ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් 
Posted on September 25th, 2017

ආචාර්ය චන්න ජයසුමන  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  වෛද්‍ය පීඨය, රජරට විශ්ව විද්‍යාලය 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් 21 දෙනෙකි. වාර්තාවේ මාතෘකා 12 ඔස්සේ කරුණු දක්වා ඇත. සිංහල පිටපතේ  පිටු 85 කි. 

යහපාලන රජය ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා සංශෝධනයේ හැඩරුව පිලිබඳ මෙම වාර්තාවෙන් අවබෝධයක් ලැබිය හැකිය. වාර්තාවේ 12 වන පරිච්ජේදය වෙන් කර ඇත්තේ මෙහෙයුම් කමිටු සාමාජිකයන් සිය පක්ෂයේ අදහස දක්වමින් ඉදිරිපත් කර තිබූ  ලිපි කිහිපයක් වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂය හැරුණු විට මෙහෙයුම් කමිටුව නියෝජනය කළ සියලු පක්ෂ තම පක්ෂයේ අදහස් වෙන් වෙන් වශයෙන් දක්වා තිබීමත් ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ජාහෙඋ දක්වා තිබූ අදහස් එතරම් තැකීමකට ලක් නොකර අතුරු වාර්තාව ඉදිරිපත් කර තිබීමත් නිසා මේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ අදහස ලෙස සැලකීම  වැරදි නොවේ. එහි දක්වා ඇති කරුණුවලට අනුකුලතාවක් දක්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ ජයම්පති වික්‍රමරත්න මහතා පමණි. රිෂාඩ් බද්යුදීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, රාවුෆ් හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,  මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඩීපී ය මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඇතැම් කරුණු සමග එකඟ නැත. 

මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව කියවා බලන ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් තේරුම් යන දෙයක් නම් රටේ ඒකීය බව නැති කිරීමට ඍජුව සහ වක්‍රව එහි උත්සාහ දරා ඇති බවයි. දකුණේ ජනතාව ෆෙඩරල් වචනයටත් උතුරේ ජනතාව ඒකීය වචනයටත් බියක් දක්වන බව ජනාධිපතිතුමා පවසා ඇති බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාව බියක් දැක්විය යුතු ලේඛනයක් නොවන බවත් එහි දක්වා ඇත. අපි ෆෙඩරල් වචනයට මෙන්ම ඒ වචනය පිටුපස සිටින අයට ද බිය වෙමු. ඒ ඔවුන්ගේ කල් ක්‍රියාව දන්නා හෙයිනි. එහෙත් උතුරේ ජනතාව ඒකීය වචනයට බිය වී ඇත්තේ කොතැනක කවරක් හෙයින්ද යන වග පැහැදිලි නැත. සිංහලයන් රැවටීම සඳහා මෙහි දී කපටි වංචනික පිළිවෙතක් අනුගමනය කර ඇත. එනම් ඉංග්‍රීසි භාෂාවේ unitary state (යුනිටරි ස්ටේට්) යන වචනය ශ්‍රී ලංකාව අරභයා සුදුසු නැති බවත්  ඒ වෙනුවට ඒකීය/ ඔරුමිත්ත නාඩු ලෙසම ඉංග්‍රීසියෙන් යෙදීම සුදුසු ලෙසත් දක්වා ඇත. ඒ  අනුව ඉංග්‍රීසි පිටපතේ දක්වා ඇත්තේ Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu” ලෙසය. එවිට සිංහලයන් සිතිය යුත්තේ රට ඒකීය ලෙසය. එහෙත් දෙමළෙන් ඔරුමිත්ත නාඩු යනු එකතු වීමෙන් නිර්මාණය වූ රට” යන්නයි.  Unitary state යන වචන දෙකෙන් කියැවෙන රාජ්‍ය ස්වභාවය ගැන සම්මුතියක්  ලෝකයේ  ඇත. මේ උත්සාහ දරන්නේ Aekiya”  යනුවෙන් නව රාජ්‍ය විශේෂයක් බිහි කිරීමට යි. එය Unitary state” ලෙස හැදින්වෙන රාජ්‍යයක් නොව වෙනත් රාජ්‍ය විශේෂයක්ය. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තව දුරටත් අධ්‍යයනය කල විට පෙනී යන්නේ Aekiya” ලෙස මෙහි හැදින්වෙන්නේ ෆෙඩරල් රාජ්‍යයක් මිස අන් යමක් නොවන බවයි. මාස 17ක් 73 වරක් රැස් වී මෙහෙයුම් කමිටුව සිංහලයන් රැවටීමට සොයා ගෙන ඇති මහා සොයා ගැනීම මෙයයි. ඔවුන් සිතන්නේ සිංහලයන් යනු කවර ආකාරයේ මෝඩයන් පිරිසක්  කියාද?

1987 වසරේ දී හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට ඒකීය බව නැති වී පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් වීම නැවතුනේ  ප්‍රධාන කරුණු දෙකක් නිසාය. ඉන් පළමු වැන්න ජනාධිපතිවරයා පත් කරන [පළාත් මහ ඇමතිට ඉහලින් සිටින] විධායක බලය සහිත ආණ්ඩුකාරවරයකු සිටීම යි. දෙවැන්න සමගාමී ලැයිස්තුවක්” ව්‍යවස්ථාවට ඇතුලත් වීමයි. එතෙක් සෑම විෂයයක් ගැනම මධ්‍යම රජය සතු වූ රාජ්‍ය බලය සංවෘත ලැයිස්තුව( මධ්‍යම රජයට පමණක් හිමි වන), පළාත් සභා ලැයිස්තුව (පළාත් සභාවට පමණ හිමි වන ) සහ සමගාමී ලැයිස්තුව (මධ්‍යම රජයටත් පළාත් සභාවලටත් මැදිහත් විය හැකි) ලෙස කොටස් 3 කට බෙදී වෙන් විය. සැලසුම් කිරීම, අධ්‍යාපනය,කෘෂිකර්මය, වාරිමාර්ග, සෞඛ්‍යය ඇතුළු වැදගත් විෂය 36ක් සමගාමී ලැයිස්තුවට ඇතුල් වීම නිසා පළාත් සභා පුර්ණ ෆෙඩරල් රාජ්‍ය වීම යම් තරමකට මග හැරිණි. 

මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මගින් දිගින් දිගටම යෝජනා කරන්නේ ආණ්ඩුකාරවරයාගේ බලය කපා හැරීමටත් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමටත්ය. කොටින්ම දැන් තිබෙන ව්‍යවස්ථාවට මේ වෙනස්කම්  දෙක කර ගත්තානම් ශ්‍රී ලංකාව පුර්ණ ෆෙඩරල් රාජ්‍යයකි.

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පුරා දිව යන්නේ බලය බෙදීමේ ප්‍රධාන ඒකකය පළාත විය යුතු බවත් පළාතට සෑම විටම ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය. මෙය බැදී ඇත්තේ දෙමළ ජාතිවාදී උගතුන් හඳුන්වා දුන් අභිලාෂයක් මතය. ක්‍රමිකව වර්ධනය වී  1976 මැයි 14 වැනි දින යාපනය වඩුක්‌කොඩේ සම්මේලනයෙන් එලි දැක්වුණු උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ  සාම්ප්‍රදායික නිජබිම වේ” යන්න එම අභිලාෂය යි. එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ජාතියක් බවත්, එම ජාතියට ස්‌වයංනිර්ණ අයිතිය ඇති බවත් ඒ හා බැදී ඇත. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ  ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිමක් බව පැවසීමට කිසිදු  ඓතිහාසික, පුරා විද්‍යාත්මක, වාග් විද්‍යාත්මක හෝ ජෛව විද්‍යාත්මක සාධකයක්  නැත.දෙමළ ජාතිවාදී උගතුන් සහ දේශපාලකයන් මහත් අභිරුචියෙන් ගෙනහැර දක්වන සාධක හුදු හිතළු මිස සනාථ කළ  හැකි දේ නොවේ. 

අතීතයේ මෙරට රුහුණු, මායා සහ පිහිටි රට ලෙස ප්‍රධාන පාලන කලාප 3 ක් විය. මෙරටට පළාත් ක්‍රමය හඳුන්වා දුන්නේ 1833 කොල්බෘක්-කැමරන් නිර්දේශ හේතුවෙනි. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ මධ්‍යම ලෙස පළාත් 5 ක් ඒ ඔස්සේ බිහි විය. එදා උතුරු පළාතට නුවර කලාවිය ද ඇතුල් විය. එනම් අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි කොටසකි. එදා නැගෙනහිරට බින්තැන්න සහ තමන්කඩුව ද අයත් විය. එනම් අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ වැඩි කොටසකි. වයඹ නමින් පළාතක්  ඇති වූයේ 1845 දී ය. නුවර කලාවිය සහ තමන්කඩුව එක් කර උතුරුමැද පළාත බිහි වුයේ 1873 වසරේදී ය. එනම් එවකට තිබුණු උතුරු පළාතෙන් නුවර කලාවිය ඉවත් වී  අද තිබෙන උතුරු පළාත බිහි වුයේ ද 1873 වසරේදී ය. ඌව පළාත බිහි වුයේ 1886 වසරේදී ය. එනම් එතෙක් නැගෙනහිර පළාතට අයත් වූ බින්තැන්න ඌව පළාතට එක්වීමත් සමග අද දක්නට ලැබෙන නැගෙනහිර පළාත  බිහි වූයේ ද 1886 වසරේදී ය. අද දක්නට ලැබෙන පළාත් බෙදීම සම්පුර්ණ වූයේ 1889 වසරේ දී සබරගමුව පළාත බිහිවීමත් සමගය. මේ අනුව පෙනී යන්නේ අද දක්නට ලැබෙන උතුරු පළාතට 1976 වඩුක්‌කොඩේ සම්මේලනය පවත්වන විට තිබී ඇත්තේ වසර 103 ක ඉතිහාසයක් බවත් නැගෙනහිර පළාතට තිබී ඇත්තේ වසර 90 ක ඉතිහාසයක් බවත් ය. 

ඉංග්‍රීසින්  හඳුන්වා දුන් පළාත්” ඔවුන්ගේ පහසුව සහ බලය පවත්වා ගැනීම මිස භූගෝලීය, දේශගුණික, සමාජයීය ආර්ථික හෝ සංස්කෘතික සාධක මත පදනම් නොවීය. මේ නිසා 1955 වසරේ දී පළාත වෙනුවට දිස්ත්‍රික්කය රටේ ප්‍රධාන පරිපාලන ඒකකය බවට පත් කරනු ලැබීය. එවකට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක් විය. කෙසේ වෙතත් දෙමළ  ජාතිවාදී උගතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ බලපෑමට නතු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී පළාත” නැවතත් රටේ ප්‍රධාන පරිපාලන ඒකකය බවට පත් කළේය. ඒ පිටුපස තිබුණු අවශ්‍යතාව  වූයේ උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජබිම බව තහවුරු කිරීමයි. එපමණක් නොව උතුරු පළාතට 1978 දී මුලතිවු ලෙසත් 1984 දී කිලිනොච්චි ලෙසත් නව දිස්ත්‍රික්ක 2 ක් ලබා දීමට ද ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියා කළේය. 1978 දී යළි මතු  කරගත් පළාත” 1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් සිය ගණනක් මල මිනී උඩින් කල එලි බැස්සවීමට ජාතිවාදීන්ට හැකි විය. කෙසේ වෙතත් වර්ධරාජා පෙරුමාල් ගේ නොඉවසිලිවන්තබව නිසාත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසාත් දෙමළ ජාතිවාදී උගතුන් සහ දේශපාලනඥයන්ට ෆෙඩරලය අභිෂේක කර ගැනීමට නොහැකි විය. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් සිදු කර ඇත්තේ දෙමළ  ජාතිවාදී උගතුන් නිර්මාණය කළ උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ  සාම්ප්‍රදායික නිජබිම වේ” යන මූල ධර්මය තව දුරටත් ඉදිරියට ගෙන යෑම සදහා උල්පන්දම් දීමකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම පළාත”ට අසාමාන්‍ය රැකවරණයක් තහවුරු කිරීම මිස වෙනත් කිසිදු නව යෝජනාවක් මෙම අතුරු වාර්තාවේ නොදැක්වේ. මෙහි දක්වා ඇති සෑම කරුණකින්ම ඍජුව සහ වක්‍රව සිදු කරන්නේ පළාත” ශක්තිමත් කිරීම යි. එනම් දෙමළ ජාතිවාදී උගතුන්ගේ හිතලුවක් උදෙසා මුළු රටක් නොමග යැවීමයි.

ආචාර්ය චන්න ජයසුමන 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 

වෛද්‍ය පීඨය, රජරට විශ්ව විද්‍යාලය 

jayasumanalk@yahoo.com   

2 Responses to “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් ”

  1. Senerath Says:

    මේ ව්‍යවස්ථා විහිලුව අපේ ජනතාව බූරුවෝ කොට සලකන්නකි. මේ කමිටුවට පැමිණි ආණ් ඩු, විපක්‍ෂ සියලුම ගොන් රජවරු මුලු සිංහල ජාතියටම අපහාස කර ඇත​. මේ කාලකන්නින්ට “ඒකීය​” කියන වචනය ඉංගිරිසියෙන් ලියන්නවත් දන්නේ නැද්ද ? ව්‍යවස්ථාවක් ඉංගිරිසි බසින් ලියන්නවත් බැරි නූගත් හරක් ද මේකේ ඉඳලා තියෙන්නේ ? දෙමල සිංහල වචන මේක අස්සේ ගහන්නේ මොකට ද ?

  2. Senerath Says:

    Please look at how Singapore Constitution has protected the sovereignty. This is a country with 70% Chinese and Tamil and Malay minorities.

    QUOTE

    PROTECTION OF THE SOVEREIGNTY OF THE REPUBLIC OF SINGAPORE
    No surrender of sovereignty or relinquishment of control over the Police Force or the Armed Forces except by referendum
    6.—(1) There shall be —
    (a) no surrender or transfer, either wholly or in part, of the sovereignty of the Republic of
    Singapore as an independent nation, whether by way of merger or incorporation with any
    other sovereign state or with any Federation, Confederation, country or territory or in any
    other manner whatsoever; and (b) no relinquishment of control over the Singapore Police Force or the Singapore Armed Forces, unless such surrender, transfer or relinquishment has been supported, at a national referendum, by not less than two-thirds of the total number of votes cast by the electors registered under the Parliamentary Elections Act (Cap. 218).
    (2) For the purposes of this Article —
    “Singapore Armed Forces” means the Singapore Armed Forces raised and maintained under the Singapore Armed Forces Act (Cap. 295), and includes any civil defence force formed under the Civil Defence Act (Cap. 42) and such other force as the President may, by notification in the Gazette, declare to be an armed force for the purposes of this Article;
    “Singapore Police Force” means the Singapore Police Force and the Special Constabulary
    established under the Police Force Act (Cap. 235) and any Auxiliary Police Force created
    in accordance with Part IX of that Act, and includes the Vigilante Corps established
    under the Vigilante Corps Act (Cap. 343) and such other force as the President may, by
    notification in the Gazette, declare to be a police force for the purposes of this Article.
    Participation in co-operative international schemes which are beneficial to Singapore

    7. Without in any way derogating from the force and effect of Article 6, nothing in that
    Article shall be construed as precluding Singapore or any association, body or
    organisation therein from —
    (a) participating or co-operating in, or contributing towards, any scheme, venture, project,
    enterprise or undertaking of whatsoever nature, in conjunction or in concert with any
    other sovereign state or with any Federation, Confederation, country or countries or any
    association, body or organisation therein, where such scheme, venture, project, enterprise
    or undertaking confers, has the effect of conferring or is intended to confer, on Singapore
    or any association, body or organisation therein, any economic, financial, industrial,
    social, cultural, educational or other benefit of any kind or is, or appears to be,
    advantageous in any way to Singapore or any association, body or organisation therein;
    or
    (b) entering into any treaty, agreement, contract, pact or other arrangement with any other
    sovereign state or with any Federation, Confederation, country or countries or any
    association, body or organization therein, where such treaty, agreement, contract, pact or
    arrangement provides for mutual or collective security or any other object or purpose
    whatsoever which is, or appears to be, beneficial or advantageous to Singapore in any
    way.
    No amendment to this Part except by referendum
    8.
    —(1) A Bill for making an amendment to this Part shall not be passed by Parliament
    unless it has been supported, at a national referendum, by not less than two-thirds of the
    total number of votes cast by the electors registered under the Parliamentary Elections
    Act (Cap. 218).
    (2) In this Article, “amendment” includes addition and repeal.

    UNQUOTE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress