රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 40ක දේශපාලන දිවියට අපගේ ශුභ පැතුම්ද එක්කරමු.
Posted on July 27th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ජිවිත රගමඩලේ රගනා ශ්‍රී ලාංකීය නළුවන් අතරේ ඉතා වැදගත් කැපී පෙනෙන චරිතයක් රගපාන නළුවෙකි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. අප ඔහුව හදුනන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව තුලිනි. මේ වනවිට ඔහුගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පුර්ණව ඇත. අප මේ සම්බන්ධව එතුමාට මේ අවස්ථාවේදී අපගේ ශුභ පැතුම් එක් කරන අතර මේ අවස්ථාවේදීම  මේ ඉතිහාසගත සුවීශේෂී චරිතය සම්බන්ධව සාකච්චාවක්ද  ආරම්භ කරමු. මේ දේශපාලන රංගන වේදිකාවේ, අප සිත්ගත් චරිත මෙන්ම අප සිත් නොගත් චරිතද ඇති අතර, රනිල් වික්‍රමසිංහ චරිතය අප සිත් නොගන්නාවූ දේශපාලන චරිතයකි. මෙතන වැදගත් වන්නේ අපගේ සිත් ගත්තාද නොගත්තාද යන්න නොව, එතුමාට ලබාදී ඇති චරිතයට සාධාරණයක් එතුමා ඉටු කලාද නැද්ද යන්නයි.

මාරයා යනු බුදු දහමේ ඇති ඉතා වටිනා සංකල්පයකි. බෞද්ධයින්, ඉතා අකමැති චරිතයක් වන මාරයාට බුදුදහම තුල ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. බෞද්ධයින් කොතෙක් අකමැති වුවද, මාරයා ඔවුන් සමගම ගැවසෙන්නා සේම, ශ්‍රී ලාංකීය ජනතාව කුමන ආකාරයෙන් ප්‍රතික්ෂේප කලද, රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම මෙරට සිටින සැම සියලු ජන කොට්ඨාශයකටම බලපායි. ඒ එතුමා විසින් එතුමාට බාරදී ඇති චරිතයට ලබාදී ඇති විශිෂ්ඨ දායකත්වය හේතුවෙනි. අපි බුදු දහම සම්බන්ධව ඉතා ගැබුරින් හදාරන නමුත්, කිසිදාක මාරයාගේ දර්ශණයවත්, ඔහුගේ උපාය උපක්‍රම සම්බන්ධවත් හැදෑරීමට උත්සුක වන්නෝ නොවෙමු. එය අප විසින් සිදු කරන බලවත් වරදකි. එබැවින් අපත් අප සමාජයත් නිතරම වගේ, මාර උගුල් වල ඇලි, ගැලී, දැවටී,පැටලී ගිලි සිටි.

මුළු මහත් ලෝකයේ මෙන්ම, අප රට තුලද අඛණ්ඩව පවතින්නේ,හොද හා නරක අතර නොනවතින අරගලයකි. එය තවත් ආකාරයකින් පවසනවා නම් යුක්තිය හා අයුක්තිය අතර පවතින අරගලයකි. මේ අරගලය විසින් මුළු මහත් සමාජයම ඉදිරියට ගමන් කරවන බැවින්, සමාජයට හොද මෙන්ම නරකද අත්‍යවශ්‍ය දෙයක බවට පත්ව තිබේ. ඒ අනුව අයුක්තිය අසාධාරණය රජ කරවන පිලේ නායකත්වයේ චරිතය මේ වනවිට පණ පොවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර, එතුමා, එම පිල වෙනුවෙන් විශිෂ්ඨ කර්තව්‍යක් ඉටු කරන දිදුලන නායකයකු වශයෙන් කැපී පෙනෙන ආකාරයේ කටයුතු සමුදායක් මේ වනවිට නිම කොට හමාරය. එතුමා සිය චරිතය කොතරම් ඉහලින් ඉටුකරනවාද යත්, මේ වනවිට මෙරට තුල යුක්තිය හා සාධාරණත්වය  වෙනුවෙන් ඔහු හා සටන් වැදීමට තරම් ප්‍රබල චරිතයක් ගොඩ නැගී නැත. ඉතිහාසයේ මේ බිහිව ඇති චරිතය සම්බන්ධව නිසි අධ්‍යනයක් නොකොට, යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂාවෙන්  සිදු කරන්නාවූ සියලුම කාර්යයන්ට ඇත්තේ ඉතා කෙටි කාලින පැවැත්මක් බව අප දැනගත යුතුය. මේ එතිහාසික චරිතය නිකම්ම නිකම් චරිතයක් නොව ප්‍රභල චරිතයක් බැවින්,අප සියලු දෙනාම එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව කියවිය යුතුමය.

රනිල් වික්‍රමසිංහ මහතා යනු, රටක රාජ්‍ය නායකත්වය දැරිමට මනාව සුදුසුකම් සහිත.පදනමකින් යුත් පවුලකින් පැවත එන්නෙකි. සිංහලකම බෞද්ධකමද මිශ්‍රිත පවුලකින් පැවත එන එතුමාට, ඉතා පහසුවෙන්
 යුක්තිය හා සාධාරණත්වයේ පිල වෙනුවෙන් නායකත්වය දීමට මනා හැකියාවක්ද ඇති අයෙකි. නමුත් ඔහු සිය පියා ඇතුළු පවුලේ දේශපාලන ස්ථාවරත්වයමත සිටගෙන. එතුමාගේ පියාණන් විසින් ගමන් කල අඩි පාරේම නොබියව ගමන් කරන දේශපාලඥයකු බව කිව යුතුමය.. එදා හොද සහා යුක්තිය හා සාධාරණත්වයට මනා නායකත්වයක් සැපයු, සග, වේද, ගුරු, ගොවි,කම්කරු, පංච මහා බලවේගයන්ට නායකත්වය ලබාදුන්  එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතාගේ, දේශපාලයට එරෙහිව, බලවත්ව සටන් කල සිය පියාගේම අඩිපාරේ යමින්, මේ වනවිටත්  එම කටයුතු ඉදිරියට මෙහෙයවමින් සිටි.

වර්ෂ 1977දි පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා, වයස 28ක් තරම් ලාබාල අවදියේදීම පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබීමම, තමන් පෙර බවයකදී සිදු කරන ලද මහා පුණ්‍ය කර්මයක හේතුවෙන් ලද මහා භාගයක් ලෙස සැලකිය හැකි වුවද, ඒ සමගම අත්වැල් බැදගත් තවත් මහා ජන සමුහයකගේ පෙර භාවන්හිදී ඔවුන් විසින්  සිදු කරන ලද පාප කර්මයන්ද මේ චරිතයේ, බල ව්‍යාප්තියට බලපා ඇති බව වැටහෙන්නේ  ඔහුගේ පීඩනයන්ට යටත්වූ තරුණ තරුණියන් සම්බන්ධව සිතන විටය. කුමන තත්වයක් යටතේ වුවද, මේ සැලසුම් සහගත චරිතය පක්ෂය තුල සිදු කරන ලද මහා බල අරගලයක ප්‍රතිපලය වුයේ, එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දක්වා ගමන් කිරීමට හැකිවීමයි. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ලගා වුයේ, රන්ජන් විජේරත්න, ආර්.ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, වැනි බලවත් චරිත සමුහය, කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර, එම දේශපාලන භුමිය මනාව සකස් කරදීමෙන් පසුවය. මේ සිදුවීම් මාලාවම ඉතිහාසය තුල සිදුවූ සරදම් මාලාවක් සේ ඉතිහාසයේ, සංචාරය කරන්නන්ට දැනේ.
 
ජාතියේ විසංවර්ධනය උදෙසාම දායකත්ව සපයන කණ්ඩායමේ, නායකත්වය දරන එතුමාගේ දේශපාලන භූමිකාව තුලදී, එතුමා තුලවුයේ, මෙරට දේශපාලනයේ, යෙදෙන කිසිවෙකු තුල නොමැති  එතුමාටම සුවිශේෂීවුද, එතුමාටම ආවේනිකවූ චරිතාංගයන්ය. දැඩි ස්ථාවරත්වය, නොනැමෙන සුලුභාවට. එතුමාටම අවැසි ඉලක්කය කරා යාම, අන් කිසිවෙකුගේ මතයට හිස නොනැමිම මේ අතරවේ, රට ජාතිය, ආගම ඇත්තේ රැකීමට නොව තම අරමුණු කරා යාමට බව හැගෙවන චරිතයක් ඔහුට උරුමව තිබිණි. වර්ෂ 1994 සිට මේ රටතුල දේශපාලන තරගබිමේ, තරග කලේ එකම හිමිකරුවෙකුට අයත් අශ්වයකු හා වෙලබක් වන අතර, හිමිකරුවා එකම  වුවද, රනිල් හා චන්ද්‍රිකා අතර එදා තරගයක් නිර්මාණය කර තිබුණි. එක්කෙනෙක් ව්‍යාවස්ථාමය ක්‍රියාදාමයක් තුලින් ද්‍රවිඩ ඊළම ලබාදීමට උත්සාහ කල අතර, අනෙකා යුධමය ක්‍රියාදාමයක් තුලින් කොටින්  විසින්ම සටන් කොට ඊළම ලබා ගැනීමේ  ක්‍රියාදාමයට උපකාර කිරීමේ මෙහෙයවුමට  පන පෙවිය. නමුත් ඒ සටනද හිමිකරුවාගේ පාලනය යටතේම  සිදුවිණි. ඕනෑම අවස්ථාවකදී බිද වට්ටවන්නට හැකියාව තිබු චන්ද්‍රිකාගේ වැඩි චන්ද එකේ බලයකින් යුතුවූ ආණ්‌ඩුව බිද නොදමා සුරැකිව පවත්වාගෙන යන ලද්දේ සැබෑ හිමිකරුවාගේ උවමනාව මතය. මෙය රනිල් වික්‍රමසිංහ නම්වූ බලවත් චරිතයට ඔරොත්තු නොදෙන්නක් වුවද එතුමා ඉතා ඉවසිලිවන්තව  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඇයගේ ගමන් මාර්ගයේම යන්නට ඉඩදී ගමන් කිරීමට ඉඩදී බලා සිටියහ. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ව්‍යාවස්ථාමය  කාර්යය තුලින් ද්‍රවිඩ ඊළම ලබාදීමේ ක්‍රියාවලිය යථාර්තයක් වීමට  ඉඩ නොදීමට කල හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම එතුමා මනාව ඉටු කලේ, මේ රටේ බහුතරයද සතුටු වෙන ආකාරයටය. චන්ද්‍රික  කුමාරතුංග මැතිනියගේ රජය විසින් ඉදිරිපත් කරන ලද  ව්‍යවස්ථාව  නිකම්ම නිකම් විහිළුවක් බවට පත් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ඉතිහාසගත දේශපාලන ක්‍රියාදාමය නිසාය. එදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවතා දමන ලද්දේ, අද රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නට වෙරදරන නව ව්‍යවස්ථා සම්පාදන කාර්යභාරයමය.

කොටි සංවිධානයේ, ස්වර්ණමය යුගය වශයෙන් නම් කල හැක්කේ, 1994 සිට 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා වූ කාල පරිච්චේදයයි. ඒ අවුරුදු 11ක් පමණවූ කාලයකට සිමා වී ඇත. මේ යුගය තුලදී එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින්, ව්‍යවස්ථාමය කාර්ය තුලින්, උතුරේ හා නැගෙනහිර බලය, ප්‍රභාකරන්ට ලබාදුන්නේ නම්, මේ වනවිට, බලවත්,ප්‍රභාකරන් කෙනෙක්, උතුර හා නැගෙනහිර පාලනය කරමින්, දකුණේ දේශපාලනයට දැඩි බලපෑම් කරමින් සිටිනු දක්නට ලැබීමට තිබුණු අවස්ථාව, නැති කරනු ලැබුවේ, රනිල් වික්‍රමසිංහ නම්වූ චරිතයයි. ඔහු විසින් විනාශ කරනු ලැබුවේ, ඔහු අපේක්ෂා කල කාර්යය නොවේ. ඔහු අපේක්ෂා කලේ යුධමය වශයෙන් බෙලහීන කරනු ලැබූ ශ්‍රී ලංකාවක උතුර හා නැගෙනහිර පාලනය කරන ප්‍රභාකරන් කෙනෙකු දැකීමයි. ඒ අපේක්ෂාව පෙරදැරි කරගෙන ඉදිරියට ගිය එතුමා, නැවත අගමැති බවට පත් වී සාම  ගිවිසුමක් අත්සන් කර,උතුරු නැගෙනහිර පාලනය, කොටි සංවිධානයට භාර කලේ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපතිනිය  හා  රාජ්‍ය ආරක්ෂක පදවිය ව්‍යාවස්ථා වෙන්ම  ලබාදී තිබෙන තත්වයක් තුලදිය. එතුමා ඉදිරියේ, සැම ජනාධිපතිවරයකුම නිල නොවන ජනාධිපතිවරයකු බවට පත්වන්නේ, එතුමා තුල ඇති විශේෂිත හේතු සමුදායක් නිසාය.

අප සිතන පරාජය, එතුමා පරාජයක් සේ නොසලකන අතර, පක්ෂය තුලත්, රට තුලත්, ජාත්‍යන්තරය තුලත් එතුමාට එරෙහිව ඇති බලවේගයන් ඉදිරියේ නොසෙල්වී, සිය ඉලක්කය කරා ඇදෙන ආකාරය මෙරට තුල සිටි කිසිදු දේශපාලන නායකයකු තුලින් විද්‍යමාන නොවේ. එදා මෙතුමාගේ දේශපාලන පීඩනය දරාගත නොහැකිව සිටි, චන්ද්‍රිකා කුමාරතුංග  මහත්මිය, තමන් ලද ප්‍රථම අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජනය ගෙන, රනිල් වික්‍රමසිංහ රජය විසුරුවා දමා මැතිවරණක් තුලින් එතුමාව පරාජය කරනු ලැබුවද, ඒ පරාජයන්ට එතුමාව විනාශ කිරීමේ හැකියාවක් නම් නොතිබිණි.

 ඒ මහා මැතිවරණ පරාජයට අමතරව, 2005 ජනාධිපති මැතිවරණයේදී, තනි තුරග හිමිකරුගේ අශ්ව රේස් එක නිමා කරමින්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්විය. ඒ 2005 නොවැම්බර් මස 18 වෙනිදායි. එදා සිට 2015 ජනවාරි මස 8 වෙනිදා දක්වාවූ වසර නවයක කාලය තුලදී, රනිල් වික්‍රමසිංහ නම්වූ චරිතයට පක්ෂය තුලද, රට තුලද, ජාත්‍යන්තරය තුලද මහා පීඩන සම්භාරයකට මුහුණ දෙන්නට සිදුවිය. මේ සමපිඩිත තත්වයන් තුලදී, ඉතා උපක්‍රමශීලිව, පක්ෂ නායකත්වය තමා අතම රදවා ගනිමින්, සතුරු බලවේගයන් හා සටන් වදිමින් ගමන් කල දේශපාලන ගමන් මගේ, නවක දේශපාලඥයින්ට ඉගෙනීමට ඇති දෙ අති විශාලය.

1.විශේෂිතම සිද්ධීන් වන්නේ,තමන් රටේ ඇති බලවත්ම දේශපාලන පක්ෂයේ නායකයාව සිටියදීම, කිසිදා දේශපාලනය නොකළ, තමන් ආශිර්වාද කල කොටි සංවිධානය  විනාශ කල, යුධ සෙන්පතියාට, ජනාධිපතිවරණයට තරග වැදීමට ඉඩදීමයි.
2., කාලාන්තරයක් තමන්ට එරෙහි පිලේ සිටි ප්‍රබලයකුට ජනාධිපතිවීමට ඉඩ කඩ ලබාදීමයි.
3. පරාජිත ජනාධිපති තුමා තමන් අරලිය ගහ මැදුරින් යන උදෑසන  රටේ එවකට සිටි අගමැතිතුමාට නොව, විපක්ෂ නායකව සිටි මෙතුමා කැදවා. සියල්ල බාරදී පිටව යාමයි.

දැන් මෙතුමා මෙරට අගමැතිතුමාය, පෙර මෙන්ම දැන්ද  මෙතුමා බලවත්ය, මෙතුමා ඉදිරියේ, ව්‍යාවස්ථාව එතුමාට දණ්ඩනමස්කාර කර වදින අතර, එතුමා ඉදිරියේ නිතිය දියෙන් ගොඩදැමූ මාලුවෙක් සේ දගලයි. එදා මෙතුමාගේ රජය විසුරුවා හැරී එදා ජනාධිපතිනිය මෙතුමා සමගය, එදා මෙතුමාට එරෙහිව සිටි ජනතා විමුක්ති පෙරමුණද මෙතුමා සමගය. අපි අගමැතිතුමාගේ, දේශපාලන දිවියට වසර හතළියේ,වට්ස්හ පුර්ණයට සුභ පතන්නෙමු.

5 Responses to “රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 40ක දේශපාලන දිවියට අපගේ ශුභ පැතුම්ද එක්කරමු.”

  1. Wetta Says:

    සමහර විටෙක නොහැකියාව වසා ගැනීමට කරන වෙට්ට පිත්තල වැඩත් එක්තරා දක්ෂකමක් සේ දැකිය හැකියි. නොහැකියාව වසා ගැනීමට ඇති හැකියාවත් හැකියාවක් වන්නේ ගස් නැති රටේ වෙඬරු ගහත් ගහක් වෙන ආකාරයටමයි. තමන්ට දිනන්නට බැරි චන්දයට වෙනත් එකෙක් දමමින් ඒ අතරේ පක්ෂ නායකත්වත් ස්ථිරව තබා ගැනීමට හැක්කේ දක්ෂ ඒකාධිපතියෙකුට මිස වෙන මොකෙකුටද? ඒ අතින් රනිල් දක්ෂයෙකි. ඒ ගැන සැකයක් නැත. පරදින පක්ෂයකට, වැඩ බැරි පක්ෂයකට, පරාධීන ජාතියකට ඔබින්නේ එවන් නායකයෙකි.

    තම පියාගේ අඩිපාරේම යන්නේ ඊට වඩා යමක් නොදන්නා බැවිනි, ඊට වඩා යමක් කල නොහැකි බැවිනි, එහෙත් එයවත් කරගැනීමට හැකිවීම නොහැකියාව ට වඩා දක්ෂකමස් ලෙස පෙනෙන්නේ එය දෛවයේ විහිළුවක් නිසාද?

    රනිල් වික්‍රමසිංහ උපත ලැබුවේ යමෙකු උපත ලබන පවුල මුදල් හදල් අතින් ඉහල රදල පෙලන්තියට අයත් නම් , ඒ අයට හිස පහත් කරගෙන වහල් කම් කරමින් , උන් කියන කරන ඕනෑම පාදඩ වැඩක් සඳහා නකුට දෙකකුල් අස්සේ ගහගෙන සහය දීමට ඕනෑම විටෙක සුදානම් මිනිසුන් කොට්ඨාශයක් ඉන්නා රටක වීම රනිල් ගේ පෙර කුසල කර්ම පලදීමක් විය යුතුය. මෙලෝ වැඩක් හරියාකාරව කරගැනීමට නොහැකි මෙවන් පුද්ගලයෙක් පිට පිටම තම පක්ෂය පරාජය කරා ගෙන යද්දීත් ඔහුට පක්ෂයේ නායක කම රැඳී තිබෙන්නට ඉඩ හරින්නේ එවන් නුගත් අසරණ අවාසනාවන්ත වහලුන් සිටින රටක මිසක් වෙන ඔහුම මහා ඉහලින් අගයන බටහිර රටක නම් නොවේ.

    පැරැන්නන්, “ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි ” යැයි කියන පැරණි කියමන කියා ඇත්තේ ඔහුටමදැයි වරෙක මට සිතේ. ඕනෑම පහත් වැඩක් කරමින් ඕනෑම හොරකමක් කරමින් හෝ කරවමින් එහෙත් අබමල් රේණුවක තරම්වත් ලැජ්ජාවක් නැතිව කලිසමකුත් ඇඳගෙන මහජනතාව ඉදිරියේ කිසිවක් සිදු නොවුවා සේ පෙනී සිටීමට ඔහුට ඇති හැකියාවම ඔහුට තවත් ආචාර්ය පට්ටමක් දීමට තරම් සුදුසු බවත් සත්‍යය.

    පණ්ඩිතගේ මහතා කියා ඇති සේ අප අකමැති වුවත් නැතත් “මාරයා” දක්ෂයෙකි. කිසිවෙකුට මාරයාගෙන් බේරිය නොහැක. මාරයා යනු රනිල් සේම ප්‍රභල චරිතයකි, අවසන මාරයා මෙන්ම රනිලුත් දිනයි. රට ඇතුළු අන් සියල්ල පරදිනු ඇත. එවිට මාරයාගේ වහල් සහචරයන් හෝයියා කියනු ඇත, සුභ පතනු ඇත.

  2. NAK Says:

    Ranil is living proof that this country has been cursed. His forty years in politics shows how powerful that curse is.

  3. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Mega Thief Bay Gal Karaya Batalande Wadakaya pol pot r@nil
    wickrmaSinhalakiller has been a cancer in Mother Lanka. He has done irreparable damage to Sri Lanka, Sinhalese
    race and Buddhism with his religion of convenience. Born to the no 1 christian family in Sri Lanka, he became a
    Buddhist, a token Buddhist, to hoodwink the Sinhala modayas. He succeeded beyond anybody’s imagination to the
    delight of the C brigade. Batalande Wadakaya hasn’t done a SINGLE act to the betterment of the Sinhalese, Sri
    Lanka or Buddhism in his 40 years. He showed he was only good at murder (Sinhalese only please), mayhem,
    treachery, robbery, corruption, destruction of Buddhism, destruction of Sri Lanka, destruction of the Sinhalese
    race etc. etc.

    Charles Darwin’s Theory of Evolution destroyed the myth of creator god theory. Batalande Wadakaya became a
    token Buddhist to destroy the only true religion, Buddhism, in the world. By doing all these bad karma, he has
    made sure his place in hell for many many lives to come. Unfortunate for Mother Lanka, the cancer is in perfect
    health and more and more destruction of Sri Lanka, Sinhalese race and Buddhism is guaranteed. Meanwhile,
    Sinhala modayas inc. Bikkus going to celebrate the monster’s 40 years of treachery, starting from Sri Dalada
    Maligawa. Can anybody believe these morons? His catholic-run UNPatriotic party let their catholic buddy hitler
    malapaharan attacked the sacred temple and was reluctant to take action. Now Wadakaya’s sterling work to
    destroy Buddhism, Sri Lanka and Sinhalese race going to be celebrated there itself! Sinhala modayas! Amoebas
    got more brain than these morons!

    Batalande Wadakaya’s ‘colourful CV (star-studded)’:
    * BHEESHANA SAMAYA, Batalande torture camp etc. 60,000+
    *Catholic tigers of tamil drelam 30 years murder campaign (mainly Sinhalese) 100,000+
    *Millennium City intelligent officers to the catholic tigers of tamil drealam bullet
    *Batalande torture camp chief of staff
    *Half the country to his catholic buddy hitler malapaharan in 2005 with the CFA
    *stop teaching history in schools when r@nil was education minister to please tamils, mussies, catholics and the west
    *CB day light robbery with his cathoic buddy mahahorandran
    *Abolishing state pension soon as he became PM (pathala man already) through the back door to make state employees beg on street
    *Planned new constitution to break up Sri Lanka to please ardent supporters tamils, mussies and the west
    *Planned removal of Buddhism from the constitution to systematically destroy Buddhism from Sri Lanka.
    List of treacheries goes on and on. Still Sinhala modayas revere the monster! Sinhala modayas where are your
    brains? Disgraceful traitor morons!

  4. Ancient Sinhalaya Says:

    Interesting reading for the ardent supporters (that’s if they have brains, Sinhalese blood) of the monster.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  5. Vaisrawana Says:

    My greetings to Ranil (with apologies to Shakespeare):

    Thou art a traitor,
    False to thy gods, thy brother, and thy father,
    Conspirant ’gainst our beloved Motherland
    And, from the extremest upward of thy head
    To the descent and dust below thy foot,
    A most toad-spotted traitor.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress