දිවයින ට ආවේශ වී අති  සොලොමන් ලා  ගේ පුහු චින්තන හොල්මන්- I
Posted on September 14th, 2017

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

දිවයින පත්තරයේ පාඨකයෝ පසු ගිය මෑත අවුරුදු දෙක තුන දී එහි පලවෙන, ජනාධිපති කාර්යාලයට ඇබ්බහි වී ඉන්නා සමහර මැක්කන් ගේ නිතොර ලියවෙන බොරු හෑල්ල අනිවාර්යයෙන්ම දකින්නට ඇත. නලින් ද සිල්වා මහතා නැමැති පුහු “චින්තකයා (see lanka web:  http://www.lankaweb.com/news/items/2017/09/07/නලින්-ද-සිල්ව-නැමති-පුහු-ච/ ) ද ඉහලට ඇද ගත්තේ,  මහ තැනක් දුන්නේ දිවයින  පත්‍රය ඔහුගේ හිස් “විද්‍යා” ලිපි එකල ප්‍රසිද්ධ කල නිසාය.  විද්‍යාව “පට්ට පල් බොරුවක්” යන මතය රට පුරා පතල කොට, එම පුහු “චින්තකය” ඉහල නැගුවේ දිවයින පත්තර කාරයාය. විදුසර කතුවරයා ද එම වරදට යම් තම් හෝ වග කිව යුතුය. නුමුත් අන්තිමේදී නලින් ද සිල්වා ගේ හිස් කම සහ පුස් කම එලි වුනේ ඔහු ඕල්කොට් තුමාට, අනගාරික ධර්මපාල තුමාට සහ සෝම හාමුදුරුවන්ටත් ඉහලින් බුදු දහම තමා දන්න බවත්, “පට්ට-පල් බොරු බට හිර විද්‍යව ඇත් හැර ද, ශාස්ත්‍ර කීම, පේන ඇහීම, නාථ-කතරගම දෙවියන් පසු පස යෑම, ජ්‍යොතිෂය ඇදහීම, “වෛදික ගණිතය” වැනි “දේශීය” විද්‍යාවන් පුහුණු කල යුතු යැයි ( ඊට උදාහරන වශයෙන් සිල්වා මහතා මාස කිහිපයක් තුල කරන ලද සාවද්‍ය ප්‍රකාශ 40ක්    “Newspapers, Dr. Nalin de Silva  and Pseudoscience”.  නැමැති 4-ජූලි-2015 මගේ ලංකාවෙබ් ලිපියෙන් දැක්වූවෙමි ) http://www.lankaweb.com/news/items/2015/06/07/countering-pseudoscience-in-some-of-our-news-media/ විහිලු මය ප්‍රකාශ කරමිනි. එම පුහු චින්තකයා  ඉහලට පුම්බා ගත්  කාලය තුල දී දිවයින පත්තරය ගෙන ගිය ප්‍රතිපත්තියක් ගැන විමසමු.  පුවත් පත් කලාවේ උසස් තම, නිර්දය ලක්ෂණයක් වන, අනිත් පැත්තේ මත වලට ද කරලියක් දීමේ ප්‍රතිපත්තිය දිවයින කතුවරයා සහාසික ලෙස අවලංගු කොට, පුහු “චින්තකයන්ටම”  පමණ කරලිය සීම කළේය.

එදා අනුගමනය කල කුනු බෝක්කු ප්‍රතිපත්තියම අනුගමනය කරමින්, දිවයින පත්තර කාරයා ජනාදිපති කාර්යාලයෙහි මැක්කන්ගේ “වස-විස නැති රටක්” මැවීමේ ප්‍රෝඩාවට යට වී සිටින ආකාරය අපේ අනුකම්පාවට භාජන විය යුතුය. අනුකම්පාවෙන් නතර වීමට නොහැක්කේ එයින් රටට මහා හානියක් මොවුන් ගේ “යහපාලනය” නමින් කරන නිසාය. එම ප්‍රෝඩාවට යට වී දින පතාම වාගේ නොයෙක් දුර්මත වලින් පිරුනු ලිපි දිවයින පත්කරුවා පලකරයි. එපමනක් නොව, එයට ලියන අය ඔවුන් විසින් ම “චින්තක” යන නාමය ඔවුන් ගේ නම මුලට යොදා, පාඨකයා නොමඟ යැවීමට ද ඉඩ දී සිටී. උදාහරණයක් නම්,
“චින්තක සී. ගුණදාස”,
උපදේශක, “වසවිස නැති රටක්‌” ජාතික වැඩසටහන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) ජනාධිපති කාර්යාලය,
නැමැති අයෙක්  ගේ ලිපියක් සැප්තැම්බර් 13 දී …ආහාර ස්‌වෛරීබව රකින පරිසර ගොවිතැන….  යන සිරස් තලය ඇතුව පල කර තුබුනි. කෘෂිකර්මය, බීජ වර්ග, පලදාව, වස විස ආදිය ගැන මුල් ශ්‍රේණියේ  සප්පයෙක් දන්න දේ වත් මෙම “චින්තකයා” නොදන්න බව ඔහු ගේ ලිපියෙන් පෙනේ.   

හරිත විප්ලවය ගැන ඔහු කියන්නේ කැලිෆොර්නියාවෙහි සහ ඇමෙරිකාවෙහි “බයිබල් බෙල්ට්” හි ඉන්නා විද්‍යාවට එරෙහි මත දරන ඉවැන්ජෙලිකල් කාරයන් කියන අන්දමට හරිත විප්ලවයට සාවද්‍ය විග්‍රහයක් දෙමිනි. කරුනු කන පිට පෙරලා දක්වමිනි.

මෙන්න ඔහු කියන දේ
<මුල>
“හැටේ දශකයේ අග භාගයේදී හරිත විප්ලවය නම් මහා බොරුව මගින් හරිත විප්ලව තාක්‌ෂණය හා එම තාක්‌ෂණ කට්‌ටලයත් 1977 න් පසුව කැඳවාගත් විවෘත ආර්ථිකයත් හේතුවෙන් පසු කාලීනව ගොවිතැන විකෘතියක්‌ බවට පත් විය. එය වාණිජ කෘෂිකර්මයක්‌ බවට පත්වුණේ ලාභය මුල්කර ගනිමින් ය”.
<අග>
 එවැනි විග්‍රහයක් කාබනික පොහොර වඩා හොඳ බව කියමින් විකිනීමට ඉදිරි පත් වී සිටින කූට වෙලෙන්දන්  දෙන බව අපි දනිමු.   ඛනිජ පොහොර නමින් හංදුන් වන නයිට්‍රොජන් (N), පොස්පරස් (P), පොටෑසියම් (K) මිශ්‍රණය ලංකාවේ පාවිච්චිට පටන් ගත්තේ 1930 වකවානුවෙහිදීය. යූරියා (UREA) හැදීමේ හාබර් ක්‍රමය (Harber Process)  එම විද්‍යාඥයෝ සොය ගත්තේ 1909 දීය. ඉතින් ජනාධිපති කාර්යාලයේ ඉන්න මෙම දෙස්පාලන මැක්කා 1960, 1977 යේ  හරිත විප්ලවයක් ගැන කියන්නේ ඇයි? එය ලංකාවට අදාල නැත. ඊට අවුරුදු 40කට පෙර, 1930-1937 කාලය තුල ලංකාව N,P,K පොහොර පාවිච්චිය පටන් ගෙන තිබුනේය. මෙම  ඉන්දියාවට යෙදෙන දින වක වානුවක් ය. ඔන්න චින්තකයා දන්න දේ!

තවද, මෙම පුහු “චින්තකයා” ලංකාවේ සැබෑ ඉතිහාසය නොදනී. ඔහුගේ ඉතිහාසය හුදු හාසයකි. පැරැණ්නෝ මහත් උත්සාහයකින්, වැව් හදමින්, ජල ඇල කනිමින් ගොවිතැන් කල මුත් යන්තම් බඩ පුරවා ගැනීමට වත් හැකිවුනේ නැත. N,P,K  ගැන නොදත් ඔව්හු පොලව අස්සාර වන විට වෙන තැනකට හේන ගෙනයන්නේ කැලය ගිණි තබාය. එම අලු වලින් N, P, K  පසට ලැබී අවුරුද්දක් දෙකක් එහි වගා කරන්නට හැකිවුනි. පැරණි ඇට වලට මහා ජල අවශ්‍ය තාවක් ද තුබුනි. වල පැලෑටි පාලනය කලේ ජලයෙන් කුඹුර යට කිරීමෙනි. එම ජලය පසෙහි ඇති සාරය ද හෝදා ගෙන ගිය හෙයින් පස ඉතා කෙටි කාලයකින් නිස්සාර වේ.  ජලය කොච්චර දුන්නත් අස්වැන්න සුලු විය. එහෙයින් එකල මංද පෝෂ්ණය අධික විය. බලා පොරොත්තු විය හැකි සාමාන්‍ය ජීවන කාලය අවුරුදු 35ක් පැන්නේ නැත. රදල අය සහ සංඝයා ට නම් බඩ පුරවා ගැනීමට හැකි විය. නුමුත් බොහෝ විට නියඟ ඇතිවීම  නිසා ඉහල පෙලේ අයට පවා ව්‍යසන ඇති විය. බැමිනිටියා සෑය ගන විස්තර කරන පාලි වංශ කථ අනුව සංඝයා 25000 පමන මරු මුවට පත් විය හෝ රටින් පලා  (වෙන රට වලට)  ගියහ. ‍යම් යම් මට්ටමේ ඉඩෝර අවුරුදු දශකයෙන් දශකයට පමණ (නිවැරදි වශයෙන් නම්,  වර්ෂ 13නෙන් 13නට ) ඇති වූයේ සූර්‍යයාගේ ලප ඇතිවෙන කාල චක්‍රය අනුව බව නූතන විද්‍යාඥයෝ දනිති. රජරට සරසවියේ මහාචර්ය (සහ එවකට උපකුලපති වූ) සිරිවීර මහතා මේ ගැන ලිපි ලිය ඇත. ඔහු සහ අන් විද්වතුන්  අතීතයේ නිතොර තුබූ ආහාර අවදානම් කම ගැන ශාස්ත්‍රීය ලිපි පල කොට ඇත. එවැනි ලිපි ආශ්‍රයෙන් කරුනු දක්වනවා වෙනුවට, බොලඳ උද්වේග ශීලී සිහින ලොවටම හිමි අධි-අභිමානයම මූලිකවූ සාධක රහිත ඉති-හාස්‍යයමය  ලිපි මෙම පුහු චින්තකයා ලියා ඇත. ඔහු කියන සිහින කතා   අන්දමට අතීතයෙහි හොංදින් කා බී, අසනීප නැති, දීර්ගායුෂ තිබූ මිනිස්සු එකල සිටී ලු! එකල සිටියේ දරු කල ඇතිවෙන රෝග සහ මන්ද පොෂ්ණයෙන් බේරීමට තරම් උපතින්ම ශක්තිමත් ස්වල්ප දෙනෙක් පමණය. එසේ ඉතිරි වූ අය දිගු කලක් ජීවත් වූ මුත්, දරු කාලයේ ම මැරුනු ජනයා ද ගණන් ගත්තොත් සාමාන්‍ය වයස අවුරුදු 35ක් ඉක්මුවේ නැත. මුලු මහත් රටේම ජනගහනය ලක්ෂයක් ඉක්මුවේ බොහෝ කල තුරකිනි.

චින්තක නැමති පට්ටම තමන්ම ආරූඪ කර ගත් “සී. ගුණදාස”,  උපදේශක, වසවිස නැති රටක්‌ ජාතික වැඩසටහන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) ජනාධිපති කාර්යාල මැක්කා ඉතිහාසය නොදන්නේ පමණ්ක් නොව, ගොවිතැන හෝ ගොවි බීජ වර්ග ගැන ද කිවක් නොදන්න බව ඔහු ගේ ලිපියෙන් ම මොනොවට පැහැදිලි කරයි.

මෙන්න ඔහු කියන දේ
<මුල>
 හරිත විප්ලවය සමඟින් ආරම්භ වූ කෘෂිකර්මය අද දවස වනවිට කරුමයක්‌ බවට පත්වී නොමැතිද? පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන එන ලද පාරම්පරික දැනුමත්, රටටත්, ජනතාවටත්, සතා සිවුපාවටත් හිතකර බීජ හා රෝපණ ද්‍රව්‍යයන් හඳුනාගෙන ඒවා වගාකර ගනිමින් ඒවා ස්‌වභාවික ක්‍රමයට වැඩිදියුණු කර ගනිමින් එහි ගුණය ඖෂධීය අගය හා ශක්‌ති ප්‍රභවයන් හඳුනාගනිමින් වගා කළා වූ 3,000 කට අධික බීජ වර්ගයන් අපට උරුමව තිබිණි.
<අග>
 3,000 කට අධික බීජ වර්ගයන් ගැන මෙම ජනධිපති මැක්කා කියන්නේ අමූලික බොරුවකි.
 ඊලම් යුද්ධයේදී 40,000-100,000 ක් අහිංසකයන් හමුදාව මරා දැම්මයි කියන බටහිර එන් ජී ඕ (NGO) කාරයෝ කියන්නක් මෙන්ම සාක්ෂි නොමැතිව එය දණ නවා පිලිගත්තේ යහපාලන ජනාධිපතිගේ විදේශ ඇමති මංගල සමරවීරය. එවනි දේ අනුමත කර ගැනීමට බට හිර එන් ජී ඕ කාරයෝ ලංකාවට විත් ඔවුන් ගේ ඇම්බැට්ටයෙක් එක්ක කතා කිරීම සාමන්‍ය පිලිවෙතයි. එහෙයින්, හමුදා  මැරීම ගැන එන් ජී ඕ කාරයෝ පාකියසොති ගෙන් හෝ වියන්ගොඩ ගෙන් හෝ ජෙහාන් පෙරෙරා ගෙන් මෙරටින් කට වචන ගෙන රුකුල් ගනියි. වස-විස නැති රටක් මුවාවෙන් ගෙනියන බොරු ගොවිතැන ගැන ද කතාව එසේමය. ලංකාවේ පොලොව වස වී මාරණික මරු කුඹුරු (“killing fields”) වලට පත් වී ඇති  බව කියමින් බ්‍රයන් බාත් (Bryan Barth, modernfarmer.com/2017/the-killingfileds/ )නැමැති ඇමෙරිකන් එන් ජී ඕ මැක්කා ද එකල ලංකාවේ චිරාගත බීජ වර්ග 3000 ක් තුබුනේ යැයි කීය. දැන් ඒවා වැනසී නැතිවී ගොස් යැයි කීය. එයට රුකුලට සම්බන්ධ කලේ එවැනි පර එන් ජී ඕ කාරයන් සම්ඟ බැඳී වැඩ කරන චන්න ජයසුමන ගෙන් කට වචන ගැනීමය! ජනාදිපති කාර්යාලයේ ඉන්න මැක්කන් කියන කතා අනුවද, චන්න ජයසුමන කියන කතා අනුවද, අයබදු නොගෙවා ආනයනය කරගත් කාර් විකුනමින් ජාවරම් කරන පූජ්‍ය රතන අනුවද, අපේ ලංකාවේ පොලොව දැන් වස විසින් පිරී ගොස් මිනී මරු වස පසක් බවට හැරී ඇත.

හරිත විප්ලවයෙන් පසු “බෙහෙත්” දැමීම නිසා පොලොව වස වී ගොස් ලු! මෙයට හොඳ උත්තරයක් දෙන්නේ එවකට කෘෂිකර්ම් දෙපාතමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනෙරාල් වූ ආචාර්ය අමරසිරි මහතාය.  කුඹුරක් හාන විට නගුල වටා කොක්කු පිරෙන හැටි අපි කවුරුත් අදත්, එදාත් දැක ඇත. කොක්කු පිරෙන්නේ ගැඩවිලන් සහ අනෙකුත් (පසෙහි වැසෙනා ) කෲමීන් ගිල දැමීමටය. ඉතින්, මෙතරම් වස විස ඇති පොලවෙහි කෙසේ මෙම අන්දමින් කෲමීන් සහ ගැඩවිල්ලන් වසයි ද? පොලොවෙහි කැඩ්මියම් ආසෙනික් ආදිය හෝ විසක් යයි කියන (එහෙත් විසක් නොවන ) ග්ලයිෆොසේට් ආදිය පොලොවෙහි ඇතුව, පොලොව මාරකයක් වූවා නම් එයින් ගැඩවිල්ලන් ගිලින කොක්කු එතනම මැරී වැටෙනු ඇත! එවන්නක් කවදාවත් අපි දැක නැත!එම තර්කය මදි නම්, පස අරගෙන රසායනික විශ්ලේශනයන් කල හැකිය. එවැනි පුලුල්  විශ්ලේශන තුන හතරක්ම දැනටම වාර්තා වී ඇත. WHO-NSF මගීන් 2012-2014 දී කරන ලද පරීක්ෂණ වලින් ද, ජපානයේ ටෝකියෝ සරසවියෙහි උදව්ව ද ලබාගෙන 2014 දී පේරාදෙනියේ වෛද්ය පීඨයෙන් කෙරුණ පරීක්ෂණ වලින්ද, 2016 දී උතුරු කැරොලයිනා සරසවිය සහ ශ්‍රි ජයවර්දන පුර සරසවියෙන් කෙරුනු පරීක්ෂණ වලින්ද පෙනී ගියේ කැඩ්මියම්, ආසෙනික්, ලෙඩ්, මර්කරි යනාදී “බැර ලෝහ” වස ද්‍රව්‍ය හෝ ග්ල්යිෆොසේට්, ඩී.ඩී.ටී වැනි පලිබොධ නාශක ද්‍රව්‍ය හෝ ඒව දිරා යන විට නිරුක්ත වන දිරා-කොටස් වල සැලකිය යුතු සුලු මාත්‍ර පමාණයක් වත් නැති බවය (එනම්,බිලියනයකින් දහ කොටසක් වත් නැතිය!). ඉතින්, කෘෂි රසායනයෙන් එනවා යැයි කියන අපද්‍රව්‍යයක්, කිසිම වස විසක්, සුලු මාත්‍රයක් වශයෙන් වත්  පොලවේ හෝ ජලයෙහි නැති නම් කොහේ ද මේ වස-විස ඇති රට තියෙන්නෙ? රතන හිමියන්, අසෝක අබයවර්දන  සහ අනුර සොලොමන් වැන්නන් ගේ සිහින ලොවේ ද?  ඉතින්, දැනටමත් වස විස නැත්නම් මේ ජනාධිපති කාර්‍යාලයට රිංගාගෙන වස විස ගැන කථා කරමින් මහජනයා භීතිමත් කොට මහජනයාගේ ලේ උනුකරන මේ මැක්කො කරන්නේ කුමන ප්‍රෝඩාවක් ද? ගොවිතැනට සුදුසු පොහොර වෙනුවට බයෝ ෆිල්ම්  (BIOFILM) නැමැති ප්‍රකට ප්‍රෝඩාව විකුනා මුදල් ගරා ගන්නද?

බයෝෆිල්ම් ගැන ආචාර්ය වයිද්‍යනාථ (Dr. Waidyanatha) කරුණු විමසා බලා එය ප්‍රෝඩාවක් බවට කරුණු පසුගිය පෙබරවාරි මස අයිලන්ඩ් (ISLAND) පත්තරය මගින් එලි දරව්වක් කලේය. ජනාධිපති කාර්යාලයට රිංගාගෙන ඉන්නා,  උපායෙන් රට රවටන, රටට ව්‍යසන කරන්නට යෙදී ඇත්තන්ට අභියෝගයක් දැමූ මුත්  SEMA මැක් නිහඬින් සිටී. එය ගොවියා රවටවා, කාබනික පොහොරක් යැයි කියා ඔහුගේ මුදල ගරා ගැනීමේ ක්‍රමයකි. බයොෆිල්ම් එකෙන් පොහොරක් වෙන්නේ නැති බව ගොවියා දැන ගන්නේ සල්ලිත් ගෙවා කලක් ගොස් අස්වැන්නක් නොලැබුනු විටය.නමුත් මෙය ජාන්දිපති කාර්යාලයේ SEMA  මැක්කෝ අනුමත කොට අනුග්‍රහය දී සල්ලිත්  ඇතයි ආරන්චි ඇත.

 කාබනික පොහොරයයි කියමින් ඉන්දියාවෙන් ගෙන්නන හුඟක් කැඩ්මියම් වස ඇති නීම් (NEEM)  පොහොර සහ ගොම පොහොර විකුනා, පොලව වස කර ඉන් පසු, “හා, මෙන්න, පොලොව වස වී තිබෙනවා ” කියන්නද? “කාබනික පොහොර” යැයි කියමින් විකුනන පොහොර ද රසායනික විශ්ලේශණ්යකට භාජන කල යුතුය, එවිට මේ මැක්කන් සහ පූජ්‍ය උන්නන්සේ ලා කරන ප්‍රෝඩාව මහජනයාට දැන ගැනීමට හැකිය. අනුර සොලොමොන් ලා කොපමණ නොමඟ ගිය පුහු පුවත් පත් කාරයන් ද යන්න ද පාඨකයාට වැටහෙනු ඇත. එක මතයකට පමණක් ඉඩ දී පිලි ගත් විද්‍යා මතය යට ගැහීමට තරම් සහාසික සොලොමොන් ලා ඇත්ත වශයෙන් ම මෙරටට ඇති වූ මහ වශ කාරයෝ ය.

චිරාජත බීජ වර්ග 3000 ක් නොව වැඩිම උනොත් ඇට වර්ග 600ක් පමණ ඇත. එකම ඇටයට නම් රැසක් ම ඇති හෙයින්ද, උද්භ්ද විද්‍යාව නොදන්නා ජනාදිපති කාර්යාලයට රින්ගාගෙන ඉන්නා, නමින් පමණක “චින්තක” වන මැක්කන්ට ද, ඔවුන් ගෙන් කරුනු උකා ගන්නා එන් ජී ඕ කායරයන්ට ද ඇට අඳුනා ගැනීමට නොහැක. ‘පොක්කලි’ යන නම ඇති වී ඇටයට තව වෙනත් නම් 25 ක් පමණ ඇත.
 එහෙත් ඇත්තේ එකම බීජ වර්ගයකි.  යථා වශයෙන් ඇති  ඇට වර්ග 600ක් පමණ  ගන්නෝරුව කෘෂිකර්ම විද්‍යා (ජනුක සේවාවන්, genetic resources) ආයතනයේ උගතුන්ට පින් සිද්ධ වෙන්න්ට හොඳින් තෝරා බේරා සැකසුරුව ආරක්ෂා කොට ඇත. එම ඇට වර්ග වල සහලේ  ගුණ-අගුණ, වතුර අව්ශ්‍යතාව, අස්වැන්න ප්‍රති ශතය, ආදී සියල්ල ශාස්ත්‍රීය ලිපි වල පල කොට ඇත. එවැනි විදුවන් ගෙන් කරුනු නොඅසා බ්‍රයන් බාත් වනි එන් ජී ඕ කාක්කෝ ජයසුමන ලඟට යන්නේ ඇත්ත සොයා ගැනීමට නොව, ඔවුන්ට කැමති උත්තරය ලබා ගැනීමටය.  මහජන කැක්කුම සහ භීතිය උස්සන සිරස් තල ඇති ලිපි ලිවීමටය.

චිරාගත ඇට වර්ග වෙනුවට දෙමුහුන් (හය්බ්‍රිඩ්, hybrid) ඇට වර්ග ඇති කරන්නේ ඇට වර්ග දෙකකම ඇති ගුණදාවන් එකට ලබා ගැනීමට පමණක් නොව, එම ඇට දෙවර්ගයේ ඇති අගුණ ද බොහෝ ලෙස මකා දමමින්ය. මෙය හොඳින් කිරීමට ජනුක විද්‍යාව ද සහාය ට ගනිමින්, ගන්නොරුව, බතලගොඩ ආදී පර්යේෂණ ආයතන වල ද, ඊට පෙර තුබූ තැන් වල ද, 1920 කාලයේ සිටම නියුක්ත වූ ලාංකික ව්ද්‍යාඥයෝ අලුත් බීජ වර්ග ක්‍රමක් කර්මයෙන් ඇති කලෝය. මිලියන හතරකටත් අඩු වූ 1900 යේ ජනගහනය වැඩිවෙන්නට පටන් ගෙන අද මිලියන 22ක් වී ඇත. ජනගහනය පස් හය ගුනයක් වැඩි වී ඇත්නම්, අස්වැන්නද ඊට අනුපාතිකව වැඩි කල යුතුය. අලුත් ගොවි ජනපද ඇති කරමින්, එයිවාට අවශ්‍ය අලුත් හයිබ්‍රිඩ් වී ඇට යොදමින් මෙරට මහ ජනයාට කන්න දුන්නේ අපගේ කපටි දේසපාලනඥයන් නොව්, මැක්කෝ නොව, සිවුරු ඇඳගත් ප්‍රෝඩා කාරයන් නොව,  කෘෂි විද්‍යාඥයන් ය.  අලුත් බීජ වී වර්ග 60ක් පමණ ඇත. පස සහ කලාපය අනුව, එයින් වර්ග 10යක් -12හක් අපේ ගොවියෝ නිතොර පාවිච්චි කරති.   හෙක්ටාරයකට අස්වැන්න  ටොන් 5-7 දක්වා මෙම බීජ වලින් ලැබිය හැකිය. චිරාගත ඇට වලින් සහ චිරාගත ගොවි ක්‍රම වලින් හෙක්ටාර්යකට  අස්වැන්න ටොන් 0.6 පමණ ලද හැකි බව 1940 කාලයේ දී ලැබුනු අස්වැන්න සටහන් වලින් තීරණය කල හැකිය. එහෙයින්, අලුත් ගොවිතැන් කර්ම වලින් අවශ්‍ය වතුර සහ ඉඩම් ප්‍රමාණය ද අඩු කරමින්, අස්වැන්න ප්‍රමාණය 10 ගුණයකින් පමණ වැඩි කිරීමට හැකි වී තිබේ.   

එවනි කරුණු නොදනින, විද්‍යාව අබ මල් රේනුවක් තරම් වත් නොදන්න සොලොමන් ලා, පූජ්‍ය රතන ලා මෙතෙක් යහතින් රට බේරාගෙන කල වැඩ කටයුතු වලට වින කරන්න යන්නේ ඇයි? වඳුරා අතට දලි පිහිය දුන්නොත් වෙන්නේ කුමක් ද? පූජ්‍ය රතන, අසෝක අබයවර්දන වැනි වානරයන් අතට දලි පිහි දී, අනුර සොලොමන් ලාට දලි පිහියේ යථා තත්වය වහන් කිරීමේ කාර්‍ය දී, මේ ජනාධිපති කර්‍යාලයට ඇතුල්වී ඇති “උපාය කාරී රටටම ව්‍යසන කලමනා කරන ආයතනයේ” මැක්කො රටට මහා ව්‍යසනයක්ම කරනු ඇත. සෝවියට් රජය කාලයේ දී මාක්ස් වාදය ට අනුව ගොවිතැන කල යුතු යැයි කියමින් දලි පිහිය අතට ගත්ත වාණරයාගේ නම ලයිසෙන්කෝ (Lysenko) වේ. ලය්සෙන්කො නිසා සොවීට් (SOVIET)  ජනයා සාගතයට පත්වී දස් ගනනින් මිය යන විට ඔහුව නිකිට කෘශෙව් විසින් පහ කරන ලදී. සේමා (SEMA) ආයතනයෙහි මහ මැක්කෙකු වන අසොක අබයවර්දන ලංකාවට වැදුනු ලයිසෙන්කෝ ලෙස (එකල ස්‍රී ජයවර්ධන පුර සරසවියේ උපකුලපති සහ රසායනය මහාචාර්ය වූ) චන්ද්‍ර ධර්මවර්ධන මහතා විසින් හඳුන්වා දී ඇත. මාක්ස් වාදය වෙනුවට චිරාගත ක්‍රමවාදය වැලඳාගත් සොල්මන් ලා, අසොක ලා අර්ජුන ලා, රතන ලා ලංකාවට කුමන හෙනයක් අන්තිමේ දී දමා, ඔවුන්ගේ මඩිස්සල පුරාගෙන පිටවේ දැයි අපට  දැනටමත් කනගාටුවෙන් හිතා ගත හැකිය.

—————————————

11 Responses to “දිවයින ට ආවේශ වී අති  සොලොමන් ලා  ගේ පුහු චින්තන හොල්මන්- I”

  1. Senevirath Says:

    නාරද කරුණාතිලක is with Bodhi Sabhawa.
    16 hrs ·
    හෙලේනා පැට්රොව්නා බ්ලැවට්ස්කිගේ මවුපියෝ රුසියානුවන් වෙති. සාර් රාජ පරපුරට සම්බන්ධ වංශවත් රුසියානු පරපුරකට අයත් ඔවුහු, එකටෙරිනෝස්ලෝව්හි විසූ හ. පැරණි රුසියානු කැලැන්ඩරයට අනුව, 1831 ජුලි 31 වැනිදා හෙලේනා බිහි වූවා ය. මෙය කොලරා වසංගතයෙන් යුරෝපය ම පෙළුණු අසුබ කාලයයි. හෙලේනා උපන් ප‍්‍රදේශයේ ද බොහෝ දෙනා
    කොලරා වසංගතයට ගොදුරු වූ හ. හෙලේනාගේ මව ද ඊට ගොදුරු වූවා ය. ඈ බෞතිස්ම කරන අවස්ථාවේ ඉටිපන්දමක් වැටී පූජකතුමාගේ ලෝගුව ගිනි ගත්තේ ය.
    හෙලේනා සීයාගේ සෙවණේ හැදුනා ය. 1849 වසරේ අවුරුදු 18ට පා තබන විට සීයාගේ මිත‍්‍ර ආණ්ඩුකාරවරයකු වූ නිකිෆර් බ්ලැවට්ස්කි සමග විවාහ වීමට ඇයට සිදු විය. ඔහු සාම්ප‍්‍රදායික ක‍්‍රිස්තියානි මතධාරියෙකි. සැරපරුෂ වයස්ගත පුද්ගලයෙකි. එබැවින් හෙලේනාට සාර්ථක විවාහ ජීවිතයක් නොවී ය. ස්වාමියා හැර පලා ගිය හෙලේනා, ඔහු මිය යනතෙක් ම සැඟ වී සිටියා ය. සැමියා මිය ගිය පසු රටින් පිට වූ ඈ ඉතා රහසිගත ව විදේශ චාරිකාවක යෙදුණා ය. මිසරය, පර්සියාව ආදි රටවල්හි සංචාරය කළ හෙලේනා කැනඩාව, මැක්සිකෝව යන රටවලට ද ගියා ය. අවසානයේ ඉන්දියාවට ගොස් දෙවසරකට වැඩි කාලයක් එහි වෙසෙමින් ඉන්දියානු දර්ශන, තන්ත‍්‍රයානිකයන්ගේ විජ්ජා, යෝග ශාස්ත‍්‍රය හා බුදුදහම හදාරමින් භාවනාව පුහුණු වූවා ය. ඇය වරක් මිසරයට ගොස් ගුප්ත ශාස්ත‍්‍රඥයන්ගේ සංගමයක් ඇරඹීමට ද වෙහෙසුනා ය.
    බ්ලැවට්ස්කි ආධ්‍යාත්මික දැනුම ඉන්දියාවෙන් ලබාගත් බව කීමට බොහෝ දෙනා පෙළඹීමට එකම හේතුව, ඇය කාලයක් ඉන්දියාවේ ගත කිරීමයි. ඔවුන් පෙන්වන ලෙසට ඇය ඉන්දියාවේ දී ලද ගුප්ත විද්‍යා දැනුම නිසා නොයෙක් හාස්කම් කිරීමට සමත් වූවා ය. ඕල්කොට්ගේ පැරණි දිනපොත්හි ඔහු ඇසින් දුටු බ්ලැවට්ස්කි කළ හාස්කම් පිළිබඳ සිද්ධි ගණනාවක් සඳහන්ව ඇත.
    ”වරක් සිම්ලාහි තියෝසොපි රැුස්වීමක් පැවැත්වුණි. ආණ්ඩුවේ ඉහළ ම හමුදා නිලධරයකු, ඔහුගේ භාර්යාව ඇතුළු ඉන්දියාවේ නායකයෝ කිහිප දෙනෙක් ම ඊට සහභාගි වූ හ. රැුස්වීම ආරම්භ වී ටික වේලාවකට පසු කතා කළ අයෙක්, අතීතයේ මෙවැනි විද්වත් සමාගම්වලට දෙවිවරුන් ආශිර්වාද කළ බැව් කී හ. බ්ලැවට්ස්කි ඉහළ බලා, ‘දැනුත් එහෙම වෙන්න පුළුවනැ’යි පැවසුවා ය. මොහොතකින් මල් සුවඳක් පැතිරෙන්නට වූයේ ය. හැම දෙන විස්මයට පත් කරමින් අහසින් මල් වැටෙන්නට විය.’’ ( ඕල්කොට්ගේ පැරණි දින සටහන්*
    ”එම්.එච්.බී. අකුරු තුන සඳහන් එම්බ්‍රොයිඩර් කළ අත් ලේන්සුවක් ඈ ළඟ තිබුණි. මේ අකුරු මකා වෙනත් නමක් කියවෙන ඉංග‍්‍රීසි අකුරු සටහන් කර පෙන්වීමට ඇය සමත් වූවා ය. ලංකාවට පැමිණ එතුමිය කරන ඒ හාස්කම දැකීමට ඇතැම් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය විය. බ්ලැවට්ස්කි භික්ෂූන්ගේ නම්වල මුල් අකුරු ලේන්සුවෙන් පෙන්වමින් උන්වහන්සේ සතුටට පත් කළා ය.’’ (පැ.දි.ස.*
    ”එඞ්ව්ඞ් ෆාම් හවුස්හි දී ඇය නරඹන්නන් මවිත කරවන විජ්ජා කළා ය. අඹ ඇටයක් සිටුවා එය ලේන්සුවකින් වැසූ ඇය, ලේන්සුව ඉවත ගන්නා විට එහි වූයේ අඹ පැලයකි. පැලය ලේන්සුවෙන් වසා නැවත ලේන්සුව ඔසවද්දී අඹ පැලයේ ගෙඩි දක්නට තිබුණි.’’ (පැ.දි.ස.*
    ”තියෝසොපි නායකයන් ලංකාවට පැමිණි නැවේ කපිතාන්වරයා යාඥා කරමින් සිටිනු දුටු බ්ලැවට්ස්කි, ‘ඔබට ඉක්මනින් ම මුහුදු රස්සාව වෙනුවට ගොඩබිම රස්සාවක් කරන්ට වේයැ’යි පැවසුවා ය. මේ අනාවැකිය අසා නැවේ කපිතාන්වරයා බඩෙන් පවා සිනාසුන නමුත් ඊට මාස දෙකකට පසුව බ්ලැවට්ස්කිගෙන් සමාව ඉල්ලා ලිපියක් එවා තිබුණි. ඈ අනාවැකි කී ලෙසට ම ගොඩබිම රස්සාවකට යන්නට ඔහුට සිදු වී තිබුණි.’’ (පැ.දි.ස.*
    බ්ලැවට්ස්කි පුද්ගලයන්ගේ මුහුණ බලා ඔවුන්ගේ අතීත ආත්මය පැහැදිලි කළා ය. ”බුදු සසුන ලොව පැතිරවූ ධර්මාශෝක රජතුමා ඔබ යි’’ කියා ඕල්කොට් සමග පැවසූ ඈ තවත් මෙවැනි හෙළිදරව් කිරීම් රාශියක් කළා ය. මරී මියුසියස් හිගින්ස් ලංකාවට පැමිණියේ එවැනි කතාවක් ඇසීමෙනි.
    මරී, ජර්මනියේ මැක්ලන්බර්ග් නගරයේ වයිස්මර්හි විසූ සුප‍්‍රසිද්ධ ක‍්‍රිස්තියානි දේවධර්මාචාරයකුගේ දියණියකි. ඈ ඇමරිකා ජාතික තරුණ ඉංජිනේරුවකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන දෙමව්පිය කැමැත්තෙන් විවාහ වී නිව්යෝක්හි පදිංචි වී සිටියා ය. මෙම ඉංජිනේරුවා තියෝසොපි සාමාජිකයෙකි. ඔහු හදිසි අනතුරකින් මියගියෙන් තරුණ මරී අතිශයින් ශෝකයට පත්වූවා ය.
    බ්ලැවට්ස්කි ඈ සනසමින් ඉතිහාස කතාවක් කීවා ය. ”ඉන්දියාවේ විසූ අශෝක අධිරාජයාගේ දරුවන් දෙදෙනා ලංකාවේ භික්ෂු හා භික්ෂුනී සසුන් පිහිටුවීමට මුල් වුණා. මරියා, ඔබ ලංකාවේ භික්ෂුනී සසුන පිහිටුවූ අශෝක අධිරාජයාගේ දුව, සංඝමිත්තායි. ඔබ ජීවත් විය යුතු රට ලංකාවයි. එහි වැසියෝ ඔබව පිළිගනීවි. ඔබට ආදරය කරාවි. බොහෝ ගරු සත්කාර දක්වාවි. එහි යන්න.’’ (තියෝසොපි අප‍්‍රසිද්ධ අත්පිටපත්*

  2. Asanga Says:

    Bodhi Dhanapala and Neela Maha Yodaya,

    I guess the two of you have yet again done your level best, through highly detailed academic looking articles to discredit Nalin De Silva.

    Is he wrong in some of his deductions?? Quite possible. I don’t agree with everything he says either.

    BUT, the impact he has had by directing the thinking of many Sinhala people, particularly young people to the concept that our heritage combined with the legacy of Buddhism, has many resources that can help us become the great nation that we once were (the Hela nation, not necessarily Sinhala nation) is immense.

    He certainly had that impact on me. And for that I am eternally grateful to him.

    If only it is a disagreement that you have had with him, that you carried out through an exchange of replies,, then fine, please continue.

    But instead I believe this is a constant campaign to erase and remove what ever good he has brought about, I really do question your efforts in this venture.

    But it seems to be succeeding, so well done. I hope you are proud of your efforts.

    So I end with one humble request for you both. Since you seem also to be Sinhala Buddhists. Can you please continue to do the great service that he has done or , , as you say he is nothing but a fake, please do a better job at bringing further enlightenment to our heritage?

    Because if you are spending so much effort towards destroying his character, I think it’s the least you could do for us, those who learnt something from him.

    Don’t you think?

  3. Senevirath Says:

    කාමසුකල්ලිකානුයෝගී දැනුම් වලට පහර වැඩෙන විට සමහරු කිපෙනවා අසංග එකය්

  4. NeelaMahaYoda Says:

    Asanga
    As I have mentioned in one of my notes that the Indian archaeological evidence shows that when Vijaya Singhe landed in Lanka there was an advanced civilisation already in Lanka which was the Hela civilisation. Origin of Sinhala which easily be explained as union of Hela with Sinha dynasty producing a new culture and a nation now we call Sinhala.

    I have not come across any article by Nalin De Silva contributing to Hela origin. Instead he is trying to link modern science with Abrahamic religion and discouraging Sinhala only speaking kids from learning Science.

  5. Asanga Says:

    Neela Maha Yodaya,
    I appreciate your answer. . Actually Nalin did have several articles where he commented on the Hela origin -mainly on the Divaina ‘Kalaya’ column dating back to maybe around nine or ten years ago.

    Actually, I thought just as you did when I first read his articles where he said that western science is a ‘Patta pal boruwa’ that he is actually discouraging people from learning about it. But if you read a bit deeper you see that he is not suggesting that. I think it is the same as the case of modern Quantum Physics displacing Classical Mechanics. Although Quantum Physics gives a more realistic view of the actual nature of things, Classical Mechanics is still useful in regular day to day calculations, such as what you might have used in your engineering career.

    I believe reading somewhere in Nalin’s articles him saying that he is not suggesting the abandonment of learning western science but rather learn it, knowing that in ultimate reality, it breaks down. Which I believe what guys like Schrödinger and Neils Bohr found while trying to establish a rationale behind the wave-particle duality of matter. But unfortunately I cannot remember or give a link on to a place where Nalin actually said it. Maybe someone else who has followed his writing can do that.

    The link to Abrahamic religions is his way of saying I believe that
    1. The giants of western science were the products of a civilization that operated on the core values originating from those religions, and were therefore consiously or unconsiously influenced by it,

    and

    2. as in the case of faith on the word of the bible, we as followers of the ‘gospel’ of western scientific thinking have more than a bit of blind faith in it’s principles; even though the scientific method suggests an objective experimental method of arriving to conclusions.

    He has also written some articles in arxiv.org which is sort of a depository site for scientific articles written by academics all over the world. You might be aware of it already. He has linked to these articles in several of his internet posts, so i don’t think that he is discouraging anyone from learning science.
    Thank you for taking the time to answer. I apologize for the tone of my previous post. But it saddened me to see him treated in a bad light. I honestly believe that his heart is in the right place, and that he has done an invaluable service in drawing attention to the wisdom and capabilities of our ancestors.

  6. charithsls Says:

    I’ve commented before to an article by NMY that I did not find any thing against Buddhism in a talk delivered by Nalin in the Buddhist TV but rather agreed with his views, some of which I felt at the time would not go down well with the standard Buddhists. I have supported his patriotic views appeared in this blog in the past. As Asanga says two three writers seem to be hell bent slinging mud at him & I feel probably for personal animosities. I whole heartedly agree with Nalin,if that what he meant, that having doctorates or degrees are useless in the eyes of Buddhism & I’m well qualified to admit it but it is no surprise half full pots make bigger noises. Also I feel a tendency that by some living abroad or have lived so, feel their views are superior, again I’m qualified to admit it. And all these mud slinging & character assassination are with so much Buddhist texts in those, my foot!

  7. NeelaMahaYoda Says:

    In addition to his foolish CHINTHANAYA, Nalin de Silva foolishly claims that Sri Lankans are not capable of producing top class scientists. He should read scientific journals to clear his mind or at least read Lankaeb.com.

    http://www.lankaweb.com/news/items/2017/01/28/cabot-professor-of-the-natural-sciences-isaac-silvera-and-post-doctoral-fellow-ranga-dias-of-sri-lankan-origin-create-metallic-hydrogen-on-earth-ending-80-year-quest-for-holy-grail-of-high-pressure/

    Professor Isaac Silvera and post-doctoral fellow Ranga Dias of Sri Lankan origin create metallic hydrogen on Earth ending 80-year quest for ‘holy grail of high-pressure physics’

    http://www.lankaweb.com/news/items01/180801-3.html
    CHANDRA WICKRAMASINGHE DECLARES HIS TEAM DISCOVERED LIFE FROM OUTER SPACE AT THE EDGE OF EARTH’S OWN ATMOSPHERE
    Professor Chandra Wickramasinghe, the chief exponent of the theory that planets like earth have been seeded for life by comets
    An Indian and British team of scientists led by Professor Chandra Wickramasinghe has declared that they have found what they called life coming from deep space in the edge of earth’s own atmosphere in the form of clumps of bacteria.
    Similarly, there are many scientists, professors, medical consultant specialists, Engineers and Bankers of Sri Lankan origin are working all over the world. When compared to other countries like India and Pakistan our contribution is much higher in relation to their population

  8. Senerath Says:

    Senevirath,
    සමහර වෙලාවට නලින්ට පිස්සුද කියලා මටත් හිතෙනවා. 13 සංශෝධනයට විරුද්ධ නම් කිසිදිනෙක එය ඉවත් කරන්න සටනක් ගෙනියන්වා වෙනුවට ඊට සම්පූර්ණයෙන්ම පක්‍ෂපාත , එයමතම ජීවත්වෙන මහින්ද පස්සේ තාමත් ඔහු යන්නේ ඇයි ?
    ඔහු ජීවත්වන්නේ සිහින ලෝකයකයි.

  9. Christie Says:

    Rathanayaa?

  10. Senevirath Says:

    Just now ·
    අනගාරික ධර්මපාලතුමාට එතුමා ගේ ජීවිත කාලය තුළ අසාධාරණ ම විවේචන එල්ල වූයේ දේශපාලනයේ යෙදුණු ඕල්කොට් බෞද්ධයන්ගෙනි. ඕල්කොට්තුමා මෙන් ම මොවුහු ද බුද්ධගයාව බේරා ගැනීමේ වැඩ පිළිවෙළට එකඟතාවක් නො දැක්වූ හ. සිංහල ජාතියෙන් බුදු දහම වෙන් කිරීමටත් බටහිර සංස්කෘතියේ ජීවත් වීමටත් ඔවුහු උත්සාහ කළ හ.
    එවකට දේශපාලනයේ නිරත ප්‍රධාන ඕල්කොට් බෞද්ධයා වූයේ ඩී.බී. ජයතිලක මහතා ය. ඩී.බී. ජයතිලක මහතා ධර්මපාලතුමා පොට්ටනි කාසිකාරයකු යැයි මුදල් වංචා කරන්නකු යැයි අභූත චෝදනාවක් කළේ ය.
    ධර්මපාලතුමා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ චෝදනාව බිඳ වැටුණත් ඩී.බී. ජයතිලක , ඩී.එස් සේනානායක ආදී ඕල්කොට් බෞද්ධයන් ගේ බාධා කිරීම්වලට නිරන්තරයෙන් ම ලක්වන්නට ධර්මපාලතුමාට සිදු විය. අවසානයේ ධර්මපාලතුමා රට හැර ගියේ ද ඔවුන් ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ කළකිරීම නිසා ය.—සිංහල බෞධ්ධයා පුවත් පත —

  11. NeelaMahaYoda Says:

    Senevirath

    According to the well prepared chronology of Anagarika Dharmapala’s life published in the Maha Bodhi Journal (January 1927) Vol XXXV it was very clear how he abandoned Buddhist Theosophical Society (BTS) and started developing Maha Bodhi Society which was established in May 31, 1891 to rescue the holy Buddhist places and revive the Buddha Dhamma, in the land of its origin India. As you can see from the chronology of Anagarika Dharmapala’s life, his contribution to the propagation and spread of Buddhism through Maha Bodhi Society is enormous, but contribution to education of Buddhist Children is minimal.

    Most of the time Anagarika Dharmapala was in india. In October 1904 Anagarika Dharmapala left Benares for Colombo. On the way went to Adyar to see Col. Olcott, with whom he had an altercation because Col.Olcott insulted the feelings of the Buddhists by showing disrespect to the Tooth Relic, a copy of which he had placed under a shelf. Col Olcott showed bad temper and broke off friendship with him after a period of twenty years.Since then Anagarika Dharmapala began a campaign against the Theosophical Society and that was the beginning of his unpopularity in Sri Lanka. !n 1906 D.B.Jayathillake was the Principal at Ananda college and most of the prominent Buddhists headed by D.B D.B.Jayathillake strongly opposed to his anti-Buddhist Theosophical Society position.

    The following chronology of Anagarika Dharmapala’s life shows how he suddenly became anti-Buddhist Theosophical Society after 20 years working for the Society. Naturally the Sinhala Buddhists all over the country vehemently opposed to his position.

    1n 1986
    Anagarika Dharmapala left Government Service to work in the interest and welfare of the Buddhist Theosophical Society wherein he was engaged as general secretary of the Buddhist Section, Manager of the Sandaresa paper published by the Buddhist Press. Manager of Buddhist School and Assistant Secretary of the Buddhist Defence Committee from March 1886 to December 1890.

    December 1894
    The first organised pilgrimage by Ceylon Buddhists to Buddhagaya and other places. The ladies of the party wore the traditional sari for the first time. At madras they went ashore and visited Col. Olcott at Adyar.

    In October 1904
    Anagarika Dharmapala left Benares for Colombo. On the way went to Adyar to see Col. Olcott, with whom he had an altercation because Col.Olcott insulted the feelings of the Buddhists by showing disrespect to the Tooth Relic, a copy of which he had placed under a shelf. Col Olcott showed bad temper and broke off friendship with him after a period of twenty years. The Anagarika was initiated by him in January 1884 into the Theosophical Society.

    March 1906
    Anagarika Dharmapala began a campaign against the Theosophical Society. As the local Theosophical Society was under the control of Buddhists, it was suggested that there should be harmony with Theosophy and Buddhism and wanted the name Theosophy to be eliminated. Certain members wished to retain the name and the campaign was therefore started.

    May 1906
    Established the Sinhala Bauddhaya and Maha Bodi Press

    1906
    Erection of school building at Rajagiriya on the land purchased with the donation received from Mrs. Mary Foster of Honolulu.

    May 1907
    Burmese rest house case instituted by the Hindu Mahant at Buddhagaya for the removal of the Japanese image from the Burmese rest house.
    July 1908
    House in Baniapoker Lane, Calcutta, purchased with donation received from Mrs.Mary Foster of Honolulu.

    1912
    Started National Revival and Toured all over Ceylon.

    1913
    Left for Japan and Honolulu. Met Mrs Foster at Honolulu in June1913 and from her received a splendid donation to Establish a free hospital.

    1914
    Dedicated the house and ground at Darley Lane which was given to him by his father for the use of the Buddhists under the name of Mallika Santhagara.

    1914
    Opening of the Foster Robinson Free Hospital

    1915
    Removed the Maha bodhi college to the Mallika Santhagara

    1915
    Ceylon Riots. Many Buddhists shot and he was interned in Calcutta from June 1915 to 1920.
    Meanwhile in 1916 received communication from the Government of India that they were prepared to present a Relic of the Lord Buddha to the Maha Bodhi Society if the latter would build a vihara in Calcutta. In July 1918 work started in Calcutta at College Square, No 4 to erect a Vihara.

    November 1920
    The Vihara completed and was ceremonially opened by the Governor of Bengal, Lord Ronald shay.
    November 1922
    Laying the foundation stone to build a Vihara Saranath, Banares.

    December 1926
    Arrival in Ceylon to raise a fund for the building of Mulagandhakuti Vihara, Saranath.

    1931
    Visited Ceylon for the last time and created the Anagarika Dharmapala Trust

    13th July 1931
    Ordained as a Buddhist Bhikkhu in India

    16th January 1933
    Received higher ordination

    29th April 1933
    Died at Saranath, Banares. His last words were “Let me be reborn ………I would like to be born again twenty-five times to spread Lord Buddha’s Dhamma.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress