කීපයක්‌ කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවන බවත්, එමගින් බෙදුම්වාදයට පහසුවෙන් ඉඩකඩ සැලසෙන බවත් නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්හ.

    යෝජිත නව ව්‍යවස්‌ථාවේ තවත් අරමුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ පැවති බෞදධ පරිසරයටත්, ඒකීය භාවයටත් හානි කරමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට යෑයි පෙනී යන බවත් උන්වහන්සේ නියෝජිත පිරිසට පෙන්වා දුන්හ.

    රට, ජාතිය හා බුද්ධ ශාසනය ශත වර්ෂාධික කාලයක්‌ ආරකෂා කළ මුර දේවතාවුන් ලෙස සැලකෙන භික්‌ෂූන් වහන්සේගේ කිසිදු නියෝජිනයක්‌ නොමැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සාකච්ඡාවක්‌ පැවැත්වුණු බව පැවසූ නායක හිමිපාණන් වහන්සේ එම සාකච්ඡාවට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරුන්ට නම් අවස්‌ථාව ලැබුණු බව පෙන්වා දුන්හ.

    මැතිවරණ පනත සංශෝධනයකට තමන් වහන්සේ විරුද්ධත්වයක්‌ නොමැති බවද, නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය විරුද්ධ වන්නේ කුමන හේතූන් මතද යනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දක්‌වා සිටීමට පියවර ගන්නා බවද කාරක මහා සංඝ සභාව දන්වා සිටියේය.

    අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී Æණරතන මහ නාහිමි, අනුනායක ආණමඩුවේ ධම්මදස්‌සි නාහිමි, මහියංගණ රාජමහා විහාරාධිකාරි උරුලෑවත්තේ ධම්මරක්‌ත නාහිමි, අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු නාහිමිවරු මෙහිදී කරුණු දක්‌වා සිටියහ.

    බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්‌සි, බලංගොඩ සෝභිත යන නාහිමිවරුද, නීතිඥ මනෝහර ද සිල්වා, ප්‍රනීත් අබේසුන්දර, වෛද්‍ය අනුලා විඡේසුන්දර සහ මහාචාර්ය හේමා ගුණතිලක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

    නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදුටුවහ. එම අවස්‌ථාව මාධ්‍යයට විවෘත නොවීය.

  2. Lorenzo Says:

    That is good news Senevi.

    The new army commander will be Mahesh Senanayake. He is from the SF. A tough guy.

    ASGIRIYA is taking the lead. REVENGEFUL govt. retaliates by CONFISCATING money collection from Asgiriya sect temples.

    Why can’t they takeover to the govt. NALLUR KOYIL and DAWATAGAHA MOSQUE collection?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress