ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්…… අපබ්‍රංස!
Posted on September 11th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

මහවැසි, ගංවතුර හා නායයාම් මෙන්ම නියඟය හා දුර්භික්ෂයද අපේ රට ගිල ගන්නේ මාරුවෙන් මාරුවටය. එක නිමේෂයකදී ලක්ෂ ගණන් ජනතාව බීමට වතුර පොදක් නැතිව, ඉරි තැලුන බිම්කඩක අතරමං කරන සොබා දහම, ඊලඟ නිමේෂයේදී මහා සැඩ පහරක වෙසින් පැමින ජනතාව ගිලගනී. කලට වැසි ලැබ, කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිතව තිබූ රටක් මෙවන් තත්වයකට ඇද වැටුනේ කෙසේද?

අතර පොළොන්නරුවේ නව කෘෂි වෙළඳ මධ්යස්ථානයකටමුල්ගලතබන ගමන් ලබන මාසයේ සිටවගා සංග්රාමයක්අරඹන්නට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසන්නේය. ඔහු ජනාධිපති තනතුරට පත්වී වසර 3 ක් ගතවීමටත් ආසන්න වුවද මේ වන තුරුත් තමන් කරන්නට අදහස් කරන ලොකු ලොකු සිහින ගැන කියවනවා මිසෙක කරලා පෙන්වූ දෙයක් නම් නැත. කොටින් කියතොත් ඉලක්කය තිබුනද කරා ගෙනයන ක්රියාකාරකම් පද්ධතියක් නොමැත. වරක් ඔහුපැහැබර හෙටක්තිරසර රටක්කියා පොත් වගයක් මුද්රණයකර, මහා උත්සවයක් පවත්වා බෙදා හැරියේය. එය එතැනින් අවසන්ය. ඩෙංගු මර්ධනය සඳහා නියාමකවරුන් පත්කර තවත් උත්සවයක් පැවැත්වූ අතර ඉන් මාස කිහිපයක් ගිය තැන ඩෙංගු වසංගතයට ගොදුරුවන ජනතාව ලක්ෂ සංඛ්යාතව ඉහල ගිය කල්හි, මෙවන් පත්වීම් කලාද කියා සිතන්නටවත් ජනතාවට අවකාශයක් නැතිවිය. අතරතුර රටටම ආදර්ශයක් දෙන්නට යයි පවසමින් යෝග ව්යායාම්වල යෙදීම, සුවතා වැඩ සටහන්, දරු පරපුර රැක ගැනීමේ වැඩසටහන් නිමක් නැත. මෙවන් කටින් බතල සිටුවන ගනයේ උත්සව නිසා, ඒවාට වැයවන මුදල් කන්දරාව සහ මේවා වෙනුවෙන් වැයවන නිළධාරීන් ඇතුලු ජනතාවගේ කාලය, එනම් තම තමන්ගේ ප්රශ්න විසඳා ගැනීමට තිබෙන කාලය, අපතේ යනු මිස මෙතෙක් රටට කෙරුන වැඩක් ඇතිද කියා සිතා බැලීම වටී.

ජනාධිපතිවරයාගේම වචනයෙන් කියන පරිදිගොවි පුතෙකුසහතක්සලාවක් බඳු නිවසක හැදුන වැඩුන අයෙකුලෙස ඔහු හැමදාම කියන ප්රධාන මාතෘකාවන් වන දරුවන් සහ කෘෂිකර්මාන්තය සම්බන්ධව මඳක් විග්රහ කිරීම තුල රටේ ජනාධිපති ලෙස ඔහු සතු ධාරිතාව ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ඔහු දරු පරපුර ආරක්ෂා කිරීමට කටයුතු කරනවිට ඔවුන් ගිල ගන්නා ව්යසනයන් රටේ කොපමන වේද කියා ඔහුට දැනෙනු ඇතිද? නමුත් අපේ ජනාධිපතිවරයාට ව්යසනයන් ලෙස පෙනෙන්නේ ජංගම දුරකථන සහ අන්තර්ජාලය පමනි. ඔහුට අනුව දරුවන් අතර සිය දිවි හානිකර ගැනීම් වැඩිවී ඇත්තේ කරුණු දෙක නිසාය. මාස කිහිපයකට පෙර විදේශයකදී නව තාක්ෂණයේ ව්යාප්තිය පිලිබඳ උත්සවයකට සහභාගී වෙමින්, ශ්රී ලංකාව නව තාක්ෂණය අතින් අාසියාවේ මුල් තැනට ගෙන එන බව පැවසුවේ ඔහුමය. පාසල් සිසුන්ට ටැබ් එකක් බෙදා දෙන්නට හදිසි වී ඇත්තේද ඔහුගේම කැබිනෙට්ටුවේම අධ්යාපන ඇමතිවරයාටය. මේ ටැබ් එක සමගම මතුවන අනෙකුත් ප්රායෝගික ගැටලු විසඳන්නේ කෙසේද කියා සහතිකයක් ඔහුට තිබේද? මනාව ඉදිකල පාසලකට ගොඩවී, ළමුන්ගේ අත්පොලසන් මධ්යයේ ගිටාර් වාදනයකර, තමාගේ සිහින ප්රබන්ධයන්ගෙන් එකක් පවසා යනවා හැරුනකොට ඉසට හරිහමං සෙවනක් නැතිව හෝ මේස පුටු නැතිව බිම හිඳගෙන අකුරු කරන පොල් අතු, කටු මැටියෙන් ඉදිවූ පාසලකට ඔහු ගොඩ වදිනු ඔබ කිසි දිනෙක රූපවාහිනියෙන් දැක තිබේද

 

රටේ ඇති පාසල් අතරින් 50% වඩා ඇත්තේ මෙවන් අඩුපාඩු සහිතවය. පාසල් යන වයසේ වුව පාසල් නොයන දරුවන් සංඛ්යාව කොපමන වේද? ළමා පරපුරට ඇති සැබෑ ප්රශ්න මේවාය. ජංගම දුරකථන හෝ අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින දරුවන් සංඛ්යාවට වඩා ඉහත කියූ ප්රශ්නවලට මුහුණ දෙන දරුවන් සංඛ්යාව වැඩිය. මේ පාසල්වල තත්වය නගා සිටුවීමට අධ්යාපන අමාත්යංශය සතු විධිමත් වැඩ පිලිවෙලක් නැත. දරුවන්ගේ ළමාවිය නිදහස සීමා කරන, ඔවුන් තම දෙමව්පියන්ගේ (දෙමව්පියන්ද මෙම අධ්යාපන ක්රමය තුල එතැනට තල්ලු කර දමනු ලැබ ඇත්තෝය) සිහින මාළිගාවල සිරකරුවන් බවට පත් කරන අධ්යාපන ක්රමය විධිමත් කිරීම දරු පරපුර වෙනුවෙන් කල යුතු මූලිකම දේ බව මෙතෙක් සිටි බොහෝ නායකයන්ට මෙන්ම ඔහුටද නොවැටහෙන බව පෙනෙන නිසා 2015 දී සිදුකල ජනතා තේරීමද නිෂ්ඵල බව පැහැදිලිය.

 

ජීව විද්යාත්මකව කිවහොත් මනුෂ්යයාගේ ජීවිතයේ මොළය, බුද්ධිය සක්රීයතම වන කාලය, විවිධ ඉල්ලීම් කරමින් අද මහාමාර්ගවල ගෙවා දමන සරසවි සිසුන්ට තම සාධාරණ ඉල්ලීම් සඳහා කොලය වසා ගසන ගැහිලි මිස සාධාරණ ඉල්ලීම් නොලැබෙන බැවින් අනාගත පරපුරට අත්වන ඉරණම කිව යුතු නොවේ. මන්ද වත්මන් පාසල් සිසුන්ට තම ළමා ජීවිතය කැප කරමින් වෙහෙසෙන්නට සිදුව ඇත්තේ මේ සරසවි තුලට රිංගා ගැනීමටම වන බැවිනි.

 

සියල්ලටම වඩා පාසල් දරු දැරියන් අමතා මෙවන් සම්පප්රලාප කියවන විට තම රජය, පසුගිය අයවැයෙන් අධ්යාපනය සඳහා වෙන්කල පිරිවැය අඩකින් කපා දැමූ අයුරු මොහුට සිහිවිය යුතුය. උසස් අධ්යාපනය සහ මහා මාර්ග එකම අමාත්යංශයක් යටතට ගෙන ඇති බැවින්, මේ වන විට අදාල ඇමතිවරයා උසස් අධ්යාපනය අතහැර දමා මහාමාර්ග දෙසට පමනක් ඇස ගසාගෙන සිටින බව පෙනේ. මධ්යම අධිවේගී මාර්ගය පිලිබඳ ටෙන්ඩර් ගණුදෙනු ගැන අද කියවෙන කරුණු කාරණා පදනම් කරගත්විට, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා තම දියණිය සතු ඉදිකිරීම් කොම්පැනියට ලබාදෙන මිලියන ගණන් කොන්ත්රාත්තු දෙස බලනවිට, අධ්යාපනය ඔහුට අමතර හිසරදයක් බව සැක නැත.

 

අනිත් අතට අධ්යාපනයෙන් නිසි ලෙස පෝෂණය වූ ජනතාවක් සිටීනම් ඔවුන්ට මෙසේ සුරසැප විඳිමින් සුවසේ පසුවන්නට නොහැකි වනුඇත. ජීවිතය ඉගෙන ගන්නට දෑස් විවර කරගෙන බලා සිටින පාසල් දරුවන් අමතමින් ජනාධිපතිවරයා මේ විකාර කියවන්නේද බුද්ධි ශෝධන කොන්ත්රාත්තුවේම කොටසක් ලෙස මිස වෙන කුමකටද

 

ඊලඟට මේගොවි පුතාගේ ලබන මස සිට අරඹන්නට අපේක්ෂා කරනවගා සංග්රාමයගැන අවධානය යොමු කරමු. කෘෂිකර්මාන්තයට අද අත්ව ඇති ඉරණම ගැන කිසිවෙකුට අමුතුවෙන් කියන්නට අවශ් නොවේ. පලමුව මොහුට මේ වන විට සිදු ඇති පාරිසරික වෙනස්කම් පිලිබඳව අවබෝධ විය යුතුය. නියඟය හා ගංවතුර විසින් රටේ භූමිය මාරුවෙන් මාරුවට ගිල ගන්නා කල්හි ඊට සෑහෙන දුරකට හේතු සාධක වන පරිසර විනාශයන් නවතා ලන්නට, පරිසර විෂය භාර ජනාධිපතිවරයාහට සැබෑ වුවමනාවක් තිබේද? ස්වභාවික උපද්රවවලට අමතරව පවතින අලි මිනිස් ගැටුමට පිලිතුර වශයෙන්, එම විෂයට කොහෙත්ම සම්බන්ධයක් නැති කරුණාරත්න පරණවිතාන ඇමතිවරයා ලඟ ඇති විසඳුම නම් වැඩිපුර සිටින අලි අල්ලා රට පැටවීමයි. රටේ ඇති වරායන්, සරු ඉඩම්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් ගනයට වැටෙන සියලු දේ විකුණන්නටම සැදී පැහැදී සිටින යහපාලන රජයට අලින්, වල් ඌරන් ආදී සතුන් පමනක් නොව වැඩිපුර සිටින මිනිසුන් හා ගැහැණුන්ද විකුණාගෙන කන්නට සිතක් පහල නොවුවහොත් පුදුමයකි.

 

මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්රහණයේ බලකණුවක් මෙන්ම මහා තේරීමද වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යනු යහපාලන රජයේ කෘෂිකර්ම ඇමතිවරයාය. ඔහු විසින් තම අමාත්යංශය වෙනුවෙන් යය කියමින් සිනමා නිළියකගෙන් කුලියට ගත් ගොඩනැගිල්ලට රුපියල් මිලියන 1140 ක් කුලිය පමනක් ගෙවා ඇති බව ජනතාවට රහසක් නොවේ. එසේම සාප්පු සංකීර්ණයක්සඳහා සැළසුම්කල මෙම ගොඩනැගිල්ලට කාර්යාලයක පෙනුම ලබාදීම වෙනුවෙන් නිර්ලෝභීව තවත් රු. මිලියන 249 ක් වෙන්කර ඇත. පසුගිය වසර දෙක තිස්සේ දුමින්ද දිසානායක අතින් සිදුවූ වගා සංග්රාමය එයයි. ගොඩනැගිල්ලේ හිමිකාරිය වූ සබීතා පෙරේරාද මහජනතාවට ()හිමිඒ මුදල තම බැංකු ගිණුමේ දමාගෙන දෙරණලිට්ල් හාට්ස්ව්යාපෘතියේ ප්රචාරක වැඩසටහනට පැමින, හොටු කඳුලු පෙරමින්, සෞඛ් අමාත්යාංශයේ වගකීමක් විය යුතුව ඇති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදවත් රෝගී දරුවන් වෙනුවෙන් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුදල් පරිත්යාග කරන ලෙස මහජනතාවගෙන්ම ඉල්ලා සිටියාය. ඉතින් සමහර දෙමව්පියන් තම පොඩිවුන්ගේ කැට පවා පරිත්යාග කලේ රජයේ මැති ඇමතිවරුන්ගේ හිත තම වගකීම්වලින් නිදහස් වනු පිනිසම නොවේද?

 

සෑම අස්වනු වාරයකම තම වී අස්වැන්න ගබඩා කිරීමට ගබඩා පහසුකම් නැතිව, විකුණා ගැනීමට මගක් නැතිව කඳුලු පිරුනු නෙතින් යුතු ගොවීන්ය. ගොවිතැන් කරන කාලයට ඔවුන්ට එක්කෝ වතුර නැත. නැත්නම් වතුර ඕනෑවටත් වැඩිය. පිට පිට සිදුවන ස්වභාවික උපද්රව නිසා මොවුන්ගේ වගා පාලු වනවිට අමාත්යංශය වන්දි ගෙවන්නේ තම ඇඟෙන් ඇටයක් යනවාක් මෙනි. මාස කිහිපයකට පෙර ත්රිකුණාමලයේ වැවක් ප්රතිසංස්කරණය කර ගොවි ජනතාවට භාර දෙන අතර කල කතාවේදී, තමා පුද්ගලිකව තායිලන්ත අගමැතිට කතාකර ලංකාවට සහල් එවන මෙන් ඉල්ලා සිටි බවත්, තායි අගමැතිවරයා ඊට එකඟ වූ බවත් ආඩම්බරයෙන් පවසා සිටියේය. එසේ නොමැතිව මොහු කිසි දිනෙක තම රටේ නිපදවෙන සහලකින් ජනතාවගේ කුසගින්න නිවන බවක් කෘෂිකර්ම ඇමති සමග සාකච්ඡා කර ඇතිද? කෘෂිකර්ම ඇමතිට ඊට වඩා වැඩ තිබේ. පක්ෂයේ මහලේකම් වශයෙන් ලාහට ගෙම්බන් එකතු කිරීම!

 

කොටින්ම වගා සංග්රාමය ගැන කතා කරද්දී පවා පැවසුවේ චීනයෙන් සහල් ගෙන්වන අන්දමය. දැන් චීනය යහපාලන රජයේ ගජමිතුරා වී සිටින නිසා මේ ගොවි ජනතාවට කරන තර්ජනයක්ද විය හැක. ‘උඹලගෙ හාල් නැතුවට අපට එක ටෙලිෆෝන් කෝල් එකෙන් හාල් එවන්න අය ඉන්නවාකියා?

 

වඩාත්ම කණගාටුදායක වනුයේ  වත්මන් ජනතාව එක එක දේශපාලු පිස්සන්ගේ කතා අතර කාලවල් වලදී අතරමංව සිටිනවා හැරෙන්නට ජනාධිපති ප්රමුඛ යහපාලන රජය තම හරසුන් ප්රතිපත්ති ඔස්සේ රට ඇදගෙන යන අගාධය පිලිබඳව සම්පූර්ණ අවධානයක් යොමු නොකිරීමය. 2015 ජනවාරි 08 වන දා, නව අපේක්ෂාවක් ඇතිව මෛත්රීපාල සිරිසේන නම් දේශපාලකයාට ජනතාව ජන වරමක් දුන්හ. එසේ වැඩිපුරම අපේක්ෂාවක් තිබුනේ ජනතාව ලඟද, ජාත්යන්තරය ලඟද යන්න පිලිබඳව විවාදයක් නැත. නමුත් දැන් මේ මිනිසාට රටක් කරගෙන යන්නට හැකි පෞරුෂයක් හෝ බුද්ධියක් තිබේද කියා ජනතාව සිතිය යුත්තේමගේ සටන දූෂිත පාලනය එලවා දමන තුරු පමනයිකියාගෙන මොහු දැන් තවත් වතාවක් රැඳී සිටින්නට තැත් කරන බවක් පෙනෙන බැවිනි. බැඳුම්කර වංචාවේ ප්රධාන වගකිව යුත්තා වූ රනිල් වික්රමසිංහ, නිසි බලයක් නැතිව තිබියදීත් බලයට ගෙනාවේ මෛත්රීපාල සිරිසේනය. ඉතිරි මුලු කැබිනෙට්ටුවම පත්වුනේ මතය. අද කැබිනට් ඇමතිවරු එකිනෙකා පරයමින් මහජන මුදල් අපහරණය කරනවිට පවෙන් ගැලවීමට ජනාධිපතිවරයාට නොහැකි එබැවිනි.

 

මේ සියල්ල තුල ගම් වන්නේ තැනට සුදුසු පුද්ගලයා හඳුනා ගැනීම සම්බන්ධව ඔහු තුල ඇති නොහැකියාවයි. තබා තමා කියන දේ ක්රියාවට නැංවිය හැකිද කියාවත් තක්සේරුවක් නොමැති අතර වැඩි හරියක් ඔහේ කටට එන වචනය.

 

මේ විකාර අසා සිට අත්පොලසන් දෙන ජනතාවක් තවමත් සිටීම වඩාත්ම කණගාටුදායක කාරණයයි.

විවිධ ඇමතිවරුන් කරන ප්රකාශයන් නිසා ඇවිස්සෙන ජනතා විරෝධය හමුවේ ඒවා නිවැරදි කරන්නට කාලය ගත වනවා මිස රරටට වැඩක් කරනනට තමාට කාලය නැතැයි ජනාධිපතිවරයා මෑතකදී පවසා තිබිනි

ඇමතිවරු පත්කලේ අප නොවේ. ඔහුමය!

3 Responses to “ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්…… අපබ්‍රංස!”

  1. ranjit Says:

    Fantastic article Theja. This should be printed and distributed among the citizens to know the truth about these Yamapalanaya crazy idiots. These two good for nothing two traitors run the country like their own property wasting time and money for unnecessary things and unwanted things. We have become laughing stock among nations. Only the white bastards appreciate their work because they are the ones who brought them to power by a coup.
    Nothing to say good about this government. They bring only shame and disaster to our beloved Motherland nothing else. Peace loving people should get united and send this yamaballo packing for good before they destroy our Sinhala buddhist land in to pieces and destruction. Be united,be strong and decide your future before it’s too late. May lord Buddha protects our beautiful land.

  2. Hiranthe Says:

    Classic!! I agree with Ranjith, this should be printed and distributed.

    Thank you for the good work Theja!

  3. Kumari Says:

    What an idiot did the people vote for on Jan 8th. Country voted to elect the president and president in turn appointed a PM from the opposition party (that was the history in the making). Then he defeated the SLFP he grabbed through UNP thuggery in August elections.

    Now the JO has more MPs than what Ranil had on Jan 8th. Yet, JO is not even the Opposition in the parliament. Jayawewa to Yahapana (Pxxxa) Democracy. JO represent more than 60% of the popular vote.

    One idiot is enough to destroy a country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress