ඇමති සිරිසේනගේ හොර ගණුදෙනුව නිසා ඕස්ට්‍රේලියානු සමාගමට ජාත්‍යන්තර තහණමක්
Posted on September 30th, 2017

 lanka C news

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් ඔස්ට්‍රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ‍්‍රලියානු මාධ්‍ය ගණනාවක් වාර්තා පල කර ඇත.

එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.

ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

මෙම සමාගම විසින් ශ්‍රීලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති කලහ. එහිදි ශ්‍රීලංකාවේ ව්‍යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ගෙව් බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

එමෙන්ම 1944 දි ලෝක බැංකුව ආරම්භ කල අතර ශ්‍රීලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්‍යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කරන ලදි. එහෙත් ඉතිහාසයේ පලමුවරට ශ්‍රීලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කිරිම හේතුවෙන් මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට සමාගමක් ආසදු ගත කල පලමු අවස්ථාවයි.

ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත.

One Response to “ඇමති සිරිසේනගේ හොර ගණුදෙනුව නිසා ඕස්ට්‍රේලියානු සමාගමට ජාත්‍යන්තර තහණමක්”

  1. Senerath Says:

    බිලියන දොළහක් සල්ලි ගිලින අධිවේගයේ උපදේශන පිදේනිය

    පසුගිය කාලයේ ලංකාවේ සංවර්ධනය ගැන දේශපාලකයන් වේදිකා වල කෑ මොර දුන් දේවල් අතර අධිවේගී මාර්ග වලට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. ලංකාවේ ජනතාවට ද අධිවේගී මාර්ග මැජික් එකක් වී ඇති බව පෙන්වමින් පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අවස්ථාවේ එහි පයින් යාමට මෙරට හුදී ජනයාගෙන් විශාල පිරිසක් පැමිණියහ. එය විවෘත කරන අවස්ථාවේ රූපවාහිනී නාළිකා වල ප්‍රදර්ශය කළ ‘තම පෙම්වතිය හමු වීමට ඉක්මනින් ගාල්ලට ගිය හැකි බව’ කියන වෙළඳ දැන්වීම් වලින් ජනතාව තුළත් පාලකයන් තුළත් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඇති ප්‍රාථමික දැක්ම මැනවින් පැහැදිලි විය.
    ඒ අධිවේගී මාර්ග ඉදිකිරීම් අතර ප්‍රධාන මාර්ගය ලෙස මාතර දක්වා ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම මේ වන විටත් සිදු වෙමින් තිබේ.
    කොළඹ සිට මේ තරම් හදිස්සියේ හම්බන්තොටට යන්නට ඇති උවමනාව කුමක්දැයි තේරෙන්නේ නැත. හම්බන්තොට වරායක් සහ ගුවන් තොටුපොළක්ද ඉදි කරමින් කොළඹ සිට හම්බන්තොටට අධිවේගී මාර්ගයක්ද ඉදි කිරීමෙන් මෙරට සංවර්ධය පිළිබඳ පාලකයන්ගේ දැක්මේ දිග පළල නම් ඕනෑවටත් වඩා තේරුම් ගත හැකිය. එහෙත් මේ කියන්නට යන්නේ ඒ සංවර්ධන සැලසුම් වල දැක්ම ගැන නොව සාධනීය උවමනාවක් නැතිව හෝ ඉදි කෙරෙන මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ කාටත් හොර රහසේ සිදු වන මහා පරිමාණ අපරාධයක සුල මුල පිළිබඳවයි.
    මීට පෙර මහාමාර්ග ඉදි කිරීමේදී කොන්ත්‍රාත්තු වලින් කොමිස් කෑම දේශපාලකයන් විසින් සිදු කළ බව කවුරුත් දන්නා රහසකි. එය පසු කාලීනව කොමිස් ගැසීමෙන් ඔබ්බට ගොස් ජාවාරමක් බවට පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරමුණ ගත්තේය. ව්‍යාපෘතිය කිරීම වෙනුවට ජාවාරමට හොඳම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම දක්වා එය වර්ධනය වූ අතර පදනමක් නොමැති සංවර්ධන ව්‍යාපෘති තැන තැන ක්‍රියාත්මක වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
    මේ කියන්නට යන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් ද එවැනිම ජාවාරම්කාරයන්ගේ තොතැන්නක් වී ඇති අතර එහි මතු වී ඇති අලුත්ම තත්ත්වය වන්නේ මාර්ගයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් වන උපදේශන සේවා වෙනුවෙන් රුපියල් බිලියන 12ක හෙවත් ඇමෙරිකානු ඩොලර් 90,427,948ක මුදලක් වෙන් කර එය ගසාකෑම සඳහා චීන කොන්ත්‍රාත් සමාගම සමග එක්ව මාර්ග සංවර්ධන අධිකාරිය පිඹුරුපත් සකසා මේ වන විට ක්‍රියාවටද නගමින් සිටීමයි.
    මෙම උපදේශන කටයුතු සඳහා චීන උපදේශකයන් සහ ශ්‍රී ලාංකික උපදේශකයන් යන දෙපිරිසම සම්බන්ධ විය යුතු බවට ගිවිසුමේ එකඟතාවයක් පවතින අතර චීන උපදේශකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් 55,111,100 වෙන් කර තිබේ. මෙහි ඇති පළමු ගැටළුව පැණ නගින්නේ මේ මුදල් වෙන් කිරීමේදීය. ගිවිසුමේ චීන උපදේශනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඩොලර් වලින් සඳහන් කර තිබුණ ද ලංකාවේ උපදේශනයට ගෙවන මුදල දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි. ඒ නිසා වෙන් කර ඇති මුදල් අතර අනුපාතය වසන් කිරීමට හිතාමතාම කටයුතු කර තිබේ. රුපියල් 4,549,869,500ක් ලෙස දක්වා ඇති එම මුදල ඩොලර් වලින් ගත් විට 29574151කි. එසේම චීන උපදේශනයට වෙන් කර ඇති වැටුප් පරිමාණයන්ද සැලකිය යුතු තරමේ පරස්පරයන් සහිතව සකසා තිබේ. සමාන්තර සේවා වලම නිරත වන චීන උපදේශකයන්ට මාසිකව රුපියල් ලක්ෂ 25 සිට 50 දක්වා වෙන් කර තිඛෙන අතර දේශීය උපදේශකයන්ට වෙන් කර ඇත්තේ රුපියල් ලක්ෂ 1.25 සිට ලක්ෂ 06 දක්වා මුදලකි.
    මේ වන විට ගිවිසුම අත්සන් කර වසර දෙකකට අධික කාලයක් ගත වී තිබේ. මෙවැනි අධික මිල ගණනක් ව්‍යාපෘතියේ උපදේශන කටයුතු සදහා ගෙවීම සඳහා වන ණය මුදල EXIM බැංකුව මේ වන තෙක් අනුමත කර නොමැත. එය අනුමත නොවුවහොත් උපදේශක කටයුතු සඳහා වන රුපියල් බිලියන 12ක මුදල ගෙවිය යුත්තේ ශ්‍රී ලංකා රජය විසිනි. එසේම රුපියල් බිලියන 04ක මුදලකට මෙම උපදේශන කටයුතු කළ හැකි බව දේ්ශීය ඉංජිනේරුවන් පෙන්වා දී තිබිය දී අමතර රුපියල් බිලියන 08ක් මේ සඳහා වැය කරන්නේ කුමන හේතුවක් නිසාදැයි සාධාරණ කරුණු දැක්වීමකට මාර්ග සංවර්ධන අධිකාරියත් ව්‍යාපෘතිය භාර ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාත් විෂය භාර ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන් කිසිවෙකුත් සමත් වී නැත.
    මෙසේ අධික වැටුපකට චීන උපදේශකයන් ගෙන්වීමේදී ඒ සඳහා මැදිහත් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන ආර්.එම්. ගාමිණී නැමති අයෙකි. ඔහු චීන උපදේශකයන් මෙම ව්‍යාපෘතියේ සේවය සඳහා සේවයේ යෙදවීමට අනුමැතිය ලබා දී ඇත්තේ ඔවුන්ගේ සුදුසුකම් පවා පරීක්ෂා කිරීමෙන් තොරවය. ඔහු විසින් නිකුත් කළ අනුමැතිය ප්‍රකාශ කළ ලිපි වල පවා සඳහන්ව ඇත්තේ අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති කරුණු මත පදනම්ව සේවයේ පිහිටුවා ඇති බවයි. එහෙත් එසේ සේවයේ පිහිටවූ බොහෝ උපදේශකයන්ට මූලික වෘත්තීය සුදුසුකම් හෝ නැති බව මේ වන විට හෙළි වී තිබේ.
    චීන උපදේශකයන් ව්‍යාපෘතිය සඳහා යෙදවීමේදී ඔවුන් මෙරට සේවය කිරීමට අවශ්‍ය මූලික නීතිරීති පවා උල්ලංඝනය කර ඇති අතර මෙරට සේවය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා පිළිවෙළට අනුව වීසා ලබා ගැනීමද සිදු කර නොමැති බව දැන් අනාවරණය වී තිබේ. බොහෝ සේවකයන් මෙම උපදේශක කණ්ඩායමේ සේවකයන් ලෙස සේවය කර ඇත්තේ සංචාරක වීසා මත බව හෙළි වී තිඛෙන අතර විදේශිකයෙකුට සංචාරක වීසා මත සේවය කිරීම මෙරට ආගමන විගමන ප්‍රතිපත්ති වලට පටහැනිය.
    මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම අයථා ක්‍රියාවන් පසුපස සිටින බව පැහැදිලිවම හෙළි වන සිදුවීමක් පසුගිය දින වල කරළියට පැමිණියේය. ඒ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සේවය කර ඇති චීන ජාතිකයන්ට වැටුප් ගෙවීම සම්බන්ද ගැටළුවකදී එය නිරාකරණය කර දෙන මෙන් China Railway First Survey and Design Institute Group Company Limited සමාගමේ සාමාන්‍යාධිකාරී හැන් ඩොංන්ග් විසින් මෙම ගැටලුව නිරාකරණය කර දෙන මෙන් ආර්. පාස්කරලිංගම් වෙත යවන ලද ලිපියක් සමගිනි. පාස්කරලිංගම් වෙත ලිපියක් යවා දින දෙකක් ගත වන විට ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාමිණී විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටින්නේ ආගමන විගමන නීිති උල්ලංඝනය කරමින් සේවය කරන චීන ජාතිකයන්ට කළ යුතු ගෙවීම් නිසි පරිදි සිදු කිරීමට ව්‍යාපෘතිය භාරව කටයුතු කරන මෙරට පරිපාලන අංශයට උපදෙස් දෙන ලෙසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද ඊට අනුමැතිය ලබා දෙන්නේ ආගමන විගමන නීති පිළිබඳ තඹේකට මායිම් නොකරමිනි. ඒ අනුමැතියත් සමග ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාමිණී විසින් අධිවේගී මාර්ගයේ කොටස් හතරේම අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දැනුම්දෙන්නේ අදාළ ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන ලෙසයි.
    කෙසේ වෙතත් මෙම තීරණය සහ සිදු වෙමින් පවතින අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපෘතියේ උපදේශන කටයුතු සිදු කරන දේශීය ඉංජිනේරුවන් ඒවාට ලිඛිතව විරෝධය පල කරනු ලබන අතර එහි දෙවැනි සිහි කැඳවීමද යැවූ පසු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරයි. පරීක්ෂණයේදී ඉදිරිපත් කර ඇති කරුණු 17 සඳහාම ව්‍යාපෘතියේ උපදේශන කණ්ඩායමේ කණ්ඩායම් නායක කොලින් අස්පිනෝල් පිළිතුරු ලබා නොදෙන අතර දේශීය උපදේශන කණ්ඩායම සමග කටයුතු කිරීමට නොහැකි බව පරීක්ෂණ කණ්ඩායමට දැනුම්දෙයි. මේ අනුව වහාම ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන අධිකාරිය ඉහත කී ලිඛිත ඉල්ලීම කළ කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකා සේවයෙන් ඉවත් කිරීම සිදු කරන්නේ කළ යුතු දේ වෙනුවට කැකිල්ලේ තීන්දුවක් ගනිමිනි. එහි පළමු ගොදුර වන්නේ 2017 මැයි මස 29 වන දින ව්‍යාපෘතියෙන් ප්‍රමාණ සමීක්ෂකයෙකු වන ජගත් අනුරුද්ධ අමරසේන මහතා සේවයෙන් ඉවත් කිරීමයි. ව්‍යාපෘතියේ භූ තාක්ෂණ ඉංජිනේරු උපදේශක හසන්ත ෆොන්සේකා මහතා ඉවත් කරන්නේ ඊට දින දෙකකට පසු එනම් 2017 මැයි 31 වන දිනයේදීය. මෙවැනි තත්ත්වයක් තුළ තව දුරටත් වැඩ කටයුතු කරගෙන යා නොහැකි වීමෙන් ඉතිරි උපදේශක කාර්ය මණ්ඩලයද ඉල්ලා අස් වෙමින් සිටින අතර මේ වන විටද එහි අධ්‍යක්ෂවරයෙකු වන අජිත් රෝහණ වන්නිආරච්චි මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.
    මේ නිසා දැන් ඇති වී තිඛෙන්නේ අධිවේගී මාර්ගයේ ගුණාත්මකභාවය සම්බන්ධ බරපතළ ගැටළුවකි. මාර්ග සංවර්ධන අධිකාරියේ ආනුභාවයෙන් චීනයෙන් මෙරටට පැමිණ ඇත්තේ සුදුසුකම් නොලැබූ උපදේශකවරුන්ය. ඔවුන්ට අධිවේගී මාර්ග සම්බන්ධයෙන් වන මූලික දැනුම හෝ නොමැත. දැනුම ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ටය. චීන සමාගමෙන් ලැඛෙන අත යට මුදල් වලට සියල්ල පාවා දෙන ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාමිණී ඇතුළු පිරිස විසින් ඔවුන් පළවා හරිමින් තව දුරටත් තමන්ට චීන සමාගමෙන් ලැඛෙන ගනුදෙනුව රැක ගනිමින් සිටිති.
    මෙම උපදේශක සමාගම දූෂිත යයි දින සියයේ ආණ්ඩුව බලයට පත් වූ පසු කරන ලද පළමු පුවත්පත් සාකච්ඡාවේදී එවකට මහාමාර්ග ඇමති කබීර් හෂීම් පවසන ලදී. එහෙත් රට තව තවත් ණය කරමින් කොන්ත්‍රාත්තුවේ උපදේශන කටයුතු සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 12ක මුදලක් තමන්ගේ බූදලයක් ලෙස භාවිතා කරමින් තමන්ට කැමති අයුරින් අවභාවිතා කිරීම තවමත් ඒ අයුරින්ම සිදු වෙමින් තිබේ. ඒ සඳහා විෂය භාර ඇමතිවරයාගේ පටන් සියල්ලන්ගේම ආශීර්වාදය ඕනෑවටත් වඩා තිඛෙන බව සාක්ෂි සහිතව පෙන්වා දීමට ඕනෑම අවස්ථාවක අප සූදානම් බව අවසාන වශයෙන් සඳහන් කරමු.

    චතුර දිසානායක  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress