උමාඔය පරිසර ඇගයීම් වාර්තාව හැදුවේ කොහොමද? – කැෆේ අසයි
Posted on July 5th, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

2017 ජුලි 5 වනදා

උපකුලපතිතුමා,

ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලය,

නුගේගොඩ.

 

මහත්මාණෙනි,

උමා ඔය පරිසර ඇගයීම් වාර්තාව – 2010 නොවැම්බර්

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ගේ කණ්ඩායම් නායකත්වයෙන් සිදු කළ පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධයෙනි. 

උමා ඔය ව්‍යාපෘතිය ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හාලි ඇළ හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන් 6 ක ජනතාවගේ හිස මත කඩා වැටුණු ඛෙදවාචකයක් බව ට පත්වී ඇතැයි ඔබ ද දන්නේ යැයි සිතමි.  එම ව්‍යාපෘතියේ පරිසර ඇගයීම් වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මගින් යැයි කියනු ලැබේ. 

  1. අදාළ පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීම සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා වාරි මාර්ග අමාත්‍යාංශය සමග කුමන ආකාරයක හෝ ගිවිසුමක්, එකගතාවයක් ඇති කොට ගත්තේ ද?  එසේ නම්, එම එකගතාව/ගිවිසුම පිටපතක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
  2. අදාළ පරිසර වාර්තාව සදහා විශේෂඥයින් තෝරා ගැනීමේ දී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය විසින් හෝ එවැනි වෙනත් වගකිවයුතු මණ්ඩලයකින්/අධිකාරියකින් අනුමැතිය ලබා ගත්තේ ද?
  3. මුලික වශයෙන් ඉංජිනේරුමය කාර්යයක් වන මේ සදහා අවම වශයෙන් ඉංජිනේරු පීඨයක් හෝ නොමැති ඔබ විශ්වවිද්‍යාලය ඉදිරිපත්වීමට යම් සුවිශේෂ වූ හේතුවක් තිබේ ද? 
  4. අදාළ විශේෂඥයින් තෝරා ගැනීම සදහා පදනම් වූ නිර්ණායක පවතී ද?  එසේ නම් ඒ මොනවාද? එහි පිටපතක් ලබා ගත හැකි ද?
  5. සත්ත්ව විද්‍යාව පිළිබද විශේෂඥතාව සහිත පුද්ගලයින් 6 දෙනෙකු හෝ එයට වැඩි සංඛ්‍යාවක් මෙම කමිටුවට ඇතුලත් කිරීමට පදනම් වූ හේතු සාධක කවරේ ද?  කණ්ඩායම් නායිකා මහාචාර්ය පියසිරි මහත්මියගේ පුද්ගලික දැන හැදුණුම්කම් හැර ඒ සදහා වෙනත් සාධක පවතී ද?
  6. තමන් අදාළ කේෂ්ත්‍ර‍යන් සම්බන්ධයෙන් මෙම විශේෂඥතාව ඇති පුද්ගලයින් විසින් ලබා දුන් නිරීක්ෂණ හෝ නිර්දේශ සියල්ල හෝ කොටසක් හෝ විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුපලපතිවරයා හෝ වෙනත් බලධාරියෙකු ගේ අවශ්‍යතාව මත ඉවත් කරනු ලැබුවේ ද?  එසේ නම් එම කොටස් මොනවාද?
  7. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමෙන් පසුව පරිසර ඇගයීම් වාර්තාවක් වෙනුවෙන් ලැබුණු වැඩිම පැමිණිලි සංඛ්‍යාව (101) ක් ලැබීමෙන් පසුව හෝ එයට හේතු වූ කරුණු පිළිබද පසු විපරමක් කරුනු ලැබුවේ ද? නොඑසේ නම් ඒ ඇයි?
  8. ඇමරිකානු ඩොලර් මිලියන 248 ක් හෝ එයට වැඩි දුෂණයක් සිදු කිරීම සදහා පාදක ලියවිල්ලක් බවට පත් කොට ගත් පරිසර ඇගයිම් වාර්තාව තුලින් අයාථ වාසි ලැබූ පුද්ගලයින් වේ දැයි විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණයක් සිදු කරන්නේ ද? නැතිනම් ඒ මන්ද?
  9. ඔබ විශ්වවිද්‍යාල මගින් සකස් කළ බව කියන වාර්තාවක් මත පදනම්ව සිදු කල සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් සිදුව ඇති ඇදහිය නොහැකි විනාශය පිළිබද ඔබ ආයතනය දක්වන ‘සමාජ වගකීම‘ කුමක් ද?

මේ පිළිබද ඔබගෙන් ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

පිටපත් – උපකුලපතිතුමා පේරාදේණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය.

4 Responses to “උමාඔය පරිසර ඇගයීම් වාර්තාව හැදුවේ කොහොමද? – කැෆේ අසයි”

  1. Senerath Says:

    Looks like no “patriots” care about this BIG CHEAT.

    If you watch the following, 3-D animation show that the tunnel is lined with 200-300mm thick precast concrete.

    https://www.youtube.com/watch?v=_GUGdcKq0sE

    If you watch the following ( after part completion), you will see that the tunnel is not lined.

    https://www.youtube.com/watch?v=sLYG34Ipzek
    ( also not the river of water flowing out in 2015. Now it is more it seems)

    If you check the volume of concrete, it is approximately 60000 m3. If you use a rate of $1500 per m3 ( including factory set up, materail labour etc) it is almost $100 million of more.

  2. Leela Says:

    පරිසරවේදීන් කියන විදිහට මොන වැඩේ කලත් පරිසරයට හානි වෙනවා. අැත්ත, කැලයක් වැව්වොත් අැරෙන්න බලාගාරයක් හැදුවත්, පාරක් හැදුවත්, වරායක් හැදුවත්, හරක් පට්ටියක් හැදුවත් මොකක් හැදුවත් පරිසරයට හානි වෙනවා. නමුත් අද මිනිස්සුන්ට ජීවත් වෙන්න කාර්, බස්, පාර, බලාගාර, වරාය, ෆාම් අවශ්‍යයය්. එනිසා එවා හැදීම පවතින රජයේ වගකීමය්.

    ඉතින් උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තෙ වෙල් ලක්‍ෂයක් තිබුන වෙල්ලස්සෙ කුඹුරැ අස්වද්දන්න වතුර දෙන්නය්. හම්බන්තොටට වතුර කඳුලක් දෙන්න නෙවෙය්. බන්ඩාරවෙල ලිං හිදෙනවා කියල මේ වෙනකොට 78%ක් ඉවර කරල තියන ව්‍යාපෘතියෙ කපපු උමං වහන්න දැන් පුලුවන්ද? බැහැ.

    වැඩකට නැති පල්හෑලි අැදල බොරැ ලියල මහින්දට කපල වැඩක් නැහැ. පරිසරවේදීන් උමාඔය ව්‍යාපෘතිය අනුමත කලා. වැඩේ පටන් ගන්නකොට ව්‍යාපෘතිය බාරව හිටපු අැමති හිටං දැන් ජනාධිපති. ලිං හිදුනෙ උමං වලට වතුර ලීක් උන නිසය්. වතුර ලීක් නොවෙන කපපු උමං ලෝකෙ කොහෙවත් නැහැ. ලීක් දැකපු ගමන් හැමෝම ඉක්මනට ලීක් වලට ප්‍රතිකර්ම යොදනවා. සම්මතය ඒකය්.

    ‘යහපාලන’ කැඳ හැලියට ගින්දර දමල නටවල හිටං ජනාධිපති වෙලා රනිල් අගමැති කොලා විතරය් පෝට් සිටිය, හමුදා මූල්ස්ථානය, ලෝටස් කුලුන වගෙ මහින්ද පටන් ගත්ත ලොකු කුඩා හැම ව්‍යාපෘතියකම වැඩ නැවැත්තුවා. 95%ක් වැඩ ඉවර කොරල තිබ්බ අපේ ගම කිට්ටුව මොරගහහේන බස් ස්ටෑන්ඩ් එකෙත් වැඩත් නැවැත්තුවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මහා පරිමාන අධි තාක්ෂණ උමා ඔය ව්‍යාපෘතියෙ වැඩත් නැවැත්තුවා.

    අන්න එතනය් මූලික වැරැද්ද. වතුර ලීක් එකට නියම වෙලාවට (වසර දෙකකට පෙර) යෙදීය යුතුව තිබුන ප්‍රතිකර්ම කලේ නැහැ. නියම වෙලාවට ලීක් ඒක වහපු නැති නිසා දැන් තත්වය උග්‍ර වෙලා බව පිටරට ඉන්න ලංකාවෙ ටනල් විශේසඥයො පැහැදිලිව මේ වෙබ් සයිට් එකෙත් කියල කියනවා. මහින්ද රාජපක්ෂත් ඒ් කතාවම මේ ලඟදි කිව්වා.

    දැන් බය්ල නොකියා පරක්කු වැරැද්ද හිටං බාර ගත යුතුය්. ‘යහපාලනය’ රෙජිමය බන්ඩාරවෙල කැඩුන ගෙවල් වලට වන්දි ගෙවිය යුතුය්. ලීක් සීල් කොරන විධිහක් සොයා බලා වැරැද්ද හරි ගැස්සිය යුතුය්.

  3. NAK Says:

    What has the environmental report has to do with the collapsing of the tunnel? How can an environmental evaluation determine if the tunnel will collapse or not. Its a geological survey that should determine the stability of the tunnel.
    As far as I am aware such a survey was done. Bore holes were dug and soil samples were taken at one KM intervals through out the route of the tunnel and I have seen those samples stored in a warehouse near the Bandarawela CTB depot.
    I have seen three bore holes dug in Makulella,Bambaragama and Roseland.
    Most likely this survey must have missed a pool of water underground.
    As Leela says above blame game and pointing fingers for more than two years is main reason for the disaster.
    Political nincompoops like Samantha Vidyaratne makes matters worse with their foul mouths.

  4. Senerath Says:

    NAK,
    Tunnel is not collapsing, but leaking like hell. ( minor collapses can happen due to this old method)
    1. If you watched the clips I attached, first one (possibly prepared by a consultant to the contractor ) is very comprehensive. TBM machine is also good and it is built to carry precast concrete lining behind. TBM machine actually used is complete rubbish. When you look at the constrcuted tunnel, you can see huge undulations ( like done by blasting and hand excavation). No concrete lining seen but they are using chemical grouting to stop leaks ( as the man there says)

    2. If you do some reasearch you will find so many tunnels done under much worse conditions, all over the world. You have to open your heart and see the extensive damage done ( with big holes, trenches like cracks ( to which people can stand inside) completely runing livelyhood of people in a large area. Even if concrete line tunnel is used some damage in unavoidale and this project is simply not feasible as surround areas are populous and being used for agricultur and normal livelyhodd of a large number of people. It should be completely hearless creatures to approve such project without any lining at all. Surely a $500 million project is not anyhow awarded, conctractor has to prove himself and demonstater how he protect each and every household ( unless governement told them not to care). Looks like the presentation was very good, but some big scandal as usual happened.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress