දුම්රිය දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ හා අක‍්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලීම
Posted on August 21st, 2017

All Ceylon Railway Employees’ General Union 

ගරු ජනාධිපති,
මෛතීරපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ හා අකරමිකතා සෙවීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලීම

           කාලයක සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින වංචා, දූෂණ, අක‍්‍රමිකතා  නිසා දුම්රිය සේවයේ මෙහෙවර ප‍්‍රකාශයට අනුව අරමුණු සහ ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි  වුවා පමණක් නොව, ජනතාව බලාපොරොත්තු වන අවම පහසුකම් සහිත දුම්රිය සේවයක් ලබා දිීමට අපොහොසත් වී ඇත.

            දියුණු තාක්‍ෂණික දැනුම ලබා නොගැනීම, එන්ජින්, ගැල් සහ මැදිරි හා දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම, එ්වාට අවශ්‍ය අමතර කොටස්, උපාංග හා තාක්‍ෂණික මෙවලම් යොදා නොගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුවට කළ හැකි ඉදිකිරීම් හා පොදු කාර්යයන්, අනියම් ආදායම් ලබාගැනීමේ අරමුණින් පුද්ගලයින්ට හා සමාගම්වලට වාසි වන ආකාරයට බදු දීම, දුම්රිය ඉඩම් සම්බන්ධයෙන් සිදු කරමින් තිබෙන අවිධිමත් ක‍්‍රමවේදය සහ තවත් බොහෝ  කරුණු හේතුකොට ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන ලද හානිය ඉතා බරපතලය. එමෙන්ම මෑත කාලයේ එලිපිටම සිදුකරන  ලද වංචා දූෂණ හා අක‍්‍රමිකතා නිසාත්, පරිපාලනයේ අකාර්යක්‍ෂමතාව නිසාත් හා අවිධිමත් පත්වීම් නිසාත්, දුම්රිය දෙපාර්තමේන්තුව, පරිපාලනය, දුම්රිය ධාවනය හා මූල්‍ය කළමණාකරණය ආදි වශයෙන් දැවැන්ත පරිහානියකට පත්ව ඇත. ප‍්‍රවාහන අමාත්‍යාංශ පරිපාලනය මෙන්ම දුම්රිය ඉහල බලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව දුම්රිය වෘත්තිය සමිතිවල සහ බොහෝ දුම්රිය සේවකයින්ගේ අදහස වී ඇති බවද අවධාරණයෙන් පෙන්වා දෙන අතර, මෙවැනි තත්වයක් දිගින් දිගටම පැවතුනහොත් ඔබ තුමාගේ ආණ්ඩුවේ කාල සීමාව තුලදී ම දුම්රිය සේවය විනාශවී යනවාට කිසිදු සැකයක් නැත.

            එය එසේ නොවිය යුත්තක් බව අවධාරණය කරන අතර, පසුගිය කාලය පුරා සිදුකර ඇති වංචා දූෂණ අක‍්‍රමිකතා හා විවිධ අකටයුතු කි‍්‍රයා සම්බන්ධයෙන් විමර්ශනය කර විධිමත් කි‍්‍රයාමාර්ග ගැනීමට බලතල සහිත කමිටුවක් පත්කරන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා  සිටිමු.

ස්තූතියි.

මෙයට,
දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන්
එස්. පී. විතානගේ
සම කැඳවුම්කරු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress