මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව
Posted on September 26th, 2017

පුවත්පත් නිවේදනය විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත.  දෙන්නට නීතියක් ද නැත.

මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය.  ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය.  ඒ පිරිස 100 කට වැඩිය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස්  ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත. 

1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ   PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක්  ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී.    ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්‍ර‍තිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි.  ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත.  බාරගෙන ඇත්තේ ද නැත.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක්  කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත.  ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.

මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද, ‘කාලාථයාගේ විසා බලපත්‍ර‍ය‘ කි.   

ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති.  එකතුව 30 කි.  එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත.  අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත!  මෙයට අමතරව ‘ව්‍යාජ පාස්පෝට්‘ භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි.

ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය.  ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.   ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ.  අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත.  බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. එය එසේම වේවා! ඉක්මනින් වේවා!!

මා මේ සටහන තබන්නේ වෙනත් හේතු නිසාය. පළමුවැන්න, අප බෝට්ටුවෙන් එන අන්ත අසරණයින්ටත් බිය ජාතියකි.  දෙවැන්න, ලංකාවේ බංකොලොත් දේශපාලනය ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරාගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන, බංකොලොත් දේශපාලන රැළකගේ උසිගැන්වීමට අන්ධානුසාරයෙන් ගොදුරුව සිටී.   තෙවනුව, අපට රටේ ආගමන විගමන නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය.  

තවත් අතකින්, 1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන අති දැඩි කොට ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී ඇත.

 

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2017 සැප්තැම්බර් 27

2 Responses to “මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව”

  1. Senerath Says:

    However, there are thousnads of foreigners living , working and doing busines on renewable tourist visas by bribing various officials. I personally know a few. There are a lot of Arabic speakers working in Lanka.

  2. NAK Says:

    What Mr.Tennakoon says may be true at the present moment but what we must not forget is that one idiotic politician for his political expediency may change the law once there are right numbers.This happened with the estate Tamils who were supposed to be repatriated to India.

    It is a known fact that most of those who seek refuge are not real refugees but economic migrants. Same can be assumed on Myanmar refugees as they have traveled a long distance passing several possible destinations.
    May be they are banking on the UNHCR to relocate them to a better third country as happened before but again we must not forget that UNHCR not always successful in relocating refugee especially at a time when the west is fed up with Islamic migrants.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress