හීන තිබුනට කෝටියක්… අතේ නෑ එක රුපියලක්….
Posted on July 15th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

මෑතකදී පොළොන්නරුවේ පැවති උත්සවයකදී, ජනාධිපති මෛත්රීපාල සිරිසේන සුපුරුදු පරිදි අනාගත කාලයට වලංගුවන පරිදි කතාවක් කලේය. කුමන අභියෝග ආවත් මාතෘභූමිය සහ ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවයි. මාතෘ භූමිය කෙසේ වෙතත් ආණ්ඩුව නම් කෙසේ හෝ ඉදිරියට ගෙනයාම පිලිබඳ අප විචිකිච්ඡාවක් තබා නොගත යුතුය. රටේ මෙපමන ප්රශ්න තිබියදී යලිත් වරක් ඇමතිවරු, නියෝජ් ඇමතිවරු සහ වෙනත් නිළතල දරන අය වෙනුවෙන් වාහන කිහිපයක් ගැනීමටත්, නිවෙස් අලුත්වැඩියාවටත් තවත් රුපියල් කෝටි ගණනාවක මුදල් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙන් කලේ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ ක්රියාවලියේ එක් අදියරක් වශයෙන් බව පැහැදිලිය. පසුගිය දිනවල, රජය පාර්ශ්වයෙන් 18 දෙනෙකු මහින්ද පාර්ශ්වයට එකතුවන බවත්, ඇමතිවරු 8 දෙනෙකු හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවටත් පුවත් පලවිය. සමහරවිට මේ හදිසි පරිපූරක ඇස්තමේන්තුව මේ අය වෙනුවෙන් ලබාදෙන දොලපිදේනියක් විය හැකිය.

 

කුමක් හෝ සිත් බිඳීමක් මත ජනාධිපති ලේකම්වරයා සිය පදවියෙන් ඉල්ලා අස් වූ විට, වෙනුවට නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාව සිටි ඔස්ටින් ප්රනාන්දු පත්කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කලේය. ඔහු 2001 – 2004 දක්වා කාලය තුල රනිල් වික්රමසිංහ රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි තැනැත්තාය. ඔහුගේ එම සේවා කාලය ඇතුලත ඔහු විසින් සිදුකල, ජනතා අවධානයට ලක්වූ කාර්යභාරයන් අතර ප්රධානතම කාර්යය වන්නේ අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශය පාවාදීමයි. එතුලින්ආරක්ෂක ලේකම්වරයාලෙස තම විෂය පථය පිලිබඳව ඔහු තුල තිබූ දැනුම සහ පරිණතභාවයේ තරම මැනවින් ප්රදර්ශනය කලේය. ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් කොළඹ පැමින නාරාහේන්පිට ඇපලෝ රෝහලට ඇතුලත් වූ එල්ටීටීඊ නායකයෙකු බැලීමට ඇපල් මලු රැගෙන නෑ ගම් ගියේත්, ප්රභාකරන්ගේ උපන්දිනයට සොල්හයිම් නම් සාම නියෝජිතයා අතේ රිවෝල්වරයක් තෑගි ලෙස යැව්වේත් මොහුය. පසුගිය සමයේ මොහුගේ රුව අපේ මතකයේ රැඳුනේ නැගෙනහිර පැවති උත්සවයකදී පලාත් සභා මහ ඇමතිවරයා විසින් පලාත භාර නාවික හමුදා නිළධාරියාට ඉතා නින්දිත ආකාරයෙන් බැණ වදිත්දී, හරියට පුංචි පුතාගේ හුරතලයක් නරඹන තාත්තා කෙනෙකු මෙන් සිනාවෙවී බලාසිටි ආකාරයෙනි. සමහරවිට ජනාධිපතිවරයා ගෙනයන ඊනියා සංහිඳියා ක්රියාදාමයට මේවා ගෝචර විය හැකි වුවත් දිනෙන් දින තමාට ලංකර ගන්නේ මොන ආකාරයේ ධාරිතාවක් හා පෞරුෂයක් සහිත පුද්ගලයින්ද කියා අවබෝධයක් නැති නායකයෙකු සිටින රටක ඉදිරි ගමන ගැන කුමන අපේක්ෂාවක්ද?

 

ජනවර්ග කිහිපයක් ඇති රටක මේ ජනවර්ග අතර සාමකාමී බවක් නොමැතිව රටක් ඉදිරියට ගෙනයාම කල නොහැක්කක් බව එදාටත්, අදටත් එකසේ වලංගු සත්යයකි. එම ජනවර්ග කිහිපයටම එක හා සමානව සැලකීම පාලකයාගේ යුතුකමය. මහජාතියට වැඩිපුර සලකමින් සුලු ජාතීන් කොන් කිරීම සුදුසු නොවන්නා සේම සංහිඳියාවටය කියමින් සුලු ජාතිය සතුටු කරනුවස් ඔවුනට වැඩි වරප්රසාද දෙමින් මහජාතිය නොසලකා හැරීමද අනුමත කල නොහැක. මීට උදාහරණ ඕනෑ තරම් දිය හැකිය. උතුරේ සහ දකුණේ පොලිසිය සම්බන්ධවීම නිසා සිදුවන සිද්ධීන්හිදී පොලිසිය හැසිරෙන ආකාරය, පසුගිය වසරේ  යාපනය විශ්ව විද්යාලයේ ඇතිවූ සිසු ගැටුම් හා දකුණේ සරසවි සිසුන් සම්බන්ධව අනුගමනයකල ක්රියා මාර්ගයන් මෙන්ම කිලිනොච්චි වෙළඳ සංකීර්නය ගිනිගත් පසු වන්දි ලබා දුන් ආකාරය සහ දකුණේ සිදුවන ආපදාවන්හිදී ජනතාවට සලකන ආකාරය මෙවැනි අවස්ථාවන්ය. නමුත් සැබැවින්ම මේවා සිදුවනුයේ ජනතාව නොව එම නායකයන් සතුටු කිරීමටයි. අද අපේ ජාතිකත්වය හැඳින්වෙන්නේශ්රී ලාංකිකයනුවෙනි. එබැවින් ශ්රී ලාංකික ජනතාවගේ සුභසිද්ධිය තකා යමක් කරන්නේ නැතිව, ජන කොටසක් ඇපයට තබාගෙන තම බලය පවත්වාගන්නට කටයුතු කරන නායකයන් සැනසීමට ක්රියා කිරීම තුල හෙලිදරව් වන්නේ තම බලය පවත්වා ගැනීම පිනිස එම නායකයන්වද, ඔවුන් හරහා එම ජනතාවද යොදා ගැනීමේ කතන්දරය සහ රටට මෙන්ම සෑම ජන කොටසකටමත් සංහිඳියාවේ නාමයෙන් ඔවුන් කරන වංචාවයි.

 

අතර නැගෙනහිර පලාත සඳහා අලුතෙන් පත්කල ආණ්ඩුකාරවරයා වන රෝහිත බොගොල්ලාගමට නව වාහනයක් ගැනීමටද අලුත්ම පරිපූරක ඇස්තමේන්තුවේ මුදල් වෙන්ව ඇත. මෙහි අදහස හිටපු ආණ්ඩුකාරවරයා වූ ඔස්ටින් ප්රනාන්දුට නිළ වාහනයක් නොතිබුනා කියාද? නැතිනම් ඔහු තම නිළ වාහනය ගෙදර අරන් ගියාද? දෙකම නොවේ නම් ජනාධිපතිගේ සිතැඟි පරිදි පත් කරනු ලබන ඕනෑම පලාත් සභා ආණ්ඩුකාරවරයෙකුට සැම අවස්ථාවකම අලුතින් පුද්ගලික වාහනයක් දෙනවා කියන එකද?

 

ජනාධිපති, අගමැති හෝ වෙනත් ඇමතිවරයෙකුගේ අවශ්යතාව පරිදි මෙසේ අලුතින් පත්වන අයටද අලුතින්ම වාහන ගැනීමට අවශ්යවීම වටහාගත නොහැකිය. වත්මන් රජයේ ඇත්තන්ට වැළඳී තිබෙන රථගාය වෙන කවරදාටත් වඩා බරපතල බව අලුත් කතාවක් නොවේ. නමුත් මෙතරම් අසාධ් තත්වයක්? තමාට කලින් එම ධුරය දැරූ තැනැත්තා ගිය වාහනයේ යාමට නොහැකි තරමේ අසාත්මිකතාවයක්ද මෙම රථගායේ රෝග ලක්ෂණවලට ඇතුලත්ව ඇත්තේ ජනතාවගේ අවාසනාවටය. ඉතින් මේ රෝගයට වෙදකම් නොකර රට ඉදිරියට ගෙන යනවාය කියා කයිවාරු ගැසීම ශෝචනීය විහිලුවකි. මින්පසු මැති ඇමතිලාට වාහන ගැනිලි නැතැයි ජනාධිපතිවරයා පැවසුවේ නොබෝදාය. මෙය වඩාත් බරපතල වන්නේ මේ පරිපූරක ඇස්තමේන්තුවට අදාල රථය පමනක් නොව තවත් ජාති කිහිපයක් ඇතුලත් වීමය. හරියට ගෙදර නෝනා සීනි කිලෝවක් ගන්නටය කියා සුපර් මාකට්එකට ගොස් තව ඕනෑ එ්වාත්, එපා එ්වාත් මිලදී ගෙන අතේ තියන තුට්ටුව නාස්ති කරන්නාක් මෙනි. පරිපූරක ඇස්තමේන්තු කෙරුවාව මෙලෙසය. අරණායක, කොස්ගම, මීතොටමුල්ල ආපදාවලින් විපතට පත් වූවන්ට නිසි සහනයක් සැලසී ඇත්ද? උමා ඔය ව්යාපෘතිය නිසා උන්හිටි තැන් අහිමිවන ජනතාවට කුමක් සිදුවනු ඇත්ද? අලි මදිවාට හරක් කිව්වා සේ අප පරිසර ඇමතිවරයා වන ජනාධිපතිගේ නියෝගයෙන් උමා ඔය ව්යාපෘතියෙන් විපතට පත් ජනතාවට සහන සැපයීම සඳහා පත්කල කමිටුවේ සභාපතිවරයා, නිල්ගල වනය විනාශ කිරීම සම්බන්ධව වැරදිකරු වී මාස 06 සිර දඬුවමක් අවුරුදු 7 අත්හිටුවා ඇති පුද්ගලයෙකි. මෙසේ පුද්ගලයන් ගැන තක්සේරු කරන ගමන් රට ඉදිරියට ගෙන යාමක් පිලිබඳව ජනතාවට චිත් ඇඳ පෙන්වීම කෙසේ සාධාරණීකරනය කරන්නද?

 

2009 වසරේ හා 2017 වසරේ සිදුවූ ඩෙංගු අසාදනයන් සහ ඩෙංගු මරණ සංඛ්යාව සන්සන්දනය කල සෞඛ් ඇමතිවරයා පවසන්නේ එදාට වඩා දැන් තත්වය හොඳ බැවින් ලෝක සෞඛ් සංවිධානය ශ්රී ලංකාවට ප්රශංසා කරන බවයි. නමුත් වෛද්යවරුන් පවසන පරිදි මේ වන විට ඩෙංගු අසාදිත සංඛ්යාව 100,000 ඉක්මවා ගොස් ඇති අතර සංඛ්යා ලේඛණ යාවත්කාලීන වීමද නැවතී ඇත. ජුලි 11 වන දා දැක්වුන පුවතක කියැවුනේ ලෝක සෞඛ් සංවිධානයෙන් පත්කල විදේශීය වෛද්යවරුන් සිව් දෙනෙකුගෙන් යුතු කමිටුවක් විසින් ශ්රී ලංකාවේ මාසයක කාලයක් කල සංචාරයකින් පසුව රට තුල ඩෙංගු පැතිරීම 50% න් අඩු කිරීම සඳහා වන නිර්දේශ ඇතුලත් වාර්තාවක් සෞඛ් ඇමතිවරයාට භාරදුන් බවයි. මෙතැන කාරණා දෙකක් තිබේ. එක, ලෝක සෞඛ් සංවිධානය තමන්ට ප්රශංසා කරන බව සෞඛ් ඇමතිවරයා පාර්ලිමේතුවේදී පවසන වකවානුවේත් මේ වෛද් කණ්ඩායම පෙර සඳහන් අධ්යයනයේ යෙදී සිටි බවත්, දෙක, මේ අධ්යයනය සඳහා වෛද්යවරුන් පිටරටින් ගෙනෙන්නට සිදුවූයේ අප රටේ ඩෙංගු මර්ධනය සඳහා ක්රම සහ විධි දන්නා වෛද්යවරුන් නැති නිසාද, එසේ නම් ලෝක සෞඛ් සංවිධානය ශ්රී ලංකාවේ සෞඛ් ක්ෂේත්රයට ප්රශංසා කරන්නේ මොන පදනමකින්ද යන කරුණුය. ඔවුන් මේ අධ්යයනය කරන කාලයේ රටේ ගොඩ ගැසෙන කසල කඳු නොදැක්කාද? එය එසේ වූයේ ඇයි කියා විමසා බැලුවාද?  ඩෙංගු පැතිරීම යනු සංවර්ධනයේ ලක්ෂණයක් ලෙස දකින සෞඛ් ඇමතිගේ රෙකමදෝරුව නිසා රට පුරා කසල ගොඩ ගැසී කුණු ගඳ හැමීමද සංවර්ධනයේ නිර්ණායකයක් ලෙස දේශය පාලනය කරන ඇත්තන්ට පෙනී යාම පුදුමයක් නොවේ. මේ වසර දෙක තුල සිදුවී ඇති පුදුම එලවන සංවර්ධනය ගැනත් ඉදිරියට තමන් රට රැගෙන යන්නට අපේක්ෂා කරන ඉසව් ගැනත් අපේ රටේ පමනක් නොව පිටරට ඇති සමුලුවලදීද කයිවාරු ගසනු ඇත්තේ එබැවිනි. මේ බොරු කයිවාරු නැමති බිත්තිවලින් සැදුනු සිහින මාලිගා තුල සිට තමන්ට ජාත්යන්තරය ජයගත හැකියැයි මොවුන් කියනවා නම් කියන්නට ඇත්තේ ජාත්යන්තරයද හිස් බොරුවේම කොටස්කරුවන් වන බවය.

 

රටේ පරිසරය දිනෙන් දින වැනසී යන්නේ වන සම්පත් විනාශය, ජල දූෂණය, අනවසර ඉදිකිරීම් සහ හා සම්බන්ධ ක්රියාකාරකම් ආදිය නිසාය. මේවාට ආම්පන්න සපයන්නේ දේශපාලයන්ය. කෘෂිකර්මාන්තය මේ වන විට මිනී පෙට්ටියකට දමා ඇති අතර, ඉතිරිව ඇත්තේ පියන වසා ඇණ ගැසීම පමනි. කඳුකර තේ ඉඩම් එකින් එක හෝටල් කර්මාන්ත සඳහා පවරන විට තේ වගාවටද කණකොකා හඬනු ඇත. මෙතුල අනාථ බවට පත්වන වතු කම්කරුවන් නිසා අනාගතයේ තවත් අලුත් ප්රශ්නයක් ඇතිවිය හැකිය. පුරාවස්තු විනාශය ගැන ඇසෙන පුවත් නිමක් නැත. මේ පුරාවස්තු සිංහලද, දෙමළද, මුස්ලිම්ද යන කරුණ අදාල නොවේ. එතැන ඇති වැදගත්කම නම් පුරාවස්තු යනු දියුණු මානව ශිෂ්ඨාචාරයක සළකුණුය යන්නයි. මෙය වලක්වා ලීමට සංහිඳියාවේ අභිලාෂයන් බාධාවක් විය යුතු නොවේ.

 

දේශපාලකයන්ගේ අදූරදර්ශී සහ ආත්මාර්ථකාමී බව තුල දිනෙන් දින ඇතිවන, වැඩෙන ප්රශ්න එකින් එක ගැන සිතනවිට හදවතක් ඇති අයෙකුට වාවාගත හැකිද?

 

නමුත් මේ දේශපාලකයන්ට අනුව රට දිනෙන් දින දියුණුව කරා යන අතර අපේ රට විවිධ අංශයන්ගෙන් ආසියාවේ පලමු තැනට ගෙන එන බවට ජනතාව හමුවේ වපුරන හිස් වචනවලින් දෙන පොරොන්දුවලද නිමක් නැත. කණගාටුවට කරුණ නම් මේ කතන්දර අසාගෙන සිට අත්පොලසන් දීම සඳහා දක්කාගෙන හැකි ජනතාවක්ද තවමත් අප රටේ ඉතිරිව සිටීමයි.

 

අනිකුත් හීන කෙසේ වෙතත් ජනතාවට දැන් ඉතිරිව ඇත්තේ දැනට සිදුවේගෙන යන මේ විනාශයන් නතරවේවිද නැද්ද යන භයංකාර හීනයයි.

 

මේ වසරේ මැයි 1 වන දා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට ගාලු මුවදොර පිටියට ලක්ෂ ගණනින් ජනතාව එකතු වූයේ මෙවන් අපේක්ෂාවක් සිතේ දරාගෙන විය හැක. නමුත් ජුලි 10 වන දා බරපතල මූල් අපරාධ විමර්ශන ඒකකයට, පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන සමග පැමිනි හිටපු ජනාධිපතිවරයා අපූරු කතාවක් කීවේය. , තමා රජය පෙරලනවාය කීවේ මාස දෙකකින් නොවවෙසක්පෝය දෙකකින් බවය. මොවුන් මෙවැනි දේ පවසන්නේ ජනතාවගේ හැඟීම් විහිලුවට ගන්නා නිසාද, තුට්ටු දෙකට ලා සලකන නිසාද? පිලිතුර දන්නේ ඔහුම පමනි. තව වෙසක් පෝය දෙකක් යනවිට කොහොමත් රජය පෙරලන්නට කාලය හරිය. ඔවුන්ද ජනතාවගේ රිදුනු හැඟීම් සහ අපේක්ෂාවන් සමග මේ අයුරින් සෙල්ලම් කරන්නේ නම් තව වෙසක් පෝය දෙකකින් සිදුවන පෙරලියේදී වෙනත් විකල්පයක් ගැන සිතා බලන්නට ජනතාවට සිදුවනු ඇති.

 

කවුර කවුරුත් මතකයේ තබාගත යුතු කරුණක් වෙයි. එනම් දැන් අපේ රට යන ගමන් මග ඉදිරියේ ලෝකාන්තය බඳු ප්රපාතයන් ඇති බවයි. ජනාධිපතිවරයා පවසන පරිදි මේ ක්රමයට රට සහ රජය ඉදිරියටම ගියහොත්, තව වෙසක් පෝය දෙකකින් මහින්ද රාජපක්ෂලාට රජය පෙරලා දිනා ගන්නට රටක් ඉතිරිවේද යන්නයි.

3 Responses to “හීන තිබුනට කෝටියක්… අතේ නෑ එක රුපියලක්….”

  1. NAK Says:

    I heard it when he said in two more Vesak poyas and it is obvious that there is no other legal way of doing it before that.

  2. Ancient Sinhalaya Says:

    Traitor uneducated, vengeful puppet maru sira can be likened to a man who caught koti valige. He has no choice
    now. He hasn’t done anything apart from MR bashing all this time. In the mean time Sri Lanka, Sinhalese race and
    Buddhism being destroyed by the traitors tamils, mussies, catholics and the catholic west.

    Maru sira is fearing for his life and wetting his pants wondering how to save his pathetic skin when he was thrown in the bin. Traitor maru sira knows his days are numbered. He is giving moon and the earth to keep the traitor deshapaluwan on his side. The traitors know they can demand moon and the earth and maru sira is going to give it. But how maru sira going to find money for these exorbitant demands? Pathetic low life will sell Sri Lanka to save his pathetic skin. There is no money to do anything since he has to meet these free loaders’ demands to keep his job. That’s why the pathetic maru sira can’t even keep a street clean let alone run a country. Maru sira, A CURSE ON MOTHER LANKA!

    If he has an iota of patriotism, a drop of Sinhalese blood in him he should give up the job give and give it to MR & Co who showed how to develop a country in no time. MR & Gota stopped so called catholic run
    UNPatriotic party’s so called unwinnable 30-year war and developed the country to world standards in a matter of just 10 years. These traitor kala kannis can only dream such a thing. Catholic run UNPatritoic party guys are mega lying, mega thieving, mega murdering (Sinhalese only) pathetic low lives. Going to bed with those low lives maru sira became one of them. Shame on you uneducated moron! Maru sira can always leave Sri Lanka and live happily in tn/bangladesh/pakesthan of course!

  3. Christie Says:

    අතේ සතයක් නැතිව සුද්දගේ නැවක නැග නැවේ කුලී වැඩකර අප රාට ගොඩබැස අද ඩොලර් බිලියනර්ලා වී සිටින ඉන්දියානු පරපෝසිතයෝ ඉන්දියානු අදිරදයත් එකතුව අපේ රට ගෙනියති.

    අපි එකිනෙකා රුපියලකට රන්ඩුවෙති. ඉන්දියාවත් පරපෝසිතයනුත් Sස්න්හල සන්හාරය කරති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress